ඔන්න ඉතින් එක එක දිනයන්, උත්සව අස්සේ මෙදා පාරත් #SMDayCMB නොහොත් සමාජ ජාල එකමුතුවේ දිනයත් මේ 28දා කොළඹදී පැවැත්වෙනවා. මේකට ඉතින් එවෙන්නේ නොයෙක් නොයෙක් සමාජ ජාල වෙබ් අඩවි වල බඩ පිනුම් ගහන හාදයෝ සහ හාදියෝ තමයි. ඒ විතරක් නෙවෙයි, මේකේ හැම අවුරුද්දකම ජනප්‍රියම සමාජ ජාල අඩවි, ක්‍රියාකාරී පොරවල් එහෙම තෝරන ආතල් එකකුත් තියෙනවා.
Tuesday, June 23, 2015
36. #SMDayCMB | කොටන අපේ දිනය
Monday, June 15, 2015
35. පොලීසියයි සරසවියයි | Campus & Police
පොලීසිය එක්ක කැම්පස් එකේ තියෙන සහසම්බන්ධේ හරියට හොද්දට දාන ලුණු ඩිංග වගේ තමයි ඉතින්. කැම්පස් කොල්ලෝ කෙල්ලෝ ප්‍රශ්න වලට උත්තර හොයලා පාරට බහිනකොට තාවකාලික සහනයන් දෙන්න පෙරමුණ අරගෙන ඉස්සරහට එන්නේ පොලිස් රාළහාමිලා නොවැ. ගොඩක් වෙලේට කඳුළු ගෑස් අරන් වතුර ගහලා හෝදලා ක්ලීන් කරලම තමයි ආයේ කැම්පස් යවන්නේ. කොල්ලොත් ඉතිං පොලිසියට දෙවෙනි නෑ, පුළුවන් තරම් වාත කරලා තමයි ආයේ යන්නේ. ඔය අතර නසරානියොත් කොච්චර ඉන්නවද?
තියෙන ජාති
ඇත්ත කතා,
කැම්පස් කතා,
රස කතා,
සඳුනිමා,
සමාජ
Tuesday, May 5, 2015
34. වෙසක් (දන්සැල්) කතා | Wesak Stories
අවුරුද්දේ රස්නේ ඉවර වෙන්නත් නොදී වෙසක් සතිය පටන්ගත්තා. වැස්ස අස්සෙම වෙසක් සතියත් ඉවරවෙන්නත් එනවා, කිසිම ලල් එකක් නෑ මේ පාර. කොහොම හරි කරලා කූඩු තුන හතරක් අටවන්, බල්බ් වැල් දෙක තුනක් ඇදගත්තා පොඩි එකාට වෙසක් සිරිය පෙන්නගන්න. තොරණක්, පහන් කූඩුවක් පෙන්නන්න පාරට බැස්සම තමයි සෙනග දැක්කේ. අනේ අම්මේ, බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔජ වැඩුන බහුතරයක් වැස්සෙම ගල් රූප වගේ නොසෙලී තෙමි තෙමි ඉන්නවා.....දන්සැල් කන්න!
Wednesday, April 22, 2015
33. වැස්සට පෙර | Before The Rains
ටුවිටරේ අපේ බාගයා නංගි (බාගයාද භාග්‍යාද මන්දා.....) හෙන කවිකාරි. ලස්සන ලස්සන කවි අකුරු 140ක් ඇතුලේ ගොනු කරන්න හරි හපනි. මේ තියෙන්නේ බාගිගේ එක කවියක්.
![]() |
Wednesday, April 1, 2015
32. අප්‍රේල් මෝඩයා.......... April Fool
කට්ටියටම සුභ උපන්දිනයක් වේවා එහෙනම්.විශේෂයෙන්ම අද කාන්තා පාර්ශ්වයට වැදගත් දිනයක්ලු නේද? මමත් හරියටම දන්නේ නැහැ, හත වසරේ කෙල්ලෙක් තමයි මටත් කිව්වෙ.
![]() |
| උපුටාගැනීම - චූටි මල්ලි සහ පොඩි මල්ලි ෆේස්බුක් පිටුව |
Friday, March 20, 2015
31. Prison Break - යහපාලන ආණ්ඩුව ......
Prison Break කියන්නේ ලෝකේ ජනප්‍රිය වෙච්ච රුපවාහිනී කතා මාලාවක්. මේක කාලෙකට උඩදී ලංකාවේ රුපවාහිනී නාලිකාවක පෙන්නුවා. දැන් ආයෙම ජාතික රුපවාහිනියෙත් විකාශය වෙනවා. මමත් ඉතින් ඕකට පණ ඇරලා. පහුගිය දාක ෆෝන් එකෙන් මේක බලන ගමන් මට එක පාරටම හිතට ආවේ මේ කතාව වගේම නේද කියලා මේ දින සියයේ ආණ්ඩුව.
Prison Break කියන්නේ සීසන් 4ක දිවෙන කතාවක්. නොකරපු වරදකට හිරේ යන ලින්ක් නම් තමන්ගේ අයියව බේරගන්න හිරේට යන මයිකල් ස්කොෆිල්ඩ් තමයි මේකේ කතා නායකයා. ස්කොෆිල්ඩ් අයියව බේරගන්න ගහන ගේම, එලියට පැනලා හැංගිලා ඉන්න ගමන් තමන්ගේ නිදොස් බව ඔප්පු කරන්න හදන හැටි, ආයෙම අමාරුවේ වැටෙන හැටි තමයි මේකේ කතාංග 82ක් ඇතුලේ තියෙන්නේ. කතාව නොදන්නා ඒ වගේම ඒක රසවත් කියලා හිතන අය ඉන්නවා නම් වැඩි විස්තර මෙතනින් කියවන්න පුළුවන්.
තියෙන ජාති
චිත්‍රපට,
බයිට්,
බාගෙට ඇත්ත,
සඳුනිමා,
සමාජ
Tuesday, March 10, 2015
30. අපේ දෙයියෝ අපි වැන්දා
කාලෙකට පස්සේ පොඩි නිවාඩුවකටත් එක්ක පොඩි මස්සිනාලගේ ගෙදර යන්න පිටත් උනා. මොනවා උනත් නෑදෑයෝ ටිකත් බලලා එන්න එපැයි. ගෙට ගොඩවෙලා විනාඩි දහයක් යන්න හම්බු උනේ නැහැ කවුදෝ බවලතෙක් ඇවිත් මස්සිනාව හොයනවා.
“දීපාල් මල්ලි, හෙට යනවා නේද ජනාධිපතිතුමාව බලන්න?”
Monday, September 22, 2014
29. අමු මිරිස් අභියෝගය - #SLAmuMirisChallenge
2014 අගෝස්තු 23වෙනි සෙනසුරාදා,
ෆේස්බුක් ස්ටේටස් එකකින් ඇරඹී, අගෝස්තු 25 ඉරිදා,
විල්පත්තු කැලෑව මැද්දේදී අමුමිරිස් කරල් 3ක් අනුභව කර,
2014 අගෝස්තු 26 අඟහරුවාදා,
පළවෙනි YouTube වීඩියෝ එක අප්ලෝඩ් වී,
ඇරඹුණ #SLAmuMirisChallenge අභියෝගය,
අද මේ මොහොත වෙන විට,
150කට අධික පිරිසක් සක්‍රීයව අමුමිරිස් අභියෝගයට සම්බන්ධ වී,
7,000කට අධික පිරිසක් ෆේස්බුක් කණ්ඩායම හා එක්වී,
ජාතික පුවත්පත්, රූපවාහිනී ප්‍රවෘත්ති අතික්‍රමණය කරමින්,
මුදලින් රුපියල් තුන්ලක්ෂ පනස්දහසකට අධික ප්‍රමණයක් එක්වී ඇති,
ඉතාම සජීවී සහ නොනැවතී ඉඳිරියට යන වැඩසටහනක් වී අවසානයි...

ෆේස්බුක් ස්ටේටස් එකකින් ඇරඹී, අගෝස්තු 25 ඉරිදා,
විල්පත්තු කැලෑව මැද්දේදී අමුමිරිස් කරල් 3ක් අනුභව කර,
2014 අගෝස්තු 26 අඟහරුවාදා,
පළවෙනි YouTube වීඩියෝ එක අප්ලෝඩ් වී,
ඇරඹුණ #SLAmuMirisChallenge අභියෝගය,
අද මේ මොහොත වෙන විට,
150කට අධික පිරිසක් සක්‍රීයව අමුමිරිස් අභියෝගයට සම්බන්ධ වී,
7,000කට අධික පිරිසක් ෆේස්බුක් කණ්ඩායම හා එක්වී,
ජාතික පුවත්පත්, රූපවාහිනී ප්‍රවෘත්ති අතික්‍රමණය කරමින්,
මුදලින් රුපියල් තුන්ලක්ෂ පනස්දහසකට අධික ප්‍රමණයක් එක්වී ඇති,
ඉතාම සජීවී සහ නොනැවතී ඉඳිරියට යන වැඩසටහනක් වී අවසානයි...

තියෙන ජාති
තොරතුරු,
ප්‍රජා සත්කාර,
සඳුනිමා,
සමාජ
Wednesday, July 9, 2014
28. දුක් කවියක් | One Sad Poem
Copy docs ආවද - Vessel එක අද එයිද?
BG එකක් ගන්නද - හෙටත් අපි බලමුද?
Price එක වැඩි මොකද - අඩු කරලා දෙනවද?
Quality එක OKද - Quote එක එවනවද?
Friday, May 9, 2014
27. ගණිකාවෝ - එහෙයි මෙහෙයි | Prostitutes - Here & There
ගිය සිකුරාදා වැඩ ඇරුනේ ටිකක් රෑ වෙලා. 7.30ට තියෙන ගාළු කෝච්චියට යන්න වැස්සෙම රාජගිරියෙන් බස් එකක නැග්ගා. කොන්දගෙන් කොටුවට ටිකට් ඉල්ලනකොට වටේ උන් මා දිහා බලනවා. බැලින්නම් කලබලේ නැගලා තියෙන්නේ 176 හෙට්ටියාවත්ත බස් එකක. මොනවා කරන්නද ඉතින්? මරදානට ටිකට් එකක් අරන් අයිනක වාඩිවෙලා කිර කිර ගියා.
Subscribe to:
Posts (Atom)


.jpg)




