Wednesday, October 23, 2013

23. විටි විටි පෝ නායේ..

චන්ද්‍රිකා ජනාධිපතිනිය එක පාරටම UNP ආණ්ඩුවේ තිබ්බ අමාත්‍යංශ තුනක් එයා යටතට පවරාගත්තා මතකද 2003දි විතර? අන්න එදා ඕක මහා රෑ 10.30ට විතර බ්‍රේකින් නිව්ස් එකක් හැටියට TV එකේ කිව්වා. මම එවෙලේ ජාතික රූපවාහිනිය බල බල හිටියේ. මේ ප්‍රවෘත්තිය කියලා ඉවර වෙනවත් එක්කම මෙන්න යකෝ දෙමළ චිත්‍රපටියක් පෙන්නපි සිංහල උපැසිරසිත් දාලා. එදා තමයි මම දෙමළ චිත්‍රපටියක් මුලින්ම බලපු දවස. කතාව කොච්චර ත්‍රිල්ද කියනවා නම් ඊට පස්සේ දිගටම අද වෙනකම් දෙමළ චිත්‍රපටි බලනවා ආතල් එකට.


මේක තමා අර බලපු චිත්‍රපටිය. විසිල් කෝටියයි!

Thursday, October 10, 2013

22. පච්ච කතා | Tattoo Stories

බොබ් කිකිළි ගැන කියපු වෙලේ අපේ Dude මරු කතාවක් කියලා තිබුනා බොබ් පච්චේ ගැන. කොහොමත් Dude පච්ච කතා කියන්න රුසියා බව දැනගත්තේ ඇන්ඩි ගහපු පච්චේ ගැන කියෙව්වට පස්සේ. ඕකෙන් මේකෙන් මටත් හිතුනා අහලා තිබුන පච්ච කතාවක් දෙකක් කියලා දාන්න. පච්ච ගහන එක දැන් නම් ඉස්සර වගේම අසීරු වැඩක් නෙවෙයි හින්දද කොහෙද දැන් ගොඩක් එව්වෝ පච්චයක් කොටාගන්නවනේ. 
http://4.bp.blogspot.com

Thursday, October 3, 2013

21. බොබ් කිකිළි | Bob The Hen


මේ දවස් වල කිසිම දෙයක් ලියන්න හිතට ෆිට් එකක් නෑ අෆ්ෆා. අනේ මන්දා ඇස්වහක් කටවහක් වැදිලද කියලා. ඒ උනාට ඉතින් අමාරුවෙන් අටෝගත්ත බ්ලොග් එක පාළුවට යන්න දෙන්නත් බැරි නිසා කලින් අහපු කතාවක් අරන් ආවා.

හත්මාළුව බ්ලොග් reader එකේ Android App එකේ screenshot එකක්