Wednesday, April 22, 2015

33. වැස්සට පෙර | Before The Rains

ටුවිටරේ අපේ බාගයා නංගි (බාගයාද භාග්‍යාද මන්දා.....) හෙන කවිකාරි. ලස්සන ලස්සන කවි අකුරු 140ක් ඇතුලේ ගොනු කරන්න හරි හපනි. මේ තියෙන්නේ බාගිගේ එක කවියක්. 


Wednesday, April 1, 2015

32. අප්‍රේල් මෝඩයා.......... April Fool

කට්ටියටම සුභ උපන්දිනයක් වේවා එහෙනම්.විශේෂයෙන්ම අද කාන්තා පාර්ශ්වයට වැදගත් දිනයක්ලු නේද? මමත් හරියටම දන්නේ නැහැ, හත වසරේ කෙල්ලෙක් තමයි මටත් කිව්වෙ.

උපුටාගැනීම - චූටි මල්ලි සහ පොඩි මල්ලි ෆේස්බුක් පිටුව

Friday, March 20, 2015

31. Prison Break - යහපාලන ආණ්ඩුව ......

Prison Break කියන්නේ ලෝකේ ජනප්‍රිය වෙච්ච රුපවාහිනී කතා මාලාවක්. මේක කාලෙකට උඩදී ලංකාවේ රුපවාහිනී නාලිකාවක පෙන්නුවා. දැන් ආයෙම ජාතික රුපවාහිනියෙත් විකාශය වෙනවා. මමත් ඉතින් ඕකට පණ ඇරලා. පහුගිය දාක ෆෝන් එකෙන් මේක බලන ගමන් මට එක පාරටම හිතට ආවේ මේ කතාව වගේම නේද කියලා මේ දින සියයේ ආණ්ඩුව.

Prison Break කියන්නේ සීසන් 4ක දිවෙන කතාවක්. නොකරපු වරදකට හිරේ යන ලින්ක් නම් තමන්ගේ අයියව බේරගන්න හිරේට යන මයිකල් ස්කොෆිල්ඩ්  තමයි මේකේ කතා නායකයා. ස්කොෆිල්ඩ් අයියව බේරගන්න ගහන ගේම,  එලියට පැනලා හැංගිලා  ඉන්න ගමන් තමන්ගේ නිදොස් බව ඔප්පු කරන්න හදන හැටි, ආයෙම අමාරුවේ වැටෙන හැටි තමයි මේකේ කතාංග 82ක් ඇතුලේ තියෙන්නේ. කතාව නොදන්නා ඒ වගේම ඒක රසවත් කියලා හිතන අය ඉන්නවා නම් වැඩි විස්තර මෙතනින් කියවන්න පුළුවන්.

Tuesday, March 10, 2015

30. අපේ දෙයියෝ අපි වැන්දා

කාලෙකට පස්සේ පොඩි නිවාඩුවකටත් එක්ක පොඩි මස්සිනාලගේ ගෙදර යන්න පිටත් උනා. මොනවා උනත්  නෑදෑයෝ ටිකත් බලලා එන්න එපැයි. ගෙට ගොඩවෙලා විනාඩි දහයක් යන්න හම්බු උනේ නැහැ කවුදෝ බවලතෙක් ඇවිත් මස්සිනාව හොයනවා.

“දීපාල් මල්ලි, හෙට යනවා නේද ජනාධිපතිතුමාව බලන්න?”

Monday, September 22, 2014

29. අමු මිරිස් අභියෝගය - #SLAmuMirisChallenge

2014 අගෝස්තු 23වෙනි සෙනසුරාදා,
ෆේස්බුක් ස්ටේටස් එකකින් ඇරඹී, අගෝස්තු 25 ඉරිදා,
විල්පත්තු කැලෑව මැද්දේදී අමුමිරිස් කරල් 3ක් අනුභව කර,
2014 අගෝස්තු 26 අඟහරුවාදා,
පළවෙනි YouTube වීඩියෝ එක අප්ලෝඩ් වී,
ඇරඹුණ #SLAmuMirisChallenge අභියෝගය,
අද මේ මොහොත වෙන විට,
150කට අධික පිරිසක් සක්‍රීයව අමුමිරිස් අභියෝගයට සම්බන්ධ වී,
7,000කට අධික පිරිසක් ෆේස්බුක් කණ්ඩායම හා එක්වී,
ජාතික පුවත්පත්, රූපවාහිනී ප්‍රවෘත්ති අතික්‍රමණය කරමින්,
මුදලින් රුපියල් තුන්ලක්ෂ පනස්දහසකට අධික ප්‍රමණයක් එක්වී ඇති,
ඉතාම සජීවී සහ නොනැවතී ඉඳිරියට යන වැඩසටහනක් වී අවසානයි...




Wednesday, July 9, 2014

28. දුක් කවියක් | One Sad Poem

Copy docs ආවද - Vessel එක අද එයිද?
BG එකක් ගන්නද - හෙටත් අපි බලමුද?
Price එක වැඩි මොකද - අඩු කරලා දෙනවද?
Quality එක OKද - Quote එක එවනවද?

Friday, May 9, 2014

27. ගණිකාවෝ - එහෙයි මෙහෙයි | Prostitutes - Here & There

ගිය සිකුරාදා වැඩ ඇරුනේ ටිකක් රෑ වෙලා. 7.30ට තියෙන ගාළු කෝච්චියට යන්න වැස්සෙම රාජගිරියෙන් බස් එකක නැග්ගා. කොන්දගෙන් කොටුවට ටිකට් ඉල්ලනකොට වටේ උන් මා දිහා බලනවා. බැලින්නම් කලබලේ නැගලා තියෙන්නේ 176 හෙට්ටියාවත්ත බස් එකක. මොනවා කරන්නද ඉතින්? මරදානට ටිකට් එකක් අරන් අයිනක වාඩිවෙලා කිර කිර ගියා.



Wednesday, April 30, 2014

26. මෝලා | Funny Guy

කට්ටියට මාව මතකද මන්දා? කමක් නෑ කාලෙකින් ආවේ නැති නිසා මතක නැතිව ඇති. ඔන්න ඔහේ එව්වා අමතක කරලා රස කතාවක් කියවලා ඉමුකො.

මේ සීන් කෝන් එක උනෙත් අපේ අකලංක සහෝදරයටම තමයි. මම කවුද කියලත් මතක නැති එකේ අකලංකව මතක හිටින්නේ කොහොමද? මෙතන ක්ලික් කළා නම් ටක් ගාලා මතකෙට එයි.

Friday, March 28, 2014

25. හොර නෝට්ටු අඳුනගන්න..... Identify Fake Notes

මේ දවස් වල රටේ හැම තැනම හොර සල්ලි වැහි වැහැලා. පොලීසියෙනුත් එකසිය ගානට දැනුවත් කරනවා පරිස්සම් වෙන්න කියලා. අපි ඉතින් කොහොම ඇත්ත එව්වා, බොරු එව්වා වෙන් කරලා අඳුනගන්නද අහුවෙනකම්ම.....

Friday, November 29, 2013

24. පුනරුත්ථාපනය | Rehabilitation

ඔෆීස් එකේ නෙට් බ්ලොක් කරලා. ගෙදර ගියාම විවේකයක් නැහැ. ඒක නිසා බ්ලොග් එක පාළුවටම ගිහිල්ලා. මේ මාසෙට මුකුත් ලිව්වෙ නැහැ. හිස් කොලේ වගේ තියන්න බැරි නිසාම පරණ කතාවක් අරන් ආවා අදට. ඉක්මණටම ආයේ යථා තත්වෙට එන්න බලමු!