Wednesday, July 9, 2014

28. දුක් කවියක් | One Sad Poem

Copy docs ආවද - Vessel එක අද එයිද?
BG එකක් ගන්නද - හෙටත් අපි බලමුද?
Price එක වැඩි මොකද - අඩු කරලා දෙනවද?
Quality එක OKද - Quote එක එවනවද?


Docs වල අවුලක්ලු - බැංකුවෙන් බරබරේ
Clear එක දෙන්නෑලු - Customs ජරමරේ
Payments due මොකද - Principal චොර චොරේ
Collection නැද්ද තව - Finance stress කෙරේ

Wax එක නියමයි - ජර්මනියේ බඩු හොඳයි
Price එක low උනත් - Chinese හරි සැකයි
Japanese උන් හොඳයි - Lead එක මාසයයි
Indian sure නෑ - customers කඩන් යයි

Glove එකට දාන හොඳ - Clay වර්ග තියෙනවද?
Conduit set වෙන්න - Additives එළ නේද?
7ට අඩු pH value  - Foam එක චොර වෙයිද?
Pearl mill එකට තව - Bead හෙම ගන්නවද?

Ex-stock ඉවරයිනේ - අද හෙටම ගේනවා
Indent කරලා ගමු - සති දෙකෙන් දානවා
Technical sheet එක - email කරනවා
sample දෙක තුනම - courier අද ගේනවා

Arrival notice - debit එක්කම credit notice
B/L, Packing list - එක්ක එන Invoice
ගොඩ ගැහිලා හැම තැනම - no any space
කඳු ගණන් document - ඒ තරම් Business

අටහමාරට පටන්ගත්තම - පහ පනිනකම් සෙල්ලම
පහේ සිට රෑ ඇඳට යනකම් - Blackberryයේ එල්ලුම
හතරේ ඉඳලා නැගිටගෙන යලි - පටන්ගන්නවා ලෙල්ලම
ඉතින් කොහොමද ලියන්නේ මං - මගේ blog කැටයම

32 comments:

  1. ගල්පාතයා වැඩකරන්නේ ඇන්සල් ලංකා එකේවත්ද?

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ හෙන්රි අයියේ. හැබැයි සමීප සම්බන්ධතා තියෙනවා...

      Delete
  2. උඹලා ඔය විිදියට මහන්සි වෙලා වැඩ කරපු හින්දම තමයි ඇට පාත් වෙන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ.. අපි මහන්සි වෙලා වැඩ කලාම සිරාගේ ඇට පාත් වෙන්නේ කොහොමෙයි?

      Delete
  3. අඩේ නියමයි ඈ..

    ReplyDelete
    Replies
    1. ඇයි බන් දිනේෂ් නියමයි කියන්නේ? දුක නැද්ද අෆ්ෆා?

      Delete
  4. ඇත්ත වෙලාවක් නෑ නෙව... මටත් සෑහෙන වෙලාවක් ගියා මේක කියවගන්න..

    ReplyDelete
    Replies
    1. කියවගන්න නම් වෙලාවක් යන එක සාධාරණයි මොකද අන්ඩර දෙමළ වගේ නිසා. මාතලන් අයියට නම් බ්ලොග් ලියන්න ඔය තියෙන්නේ වෙලාව...

      Delete
  5. අපිවගේ කොහොම හරි වෙලාව හොයාගෙන ලියපන්.... :D

    ReplyDelete
    Replies
    1. එහෙනම්. එහෙනම්... ඔෆීස් එකේ වැඩ ඉවරවෙච්ච ගමන් ගෙදර වැඩ පටන්ගන්නවනේ මැලේ රාල. ඒකත් හුටප්පරයක් නේ..

      Delete
  6. මම වගේ පඞියට බොලෝග් කියවන රැකයාවක් හොයාගනින් (අටමා ගේ මඞක්)

    ReplyDelete
    Replies
    1. කාලයක් තිබුනා එහෙම...දැන් නං එහෙම බෑ මෙන්ඩිස් මහත්තයෝ

      Delete
    2. ආය එන්නෙම නැ නෑමයි එන්නේ නෑමයි මහත්තුරැ මෙකටද සදුනිමාට.
      මෙන්ඞා කිව්වොත් එනවා.

      Delete
  7. බොලා තමන්ගේ ජොබ රවුං කරල දුන්නම අපි කෝමද තේරුං ගන්නේ.. උඹ ලොයිඩ් එකේ නේද??

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්නෙපා දේශ්. මගේ ජොබ මට තේරෙන්නෙත් නැති කොට කොහොමද අනික් උන්ට කියලා දෙන්නේ?

      ලොයිඩ් එක කිව්වේ අර නැව් ඉන්ෂුවර් කරන එකද? මම නම් එහෙ නෙවෙයි.

      Delete
  8. මේක කියවනවට වඩා වෙලාව ගියා තේරුං ගන්න

    ReplyDelete
    Replies
    1. කියමු බලන්න මහේෂ්ට නොතේරුන තැන? මං කුප්පියක් දාන්න...

      Delete
  9. Replies
    1. ස්තුතියි නලින් අයියේ...

      Delete
  10. මටත් ඔහොමම ලියන්න පුළුවන්.. බ්ලැක්බෙරි හොයාගත්ත එකාට පිං

    ReplyDelete
    Replies
    1. මට මේක කියවන්න පටං ගද්දිම මතක් වුනෙ සරත් ලොක්කව......

      Delete
    2. ඔව් ඔව්.. සරත් අයියා ලිව්වා නම් තවත් රසයි, බරයි.

      වෙලාවකට හිතෙනවා blackberry නොතිබ්බා නම් හොඳයි කියලා, ඒ උනාට අපේ අදාළ, වැදගත් වැඩ පහසුවෙන්ම කරලා දෙන smartphone එක blackberry තමයි.

      Delete
  11. මේ කවිය අතිශය සත්‍ය බව මං සහතික වෙමි .......එළ කිරි ..

    ReplyDelete
    Replies
    1. අඩේ, ඒ කියන්නේ උඹලාගේ ඔෆීස් එකෙත් මෙහෙමද? ;-)

      Delete
  12. මොනවා කරන්නද බන්....රස්සාව කරලා ඉන්න එපැයි ඔක්කොම කරන්න.

    ReplyDelete
    Replies
    1. ඒකනේ Aru අයියේ, මොකද බ්ලොග් එක ලිව්වම ගුගල් එකෙන් ගෙවන එකක්යැ?

      Delete
  13. අෆොයි ඔහෝම්මමයි !

    ReplyDelete
    Replies
    1. මම දන්නවා මදාරා, ගොඩක් උන් මෙහෙම තමයි.

      Delete
  14. බ්ලැක් බෙරිය ඇරෙන්න අනිත්වා ඔක්කොම මටත් තියනව

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ ඕනේ තරම් දුක් විඳින වයිට් කොලර් කම්කරුවො

      Delete