Friday, March 20, 2015

31. Prison Break - යහපාලන ආණ්ඩුව ......

Prison Break කියන්නේ ලෝකේ ජනප්‍රිය වෙච්ච රුපවාහිනී කතා මාලාවක්. මේක කාලෙකට උඩදී ලංකාවේ රුපවාහිනී නාලිකාවක පෙන්නුවා. දැන් ආයෙම ජාතික රුපවාහිනියෙත් විකාශය වෙනවා. මමත් ඉතින් ඕකට පණ ඇරලා. පහුගිය දාක ෆෝන් එකෙන් මේක බලන ගමන් මට එක පාරටම හිතට ආවේ මේ කතාව වගේම නේද කියලා මේ දින සියයේ ආණ්ඩුව.

Prison Break කියන්නේ සීසන් 4ක දිවෙන කතාවක්. නොකරපු වරදකට හිරේ යන ලින්ක් නම් තමන්ගේ අයියව බේරගන්න හිරේට යන මයිකල් ස්කොෆිල්ඩ්  තමයි මේකේ කතා නායකයා. ස්කොෆිල්ඩ් අයියව බේරගන්න ගහන ගේම,  එලියට පැනලා හැංගිලා  ඉන්න ගමන් තමන්ගේ නිදොස් බව ඔප්පු කරන්න හදන හැටි, ආයෙම අමාරුවේ වැටෙන හැටි තමයි මේකේ කතාංග 82ක් ඇතුලේ තියෙන්නේ. කතාව නොදන්නා ඒ වගේම ඒක රසවත් කියලා හිතන අය ඉන්නවා නම් වැඩි විස්තර මෙතනින් කියවන්න පුළුවන්.

Tuesday, March 10, 2015

30. අපේ දෙයියෝ අපි වැන්දා

කාලෙකට පස්සේ පොඩි නිවාඩුවකටත් එක්ක පොඩි මස්සිනාලගේ ගෙදර යන්න පිටත් උනා. මොනවා උනත්  නෑදෑයෝ ටිකත් බලලා එන්න එපැයි. ගෙට ගොඩවෙලා විනාඩි දහයක් යන්න හම්බු උනේ නැහැ කවුදෝ බවලතෙක් ඇවිත් මස්සිනාව හොයනවා.

“දීපාල් මල්ලි, හෙට යනවා නේද ජනාධිපතිතුමාව බලන්න?”