ඉස්සර අපේ ගෙදර පොතක් තිබුනා "ජේමිස් බණ්ඩා" කියලා. මේ පොත ලියලා තිබුනේ ඩීමන් ආනන්ද මහත්තයා. ඉස්කෝලේ යන කාලේදී අපි ඉතින් ත්‍රාසජනක ජවනිකා වලට පණ ඇරලා නිසා මේ පොතේ එන ජේමිස් බණ්ඩා කියන වීරයටත් පට්ටම ලයික්. පොත කියවලා ටික කලක් ගිහින් තමයි දන්නේ ජේමිස් බණ්ඩා පොතට වඩා ජනප්‍රිය සිනමාවේ කියලා. මේ කියන ජේමිස් බණ්ඩා වෙන කවුරුවත් නෙවෙයි, අර ගිය ගිය තැන එක එක ගෑණු සෙට් කරගන්න ජේම්ස් බොන්ඩ් කියන හාදයා තමයි.
![]() |
http://pickuplabs.com |
![]() |
http://lh5.ggpht.com |
කැම්පස් වලට අළුත් නැවෙන් ෆ්‍රෙෂාලා එනකොට ශිෂ්‍ය නම්මිකරණය කියලා ගොන් ආතල් එකක් දෙනවනේ. අපේ වෙල මැද මොන්ටිසොරියේත් ඕක තිබුනා. කොහොම හරි මාසයක්, දෙකක් යනකම් ඔය වැඩේ සිද්ධ වෙනවා. මේ අතරත් අළුතින් එක එකා අළුත් බැච් එකට එනවා. ඒකට කියන්නේ බෝට්ටුවේ එනවා කියලා. සමහර වෙලේට අද නොහිටපු දහයක් පහළොවක් හෙට අළුතින් ඇවිල්ලා. ඉතින් එකම බැච් එකේ උන්ටත් එක පාරම තමන්ගේ බැච් එකට අළුතින් ආවේ කවුද කියලා හොයාගන්න අමාරුයි.
කොහොම හරි උදේ ඉඳන් හවස් වෙනකම් ජ්‍යෙෂ්ඨ උත්තමයෝ අතින් කර්ණශංකය කීරි ගැහෙන තරම් කුණුහබ්බ අහලා හොස්ටල් වලට ගාටන කුණු ෆ්‍රෙෂාලා ඊලඟට කරන්නේ අර බෝට්ටුවෙන් ආපු අහිංසකයන්ට තමන්ගේ පීඩනය මුදාහරින එක. යකෝ UGC එකෙන් උන්ව පරක්කු කරලා එව්වට උන් පලිද? ඒ උනාට නැවේ ආපු උන් කියන්නේ උන් මුල ඉඳන්ම රැග කාපු නිසා බෝට්ටුවේ එන උන්ටත් ටිකක් හරි ඒක දැනෙන්න ඕනෙලු, නැත්නම් අර අම්මගේ රෙද්දේ උප සංස්කෘතියට හැඩ ගැහෙන්න බැරිලු. ජෙමත් ඔය සෙට් එකේ මුල්තැන අරගෙන තමයි හිටියේ.
සිකුරාදා හවසක ලෙක්චර්ස් ඉවරවෙලා හැමෝම ගෙවල් බලා යන්න ලෑස්ති වෙනවා. බස් එකක් එනකම් හෝල්ට්එකට වෙලා ඉන්නකොට ජෙමා දැක්කා නුපුරුදු මුණක්. අහිංසක පෙනුමැති නම්බර් ප්ලේට් එක එච්චර මීටර් නැති නිසා ජෙමා මරිසිය දාන්න පටන්ගත්තා.
ජෙමා : ඒයි, උඹ මේ කැම්පස් එකේද බන්?
අර නුපුරුදු මුහුණ අහිංසක හිනාවක් දැම්මා, ඒත් කතා කලේ නෑ.
ජෙමා : ඇයි යකෝ, උඹ ගොළුද? උඹේ නම් කිසිම කැම්පස් ලුක් එකක් නෑ බන්. රෑ වෙලා අපේ රූම් එක පැත්තේ වරෙන්කො අපි උඹව හදලා ගන්නම්....
කිසිම වෙනසක් නෑ අනිත් එකා හිනාවක් දාගෙනම අර අහිංසක බැල්මට් එකෙන්ම හිටියා. ටික වෙලාවකින් සින්නො දෙතුන් දෙනෙකුත් බස් එකට නගින්න ආවා. අර ලස්සන වාග් අලංකාරය දාලා අපේ උන්ට ආමන්ත්‍රණය කරපු සින්නො කරමින් හිටි වැඩේ ගැන ජෙමාගෙන් ඇහුවා. ජෙමා බොහොම බය පස්සපාතිව උත්තර දුන්නා.
"ජ්‍යෙෂ්ඨ උත්තමයා, අපි මේකා එක්ක කතා කර කර හිටියේ. මේකට කිසිම කැම්පස් ලුක් එක්ක නෑ කියලා කියා කිය හිටියේ..." එහෙම කියනකොටම ආපු සින්නො සෙට් එකේ මූණු වෙනස වෙලා ගියා. ජෙමාව අළු වෙන බැල්මක් දාලා ආපු එවුන් ආයෙම කුණුහරුප වපුරන්න ගත්තා,
"තෝ දන්නවද මේ කවුද කියලා. මේ යකෝ අපේ 4th year උත්තමයෙක්......"
එතනින් එහාට බස් හෝල්ට් එකේ කිසිම දෙයක් උනේ නෑ ජෙමාගේ වෙලාවට බස් එක ආපු නිසා. ඒ උනාට ඊලඟ සඳුදා ජෙමාට අමතක මතක කැටගරියේ ඉහළම අත්දැකීමක් ලැබුන බව හිතාගන්න පුළුවන්නේ.
![]() |
http://www.troll.me |
ඔන්න ඉතින් අපිත් එක වසරේ ඉඳන් දෙක වසරට ගියාම අළුත් නැව එන කාලෙට සුපුරුදු නම්මිකරණ සෙල්ලම ලැජ්ජා නැතිව පටන් ගන්නවා. ඇයි යකෝ අපි අහපු කුණුහරුප අපේ ජුන්ඩන්ගේ කන් අස්සේ පිරෙව්වේ නැත්නම් අපිට කොයින්ද ආතල් එකක්? සැනසීමක්?? ඉතින් හැමෝම එක පොරේට නම්මිකරණයට සෙට් වෙලා. අපේ බැචෙක් ඕකට දීපු නම තමයි "ලිංගික යුද්ධය" කියන එක.
ඉතින් ඔන්න අළුත් නැවේ ආපු ජුන්ඩියෝ අතර කොළඹ පැත්තෙන් ආපු කීරි ටොයියෙකුත් හිටියා කේතකි කියලා. හැම එකාම පොරේ කේතකිව රැග්හුරතල් කරන්න. හොස්ටල් ගිහිනුත් කේතකි ගැන තමා ටෝක. දවසක් හොස්ටල් එකේ හීනියට අඩියක් දාන ගමන් කේතකිට වහ වැටිලා හිටිය අපේ එකෙක් කේතකිගේ පුරාජේරුව ජෙමා එක්ක දිග අරින්න ගත්තා. ජෙමාට එව්වා වැඩක් නෑ බොන්න තියේ නම්.කේතකි ගැන විතරක් නෙවෙයි පවුලේ උන් ගැනත් අරූ පම්පෝරි ගහනවා හරියට උගේ කෑල්ල වගේ.
"ජෙමා, උඹ දන්නවද කේතකිගේ කොල්ලා පයිලට් කෙනෙක්ලු බන්.."
උගුරක් කටේ හලාගන්න ගමන් ජෙමා උත්තර දෙනවා,
"වැඩක් නෑනේ බන්. ප්ලේන් එකක වැඩ කලත් ඌත් ඩ්‍රයිවර් කෙනෙක් නේ බන්."
ජෙමා කේතකිගේ පුරාජේරු නොකවුට් කලේ එහෙමයි.
ජෙමා අපිට විතරක් නෙවෙයි එළියේ උන්ටත් හොඳ ආතල් දුන්නා. තුන වසරේදී අපි හැමෝම දඩ රිසර්ච් එකක් කරන්න ඕනේ. ජෙමා ඕක කලේ පොල් පර්යේෂණ ආයතනයේ (CRI). රිසර්ච් එකේ අංගයක් හැටියට ජෙමාට කුකුල්ලු සෙට් එකක් කෑම බීම දීලා බලාගන්න තිබුනා. හැමදාම රේෂන් එකකට කුකුලන්ට කෑම දාලා උන්ගේ බර කිරලා, ලෙඩ බලලා හෙන data set එකක් ගන්න ඕනේ. මේ වැඩේ දිනපතාම අනිවාර්යයෙන් කරන්න ඕනේ. එක දවසක් හරි මිස් උනොත් දත්ත නිවැරදි වෙන්නේ නෑ. ඉතින් ජෙමා සතියේ හැමදාම ලුණුවිල අදිනවා මේ වැඩේට.
රිසර්ච් එක අස්සේ සිංහල අවුරුද්ද ආපි. CRI එකේ ඔක්කොම උනුත් අවුරුදු සමරන්න පිටත් උනා. ජෙමාගේ external supervisor හැටියට වැඩ කරපු ඩොක්ටර්ත් අවුරුද්දට ගම්බිම් බලා ගියේ තමන්ගේ සුවච කීකරු ගෝලයට කුකුල්ලු ටික බාර දීලා. ජෙමාට පට්ට අවුල් අවුරුද්දටවත් ගෙදර යන්න නැතිවෙච්ච එක ගැන. මොනවා කරන්නද? සුසුම් හෙල හෙලා කුකුල්ලු බලාගෙන ඉන්න අතරේ ජෙමාගේ ඔළුවට ආවා ඉටිකිරිස් අදහසක්. ඊළඟ දවසෙ උදෙන්ම තමන්ගේ අපූරු අදහස ක්‍රියාත්මක කරපු ජෙමා දවල් වෙනකොට කොහොම හරි නුවර පැත්තේ තමන්ගේ ගෙදරට යාගත්තා අවුරුදු සමරන්න.
දවස් දෙකයි ගියේ. ජෙමාට එනවා කෝල් එකක් කැම්පස් එකේ internal supervisorගෙන් වහාම කැම්පස් එකට වාර්තා කරන්න කියලා. ජෙමා කඩිමුඩියේ කැම්පස් ගියාම තත්වය ගූ එකයි වැලි බාල්දි හතක් වෙලා. External Supervisor පැමිණිලි කරලා එයා රිසර්ච් එකෙන් අයින් වෙනවා කියලා ජෙමාගේ වැඩ නිසා. මොකද උනේ කියලා internal supervisor අහන කොට ජෙමා තමන් කරපු දේ කිව්වා.
අවුරුද්දට ගෙදර යන්න ඕනේ නිසා දවස් ගානට හරියන්න වෙන වෙනම භාජන වලට අදාළ කුකුල් කෑම ප්‍රමාණය දාපු ජෙමා ඒ භාජන ටික කුකුල් කූඩුව ඇතුලේ තියලා ඇවිල්ලා, හරියට කුකුල්ලු අදාල දවසේ කෑම සලාකය විතරක් කාවි කියන උපකල්පනයේ ඉඳලා. External Supervisor ජෙමා ගිය දාට දවස් දෙකකට පස්සේ එනකොට කුකුලන්ටයි, රිසර්ච් එකටයි වෙන්න ඕනේ හරිය වෙලා ඉවරලු.
ඉතින් ඔන්න අළුත් නැවේ ආපු ජුන්ඩියෝ අතර කොළඹ පැත්තෙන් ආපු කීරි ටොයියෙකුත් හිටියා කේතකි කියලා. හැම එකාම පොරේ කේතකිව රැග්
"ජෙමා, උඹ දන්නවද කේතකිගේ කොල්ලා පයිලට් කෙනෙක්ලු බන්.."
උගුරක් කටේ හලාගන්න ගමන් ජෙමා උත්තර දෙනවා,
"වැඩක් නෑනේ බන්. ප්ලේන් එකක වැඩ කලත් ඌත් ඩ්‍රයිවර් කෙනෙක් නේ බන්."
ජෙමා කේතකිගේ පුරාජේරු නොකවුට් කලේ එහෙමයි.
![]() |
http://cdn.memegenerator.net |
ජෙමා අපිට විතරක් නෙවෙයි එළියේ උන්ටත් හොඳ ආතල් දුන්නා. තුන වසරේදී අපි හැමෝම දඩ රිසර්ච් එකක් කරන්න ඕනේ. ජෙමා ඕක කලේ පොල් පර්යේෂණ ආයතනයේ (CRI). රිසර්ච් එකේ අංගයක් හැටියට ජෙමාට කුකුල්ලු සෙට් එකක් කෑම බීම දීලා බලාගන්න තිබුනා. හැමදාම රේෂන් එකකට කුකුලන්ට කෑම දාලා උන්ගේ බර කිරලා, ලෙඩ බලලා හෙන data set එකක් ගන්න ඕනේ. මේ වැඩේ දිනපතාම අනිවාර්යයෙන් කරන්න ඕනේ. එක දවසක් හරි මිස් උනොත් දත්ත නිවැරදි වෙන්නේ නෑ. ඉතින් ජෙමා සතියේ හැමදාම ලුණුවිල අදිනවා මේ වැඩේට.
රිසර්ච් එක අස්සේ සිංහල අවුරුද්ද ආපි. CRI එකේ ඔක්කොම උනුත් අවුරුදු සමරන්න පිටත් උනා. ජෙමාගේ external supervisor හැටියට වැඩ කරපු ඩොක්ටර්ත් අවුරුද්දට ගම්බිම් බලා ගියේ තමන්ගේ සුවච කීකරු ගෝලයට කුකුල්ලු ටික බාර දීලා. ජෙමාට පට්ට අවුල් අවුරුද්දටවත් ගෙදර යන්න නැතිවෙච්ච එක ගැන. මොනවා කරන්නද? සුසුම් හෙල හෙලා කුකුල්ලු බලාගෙන ඉන්න අතරේ ජෙමාගේ ඔළුවට ආවා ඉටිකිරිස් අදහසක්. ඊළඟ දවසෙ උදෙන්ම තමන්ගේ අපූරු අදහස ක්‍රියාත්මක කරපු ජෙමා දවල් වෙනකොට කොහොම හරි නුවර පැත්තේ තමන්ගේ ගෙදරට යාගත්තා අවුරුදු සමරන්න.
දවස් දෙකයි ගියේ. ජෙමාට එනවා කෝල් එකක් කැම්පස් එකේ internal supervisorගෙන් වහාම කැම්පස් එකට වාර්තා කරන්න කියලා. ජෙමා කඩිමුඩියේ කැම්පස් ගියාම තත්වය ගූ එකයි වැලි බාල්දි හතක් වෙලා. External Supervisor පැමිණිලි කරලා එයා රිසර්ච් එකෙන් අයින් වෙනවා කියලා ජෙමාගේ වැඩ නිසා. මොකද උනේ කියලා internal supervisor අහන කොට ජෙමා තමන් කරපු දේ කිව්වා.
අවුරුද්දට ගෙදර යන්න ඕනේ නිසා දවස් ගානට හරියන්න වෙන වෙනම භාජන වලට අදාළ කුකුල් කෑම ප්‍රමාණය දාපු ජෙමා ඒ භාජන ටික කුකුල් කූඩුව ඇතුලේ තියලා ඇවිල්ලා, හරියට කුකුල්ලු අදාල දවසේ කෑම සලාකය විතරක් කාවි කියන උපකල්පනයේ ඉඳලා. External Supervisor ජෙමා ගිය දාට දවස් දෙකකට පස්සේ එනකොට කුකුලන්ටයි, රිසර්ච් එකටයි වෙන්න ඕනේ හරිය වෙලා ඉවරලු.
![]() |
http://student.santarosa.edu |
ජෙමා ගම කයි...
ReplyDeleteආයෙත් අහලා.....
Deleteහොඳ ජෙමා :p
ReplyDeleteහොඳ හොඳ වැඩ කළා නේ...
Deleteනියමයි
ReplyDeleteස්තූතියි
Deleteඔය ජෙමා නම තියෙන උන් ඔහොම්මමයි බන්.
ReplyDeleteජෙමා කෙනෙක්ම එහෙම කියන කොට පිළිගන්න එපැයි ඉතින්...
Deleteමේ අපේ අන්තිම පේලියේ ජෙමා නං වෙන්න බෑ.
ReplyDeleteඅපොයි නෑ සරත් අයියේ. මේකා වෙන එකෙක්.
Deleteමට මේ ලිපිය කියවද්දි මතක් උනේ මාත් උ.පෙ. කරද්දි පොල් ගැන වයාපෘතියක් කරන්න CRIඑකට ගියා.ජෙමා විතරක් නෙමේ ඕකේ වැඩ කරන ඔක්කොම අන්දුන් කුන්දුන් ඩයල්... පස්සේ මන් වැඩේ අත ඇරලා කවි වයාපෘතියක් කොරා
ReplyDeleteCRI එකේ පොල් ගස් මදින්නන් පුහුණු කරනව.
Deleteමම හිතන්නෙ සේරමල උදේ ඉදන් රා කට්ට ගහල වෙන්න ඇති ඉන්නෙ.
+ශානු, ඇත්තටම කියනවා නම් CRI එකත් එක්තරා ආකාරයක ජෙමා ටයිප් තැනක්. රටට වැඩක් වෙන ව්‍යාපෘතියක් ගැන අපි එක පාරක් ඔතන ලොකු පුටු එක්ක කතා කළා. අදටත් ඒ යෝජනාවට වෙච්ච දෙයක් නෑ.
Delete+කෙන්ජි,
Deleteපොල් ගස් නගින්නොද? එහෙම නැත්නම් පුහුනුකරුවොද?
අපොයි අසරණ කුකුල්ලු :D
ReplyDeleteකුකුල්ලුන්ට වඩා අසරණ උනේ ජෙමා.... තව ටිකෙන් ඩිග්‍රියත් නැතිවෙනවා
Deleteඅපේ කළු ජෙමා නෙවෙයිනේද
ReplyDeleteකවුද ඒ කළු ජෙමා?
Deleteඅපේ ජෙමා ගෙ හිනාව රෙකෝඩ් කරලා දාන්නත් තිබ්බා නම් පට්ට්යි... උගේ හිනාව ඒ තරම්ම සුපිරි... මතක් වෙද්දිත් හිනා යනවා ඕයි...
ReplyDeleteආයෙත් අහලා. මෙහෙ හිනා උනාම එහෙට ඇහෙනවා ටෝන් එක...
Deleteජෙමා රෙද්දේ රෙවාගනී ..
ReplyDeleteබොහොම සංයමෙන් කරන ලද ප්‍රකාශයක්!
Deleteඅර අන්තිම පේළියේ ජෙමා ගැන නොවේ නේද මේ කියන්නේ ගලපාත...
ReplyDeleteඅපොයි නෑ, ඒකා නෙවෙයි මේ වෙන එකෙක්///
Deleteජෙමාල ඔක්කොම එකයි වගේ බලාගෙන ගියාම.
ReplyDeleteවෙන වෙනම කෑම දැම්මට බෝඩ් එක දාල නෑනේ අදාල දවසට කන්නේ මොකද්ද කියලා.
අන්න දැක්කද? පක්ෂියා දන්නවා තව පක්ෂියෙක් කොහොමද කන්නේ බොන්නේ කියලා. ජෙමා වෙනුවට උඹ හිටියා නම් කුකුල්ලුත් ගොඩ, රිසර්ච් ඒකත් ගොඩ.
Deleteඋගේ මොළේ හොඳයි ඇලේ දාන්න. :D ඇයි බං අර හෙන ප්‍රසිද්ද විද්‍යාඥයෙකුත් ලැබ් එකේ දොරේ ලොකු හිලකුයි පොඩි හිලකුයි කපලා තිබ්බලුමහ පූසිටයි උගේ පැටියටයි යන්න එන්න.
ReplyDeleteඅන්න දැක්කද හෙන්රි අයියේ. ඇත්තටම මේකා මේ විදිහට කරලා තිබුනෙත් අර කිව්වා වගේ ප්‍රසිද්ධ වෙන්නද දන්නේ නෑ.
Deleteගොනෙක්නේ බං ජෙමා. සඳුදා, අඟහරුවදා, බදාදා කියල මහ කුකුලට කියලා යන්න එපැයි.
ReplyDeleteඒක තමයි වෙච්ච වැරැද්ද. මේකා කිසිම දෙයක් නොකියනේ ඇවිත් තිබුනේ.
Deleteඑකට ඉතින් ජෙමා මක් කොරන්නද....? මළ පෙරේත කුකුල්ලු ටිකක් මිසක්කා..
ReplyDeleteහරිම සතුටුයි අෆ්ෆා. හැමෝම කුකුල්ලුන්ට බනින්නේ. ජෙමා මේක කියෙව්වොත් ඌ දනගිනියි ඌ කලේ හරි දේ කියලා.
Deleteමචං කැම්පස් කාලේ සිද්දි තව දාපන්. එළ.... මම හිතන්නේ ජෙමා මේ පෝස්ට් එක දැක්කත් මල පනින ජාතියේ එකෙක් නෙවේ. උගෙ සුපුරුදු හිනාව දාලා නිකන් ඉඳියි. ඌ හොඳ එකා බං...
ReplyDeleteudayaa, මම හිතන්නේ උඹ අර මැල්සිරිපුර පැත්තේ ඉන්න JJ කියන එකා වෙන්න ඕනේ.
Deleteඅනිවා තව ආතල් දානවා මචෝ. හැබැයි ජෙමා වගේ හිත හොඳ උන්ගේ එව්වා විතරයි, එක එක පඩ ෂෝ සොබ්බයොත් හිටියනේ. උන්ගේ එව්වා නෙවෙයි. නැත්නම් රෙද්ද උස්සන් ඒයි මාත් එක්ක ඇරගන්න.
ඩීමන් ආනන්දගෙ පොත් කිව්වොත් ඉස්සර කියල වැඩක් නැහැ.
ReplyDeleteඌ නම් අම්මගෙම ජෙමෙක් නෙ.
දැන්වත් ඒකා ජොබක් කරගෙන යහතින් ඉන්නවද?
සිරාවටම එක හුස්මට ඒ පොත් අපි කියෙව්වේ.
Deleteජෙමා ගැන නම් ලඟකදී ආරංචියක් හම්බු උනේ නෑ.
මරේ මරු ඈ
ReplyDeleteතෑන්ක්ස් වෙන්න ඕනේ නංගි
Deleteමචංලා, මේකත් කියන්නම ඕන.. ජෙමා මොන බයිට් වැඩක් කළත් මිනිහා presentation කරන්න ආවම තමයි පට්ට.. උගේ ඒ හැකියාව නම් සුපිරි.. ආයෙ ඒ ගැන නම් කතා නෑ.. ඒකා presentation කරන්න ආවම අපිට පිස්සු හැදෙනවා මේ ඉන්නෙ අර ආතල් දෙන ජෙමාද කියලා..
ReplyDeleteආයෙත් අහලා... ජෙමා රියලි සිරා පොරක්.
Deleteබැච් එකෙ එවුන් රැග් කරන්නෙ කවුද බන්.එක පට්ට චාටර් නෙ.හැබැයි ජෙමා පුල් ආතල් නෙ
ReplyDeleteඅවාසනාවට අපේ බැච් එකේ ඒ වගේ ගොබ්බයෝ ටිකක් හිටියා, උන් හෙන පොරවල් කියලා හිතාගත්ත.
Deleteජෙමා සිරාවටම ආතල් සාගරයක්. ඒ වගේම තමා හිතේ කිසි කහටක් නැති පොඩි එකෙක් වගේ පිරිසිදු ඩයල් එකක්.
මේකා ජෙමාගේත් ජෙමෙක් නේ බං!
ReplyDeleteමේ තියන විස්තර වල හැටියට උඹ අපේ ගෙවල් ගාව ගෝනවිල ඇඩ්‍රස් තියන විස්ස විද්‍යාලේ එකෙක් වගේ! ;)
අනිවා.. වෙල මැද මොන්ටිසෝරියේ තමා අවුරදු හතරක් හිටියේ. නාඩියා පන්නල බව දන්නවා, කිට්ටුවද ඉන්නේ කියලා දන්නේ නෑ.
Deleteඅපේ ඉස්කෝල හිටිය ජෙමෙක්.. ඌ කොට කළු එකෙක් උබත් ඒමද?
ReplyDeleteඅදයි ෆලෝවක් දැම්මේ.. ජය !
sAm ඉන්නේ කැලණිය පැත්තෙනේ. මේකා උඩරට එකෙක්, ඒ නිසා ඔය කියන්නේ මු වෙන්න බෑ.
Deleteමම නම් ඒ පැත්තේ යාවජීව සාමාජිකයෙක් කාලයක් තිස්සේ. ආවට ad කරගත්තට බොහොම ස්තුතියි.
ශිෂ්‍ය නම්මිකරණය ගොන් ආතල් එකක්මත් නෙවෙයි. අනුන්ට හෙන ගැහිලගියත් කමක් නෑ මගේ වැඩේ වෙලා කියන මතයේ ඉදපු එහෙම් නැත්නම් පන්තියේ එකට ඉදපු එකාට වල කපලා මම තනියම රජ වෙනවා කියල මතයේ ඉන්න ගොඩක් උන් ඉස්කොලේ කාලේ ඉන්නෙ. [ මමද ඇතුලුව] ඒ අදහස තනිකරම වෙනස් වුනේ ශිෂ්‍ය නම්මිකරණය එහෙම නැත්නම් අපේ භාශාවෙන් වාතේ නිසා. දැන් මම නොදන්නා ලමයෙක්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් එහෙම නැත්නම් නොදන්න මිනිහෙක් වෙනුවෙන් මොනවහරිම දෙයක් කරන් හිතෙනේ වාතෙ නිසා.ඒත් physical rag තරයේම ප්‍රතික්ශේප කරනවා
ReplyDeleteබැච් එකේ උන්ව රැග් කරන එක නම් අමු චාටර්. කොහොම උනත් කැම්පස් කාලේ ආතල් එකකට කියල තියෙන්නෙ ඔච්ච්රෛනේ
Deleteඇත්තෙන්ම ගොඩක් උන්ට ඔය කියන උදාර අරමුණ එතැනදී එන්නේ නෑ සහෝ. ඒක මම අත්දැකීමෙන් කියන්නේ. එතන තියෙන්නේ තමන් පොර වෙන්න දඟලන එකයි, තමන්ගේ ලිංගික හීනමාන පිරිමහගන්න හදන එකයි, ඒ වගේම හොඳ ඉස්කෝලෙක ඉගෙනගෙන ආපු, ටිකක් ලෙවල් එකට ඉන්න එවුන්ට ජෙල දාන පරණ JVP තියරි ප්‍රැක්ටිස් කිරිල්ලක්. මගේ යුනියේදී මම දැක්කේ ඒ දේ.
Deleteඅනික ඔය ඉස්කෝල වල කතාව පට්ට බොරුවක්. අපි අතරේ තරඟයක් තිබ්බා ඉස්කෝලෙදි පළවෙනියා, දෙවෙනියා වෙන්න. කැම්පස් එකෙන් අවුට් වෙලා අවුරුදු දෙක තුනක් ගියාම බලන්නකෝ ඉස්කෝලේ යාළුවොද බොක්කෙන් ඉන්නේ, කැම්පස් එකේ උන්ද කියලා. අපේ ඔය වගේ බයිලා ගහපු ඔක්කොම උන් ලෙචාලට කඩේ ගිහින් වැඩේ ගොඩ දාගත්තා. ගොඩක් ඔතන පෙරමුණ ගන්න එවුන්ට එක්කෝ ඉංග්‍රීසි බෑ, එහෙම නැත්නම් කැලෑ වලින් ආපු කැලෑ සත්තු වගේ, මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා.
ඔයාගේ දුවෙක්ව ඔයා මලක් වගේ හදලා උගන්නලා කැම්පස් යැව්වම කොහෙවත් ඉන්න සත්තු ටිකක් ඒ දරුවට තිත්ත කුණුහරුපෙන් හේතුවක් නැතිව කෑගහනවා කියලා ආරංචි උනාම ඔයාට මොනවා හිතෙයිද? ඔයාගේ පුතාව කැන්ටින් එකේ ටොයිලට් එකක් අස්සේ කලිසම ගලවලා දහ දොළොස් දෙනෙක් ඉස්සරහ ස්වයං වින්දනයේ යෙදෙව්වම ඔයාට මොකද හිතෙන්නේ?
අළුතින් එන එකාව හදන්න ඔය බයිලා වැඩක් නෑ. හොඳට තෙලක් බෙදන්න පුළුවන් උන් සෙට් එකක් අර ගිරවා දාන කතාව (වෙනුර, ත්‍රිමා, නිෂ්මි ගැන...) සිරාවට පපුවට වදින්න කිව්වම නම් ඒ ඇති. අපේ සින්නො උද දාගෙන අපිට රැග දුන්නට දුමින්ද නාගමුව ඇවිත් ගහපු එක තෙලෙන් තමයි අපි ගොඩක් දේ දැනගත්තේ. එහෙම නැතිව නම්මිකරණ රෙද්දෙන් නෙවෙයි. ඕක තනිකරම් හීනමාන ප්‍රොජෙක්ට් එකක්.
ඩුමිනි ආපු පළවෙනි දවස. බොහොම සන්තෝසෙන් මගේ බ්ලොග් එකට පිලිගන්නවා. දිගටම එන්න.
Deleteඅයියා අශ්‍රය කරල තියෙන්නෙ සිරා පොරවල් ටිකක් නේ? අෆෝයි..... පව් අර කුකුලෝ ටික. :D
ReplyDeleteහැම ජාතියේම මිනිස්සු හම්බු වෙනවා නංගි ජීවිතේදී. මේකා නම් සිරා පොරක්...
Deleteජෙමාගෙ අළුත් ම ආතල් එකක් මට ආරංචි වුණා. කෝල් කරපන්. මං කියන්නම්. උඹ ලිව්වොත් තමයි අගේ තියෙන්නෙ..
ReplyDeleteඑහෙමද? සෙට් වෙමු එහෙනම්
Delete