Monday, July 27, 2015

37. බිඳුවක් සෙනෙහස



අකීකරු අතැඟිලි
දුවන විට සිරුර මත
විදුලි සැර වැදුන ලෙස
බලයි දෙනෙත හැර

තබා හිස උරය මත
බදා මා වැරෙන් තව
විදා මුව පොව් නයන
යදී හට අහිමි සෙනෙහස



13 comments:

  1. මෙයත් අපෙන් බේරෙන්න වගේ මාසෙට එකක් ලියන බුවෙක් :D

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම කියන්නෙපා සුදූ. මේක ලියන්නෙත් හරිම අමාරුවෙන්

      Delete
  2. මාත් කවි ලියන්න ඉගෙනගන්න ඕනේ බංස්ලා. එතකොට ඔහෙ පේලි හතරක් කොටලා දාලා රෙජිස්ටරේ මාක් කර ගත්තෑකි. කවුරුවත් බනින්නෙත් නෑ. මාගල් වගේ පෝස්ට් ලියනවා වගේ අමාරුත් නෑ. (තමාටම)මේ කමෙන්ට් එක save කරගන්න ඕනේ කවි පෝස්ට් යටින් යටින් අලවන්න...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ් එනවනෙ හෙන් රි අයියේ. අපිත් ඉතින් එව්වට හැඩ ගැහෙන්න එපැයි.

      ඇත්තම කතාව තමයි ජීවිතේ කාර්යබහුලම කාලයක් ගතවෙන්නේ මේ කාලේ. ලියන්න තියෙන ගොඩක් එව්වා හිතේම පල් වෙලා යනවා.

      Delete
    2. අනේ බං මම ඇණුම් පදයක් කිව්වා නෙවෙයි. හුදෙක් ජොලියට කිව්වේ. මම දන්නවා බං අලුත් තාත්තෙකුට තියෙන කාර්යබහුලත්වය.. :)

      Delete
  3. හෙන්රි අය්යගෙ කමෙන්ටුවත් හරි. මේ පෝස්ට් එකත් හරි
    හිහි. ලස්සන කවියක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්, මම මෙව්වා ටුවිටරේට ලියන කවි පද. ඉතින් හිතුවා මේකටත් ඔබලා දාන්න නිකම් තියෙන එකේ.

      Delete
  4. ලස්සනයි පද ටික.........................

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගී පවුර. එහෙන් මෙහෙන් අතපත ගාන කවි කෑලි

      Delete
  5. අකීකරු අතැඟිලි
    දුවන විට සිරුර මත
    විදුලි සැර වැදුන ලෙස
    බලයි ඈ දෙනෙත හැර....

    ReplyDelete
    Replies
    1. එහෙම උනාවත්ද ජේකබ් කොල්ලට?

      Delete
  6. අගේයි අදහස....

    මුදුවකින් හිර කර ඇති හදවත
    යදියි තවමත් අහිමි පෙම්වත

    ReplyDelete