Tuesday, December 1, 2015

41. දඩ කන හැටි

අපේ යාළු මිත්තරයෝ ඉතින් ලංකාවේ ඉපදුනාට මොකෝ ජීවත් වෙන්නෙම වෙන වෙන රට රාජ්ජ වලනේ. එව්වයේ අපේ රටවල් වගේ නෙවෙයි. තාක්සනේ හරි දියුණුයි. හයිවේ වල යනකොට හයි ස්පීඩ් බලන්න හොරෙන් හැංගිලා ඉන්න පොලිස් මාමිලා නෑ. කැමරාවෙන් ෆොටො එක වදිනවා, දවස් කීපයකින් ගෙදෙට්ටම දඩ කොලේ එනවා ගෙවපං කියලා.


ඉතිං දවසක් මගේ අතිජාත යාළුමිත්‍ර ගොඩහේවා උන්නැහෙත් ඔය කියන ඈත රටක හයිවේ පාරක තමං ඉස් ඉස්සෙල්ලම ගත්ත ටාටා නැනෝ කාර් එකත් අරන් රවුමක් යන්න පිටත් උනා. තනියම නෙවෙයි, අළුත බැඳපු නෝනා පොඩ්ඩවත් අරගෙන. ඕං ඉතින් දෙහි මිරිස් කරල් එල්ලලා නමෝ විත්තියෙන් හයිවේ එකට කාර් එක දාලා කිලෝමීටරයක් යන්න ලැබුනේ නෑ චාස් ගාලා ෆ්ලෑශ් එකක් පත්තුවෙලා ෆොටෝ එකක් වැදුනා කියහංකො

ලංකාවේ ඉද්දි එහෙන් මෙහෙන් දාලා ගියාට, හයි ස්පීඩ් ගියාට, එහේදි එහෙම නොකරන ගොඩහේවා උන්නැහෙ ටිකක් සැලිලා ගියා. තමන් ගියේ නියමිත වේගෙට වඩා අඩු වේගෙකින් බව ගොඩහේවා උන්නැහෙ තමන්ගේ වයිපරේගේ පතිවෘතාවටත් වඩා බුදු ෂුවර්. ඒත් කොහොමද ෆොටෝ වැදුනේ එහෙනම්? මොකද උනේ කියලා බලන්න ගොඩහේවා උන්නැහෙ රිවස් එකෙන් පස්සට ආවා. ආයෙම පාරක් කලින් පාරටත් වඩා හිමින් කැමරාව පහු කලා. මෙන්න බොලේ ආයෙම ෆොටෝ එකක් පත්තු වෙච්චි.

ගොඩහේවා උන්නැහෙ අන්දොස් වැඩේට. කෝකටත් පාරක් ආයෙම රිවස් කරලා අරීටත් වඩා හිමින් කැමරාව පහු කළා. ම්හු. පාරත් කැමරාව වැඩ. දැන් නම් ගොඩහේවා උන්නැහෙ තේරුනා කැමරාව පිස්සු කෙලිනවා කියලා. අළුත බැඳපු නෝනට වීරකම් පෙන්වන්න එක්ක ගොඩහේවා උන්නැහෙ තව පාරක් රිවස් කරලා තවත් හිමින් කැමරාව පහු කරන ගමන් කැමරාවට දිව දික් කරලා ඇදත් කළා. පාරත් ෆොටෝ කට්ටක් වැදුනේ නැතැයි!

"හා හා දැන් ඇති නේද?" කියලා නෝනා අහනකොට ගොඩහේවා උන්නැහෙ පස් පාරක්ම රිවස් කරලා ෆොටෝ චෙක් කරලා ඉවරයි. තව ටිකක් ආතල් ගන්න හිතුවත් නෝනා විධායකයට වඩා චුට්ටක් ඉහළින් ඉන්න නිසා ආතල් එක නවත්තලා ගොඩහේවා උන්නැහෙ ගමන යන්න පිටත් උනේ මෙච්චර දියුණු රටවල් වල හයිවේ කැමරා පිස්සු කෙලිනව නම් අපේ රටවල ඇමතියෝ පිස්සු කෙලියට මොකද වෙන්නේ කියලා නෝනා එක්ක කියන ගමන්.

ගමනත් යහතින් ගියා. කාලෙත් ගත උණා. සති දෙකකට පස්සේ තැපෑලෙන් ගොඩහේවා උන්නැහෙ ආපි දඩ කොළයක්.  

එකක් නම් මොකෝ, පහක්පහේම එකම වරද අවස්ථා පහකදි.

මොකක්ද වැරැද්ද......?

සීට් බෙල්ට් නොදා හයිවේ එකේ රිය ධාවනය කිරීම....

16 comments:

  1. Replies
    1. හිනාවෙන්නෙපා දේශෝ කරදරයක් උනාම

      Delete
  2. ඔන් ලයින් ෂොට් ඒක වදිනවා... යකෝ පාරේ බස් ඒකේ යනවා හොදයිනේ.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලේට පාරේ බස් එකේ යන එක තමා හොඳ... වෙන රට වල නම්...

      Delete
  3. මෙහෙනම් තාම හයිස්පිඩ් විතරයි කැමරාවෙන් අල්ලන්නේ ..... හැබැයි සිට බෙල්ට් නැතුව ගියොත් කමරාවලටත් වැඩිය හොඳ ඇස් තියෙන පොලිස්මාමලා එයාලගේ කාර් එකෙන් පිටිපස්සෙන් ඇවිත් නවත්තනකන් අපි දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මමත් දන්නේ ඔය විදිහම තමයි. ඒත් ඉතින් ප්‍රබන්ධ සත්‍යයට වඩා පොඩ්ඩක් දුරයි නොවැ මැලේ රාලේ

      Delete
  4. ඊට පස්සෙ ගොඩහේවා මහත්තැංට නෝනගෙන් ගොඩ යන්න පුලුවං උනැයි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඉතිං දන්නේ නෑ Praසන්ன අයියේ

      Delete
  5. හයි වේ එකේ රිවස් කලා...හෑ..හපොයි...!

    ReplyDelete
    Replies
    1. නොදන්න බයියන්ට ඉතිං ඒකත් ඇත්තලු බං. අපි නොදන්න හයිවේ

      Delete
    2. ඔච්චර හිතනෙපා බන්ස්ලා. ටිකක් හිනාවෙයල්ලා. ඒ ඇති.

      Delete
  6. පව් . හැබැයි නමෙන්ම තේරෙනවා ඒවගේ වැඩ කරයි කියලා . හැක හැක හැක :p

    ReplyDelete
  7. ගොඩහේවා = උඩුරාවණ

    ReplyDelete
    Replies
    1. මේ කතාව උගේ සයිට් එකේ තිබ්බද? ඌ ඉස්සර නම් මගේ එව්වා ගෙඩි පිටින් හොරකම් කළා

      Delete
    2. ඈ...? උඩුරාවණ බ්ලොග් එකකුත් කරනවද?
      මං අදහස් කළේ උඩුරාවණගෙ කතා වලට සමානයි කියලා...

      Delete