Friday, March 28, 2014

25. හොර නෝට්ටු අඳුනගන්න..... Identify Fake Notes

මේ දවස් වල රටේ හැම තැනම හොර සල්ලි වැහි වැහැලා. පොලීසියෙනුත් එකසිය ගානට දැනුවත් කරනවා පරිස්සම් වෙන්න කියලා. අපි ඉතින් කොහොම ඇත්ත එව්වා, බොරු එව්වා වෙන් කරලා අඳුනගන්නද අහුවෙනකම්ම.....

ඔන්න ඉතින් පොඩි හෙල්ප්  එකක් දෙන්න පුළුවන් කට්ටියට පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න. මේ දේ කරන්න නම් නියොන් එළියක් විහිදුවන පොඩි පෑනක් සල්ලි වලට ගන්න වෙනවා. 




මේ ජාතියේ පෑනකින් විහිදෙන එළියෙන් මුදල් නෝට්ටුවේ තියෙන සමහර රහස් සංඥා, මුදලේ වටිනාකම  වගේ වැදගත් සළකුණු කිහිපයක් අඳුනගන්න පුළුවන්. එව්වා තියේ නම් බයවෙන්න දෙයක් නැහැ, සල්ලි ඇත්තම එව්වා තමයි.




ඔන්න දැන් තමයි රහස එලි කරන්න යන්නේ.......

ලයිට් එක ඇල්ලුවම මුදලේ වටිනාකම විතරක් නෙවෙයි තව පොඩි සළකුණු වගේකුත් අඳුනගන්න පුළුවන්. මේ සළකුණු එක් එක් වටිනාකමට අදාළ නෝට්ටු වලදී වෙනස් වෙනවා. උදාහරණයක් හැටියට දාහේ නෝට්ටුවේ තියෙන එක නෙවෙයි දෙදාහේ, පන්දාහේ හෝ පන්සීයේ නෝට්ටුවේ තියෙන්නේ. මම අද පෙන්නන්නේ දාහේ නෝට්ටුවේ සලකුණ ගැන. ඉතිරි එව්වා ඔයාලා හොයාගෙන මටත් කියන්න.

මෙන්න තියෙනවා ලයිට් එක අල්ලන්න කලින් දාහේ නෝට්ටුවක්!


මේ තියෙන්නේ ලයිට් එක ඇල්ලුවම සත්‍ය දාහේ නෝට්ටුව පෙනෙන විදිහ.  


අන්න එහෙම නැට්ටුවාගේ යට ඇඳුම පැහැදිලිව පේනවා නම් බයවෙන්න දෙයක් නෑ සල්ලි පෙරාපු ඇත්ත එව්වා. නැට්ටුවා යට ඇඳුම ඇඳලා නැත්නම් ඉතින් සොරිම තමයි.

මේ තියෙන්නේ ඇත්ත රුපියල් සීයේ නෝට්ටුවක්!


ඔන්න එහෙම නම් අද ඉඳලවත් පරිස්සමෙන් සල්ලි පාවිච්චි කරන්න. අනිත් නෝට්ටු වල සළකුණු ගැනත් හොයලා මම වගේම අනික් අය දැනුවත් කරන්න.

විශේෂ ස්තූතිය - ඔය ගැජමැටික් පෑන ඔෆීස් එකට ගෙනල්ලා සිද්ධිය අපිට කිව්ව රසික සහෝදරයට.

16 comments:

  1. ස්තුතියි දැන්ම්වත් කලාට

    ReplyDelete
  2. කියක් විතර වෙනවාද දන්නේ නෑ නේද පෑනක්?

    ReplyDelete
  3. පන්දාහේ නෝට්ටුවක සලකුණු අඳුර ගන්ට, හොර බොරු නැති පන්දාහේ නෝට්ටුවක් එවහන්කෝ බන් හොඳ එකා වගේ....

    ReplyDelete
  4. හොර නෝට්ටුවක් දීලා පෑනක් ගන්න ඕන බලන්න.

    ReplyDelete
    Replies
    1. මාතා....උඹ නම් පොරක් බන්.

      Delete
  5. සල්ලි ටිකක් අච්චු ගහන හැටි දාහංකෝ

    ReplyDelete
    Replies
    1. සජිත්ගේ නංගිට සල්ලි දීපු එකාගෙන් අහපන්.

      Delete
  6. ඔය වගේම තමයි ඔය ඕනෑම නෝට්ටුවක දෙපැත්ත මැද්දට නවුවාම එකතු වෙන තැන තියෙන රටාව මැච් වෙනවා. ඒවා නම් හොර නෝට්ටු වලත් ගහන්න පුළුවන්. නමුත් ඔය නෝට්ටුවේ පහළ මද තැන වෙනත් කෝණයකින් බැලුවම පෙන විදියට, ඒ නෝට්ටුවේ අගය සටහන් වෙලා තියෙනවා. ඔය පෑනෙන් විහිදෙන්නේ අල්ට්‍රා වයලට් කිරණ. බැංකු වල ඕකට කියන්නේ බ්ලැක් ලයිට් එක කියලා.

    ReplyDelete
  7. දැනුවත් කිරීම වටිනවා..

    ReplyDelete
  8. මේක නම් පට්ට..බොහොම ස්තුතියි ගලේ අයියෙ :)

    ReplyDelete
  9. වටින පෝසුටුවක් නෙව.... අදයි මෙහෙ ආවෙ.. එන්නං දිගටම...

    අවන්හල

    ReplyDelete
  10. අර බැංකුවල තියෙන දම්පාට එලිය එන ගැජට් එකෙනුත් කරන්නෙ ඕකම තමයි.
    හොඳයි දැනුවත් කිරීම. හැබැයි බොලා එහෙම සල්ලි අච්චු ගහන්න යනව නෙමෙයි. :D

    ReplyDelete
  11. ඔය හොර සල්ලි කරුමේ මෙහෙත් තියෙනවා බන්.
    කොහෙද බන් ගිහිල්ලා ඉන්නේ.

    ReplyDelete
  12. ඇයි බං යට ඇදුමම දිලිහෙන විදියට හදල තියෙන්නේ.. නැට්ටුවට කරන අපහාසයක්ද මේ..

    ස්තුතියි..

    ReplyDelete
  13. ඉතින් මේ විදියට හොර නෝට්ටු වලත් දාන්න බැරිද
    ස්තුති දැනුවත් කලාට. ගල්පාත තාත්තෙක් උනාට පස්සේ මේ පැත්තේ එනවා අඩුයි නේද ,,ලියන්න අනේ ඉඩක් ලැබෙද්දී

    ReplyDelete
  14. අප්‍රේල් පළවෙනිදා වෙනුවෙන් හදපු පොඩි පෝස්ට් එකක් තමයි මේක. ඒ නිසා ඔන්න දැන් මේක ඇත්ත කියලා හිතලා වැඩ කරන්නෙපා. මෙච්චර කලක් කියන්න ප්‍රමාද උනාට බොහොම සොරි වෙන්න ඕනේ. නිවාඩුවක් ලැබෙන්නෙම නෑ අප්පා. ඒකයි එන්න බැරි.

    කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි. එක එක්කෙනාට වෙන වෙනම කමෙන්ට් කරන්න බැරි උනාට අවුල් ගන්නෙපා ඔන්න.

    ReplyDelete