Google+ හිතවත්තු

Tuesday, September 10, 2013

17. හාමිනේ....ගමයා එයිද? | Peasant & Wood-Pecker ;-)

ගොඩක් අය දන්නවා ඇති මම බ්ලොග් ලියන්න අත්පොත් තිබ්බේ අන්තිම පේලියෙන් කියලා. අන්තිම පේලියේ කතා වලින් ආතල් ගත්ත එකෙක් හැටියට අන්තිම පේලියට ලියන්න ඕනේ කියලා පොඩි කැසිල්ලක් ඇවිත් හරියටම මිට අවුරුදු දෙකකට කලින්, ඒ කියන්නේ 2011 සැප්තැම්බරයේදී මගේ මුල්ම කතාව අන්තිම පේලියට ලිව්වා. නොදන්නා කට්ටියට දැනගන්නයි, අමතක වෙච්ච කට්ටියට මතක් වෙන්නයි ඔන්න ආයෙම ඒ කතාව මගේ බ්ලොග් එකේ කොටන්න හිතුනා.


ඔන්න එකමත් එක කාලෙක, එකමත් එක රටක ඩොටේ තියෙන ගමක ගමරාල කෙනෙකුයි, ගමහාමිනේ කෙනෙකුයි සතුටින් ජීවත් උනාලු. දවසක් ගමයට පොඩි වැඩකට ලඟම ටවුමට යන්න උනාලු. ලඟම ටවුම උනාට ගිහින් එන්න දවසක් විතර යනවලු. ඉතින් ගමයා උදේම ලෑස්ති වෙලා යන්න කලින් හාමිනේට ඇඩ්වයිස් පාරක් එහෙම දැම්මලු පරිස්සමෙන් ඉන්න කියලා.


"මං එනකොට රෑ වෙයි. ඔහේ කාලා බීලා දොර හොඳට වහගෙන ඉන්නවා" කියලා හීනියට උම්මා එකකුත් දීලා පොර පාරට බැස්සලු.


ගමයා ගිහින් පැය දෙක තුනකට පස්සේ කොහේවත් නැති මහා වැස්සක් ගමට පාත් උනා. කරුමේ කියන්නේ ගමයා කුඩේ අරන් ගියෙත් නෑ වහින එකක් නෑ කියලා. වැස්සත් නවතින පාටක් නෑ, වෙලාවත් ගතවෙලා හවස 5 විතර උනා. වැස්ස හින්දා එලියට වෙලා වැඩක් පලක් කරගන්නත් බැරි නිසා හාමිනෙත් හිටියේ ඇඳට වෙලා හොඳට ගුලිවෙලයි. ඔන්න සුපින්වතුනි මේ වෙලාවේ හාමිනේට ඇහෙනවා දොරට තට්ටු කරන සද්දයක්. ගමයගේ තට්ටුව ගැන අවුරුදු ගාණක් තිස්සේ හොඳ හැටි දන්න හාමිනේට තේරුනා මේ නම් ගමයා නෙවෙයි කියලා. ඒත් ඉතින් ටකරමට මෝටාර් ගහනවා වගේ මහ වැස්සක කවුරු උනත් තට්ටු කරන්නේ කරදරයකට වෙන්න ඇති කියලා හාමිනේගේ ළය උනු උනා. හාමිනේ දොර ඇරලා බැලුවා කවුද මේ කියලා.
http://etc.usf.edu
"අනේ හාමිනේ,මං අහිංසක දර කපන්නෙක්. කැලේ දර කප කප ඉද්දි මේ මහ වැස්සට සෙටමෝල් උනේ. වැස්ස පායනකම් මං මේ පිලට වෙලා ඉන්නද?" 


දොරට තට්ටු කරපු එකා අහපි. හාමිනෙත් පව් අහිංසකයා කියලා රික්වෙස්ට් එක ඕකේ කලා. වෙලාව 6ත් පහුයි දැන්. ගමයා එද්දි කෑම හදලා තියන්න ඕනේ නේද කියලා මතක් වෙලා ගෑණි රෑට කන්න රොටි හදන්න පටන් ගත්තා. හාමිනේ රොටි හදනවා, අමුත්තා පිලට වෙලා රොටි සුවඳට ඉව අල්ලනවා. ටික වෙලාවකින් හාමිනේ රොටි 3ක් හැදුවා, හාමිනේට එකයි, ගමයට එකයි, පිලට වෙලා කෙල හලන එකාට එකයි. එතකොට වෙලාව 7.30යි.


8 වෙනකම් බැලුවා. වැස්ස එහෙම්මමයි. ගමයත් තාම ඕෆ්ලයින්. හාමිනේ දර කපන්නට ගෙට එන්න කියලා කන්න රොටියක් දීලා, ගමයගේ රොටිය මේසේ උඩින් තියලා තමනුත් රොටියක් කෑවා. ගම් වල කට්ටිය ඉක්මනට කාලා නින්දට යනවනේ. හාමිනේටත් දැන් නිදිමතයි. දර කපන්නට තේරුනා මේ වග. ඒත් මහ වැස්සේ කොහේ කියලා යන්නද? දර කපන්නා බයාදුවට හාමිනේගෙන් ඇහුවා පිලට වෙලා නින්දක් දාලා උදෙන්ම ඩිපාචර් වෙන්නද කියලා. හාමිනෙත් අකැමැත්තෙන් වගේ අනුමැතිය දුන්නා. පිල තෙමිලා එකසිය ගානට. දුක හිතුන හාමිනේ දර කපන්නට ගේ ඇතුලේ පැදුරක් දාල දීලා එයත් ආතල් එකේ ඇඳට නැග්ගා සැප නින්දක් දාන්න.
www.troll.me
නින්දෙයි සැප නින්දෙයි වෙනස පුරුදු දර කපන්නා ටික වෙලාවකින් හාමිනේට කතාකරලා අහනවා, 

"අනේ හාමිනේ, බිම පට්ට සීතලයි. ඇඳේ ගොඩක් ඉඩ තියෙන නිසා මමත් ඇඳේ කොණක නිදාගන්නද?" 

පොඩි දේටත් හිත උණුවෙන හාමිනේ ඇඳේ ටිකක් එහාට වෙලා අපේ යාලුවටත් ඉඩ ටිකක් දුන්නා. වෙලාව දැන් 10ත් පහුයි. විනාඩි 5ක් ගියේ නෑ. එක පාරටම දර කපන්නට ආවා කක්කි අදහසක්. දර කපන්නා හාමිනේගෙන් අහපි, 

"හාමිනේ, ගමයා එයිද?"

ඇඟ මැලි කඩපු හාමිනෙත් උත්තර දෙනවා, 

"අද නම් එන එකක් නෑ මයේ හිතේ"

තවත් විනාඩි 5කට විතර පස්සේ මූ ආයෙම අහනවා,

"හාමිනේ, ගමයා එයිද?"

තව ටිකක් හිරි ඇරපු හාමිනේ සුපුරුදු උත්තරේම දුන්නා,

"අද නම් එන එකක් නෑ මයේ හිතේ"
ආයෙම විනාඩි 5කින් මූ අහනව, 

"හාමිනේ, ෂුවර් එකටම ගමයා අද එන එකක් නැද්ද"

ඇඳෙන් බැහැපු හාමිනේ පිළිකන්නට ගිහින් මූත්‍රා පාරක් එහෙම දාලා ආයෙම ඇඳට නගින ගමන්,

"අහන්න දෙයක් නෑ අනේ, අද කීයටවත් ඔය මිනිහා මෙච්චර රෑ වෙලා එන්නේ නෑ" කියලා උඩුබැලි අතට දිගෑදිලා ඇස් දෙක අඩවන් කරගත්තා.

http://sd.keepcalm-o-matic.co.uk/
අත් දෙක හොඳට එකට අතුල්ලලා,

දෙවියන්ට පින් දීලා,

දර කපන්නා ඇඳෙන් බිමට බැහැලා,

ගියා මේසේ ලඟට!

ගත්තා ගමයට හදපු රොටිය. දොර ඇරගෙන කලුවරේම, මහ වැස්සෙම දිව්වා රොටිය කන්න තැනක් හොයාගන්න.....

ප.ලි : අන්තිම පේලිය යෙහෙන් වැජඹෙත්වා!

මේ අන්තිම පේලියේ ගල්පාත FB Page එකෙන් ඉස්සුව එකක්

57 comments:

  1. මේක මට ඊයකින් ආවා :-)

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම ඊමේල් දිගේ ඇවිත් තියෙනවා. හරි සතුටුයි එවෙලෙට...

      Delete
    2. සිරාවටම බන් අපි ලියපුවා අපිටම එද්දී මර ආතල් එකක් එන්නේ...:D

      Delete
    3. සමහර වෙලේට ඔව්වා එන්නේ පොඩ්ඩක් එඩිට් වෙලා. එතකොට නම් ටිකක් අවුල්. ඔය උඩුරාවණ කියන සයිට් එකේ උන් මගේ කතා හෙන තොගයක් කැත නැතිව උන්ගේ වගේ දාලා තියෙනවා. අඩුම ගානේ ඉස්සුවේ මෙතනින් කියලවත් කියන්නේ නෑ.

      Delete
  2. ඒ කියන්නේ රත්වෙච්ච තැටිය දාලා රොටිය අරං දිව්වා ..?

    ReplyDelete
    Replies
    1. ෂෙහ්.... අනේද කියන්නෙ.
      අච්චර සුදානම් වෙලා ආපු ගෑනු මනුස්පයට මේ මල පෙරේතය කරපු අපරාධයක මහත.

      Delete
    2. +ඉවාන්,

      ඒකනේ කියන්නේ. කොයි ගින්නටත් වඩා සුදහගින්න ලොකුයි කියලා.

      +කෙන්ජි,

      පැහැදිලිවම! කෙන්ජි එහෙම ඔතන හිටිය නම් කතාව වෙනස වෙයිද මන්දා.....

      Delete
    3. ඔමායා හි හි ගාන්නේ මොකටද?

      Delete
  3. අන්න කොල්ලෝ ;)
    අ.පේ. කියෙව්වට පස්සෙ ආයෙ කියෙව්වෙ අද :)

    ReplyDelete
    Replies
    1. දහම් පාසල් ගිය කොල්ලෙක් මල්ලි.

      Delete
  4. දර කපන්නා හරී හොඳාආආආයී :D

    ReplyDelete
    Replies
    1. හොඳයි? ඌ මහා අලුකුත්තේරු වැඩක් නේ අර අහිංසක ගෑනිට කරලා ගියේ...

      Delete
  5. කතාව නම් ෂෝක් ...අයියෝ මේ අවේලාවේම රොටි මතක් කලානේ දැන් ඉතින් අද රෑට මන් රොටි හදන්න යනවලු.....

    ReplyDelete
    Replies
    1. අනේ මං දන්නේ නෑ රට්ටු මොනවා හිතයිද කියලා මෙව්වා ගැන...

      Delete
  6. හික්ස්... මට මේක මතකයි ගල්පාතය ලියල තිබ්බ.. ඔන්න අන්තිම පේළිය ආපහු සෙට් උනේ මට අද .LK එකක් අරන්.. මං හෙව්වෙ පරණ ඩොමේන් එකෙන් මෙච්චර දවස්...

    වෙලාව තියෙන විදියට මේකත් ලියමු.....

    ආ දැං ගල්පාත කියන්නද ? සඳු නිමා කියන්නද ?

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි ආයෙම අන්තිම පේලිය හොයාගත්තට...

      මොන නමෙන් කතා කලත් අවුලක් නෑ.

      Delete
  7. ඔඋය වගේම මගේ කවි නිර්මාණයක් තියේ දාන්නම් ඉස්සරහට දවසක අපේ පැත්තේ ...

    ReplyDelete
    Replies
    1. අනිවා දාන්න.. අපිත් කියවන්න ආසයි...

      Delete
  8. උඹට මොකෝ මේ දවස්වල මේ රොටි පුච්චන කතාවල් මතක් වෙන්නේ? මොකද හොරේ?

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්... පහුගිය කාලෙම රොටියක් පිච්චුවේ නෑනේ අයියේ...

      Delete
  9. අපොයි, ගම හාමිනේට සියදිවි නසාගන්න හිතෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා...අච්චර සෙට් වෙලා තියෙද්දිත් මු කලේ අවලම් වැඩක්නේ...

      Delete
  10. "ගමයගේ තට්ටුව ගැන අවුරුදු ගාණක් තිස්සේ හොඳ හැටි දන්න හාමිනේට තේරුනා මේ නම් ගමයා නෙවෙයි කියලා." පට්ටයි ඕයි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං.

      Delete
  11. අහල තිබුන කතාවක් උනත් හොඳට සළුපිලි අන්දල.

    ReplyDelete
    Replies
    1. සළුපිලි අන්දන විදිහ අනුවනේ ඉතින් ලස්සන තීරණය වෙන්නේ..

      බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට...

      Delete
  12. ඔය දර කපන්න වගේ එකෙක්ව මම දන්නවා උගේ නම "අටං තුමා "

    ReplyDelete
    Replies
    1. තාම අටමා මේක දකින්න නැතිව ඇති මයේ හිතේ...

      Delete
  13. එළම කිරි.. අපරාදේ නෙව තැටිය....

    ReplyDelete
    Replies
    1. තැටියට වඩා රොටිය උතුම් කියලා හිතෙන්න ඇති.

      Delete
  14. ගම කෑව අගට එනකොට...

    ReplyDelete
    Replies
    1. නලින් අයියගේ බලාපොරොත්තු බින්දා නම් සොරි වෙන්න ඕනේ...

      Delete
  15. ආයිත් කියෙවුවා ! මොනවා උනත් දර කපන්නන්ට මොලේ තියෙනව. (ජය්යා)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම... ඇත්තටම කිව්වොත් දර කපන්නා කරලා තියෙන්නේ නුවණැති වැඩක්..

      Delete
  16. හරිම ලොල් :) මම නං අද මේ කතාව ඇහුවේ.

    ReplyDelete
    Replies
    1. ලොල් සහගත වීම ගැන සතුටුයි.

      Delete
  17. මේ කතා අපි අහලා තිබුනට ගොඩක් උන් අහලා නෑ.. මම හිතන්නේ දැන් ඉන්න ජැනරේසොන් එක සෲගාර රසය දන්නෙම නෑ.. මේක උඹ සුපිරියට ලියලා. ඉතාම ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාතලන් අයියේ.. ඇත්තටම තව ටිකක් කල් යනකොට පොඩි උන් දැනගන්නේ දිවට දැනෙන රස හතර විතරයි මයේ හිතේ.

      ශෘංගාර රස මොටද හැම තැනම කුණු රස ඕනේ තරම් තියෙන කොට....

      Delete
  18. යකෝ අමෝරා ගත් බලාපොරොත්තු නිකම්ම නිකම් පොල් රොටියකට යට කරානේ.කැතයි සඳුනිමා..

    ReplyDelete
    Replies
    1. මමයි කියලා මොනවා කරන්නද අෆ්ෆා? දර කපන්නා කරපු හරිය තමා මම ඔය කිව්වේ...

      Delete
  19. ඇයි තව මොනව හරි කරන්න ඉතුරු වෙලා තිබ්බද?

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා කරන්නද බන්?
      (මට පේන විදිහට උඹ දර කපන්නාගේ ළඟ ඥාතියෙක් නේද?)

      Delete
  20. හැ හැ මරු කතාව ඈ..මං නම් අදයි කියෙවුවෙ

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ... මේක අන්තිම පේලියේ කොච්චර කල් තිබුනද? අළුත් මොඩිපිකෙසන් හින්දා පරණ රස කතා ගොඩක් හැංගිලා ගිහිල්ලා. ඒකයි මේ ඒවා ආයේ ඇදලා ගොඩට ගන්නේ.

      Delete
  21. මොනවා උනත් වැදගත් පවුලක, හැදිච්ච කොල්ලෙක් අයියා... :D

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..

      මේ අන්තිම පේලියේ බුද්ධිද?

      Delete
  22. ඔන්න එදා රෑ දර කපන්නා සන්තෝශෙන් ගෙදර යනකොට දර කෑල්ල ඇද උඩ වැටිලා ඉන්නවලු මැරිලා වගේ. දරයා ගෑනිව නැගිට්ටවලා වතුර් ටිකක්ෙහෙම පොවලා ඇහුවලු මොකද යෝදියෙ තොට උනේ කියලා. එතකොට කිව්වලු වැස්සට අහුවෙච්ච ගමයෙක්ට නවාතැන් දුන්නා කියලා කිව්වලු උඹට බඩගිනිනම් ‍රොටි 3ක් ඇති කාපන් කියලා. දරයාට ගම හාමිනේ මතක් වෙලා ඇහුවලු අමුත්තාට සප්පායම් කලේ නැතෙයි කියලා. දර කෑල්ල අමාරැවෙන් කිව්වලු ඒ ගමයට ‍රොටිකන්ට බැරිය කිව්වා කියලා ගෙදර තිබ්බ වෑවර් ගෙඩියක් බීලා ලොදත් කාලා දෙකට පලලා පිලිකන්නෙත් නවලා ගියෙ කියලා. එතකොට දරයා ඇහුවලුූුූ උඹ කෑවද කියලා. එතකොට කිව්වලු මම බඩේ ඇම්මකට ලුනුකැද බිව්වා කියලා තුන් හතර වතාවක් බීවා කියලා.

    එදා තමයි ගමහාමිනේ ඉගෙන ගත්තෙ මගෙ රොටිය කන්ට ඉන්නෙ ගමයා විතරය් කියලා

    ReplyDelete
    Replies
    1. මෙන්න තියෙනවා නියම අතුරු කතාවක්...

      ඇත්තටම බොහොම ස්තුතියි මේ විදිහට නිර්මාණය තවත් ලස්සන කරන්න උදවු උනාට...

      Delete
  23. මේ කතාව මම වෙන විදියකට අහලා තියෙනවා. ඒකෙ තියෙන්නේ මුව මස් සහ මයියොක්කා.

    ReplyDelete
    Replies
    1. රොටියට වඩා මූව මස් මයියොක්කා වලට නම් ඒ වගේ කැප කිරීමක් කලාට දුක නෑ.

      Delete
  24. රත් වූ තැටියට වඩා ඌට, හදාපු රොටිය උතුම් වෙලා. එච්චර බඩගින්නක්???
    හහ් හහ් , මාරම කපන්නෙක් ඈ :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්

      ඔය වගේ උනුත් ඉන්න එපැයි ඉතින්.....

      Delete