Wednesday, September 23, 2015

40. අවසන් කටයුතු!

පොඩි වැඩකට පහුගිය දාක ගියා මොරටු. ඒ යනකොට ආසාවක් ඇවිත් කලින් වැඩ කරපු පොට් එකත් බලාගෙනම ගියා. එතන අවුරුද්දක් විතර මමයි, කලාබරයයි ෆුල් ලල් එකේ, ස්ට්‍රෙස් එකේ වැඩ කරපු හැටි මතක් උණා. අද මම කොහෙවත්, කලාබරයා කොහෙවත්. එතන වැඩ කරපු අනික් ගොඩක් උනුත් තැන් තැන් වල. ඔන්න කාලය මැව් වෙනසක අරුමේ.


Thursday, September 17, 2015

39. පිරිසිදුකම

කාල වර්ණ රාත්‍රියක 
සමර පැහැති කාමරයක 
ශ්වේත වර්ණ ඇතිරිල්ලක 
බිඳෙන් බිඳට 
විසිරී ගිය 
රක්ත වර්ණ 
ලේ පැල්ලම

Tuesday, September 8, 2015

38. ඉස්කෝලෙට සපත්තු....

සෙනසුරාදා උදේ පටන්ගන්නේ ඔෆීස් යනවටත් වඩා වැඩ ගොඩක් කරගන්නයි. උදේ අට නවය වෙනකොට පොඩි එකාව නිදිකරලා අම්මට බලාගන්න කියලා දෙන්නම බයිසිකලේ නැගලා ටවුමට පදින්නේ සතියට ඕනේ කරන එළවළු, මාළු හා අනෙක් අඩුම කුඩුම ටික ගන්නයි. ඔහොම පැයක් දෙකක් ගත කරලා ත්‍රීවිල් එකක බඩු DIO එකේ පටවන් දෙමහල්ලෝ ඉක්මණට ගෙදර එනවා දඟ කොළුවව අම්මට තනියෙම ආම්බාම් කරන්න අමාරු නිසා.