ඔන්න ඉතින් එක එක දිනයන්, උත්සව අස්සේ මෙදා පාරත් #SMDayCMB නොහොත් සමාජ ජාල එකමුතුවේ දිනයත් මේ 28දා කොළඹදී පැවැත්වෙනවා. මේකට ඉතින් එවෙන්නේ නොයෙක් නොයෙක් සමාජ ජාල වෙබ් අඩවි වල බඩ පිනුම් ගහන හාදයෝ සහ හාදියෝ තමයි. ඒ විතරක් නෙවෙයි, මේකේ හැම අවුරුද්දකම ජනප්‍රියම සමාජ ජාල අඩවි, ක්‍රියාකාරී පොරවල් එහෙම තෝරන ආතල් එකකුත් තියෙනවා.
මෙදා පාර ජනප්‍රියම බ්ලොග් අඩවි පහට නිර්දේශිත නාම යටතේ මේ ඔයාලා කියවන මගේ බ්ලොග් එකත් තියෙනවා. ඔන්න ඔහේ කරදරයක් නැත්නම්, ඒ වගේම මගේ බ්ලොග් එකෙත් මොකක් හරි ලල් එකක් තියේනම් මටත් චන්දයක් දීලා පොඩි ආධාරයක් කරන්න.
චන්දෙ දෙන්න හරි ලේසියි.
මෙන්න මේ ලින්ක් එකට යන්න
ඔයාගේ #Twitter හරි #Facebook හරි එකවුන්ට් එකෙන් ලොග් උනාම අදාළ චන්ද මධ්‍යස්ථානයට සම්බන්ධ වෙනවා. එතන Individual Awards කියන තැනට ගියාම අංක 8 අහලා තියෙනවා මොකක්ද ජනප්‍රියම බ්ලොග් එක කියලා. මගේ එක හොඳ නම් අංක 3 තියෙන Sandunima කියන තැන පොඩි ක්ලික් එකක් දාන්න. අනික් එව්වා හොඳයි කියලා හිතෙනවා නම්, එයින් එකකට චන්දෙ දුන්නත් කමක් නෑ.
මතක තියාගන්න #Twitter සහ #Facebook දෙකෙන්ම චන්ද දෙකක් දෙන්න පුළුවන්. ඒ වගේම චන්දෙ දෙන්න පුළුවන් ඉක්මනට චන්ද පොළට යන්න අමතක කරන්නත් එපා.
බොහොම ස්තුතියි.
පසුව ලියමි -
බ්ලොග් ලෝකයේ ජය කෙහෙළි නංවන බහුතරයක් බ්ලොග්කරුවන් මෙහි නිර්දේශ වී නැත. මම හිතන විදිහට ඔවුන් #Twitter සමාජය සමග ඇති සම්බන්ධකම් විරල වීම මිට හේතුවයි. ඒක නිසා පොඩ්ඩක් ටුවිටරේ පැත්තේ ගිහින් මොකද වෙන්නේ කියලා බලනවා නම් ඊලග පාර ලොකු තරගයක් දෙන්න පුළුවන්.
මේ නිකං ලියන එකට මක්කටෙයි අනේ තරග... මම නං චන්දේ දෙන්නෑ හැක්..
ReplyDeleteඅනේ දේශො ජොලියටනේ.
Deleteචන්දෙ දෙන්නං
ReplyDeleteටුවිටර් ඉන්නව ඒත් ඒක මහ එපා වෙන උලව්වක් අනේ
හහ් හ.... මගෙ ලිස්ට් එකත් ඉන්නවනේ. මම අහම්බෙන් හොයාගත්තෙ. මට නම් ටුවිටරේ ඇබ්බැහියක්
Deleteඔන්න දුන්නා
ReplyDeleteස්තූති වේවා.
Deleteඔහොම ඡන්ද ගන්න විදිහක් තියනවයැ. ඉස්ලේලම මොනව හරි පොඩ්ඩක් දීල ඊට පස්සේ බත් පැකට් එකක් දෙන්න එපායැ
ReplyDeleteදන්සලක් දාන්න කියලා තමයි මාත් කල්පන කලේ
Deleteකොහාමටත් ඉත්නි චන්දේ ඉල්ලගෙන මුලිම්ම ආපු හින්ද මාත් ඔන්න ඔහේ දෙන්නම් කො
ReplyDeleteඅන එහෙමනෙ ඉන්න ඕනෙ.
Deleteහරියටම මාසයක් ගියා දාපු කමෙන්ට් වලට උත්තර දෙන්නත්. යකඩෝ ඒ තරම්ම බිසිවෙලා ජීවිතේ. සොරි වෙන්න ඕනේ.
ReplyDeleteඑනිවේ මෙදා පාර දින්නේ හිතනලන්තය