Monday, September 22, 2014

29. අමු මිරිස් අභියෝගය - #SLAmuMirisChallenge

2014 අගෝස්තු 23වෙනි සෙනසුරාදා,
ෆේස්බුක් ස්ටේටස් එකකින් ඇරඹී, අගෝස්තු 25 ඉරිදා,
විල්පත්තු කැලෑව මැද්දේදී අමුමිරිස් කරල් 3ක් අනුභව කර,
2014 අගෝස්තු 26 අඟහරුවාදා,
පළවෙනි YouTube වීඩියෝ එක අප්ලෝඩ් වී,
ඇරඹුණ #SLAmuMirisChallenge අභියෝගය,
අද මේ මොහොත වෙන විට,
150කට අධික පිරිසක් සක්‍රීයව අමුමිරිස් අභියෝගයට සම්බන්ධ වී,
7,000කට අධික පිරිසක් ෆේස්බුක් කණ්ඩායම හා එක්වී,
ජාතික පුවත්පත්, රූපවාහිනී ප්‍රවෘත්ති අතික්‍රමණය කරමින්,
මුදලින් රුපියල් තුන්ලක්ෂ පනස්දහසකට අධික ප්‍රමණයක් එක්වී ඇති,
ඉතාම සජීවී සහ නොනැවතී ඉඳිරියට යන වැඩසටහනක් වී අවසානයි...




Wednesday, July 9, 2014

28. දුක් කවියක් | One Sad Poem

Copy docs ආවද - Vessel එක අද එයිද?
BG එකක් ගන්නද - හෙටත් අපි බලමුද?
Price එක වැඩි මොකද - අඩු කරලා දෙනවද?
Quality එක OKද - Quote එක එවනවද?

Friday, May 9, 2014

27. ගණිකාවෝ - එහෙයි මෙහෙයි | Prostitutes - Here & There

ගිය සිකුරාදා වැඩ ඇරුනේ ටිකක් රෑ වෙලා. 7.30ට තියෙන ගාළු කෝච්චියට යන්න වැස්සෙම රාජගිරියෙන් බස් එකක නැග්ගා. කොන්දගෙන් කොටුවට ටිකට් ඉල්ලනකොට වටේ උන් මා දිහා බලනවා. බැලින්නම් කලබලේ නැගලා තියෙන්නේ 176 හෙට්ටියාවත්ත බස් එකක. මොනවා කරන්නද ඉතින්? මරදානට ටිකට් එකක් අරන් අයිනක වාඩිවෙලා කිර කිර ගියා.



Wednesday, April 30, 2014

26. මෝලා | Funny Guy

කට්ටියට මාව මතකද මන්දා? කමක් නෑ කාලෙකින් ආවේ නැති නිසා මතක නැතිව ඇති. ඔන්න ඔහේ එව්වා අමතක කරලා රස කතාවක් කියවලා ඉමුකො.

මේ සීන් කෝන් එක උනෙත් අපේ අකලංක සහෝදරයටම තමයි. මම කවුද කියලත් මතක නැති එකේ අකලංකව මතක හිටින්නේ කොහොමද? මෙතන ක්ලික් කළා නම් ටක් ගාලා මතකෙට එයි.

Friday, March 28, 2014

25. හොර නෝට්ටු අඳුනගන්න..... Identify Fake Notes

මේ දවස් වල රටේ හැම තැනම හොර සල්ලි වැහි වැහැලා. පොලීසියෙනුත් එකසිය ගානට දැනුවත් කරනවා පරිස්සම් වෙන්න කියලා. අපි ඉතින් කොහොම ඇත්ත එව්වා, බොරු එව්වා වෙන් කරලා අඳුනගන්නද අහුවෙනකම්ම.....