Monday, September 22, 2014

29. අමු මිරිස් අභියෝගය - #SLAmuMirisChallenge

2014 අගෝස්තු 23වෙනි සෙනසුරාදා,
ෆේස්බුක් ස්ටේටස් එකකින් ඇරඹී, අගෝස්තු 25 ඉරිදා,
විල්පත්තු කැලෑව මැද්දේදී අමුමිරිස් කරල් 3ක් අනුභව කර,
2014 අගෝස්තු 26 අඟහරුවාදා,
පළවෙනි YouTube වීඩියෝ එක අප්ලෝඩ් වී,
ඇරඹුණ #SLAmuMirisChallenge අභියෝගය,
අද මේ මොහොත වෙන විට,
150කට අධික පිරිසක් සක්‍රීයව අමුමිරිස් අභියෝගයට සම්බන්ධ වී,
7,000කට අධික පිරිසක් ෆේස්බුක් කණ්ඩායම හා එක්වී,
ජාතික පුවත්පත්, රූපවාහිනී ප්‍රවෘත්ති අතික්‍රමණය කරමින්,
මුදලින් රුපියල් තුන්ලක්ෂ පනස්දහසකට අධික ප්‍රමණයක් එක්වී ඇති,
ඉතාම සජීවී සහ නොනැවතී ඉඳිරියට යන වැඩසටහනක් වී අවසානයි...






ඔන්න ඔහොම තමයි #SLAmuMirisChallenge ෆේස්බුක් පිටුවේ ඔය ගැන විස්තරය පටන්ගන්නේ. පුංචියට පටන් ගත්ත මේ සමාජ සත්කාරය අද අතු ඉති ලියලපු මහා ප්‍රජා සත්කාරයක් වෙලා. අපි හදන්නේ මේකෙන් සමස්ත ප්‍රශ්නේ විසදන්න නුනට අපි හැමෝගෙම පුංචි දායකත්වය මේ වැඩේට ලොකු හයියක් වෙලා තියෙනවා කියලා තේරෙන්නේ අද වෙනකොට ලක්ෂ පහක මුදලක් SLAID අරමුදලට බැර වෙලා තියෙන නිසයි.

ඔන්න ඉතින් මමත් මට හැකි පමණින් මේ සත්කාරයට දායක උනා. පස්දෙනෙක් වෙනුවට හත්දෙනෙක්වම නම් කළා. මෙන්න තියෙනවා ඒ ගැන තියෙන වීඩියෝ එක.

#SLAmuMirisChallenge - Sandun Ranasinghe (SanSajRan)


මගේ අභියෝගය එල්ල වෙන්නේ මෙන්න මේ හත්දෙනාට


1. Janaka Upendra Sampath -මාත් එක්ක කැම්පස් කාලේ ඉඳන් මේ වෙනකම් බඩ බැඳන් ඉන්න IMS එකේ මගේ අතිජාත මිත්‍රයා





2. නීතිඥ Harshana Kanishka Ranasinghe- පොඩි කාලේ ඉඳලා එකට ස්කූල් බස් එකේ ගිය මගේ පාසල් බස් රථයේ මිත්‍රයා




3. Mr. ශ්‍රී ලංකා 2013 Brayan Eustass Livera - එකම ඉස්කෝලේ ඉගෙනගත්ත, එක ස්කූල් බස් එකේ ගිය, කාලයක් එකට කොච්චියේත් වැඩට ගිය මගේ පාසල් මිත්‍රයා




4. Nilushana Sooriyaarachchi - Nelna ආයතනයේ වැඩ කරනකොට අදුනගත්ත, දැන් ඩුබායි වල Almarai ආයතනයේ සේවය කරන මගේ රැකියාවේදී හඳුනාගත් මිතුරා




5. EuRetec සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ Kalhara Hapuarachchi - පාසලේ එක පන්තියේ ඉගෙනගත්ත, අදටත් නිතර මුණ ගැහෙන මගේ පාසල් මිත්‍රයා




6. Veenavee Studio අධිපති, යොවුන් නළු Danushka Rathnayaka - මගේ වෙඩින් මංගල්ලේ ෆොටෝ කෑලි ටික ලස්සනට ගහලා දුන්න, ව්‍යාපාරික අරමුණු වලට වඩා යාළුවෙක් හැටියට ඇසුරු කරන ෆොටෝ මිත්‍රයා




7. 6th Lane සංගීත කණ්ඩායමේ නායක, දන්ත වෙදැදුරු Hiran Thenuwara - ස්කූල් බස් එකේ ඉඳන් ඩෙන්ටෙක් වෙලා, ගායකයෙකුත් වෙලා තාමත් ඒ ෆිට් එකේම ඉන්න මගේ පාසල් බස් රථයේ සහෝදරයා




ඉතින් ඔන්න අද හෙටම මේ කට්ටියත් මගේ අභියෝගය බාර අරන් අමු මිරිස් කරල් තුනක් විනාඩි දෙකක් ඇතුලත කාලා මෙන්න මේ අරමුදලට තමන්ගේ දායකත්වය දෙනවා.




ඒ විතරක් නෙවෙයි, මෙතනින් කීප දෙනෙක් එතැනින් නවතින්නේ නැතිව තවත් වැඩ සටහන් කිහිපයකට දායක වෙන්නත් යනවා. ඒ ගැන ඉස්සරහට බලමු.

ඉතින් මේ වෙනකම්ම ඔයාලත් මේ සත්කාරයට දායක වුනේ නැත්නම්, අද හෙටම ඉක්මනට එකතුවෙන්න. අරමුදල ඉක්මනට තර වෙනවා නම් අපිට පුළුවන් තව ජීවිත කිහිපයක් හරි ඉක්මණින් බේරගන්න. එන්න, එකතුවෙන්න අපේ මේ මහා සත්කාරයට……



සැ: යු - සියළුම ෆොටෝ වල අයිතිය එහි මුල් හිමිකරුවන් සතුවන අතර ප්‍රජා සත්කාරයක් උදෙසා උපුටාගත් බව කරුණාවෙන් සළකන්න.

6 comments:

  1. වැඩේ මේ දවස් වල නැගලම යනව නේද ගලේ....

    ReplyDelete
  2. අමු මිරිස් වගේ වැඩේ හොට්!!
    මේ ගැන බැලට් බොක්ස් එකේ නංගියෙක් කියල තිබ්බ "සිඟිති ආතල්' කියල. මට ඒක දැක්කම හිතුනෙ නගාට වැරදුනාට මොකද, ඇත්තටම සිඟිති උන්ගෙ වැඩ මොනතරම් සුන්දරද, සතුට ගෙන දෙනවද කියල.

    මේක මම දකින්නෙ "නරක වැඩක් හොඳ දෙයක් වෙනුවෙන් යොදා ගැනීමක්" විදියටයි.

    ReplyDelete
  3. ටැංකිවු මචං. අරමුන කරා යන ගමනෙදි උඹලගෙන් ලැබෙන සහයෝගය කියල නිමකරන්න බැරි තරම් වටිනව.

    ReplyDelete