කට්ටියටම සුභ උපන්දිනයක් වේවා එහෙනම්.විශේෂයෙන්ම අද කාන්තා පාර්ශ්වයට වැදගත් දිනයක්ලු නේද? මමත් හරියටම දන්නේ නැහැ, හත වසරේ කෙල්ලෙක් තමයි මටත් කිව්වෙ.
![]() |
උපුටාගැනීම - චූටි මල්ලි සහ පොඩි මල්ලි ෆේස්බුක් පිටුව |
ඉතින් දවසේ වැදගත්කම ගැනත් හිතලා බලලා කාලෙකට කලින් අන්තිම පේලියට ලියුව එකක් ආයෙම උස්සන් ආවා.කලින්ම කියනවා උපුටාගත්තේ ඊයකින්. කියවන උන් කියවපල්ලා. බණින උන් බැනපල්ලා. අත කසනවටයි, ආසාවටයි ලියන්නේ.අනිත් කාරණේ හැම වෙලේම හැමෝවම සතුටු කරන්නත් බෑ, ඇත්ත සිද්ධිම හැම වෙලේම ලියන්න කියලා නීතියකුත් නෑනේ.
ටිකක් හයි-ෆයි ගෙදරක පොඩි උන් දෙන්නෙක් තමන්ගේ අම්මා තාත්තා සහ සේවක පිරිස සමග සතුටින් ජීවත් උනාලු. ඔන්න එක දවසක් මේ පොඩි උන් දෙන්නා සෙල්ලම් කරන ගමන් දොර බාගෙට වහලා තිබුන කාමරේක හීනි සද්දයකට කන් යොමු කලාලු. හඬ දිගේ ඇදිලා ගිහින් දොරේ යතුරු කටට චූටි ඇහැ තියලා බැලුවම ඇතුලේ අමුතු දෙයක්ලු. වහාම පොඩ්ඩෝ දෙන්නා අම්මා ළඟට දුවලා ගියාලු.
"අම්මේ, අම්මේ.. ඉක්මනට එන්න"
තමන් දැකපු දේ අම්මා එක්ක පෙන්නන්න පොඩ්ඩෝ දෙන්නට ඉස්පාසුවක් නෑ.
"මොකක්ද දරුවනේ ඔය තරම්ම අරුම පුදුම දේ මට පෙන්නන්න යන?"
අම්මත් කුස්සියේ වැඩ චුට්ටකට නවත්තලා පොඩි උන් එක්ක එන ගමන් අහනවා.
"අම්මා, ඉක්මණට එන්න. අර අපේ අළුත් ආයා ඉන්නේ..එයාගේ කාමරේ කවුදෝ මන්දා දැකලා නැති මිනිහෙක් ඉන්නවා. ඒ දෙන්නා ෆයිට් කරගන්නවද කොහෙද.."
අම්මට තරු විසිවුනා මේක අහලා. පොඩි උන් ඇදගෙන යන නිසා බලන්නත් එපැයි. ඒ මදිවට පොඩ්ඩෝ දෙන්නා කමෙන්ට්‍රිය නතර කරන්නෙත් නෑ,
"ඔව් අම්මා, අර මිනිහා ආයාගේ ඇඟ උඩ නැගලා ඉන්නේ, ඒ මදිවට ඇඳුම් ටිකත් ගලවලා දාලා"
පොඩ්ඩෝ දුකින් වගේ කියනවා ආයාට වෙන අකරතැබ්බේ ගැන.
විලිලැජ්ජාවේ සන්තෝසේ බැරුව, කේන්තියෙන් පුපුර පුපුර කාමරේ දොර ළඟට ගිය පොඩ්ඩන්ගේ අම්මා එක පාරටම කාමරේ දොර ඇරියා.
ඇස් අදහගන්නත් බෑ,
ඒ මදිවට ලැජ්ජයි!
මෙන්න ආයා එක්ක මිනිහෙක් ඇඳේ උපන් ඇඳුමෙන්. මිනිහා වෙන කවුරුවත් නෙවෙයි,
පොඩ්ඩන්ගේ තාත්තා!
පොඩ්ඩන්ගේ අම්මා මළ අතට ගන්නකොටම පොඩ්ඩො දෙන්නා හූ තිය තිය හිනාවෙන්න ගත්තා.
"හූ හූ..අම්මා රැවටුණා නේද අපි කිව්වම දන්නැති මිනිහෙක් කියලා. අම්මා තමා අද අප්‍රේල් මෝඩයා. හූ හූ..ඒ අපේ තාත්තානේ.. හූ..හූ...."
පසුව ලියමි:
ඔන්න ඔහේ පොඩි ජෝක් එකක් කරලා සතුටු උනාට කමක් නෑ මිනී මරන විහිළු නොකර. කැමති නම් මේ විදිහේ විහිළුවකුත් කරලා බලන්න, පාඩුවක් වෙන එකක් නැහැ කොහොමත්!
උදේම මැසෙජ් එකක් ආවා අපේ අලුත බැඳපු පුතාගෙ වයිෆ් ප්‍රෙග්නට් කියල. මේ කියන්නෙ එයාගෙ මල්ලි . මම ඇහුව ඔයා කොහොමද? දන්නෙ කියල? අයිය කිවුව. අයියට මට කොල් කරන්න කියන්න. සද්ද නෑ. ඊට පස්සෙ හිනාම වැඩේ තාත්ත මෙසෙජ් කරල අම්මි ප්‍රෙග්නට් කියල පුතාලට.
ReplyDeleteඅනේ අම්මෝ. බය හිතෙන කතා නම් කියන්නෙපා චාන්දි...බොරුවටවත්...
Deleteහොඳ වෙලාවට මනුස්සය ආය එක්ක හිටියෙ. පොඩි උං කිව්ව වගේ පිට මිනිහෙක් හිටියනං එහෙම නන්නත්තාරයිනෙ. :P
ReplyDeleteඅන්න හරි. ගෙදර ගිනි පිටට දෙන එක වැරදිනේ Praසන්ன අයියෙ.....
Deleteබ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකේටත් දාන්න. පහතින් අපේ සින්ඩියට ඇවිත් අපට ලින්ක් එක එවන්න.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
ඔන්න මමත් ඊයක් දැම්මා. බ්ලොග් රෝලටත් එල්ලගත්තා.
Deleteජය වේවා!
මෝඩයාගේ දවස උනත් පවුලක් විනාශයි හපොයි....
ReplyDeleteදවස නම් පෝය උනත් මොකෝ අපේ අයියලට වැරදි වැඩක් කරන්න? හොඳ වැඩ වලට විතරනේ වැව් නැකැත් බලන්නෙ.
Deleteහෙහ්, මිනිමරාගන්න විහිළුවක්නේ පොඩ්ඩොත් ඉතින් කරලා තියෙන්නේ..
ReplyDeleteපොඩි එවුන් නෙ දිනේශ්...
Deleteඅප්‍රේල් පලවෙනිදා හින්දම හොඳයි..............
ReplyDeleteමම හිතන්නේ නෑ ඒ උනාට තාත්තට නම් සමාවක් ලැබෙන්න ඇති කියලා.
Deleteකැමරාවෙන් එහා ලෝකය මගෙ බ්ලොග් එකට සාදරයෙන් පිලිගන්නවා
අඩෝ පට්ටයි..
ReplyDeleteඔහොම දෙයක් උනාම පට්ටයි කියනවද බන්? අනේ මන්දා පව් අර ආයා....
Deleteබුහාහාහා පට්ට පට පට....
ReplyDeleteවෙල්කම් ඩීජේ නිරාජ්
Deleteඅන්තිමට අම්ම රැවටුනා ... හිකිස්
ReplyDeleteඒකනෙ කියන්නේ ඉවාන්....
Deleteමරු පුතාලා දෙන්නා............... අන්න කියනවානම් බොරු................
ReplyDeleteඅන්න එහෙමයි දරුවෝ හදන්න ඔනේ. නැද්ද?
Deleteඅම්මා තාත්තට බනිද්දී තාත්තාත් හූ හූ ඔයා රැවටුනා ඔයා තමා අද අප්‍රේල් මෝඩයා කිව්වා නම් වැඩේ ෂේප් :P
ReplyDelete