ගිය සිකුරාදා වැඩ ඇරුනේ ටිකක් රෑ වෙලා. 7.30ට තියෙන ගාළු කෝච්චියට යන්න වැස්සෙම රාජගිරියෙන් බස් එකක නැග්ගා. කොන්දගෙන් කොටුවට ටිකට් ඉල්ලනකොට වටේ උන් මා දිහා බලනවා. බැලින්නම් කලබලේ නැගලා තියෙන්නේ 176 හෙට්ටියාවත්ත බස් එකක. මොනවා කරන්නද ඉතින්? මරදානට ටිකට් එකක් අරන් අයිනක වාඩිවෙලා කිර කිර ගියා.