මෙන්න බොලේ වැරදිලා ITN එක පැත්තේ ගියාම මිහිර සිරිතිලක ප්‍රවෘත්ති දිගේ හෙන අප්සෙට් ටෝකක් දෙනවා අඬාගෙන. හොයලා බැලින්නම් හිරු TV එකේ සුනෝජ් ප්‍රනාන්දු කරන මෙගා බයිට් එකේ මේ පාර මිහිරව ටෙරා බයිට් එකක් වෙලා.
![]() |
http://www.col3tube.com |
අපි කවුරු කවුරුත් ඔය වගේ ගොන් ආතල් කාටම හරි එක පාරක් හරි දීලා තියෙන අයනේ. ඒ උනාට ප්‍රසිද්ධ මාධ්‍ය දිගේ මේ වගේ තකතීරු වැඩ කරන එක නම් අනුමත කරන්න බෑ. කොහොම හරි සුනෝජ් ඇතුළු මෙගා බයිට් සෙට් එක මේ දීපු ගොන් ආතල් එක දැක්කම කාලෙකට කලින් මම දීපු ගොන් ආතල් එකකුත් මතකෙට ආවා.
![]() |
http://1.bp.blogspot.com |
ඉස්කෝලේ ගමනට තිත තියනවත් එක්කම (ඒ කියන්නේ 2005දි) මම මුල්ම ජොබ් එකට සෙට් උනේ නොම්මර එකේ
පිටරට බැංකුවක ක්‍රෙඩිට් කාඩ් විකුණන්න. සමාජයේ ක්‍රෙඩිට් කාඩ් විකීණීම ගැන
මොන මතයක් තිබුණත් අදටත් මම ආඩම්බරෙන් කියන්නේ ඒ මාස හය තමයි මම ජීවිතේ
ගොඩාක් ඉදිරියට යන පාඩම් ඉගෙනගත්ත මාස හය කියන එක. ඒ ගැන offline කතාකරන්න
තියලා ආයෙම එමු කතාවට.
ටාගට් එක කවර් වෙන සමහර දවස් වල අපි ටිකක් වැඩිපුර බැංකුව ඇතුලේ ගැවසෙනවා. ඔන්න ඔය වගේ දවසක තමා මගේ ඔළුගෙඩියට ආවේ කාව හරි බයිට් කලානම් මසුරන් නේද කියන හැඟීම. අපේ ගම් පළාතේ අපි එක්ක බොක්ක බැඳන් ඉන්න බයිට් පොරක් හිටියා අකලංක කියලා. ඌට හැමෝම ආදරේට කිව්වේ මෝලා කියලා. බයිට් කිව්වම ඉතින් මෝලා මිසක් වෙන කවුද? බැංකුවෙන් බිල ගෙවන එකේ ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එක අරන් ඩයල් කලා මෝලාට. සංවාදය මෙන්න මෙහෙම ගලාගෙන යන්න පටන්ගත්තා,
![]() |
http://thefunniestvideos.com |
මම : ආයුබෝවන්, මේ අකලංක වීරසිංහ මහත්තයද?
මෝලා : ඔව්! කවුද මේ?
මම : අපි සිරස දහසක් මල් වැඩසටහනෙන්. මේ වැඩසටහනේ සතියේ ජයග්‍රාහකයා හැටියට තේරිලා තියෙන්නේ අකලංක මහත්මයායි.....
ඒ කාලෙත් අද වගේම සල්ලි දීලා FM අස්සවන වැඩසටහන් තිබුනා. මම නම වික්කේ ඒ වගේ වැඩසටහනක. දැන් නම් ඒ ප්‍රොග්‍රෑම් එක හරියටම මතක නෑ මොකද මේක උනේ 2005දි නිසා. ඔය විදිහට තව වල්පල් වගයක් අහලා ලණුව හිමි හිමීට මෝලට ගිල්ලගෙන ගියා. අපරාදේ කියන්න බෑ මෝලත් ආසාවෙන් ලණුව කනවා.
මම : හොඳයි, මහත්මයාට හිමි ත්‍යාගය කළුතර අන්ජනා වෙළඳසැලෙන් සතියේ ඕනෑම දිනක උදේ අටේ සිට හවස පහ දක්වා කාලය තුලදී ලබාගත හැකියි. ඔබතුමාගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් ඉදිරිපත් කලාම මේ ත්‍යාගය ලබාගන්න පුළුවන්!
මෝලා : මේකයි ප්‍රශ්නේ, මම මේ ටිකේ බිසි. මං වෙනුවට අපේ තාත්තව යවන්න පුළුවන්ද?
මම : (හිනාව කටේ දාලා හපන ගමන්) ප්‍රශ්නයක් නෑ මහත්මයා. මහත්මයා ලියපු ලිපියක් එක්ක මහත්මයගේ පියාව යවන්න.........
ඔන්න ඉතින් මෝලට ලණුව කවලා මමත් ලෑස්තිවෙලා හිටියා පස්සේ මූව ආයෙම බයිට් කරන්න සෙට් එක එක්ක එකතුවෙලා. එදා සිකුරාදාවක් නිසා කොහොමත් හවස මෝලා ඇතුළු ගැන්සියව සෙට් වෙන්නයි හිටියේ. අවාසනාවට රෝස මලත් මැලවේ කියන්නා වගේ එදා හවස සෙට් වීම සිද්ධ උනේ නෑ.
සඳුදා සුපුරුදු පරිදි මම වැඩට ආවා. හවස ගෙදර ගියා. අඟහරුවාදත් ආවා. ගෙදර ගියා. බදාදත් ආවා. එදා ඩිවිෂන් එක ටිකක් වැඩිපුර කලබලයි. හැමදාම උදේට ටීම් ලීඩර් තියන මීටින් එක තියලා ඉවර කරලා පොර රහසක් අවධාරනය කරන්න ගත්තා.
"මල්ලි, ඔයාලා කාගේ හරි කස්ටෙකුට ගිෆ්ට් එකක් ඔෆර් කලාද?"
මෑන්ස් ඒ ඇහුවේ ඒ
දවස් වල බැංකුවේ තිබ්බ ප්‍රමෝ එකක් ගැන. කාඩ් එකක් තියෙන කස්ටෙක් තව අළුත්
කස්ටෙක්ව කාඩ් එකක් ගන්න ඉදිරිපත් කලානම් කාඩ් එක තියෙන කස්ටට අපි බෑග්
එකක් තෑගි දෙනවා. මං ඇතුළු ටීම් එකේ එකෙක්වත් ළඟකදි ඒ ඔෆර් එක දීලා තිබ්බේ
නෑ. ඒ පාර ටීම් ලීඩර්ගේ ඔළුව ආයෙම අවුල්. මෑන්ස් හාර හාර අහනවා ආයෙම,
"මල්ලි, අපේ 229 extension එකෙන් කස්ටෙකුට තෑග්ගක් තියෙනවා කියලා කෝල් කරලා තියෙනවා. හොඳටම ෂුවර්ද කවුරුවත් තෑග්ගක් ඔෆර් කලේ නෑ කියලා....?"
පොර එහෙම
අහනකොට මගේ ටිකිරි මොළේට ලාවට ලාවට මීටර් වෙන්න ගත්තා මේ පත්තුවෙන්නේ මෝලගේ තෑග්ග වෙන්න
ඕනේ කියලා. මමත් "අයියේ මෙහෙම කේස් එකක් නම් උනා" කියලා පොඩ්ඩක් කතාව හතේ
කනිසමට ප්‍රචාරය කලා.
"උඹද **ගේ පුතෝ කෝල් කලේ"
බොහොම ආදරෙන් අහපු ටීම් ලීඩර් මාවත්
එක්කන් ගියා මැනේජර් ළඟට. එතනදි මැනේජර් අයියා කතාව මට විස්තර කරලා දුන්නා.
මම සිකුරාදා කෝල් කරලා ෆෝන් එක තියපු හැටියෙම මෝලා ගෙදර ගිහින් ID එකේ ෆොටෝ කොපි එකක් එක්ක තාත්තව යවලා තෑග්ග ගන්න. කඩෙන් අහන කොට කඩේ උන් කියලා සිරසෙන් උන්ව එහෙම දෙයක් ගැන දැනුවත් කලේ නෑ කියලා. තාත්තා කෝල් එක ආපු නොම්මරේ කිව්වම කඩෙන් ඒකට කෝල් එකක් දීලා මෝලගේ තාත්තට කිව්වලු, මේක කොළඹ තියෙන බැංකුවක්. සිරස නෙවෙයි. ඒ නිසා බැංකුවට කතා කරලා අහන්න කියලා.
මෝලගේ අසරණ තාත්තා බැංකුවට කතා කරලා තෑග්ග ගැන ඇහුවම පාරිභෝගික සේවාවේ ඉන්න මෙලෝ මළදානයක්, විචාරයක් නැති කකුල් පේන්න ඇඳුම් අඳින පෝෂ් නංගියෙක් කියලා තෑග්ග ගන්න යෝක් වීදියේ ශාඛාවට එන්න කියලා. ඒ දැරිවිත් වයර් මාරු කරන් හිතලා තියෙන්නේ ප්‍රමෝ ගිෆ්ට් එකක් කියලා. අනේ ඉතින් මේ පිටරට බැංකුව වටිනා තෑග්ගක් දෙනවා ඇති කියලා හිතපු මෝලගේ පියතුමා එහෙම්ම කොළඹ බස් එකක නැගලා අදාළ තැනට ඇවිත්. බොහොම ආචාරශීලීව මෝලගේ තාත්තව පිළිගත්ත බැංකු සෙට් එක තෑග්ග දෙන්න ක්‍රෙඩිට් කාඩ් එකේ විස්තර අහලා. ක්‍රෙඩිට් කාඩ්????? මෝලගේ තාත්තා ඒ පාර මෝලගේ ID කාඩ් එකේ ෆොටෝ කොපි එක දුන්නලු!
![]() |
http://blog.static.abine.com |
කොහොමින් කොහොම හරි මම කරපු අමන වැඩේ නිසා අර අසරණ මනුස්සයා දවසම නාස්ති කරගෙන හිස් අතින්, බඩගින්නේ ගෙදර ගිහිල්ලා මෝලාට නොසෑහෙන්න දොස් තියලා. මෝලා කරන්නේ මෝල් වැඩ නිසා තාත්තා හිතලා තියෙන්නෙ මේකත් උගේ මෝල් වැඩක් වෙන්නැති කියලා. මෝලත් හොල්මන් වෙලා මොකක්ද යකෝ මේ වෙච්ච ආටක නාටකේ කියලා. අම්බානක ෆයර් වෙච්ච මෝලා අරගෙන කෝල් එකක් 911 එකට.
සඳුදා උදේම 911 එකෙන් කතාකරලා බැංකුවට. ඒ ඇවිලිච්ච ගින්නට මළ පැන්න ලොකු
පුටු වෙච්ච දේ හොයන්න පොඩ්ඩන්ට අණ කළා. අදාළ කෝල් එක ගියේ 229 extension
එකෙන් නිසා ඒ ටීම් එකේ මේ අවුල කරපු එකා කවුද කියලා හොයද්දි තමයි මමත්
අලගිය මුලගිය තැන් දැනගත්තේ. 911 ගිය කේස් එකක් නිසා අපේ උන්ට මොකුත් කරන්න
විදිහකුත් නෑ. මැනේජරුත් ගලේ පහරපු පූසා වගේ කල්පනා කරලා මට කියනවා,
"මල්ලි, පුළුවන් නම් මෝලටම කියලා ගොඩින් වැඩේ ගොඩ දාගන්න බලපන්. මට නම්
කරන්න දෙයක් නෑ. මං හෙට වෙනකම් කේස් එක අල්ලන් ඉන්නම්!".
මොනවා කරන්නද?
ගත්තා මෝලට කෝල් එකක්,
මම : මචං මෝලා, මම ගලේ
මෝලා : අම්මට සිරි, කාලෙකින්, ඉතින් ඉතින්? කියපන් මචං
මම : මචෝ, පොඩි අවුලක්.....
මෝලා : ???????
මුළු සිද්ධියම මම මෝලට කිව්වා. සාවධානව අහන් හිටපු මෝලා මට කියනවා,
"ඇයි
*ත්තෝ කලින් කිව්වේ නැත්තේ. මං එහෙනම් කෝල් කරන්නේ නෑනේ. තාත්තා රස්තියාදු
උනාට නම් අවුලක් නෑ. මං සිරාවටම තෑග්ගක් ඇති කියලා හිතන් හිටියා, ඒකයි මට මළ
පැන්නේ....."
කොහොම හරි මෝලා පැමිණිල්ල අස් කරන් තිබුනා. රාජකාරී වෙලාවේදි පෞද්ගලික
කාරණා සඳහා මින් මතුවට රාජකාරි දුරකතන භාවිතා නොකරන බවත්, මෙවන් වැරදි නැවත
සිදු නොකරන බවත් කියලා ගල්පාත තෙමේ ලිපියක් මගින් ඉහළ කළමනාකාරීත්වයට
දැනුම් දුන්නා.....
කතාව ඉවරයි! මගෙයි සුනොජ්ලගෙයි මෙගා බයිට් ගොන් ආතල් ගැන ඔයාලට හිතෙන දේ පහලින් කොටලා යන්න......
විහිළු වලත් සීමාවක් තියෙනවා. ඔය ජඩ මාධ්‍ය වලින් කරණ විහිළු නම් විහිළු ගණයට ගන්න බැහැ.
ReplyDeleteඒක නම් ඇත්ත...
Deleteඇති යකෝ ඔයිං ගියා ....
ReplyDeleteඔහෙ පලයන්... මෙන්න රොබින් ඇවිල්ලා...
Deleteඇත්තටම අරූ හොඳ යාළුවෙක් නිසා තමයි ඔයින් ගියේ...
උඹයි මෙගා බයිට් කාරයවයි කොවක දාලා මකවලා වක්කරන්න ඕනේ
ReplyDeleteඅනේ ඉතින් එහෙම්ම කරන්නෙපා. ඌ කරපු වැඩේ හැටියට මේක මොකක්ද?
Deleteහෙහ් හෙහ් ඇති ඔව්වර හරියක් වෙලත් තෝව මැනේජර් ඉතුරු කලා පන පිටිං
ReplyDeleteමෙහෙම හිටියට ටාගට් කවර කරන එළ කොල්ලෙක් නිසා තමයි මම ඉතිරි උනේ. නැත්නම් දොට්ට.
Deleteකියෙව්වද මන්ද කලින් ..
ReplyDeleteආයෙත් අහලා. අන්තිම පෙලියටත් මේක මං ලිව්වනේ.
Deleteඒක තමයි ,,පව් අනේ ඒ අයියා ,මෙගා බයිට් නම් දන්නේ නැහැ මන්
Deleteපව්? ඕකගේ වැඩ ගැන මම ඉස්සරහට කියන්නම්. එතකොට තේරෙයි//
DeleteMachan Meka Campus kale kiyanna amathaka una eka pudumai ubata:D
ReplyDelete+pubudu,
DeleteKiyapu katha wala hetiyata meka amathaka una nam puduma wenna dekuth ne.
Mage ammo..rassava bera gaththa ethi!
ReplyDelete+Dilini,
DeleteAyeth ahala...
අපේ ගමේ කොල්ලෙක් පත්තරේකට විස්තර ටික දාලා..ඔය පත්තරවල තියෙන්නේ "සිතැති සිතක් පතමි" කියලා එහෙම.ඒ වගේ එකකට.ඔන්න ටික දවසකින් පොරට ලියුමක් ආවලු..එයාගේ විස්තරයි පොටෝවයි දැකලා එයාට කැමති උන ගෑනු ලමෙක්ගෙන්..
ReplyDeleteඉතිං ටික දවසක් ලියුම් හෙම හුවමාරු කරගෙන හමුවෙන්න දවසකුත් තීරනය කරන් එන්න කිවුවලු රත්නපුර ටවුමට.දැන් ඉතින් දෙන්නා අතේම ෆෝන් එහෙම නෑ.ඉතින් ඇඳගෙන එන ඇදුමේ පාට කලින් කියලා රතු ලේන්සුවක් අතේ බැඳගෙන ඉන්නවා කියලා කොල්ලා පොරොන්දු වෙලා
දැන් කියපු වෙලාව පහුවෙලා පැයක් දෙකක් ඔහොම ගෙවිලා ගියාලු.ඔහොම ඉන්නකොට ගමේ කොල්ලෙක් හම්බෙලා ඇහුවලු "මචං මොකද මෙතන කරන්නේ කියලා.
ඔන්න ඉතිං පොර සාවදානව විස්තරේ කිවුවලු යාලුවා එක්ක.
ඔය කෙල්ලෝ ලියුම් ඒ පලියට විශ්වාස කරන්න බෑ බන් අපි ගෙදර යං කියලා යාලුවා කතා කරාලු
කමක් නෑ බං මම තව පොඩ්ඩක් ඉඳලම එන්නං :D
එහෙම කියලා හිටපු මනුස්සයා අන්තිම බස් එකේ ගෙදර ආවා කියලා ආරංචි උනා...එතකොට අර කෙල්ල වගේ ලියුම් යවලා තියෙන්නේ අර ටවුමෙදී හම්බුන යාලුවා තමයි :D
ඔය ජොලියට කරන පුංචි බයිටක් ඇරුනහම මාධ්ය වල කරන පෞද්ගලික ජීවිත වලට හානි වෙන බයිට් නං මම අනුමත කරන්නෙ නෑ
ජොලියට කරන පුංචි බයිට් එක උනත් දුර දිග ගෙනියන්න දෙන්න නරකයි සුදෝ.
Deleteඇත්ත කියහං රෙහානි. උඹ නේද ඒ බයිට සෙට් කළේ?
Deleteමටත් නිකම් හිතුනා රෙහානිද දන්නේ නෑ කියලා...
Deleteබොලත් නියම වැඩ තමයි කරල තියෙන්නෙ. තව පොඩ්ඩෙං මැනේජරයට පොලීසි ගානෙත් යන්න වෙනව.
ReplyDeleteඅපිටනං ඔය බොරු ටීවී එක පේන්නෙ නෑ.
මනේජරයා නම් මළාට පොලීසි යන්නේ නෑ. උන් ගානට අපේ බෙල්ල සෙට් කලොත් මිසක්...
Deleteඅපිට නම් පේනවා. චිත්‍රපටි බලන්න හොඳයි.
බෝම්බයට පෙර රියල් කතාවක්..
ReplyDeleteදේශකයාගේ කතාව මට තේරුනේ නෑ..
Deleteබට ලයිට් (සොමි කැළුම් බට) එකට ආලෝකය දෙන්න බැරිද?
අපි හැමෝම කවද හරි කාව හරි බයි කරල වගේම අපිත් බයිට් වෙලා තියනව ඒක තම ඇත්ත ... .
ReplyDeleteඒත් ඔය මෙගා බයිට් එක ටිකක් ඕවර් යනව නේද?
ඒක ඇත්ත. ඔය වැඩසටහනෙන් පවුල් කඩාකප්පල් වෙන සයිස් එකේ ඒවත් කරලා තියෙනවා මං බලාන. උදා: උද්දික ප්‍රේමරත්න
Deleteමේ කරලා තියෙන්නේ විහිළුවක් නෙමෙයිනේ. සක්කිලි වැඩක් නේ. ගෑණී කොහොම ගින්දරකින්ද ඉන්න ඇත්තේ.. කොහොමත් ඔය සක්කිලි වැඩ නම් මට පොඩි කාලේ ඉඳන් දිරවන්නේ නෑ. ඔය කෝල් එකක් දීලා අන්දනවා වගේ ඒවා නම් අවුලක් නෑ.. ඒත් මේවා නම් උසාවී යන්න ඕන කේස්...
ReplyDeleteසක්කිලි වැඩේ...ඒක තමයි හරිම වචනේ.
Deleteමුන් ඕකට ආභාෂය ගන්න ඇත්තේ පොඩි එවුන්ව අඬවලා, මළ ගෙවල් වල ඉන්න මන්දමානසික මිනිස්සු බයිට් කරලා ගත්ත එක්ස්පීරියන්ස් වලින් වෙන්න ඕනේ..
මේකම මිට කලින් කොහේදී හරි කියෙව්ව මතකයි.
ReplyDeleteබලාගෙන ගියාම අන්තිම පේලියට මම ලියපුවා ගොඩක් අය කියවලා තියෙනවා...
Deleteඑකපාරක් මටත් ඔහොම එකක් උනා..
ReplyDeleteකොල්ලෙක් දුන්නා නම්බර් එකක් ඌ වෙනුවට කොල් කරලා බයිට් කරහං කියලා..
මාත් ඉතිං ඌ ඉස්සරහම ලවුඩ්ස්පීකර් දාලා වැඩේ කරා...
බැලින්නං මගේ යාළුවෙක්ගේ අම්මෙක්...
හතර විලි ලැජ්ජාවේ බෑ..
ඇන්ටිත් ටෝක් උනා..
යාළු කම තියං ඕවා කරන්න පුළුවං වැඩයැ...
ආයේනං එව්වා කරේ නෑ...
කවදා හරි පාඩමක් ඉගෙන ගන්නකම් අපේ උන් ඕක කරනවාමයි...
Deleteහේ හේ කලිනුත් කියෙව්වා එත් පට්ට කතාව...
ReplyDeleteයුක්ති
බොහොම ස්තුතියි උ*තියෝ...
Deleteදෙවන වතාව සදුනිමෝ...
ReplyDeleteසමාවෙන්ට ඕනේ නලින් අයියා...පරණ ඒවත් ඉතින් මගේ ගෙදරට ගෙන්න එපැයි...
Deleteමිහිර ට කරලා තියන වැඩේ නම් පාහර වැඩක්. අද මීඩියා ගැන නම් කලකිරෙනවා. කුණු රසය විතරයි තියෙන්නෙ. ශ්‍රී ලාංකීය අභිමානය දැම්මොත් මළ ගෙවල්, සිරස දැම්මොත් මොකෙක් හරි ගැටිස්සියෙක් කැකිරි පලනවා, ITN, රූපවාහිනී දැම්මොත් හෝදනවා..
ReplyDeleteමෝලා නම් නියම මෝලෙක් තමයි.. තාත්තා රස්තයාදු වුණාට කමක් නෑ කියන්නෙ වෙන මොක්කුද.. hikz
මිඩියා ගැන අපි කතා නොකර ඉමු කලාබර.
Delete//මෝලා නම් නියම මෝලෙක් තමයි// ආයෙත් අහලා...
ඔව් මම මේක අන්තිම පේලියෙන් කියවපු දවසෙත් උඹට බැන්නා.
ReplyDeleteඋඹ කියෙව්වද දන්නේ නෑ මේ කතාව.
Beat the Bomb
දැන් උඹට නියමෙට පුලුවන් ඇති ඩයපර් මාරු කරන්න හෙම නේ?
1. අන්තිම පෙලියේදී බැන්න බව මට මතක නෑනේ අයියේ...
Delete2. මරුම කතාව තමයි ඒක. මං හිතන්නේ උද දේශකයා කියලා තියෙන්නෙත් ඔය බෝම්බෙ ගැන තමයි.
3. තාම ඩයපර් ඇන්දුවේ එක දවසයි අයියේ...ඒ නිසා එච්චරම හුරු නෑ. නැපි මාරු කරන්න නම් දන්නවා කිසි කිසි ගාලා
අන්තිම පේළියෙ නම් කියෙව්වෙ නෑ අදමයි දැක්කෙ..ඒකත් ටෙරා බයිට් එකට දෙ වැනි නෑ :)
ReplyDeleteඅර හිරු එකේ ගොංපාට් එක නං මට පේන්න බෑ..මිනිස්සු ආතල් එකට කරන වැඩ ප්‍රෝග්‍රෑම්ස් වල කරන්න තරං දැං මධ්‍යය හෑල්ලුවට පත් වෙලා..නයි ටී එන් එක නං නටන්නෙ එයාලගෙ පැවැත්ම හදාගන්න මිසක් මිහිරට තියෙන ආදරේට නෙවෙයි නෙ..කොයි දේ වුණත් සීමාවක් තියෙන්න ඕන, මම ඔය සීන් එක පත්තරේ කියෙව්ව..ඒක අනවශ්‍ය තරම් දුර ඇදිල තිබුණ..ජෝක් එකක් නම් විනාඩි කීපයකට සීමා වෙන්න ඕන..ආණ්ඩුවෙ මාධ්‍ය බල්ලට යනකොට අනික්ව වල් බූරුවන්ට යනව..
බොහොම ස්තුතියි මලේ කියෙව්වට. කියවලා මදි. හිතට ගන්න ඕනේ මෙව්වා.
Deleteඔව් බන්. දැන් ඔක්කොම මාධ්‍ය එක වල්ලේ පොල්.
මිහිරට වෙච්ච නිසා ඕක ඔහොම උනා.මං පොර මෝඩ චූන් ගොබ්බයෙකුට උනානම් ඕකත් තව මෙගා බයිට් එකක් කියලා හැමෝම බලයි.උඩ ඉඳලා යටට යනකම්ම ගොන් චූන්.
ReplyDeleteඋඹේ බයිට් එකත් ඕනවට වැඩියි.උඹව හම ගහන්න ඕන. මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරනවාට.ඇහුනාද?
ඔන්න තුන්දෙනෙක්ව රිමාන්ඩ් කරලලු.
Deleteමගේ බයිට් එක ඇත්තටම දුර ගියේ මම එවෙලේ ඌට ඒක බයිට් කෝල් එකක් කියන්න බැරි වෙච්ච නිසා. ඇත්තටම එදා ඉඳන් එහෙව් වැඩ කලේ නෑ..
අනේ අර අහිංසකයාගේ තාත්තා ..
ReplyDeleteටිකක් බර වැඩි වගේ තව පොඩ්ඩෙන් පොලිස් කුඩුවේ තමා නවතින්නේ ..
ආරාදනයක් තියේ එන්න කියලා අපේ පැත්තෙත් ..
http://nethukadulu.blogspot.com/
ඇත්තටම ඔව්...තව පොඩ්ඩෙන් කුඩුවේ ලගින්නත් වෙනවා.
Deleteඔන්න මම එහෙ ගියා...රෝලටත් දාගත්ත...
තැන්කියු ... තැන්කියු ...
Deleteමට බැනේ මේකට එකතු වෙන්න ...
ඇයි එකතු වෙන්න බැරි? Join this site kiyalaa කෑල්ලක් ලස්සනට උඩින් තියෙන්නේ. ඒක එබුවා නම් ගානට සෙට් වෙන්න පුළුවන්.
Deleteබැරිම නම් මට ඊමේල් එකක් දාන්න..
ලේට් බයිට් එකක්!!!!කොහොමද කියලා බලපන්.අන්තිම සවුත්තුයි. මේක කිව්වේ අරූගේ අරකි. ලාල් අයියා අරකීගේ ඥාතියෙකි. සිදුවීම 1975 කාලයේදීය.එකාලේ නැව්වල රස්සාවල් සඳහා තදබල උනන්දුවක් තිබී ඇත. ලාල් අයියා ඇස් රතුවෙන විහිළු කරන පුද්ගලයෙකි. ඔහුගේ පොඩි මස්සිනාටත්, යාළුවෙකුටත් නැවක රස්සාවක් සොයා දෙන්නම් යැයි කියා, කොලොන්නාවේ අරකීලාගේ ගෙදරට, පැමිනෙන්න යැයි පවසා ඇත.ජැන්ඩියට ඇඳගෙන එන්නැයි කීවත්, ටයි පටියක් නැතිව පැමිණි නිසා නැවත හරවා යවා ටයි පැලඳ පැමිනෙන තෙක් බලා හිඳ ඇත.
ReplyDeleteකොලොන්නවේ සිට දෙමටගොඩ හරහා යන බසයකට තිදෙනා ගොඩවී ඇත.මේ වෙසක් කාලය අවසන්වී සැරසිලි ඉවත් කරනා කාලයයි.දෙමටගොඩ හංදියේ එකල වෙසක් එකට හදන මහ විශාල නැව් සැරසිල්ලද ඉවත් කරමින් කොටස් ගලවමින් තිබී ඇත.බහිමු, බහිමු යැයි කිව් ලාල් අයියා, කොටස් ගලවමින් සිටි නැව පෙන්නා, අර බාසුන්නැහෙගෙන් මම කිව්වා කියලා නැවේ ජොබ් එකක් ඉල්ලගනින් යැයි කියා එම බසයටම ගොඩවී යන්නට ගොස් ඇත.
ඔය තියෙන්නේ බයිට් නේ.. අපි මොනවද අරූ අයියලා (මාමාද මන්දා?) කරලා තියෙන බයිට් වල හැටියට....
Deleteමාර බයිට් එක හි....හි...හි
ReplyDeleteමගේ බයිට් එකද? සුනෝජ් කරපු ගොන් වැඩේද?
Delete
Deleteඔයාගේ බයිට් එක් හරියට මම ඉස්කොලේ ගිය කාලේ යාලුවන්ට දුන්නු ලනු වගේ...... මන් මාර බයිට් එක කිව්වේ ඔයාගේ බයිට් එකට
සුනෝජ්ලා කල බයිට් එක මහාම මහා සදාචාර විරෝදි මොන්ගල් බයිට් එකක්නේ එකට හොදයි කියන්නේ ඉතින් බුද්ධිය නිර්වින්දනය වෙච්ච කට්ටිය තමා.
අපි හැමෝම බයිට් දීපු, බයිට් කාපු උදවිය නේ...
Deleteමලේ මමත් දීපුවා ගානක් මතක් වුණා.
ReplyDeleteමතක් වෙලා මදි සුදික අයියේ...අපිටත් දැනගන්න කියන්නකෝ....
Deleteහැ ඔච්චර හරියක් වෙලා යහතින් ඉන්න එක ගැන සන්තෝසයි ඕන් ඉඳගෙන ඈ
ReplyDeleteමොනා උනත් අර මෙගා බයිට් සීන් එක නම් අජූත් වැඩක් ඈ මොනා උනත් මිහිර කියන්නෙ අහින්සක හිත හොඳ කලාකරුවෙක් අන්න ඒකයි මම කියන්නෙ
කොට්ටෝරුවා කෙහෙල් ගහට කොටලා හොට පටලගන්නවා කියලා පක්ෂියා අහලා ඇතිනේ. ඔන්න මිහිරව බයිට් කළායින් පස්සේ මෙගා බයිට් ඉවරයි.
Deleteඔයාලත් කොරන වැඩ ඇත්තට.... ;)
ReplyDeleteඔයාලා කරන වැඩ ඊට දෙවෙනි නෑනේ...
Delete