Google+ හිතවත්තු

Tuesday, July 9, 2013

05. නෝනා..මගේ නර්ස් නෝනා... | My Loving Nurse


හදිසියෙම අද අපේ රටේ ප්‍රධාන ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට යන්න උනා ලෙඩෙක්ව බලන්න. කාලෙකින් ඉස්පිරිතාලයක් පැත්තේ නොගිය නිසා අද තමයි කාලෙකට පස්සේ අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය  ලබලා තියෙන ආශ්චර්යමත් ප්‍රගතිය දැක්කේ. වාට්ටුව පුරාවට ලෙඩ්ඩු. ඇඳන් උඩ, පුටු බංකු උඩ ඒ වගේම බිමත් අහිංසක ලෙඩ්ඩු. "පාල"ගෙන් "සේන"ට විෂය මාරු උනාට මොකෝ ලෙඩ්ඩුන්ගේ තත්වය නම් එන්න එන්නම දුක්බර වෙලා.

මගේ රෝගී නැන්දගේ තත්වය ගැන විස්තරයක් දැනගන්න කිට්ටු කළා එතැන හිටිය නර්ස් නෝනා උත්තමාවියක් ළඟට. ම්හු! අහන්නේ තියා බලන්නෙවත් නෑ. තව කෙනෙක් ළඟට කිට්ටු කළා. වෙනසක් නෑ. ආයෙම පාරක් වටයක් කැරකිලා ඇවිත් වෙන නෝනා උත්තමාවී කෙනෙක්ගෙන් ඇහුවම වචනෙන් දෙකෙන් මොන මොනවදෝ කියලා යන්න ගියා. අන්තිමට අහගත්ත විස්තරේකුත් නෑ, නිකම් ලේ පිච්චුනා විතරයි. මේ අකරතැබ්බේ උනේ මට විතරක් නෙවෙයි, තව ගොඩක් අයට.

ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගොඩ වැදුන ගොඩක් දෙනෙක් කියයි එයාලටත් මේ අත්දැකීම ජිවිතේ එක පාරක් හරි ලැබිලා ඇති කියලා. නර්ස්ලගෙන් පටන්ගත්තාම සාත්තු සේවකයෝ, මුරකරුවෝ සහ අනෙකුත් හැම එකාම සද්දේ දාන්නේ අහිංසක රෝගින්ටම තමයි. හැමෝම එහෙම නැති බව ඇත්ත. හැබැයි මම දැකපු අති බහුතරය එහෙමයි. දොස්තරලා ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න ඕනේ.

කොහොමින් හරි අද දවසේ ටිකට් කපාගෙන ගෙදර යන්න නියමිත වෙලා හිටිය නැන්දට ඒ අවස්ථාව හම්බු උනේ නෑ. හවසත් ටිකට් කැපුවේ නැත්නම් අදත් ඉස්පිරිතාලේ පුටුවක තමයි එයාට රෑ පහන් කරන්න වෙන්නේ. ලස්සන යුනිෆෝම් එකක් ඇඳලා, පිළිවෙලට ඉන්න එකේ මිට වඩා ලෙඩ්ඩු ගැනත් හිතන්න පුළුවන් නම් වඩා හොඳයි. එහෙම කිව්වේ නර්ස් නෝනලාට නෙවෙයි, උත්ත්මාවියන්ට. මොකද ඔයාලා වගේම අනිත් මිනිස්සුත් මිනිස්සුම තමයි. අත පල්ලෙන් වැටුන කොටසක් හෙම නෙවෙයි.

 
ඉතින් ඔය සිද්ධිය එක්කම කලින් අහපු නර්ස් නෝනා කෙනෙක්ගේ කතාවකුත් මතකෙට ආවා. මෙයා නම් ඉඳලා තිබුනේ පිට රටක. හැබැයි කරලා තිබුන වැඩේ නම් අපේ අය කරනවා වගේම දෙයක් තමයි. ඒකත් කියවලම යන්නකෝ.

එක්තරා හාදයෙක් ඉස්පිරිතාලේ නවත්තලා ඉන්න තමන්ගේ සීයව බලන්න ගියාලු. අවුරුදු 85ක් වයස සියාගෙන් මුණුබුරා සුවදුක් අහනවලු.

"කොහොමද සීයේ ඉස්පිරිතාලේ හොඳද?"

"වරදක් නෑ දරුවෝ. කෑම බීම එහෙමත් හොඳයි"

"කොහොමද නර්ස්ලා එහෙම? හොඳට සළකනවද?"

"අපොයි ඔව්. අපරාදේ කියන්න බෑ සීදේවී දැරිවියෝ ටික. මට හොඳට සළකනවා. හැමදාම රෑ 10ට මට නින්ද යන්න ලොකු චොකලට් ඩ්‍රින්ක් එකකුයි, ව්‍යග්‍රා පෙත්තකුයි දෙනවා. මටත් හොඳට නින්ද යනවා දරුවෝ එතකොට"

" මෙච්චර වයස සීයට ව්‍යග්‍රා දෙනවා??? මුන්ට පිස්සුද? ඉන්නකෝ මං අහලා එන්න" ෆයර් වෙච්ච මුණුබුරා එතැන හිටිය නර්ස් කෙනෙක් ළඟට කිට්ටු කළා.

"ඇත්තද ඔයාලා අර ඇඳේ ඉන්න මගේ සීයට හැමදාම රෑට ව්‍යග්‍රා පෙත්තක් දෙනවා කියන්නේ?"

"ඔව්" නර්ස් කරන වැඩේ බින්දුවක්වත් නවත්තන්නේ නැතිව උත්තර දුන්නා,

"අපි එයාට හැමදාම රෑට චොකලට් ඩ්‍රින්ක් එකයි, ව්‍යග්‍රා පෙත්තකුයි දෙනවා. චොකලට් ඩ්‍රින්ක් එක නිසා එයා රෑට හොඳට නිදාගන්නවා කිසිම කරදරයක් නැතිව."


"එතකොට ව්‍යග්‍රා දෙන්නේ මොන එහෙකටද?" අන්දුන් කුන්දුන් වොයිස් එකෙන් මුණුබුරා අහනවා.

"ආ, ව්‍යග්‍රා පෙත්ත නිසා අපිට පුළුවන් එයා ඇඳෙන් වැටෙන්නේ නැතිව උදේ වෙනකම් තියාගන්න..."



පින්තූර අනුග්‍රහය - ගූග්ල් Inc

27 comments:

  1. අපේ CGR එකේ එවුන්ටයි CEB එකේ එවුන්ටයි ත් ඕක දුන්නනම් හරි වැටෙන්නෙ නැතුව තියා ගන්න...

    ReplyDelete
    Replies
    1. උන්ට විතරද? තව කොච්චර නම් උන් ඉන්නවද?

      Delete
  2. Therune nahane... samawenna.. lihala denawada theruma?

    ReplyDelete
    Replies
    1. Tikak try karala hithanna. anthima pinthure ballata wela thiyena de balannako

      Delete
  3. Lol kathawak ne

    ReplyDelete
  4. අන්න බෙහෙත්... කවුද ඕවට වැරදි කියන්නේ. රහයි බං කතාව උපහාසය සේරම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලින් අයියේ..

      Delete
  5. මට මතක විදියට මමත් ලිව්වද කොහෙද මේක. ඒත් ඉතින් ඊට වඩා ගොඩක් රහයි මේ ළිපිය...

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනේ. මම ඇත්තටම බ්ලොග් වලට අළුත් නිසාත්, මට මේ කතාව කොහෙවත් හම්බු නොවෙච්ච නිසාත් තමයි මෙතන ලිව්වේ.

      දෙන්නකෝ ලින්කුව අපිටත් බලන්න.

      Delete
    2. එහෙම නම් හොයන්න මතක නෑ නෝනේ.. හදිසියේ හරි අහු වුනොත් අනිවාර්යයෙන් ලින්ක් එක දෙන්නම්..

      Delete
    3. අප්පට සිරි... නෝනා කිව්වේ මටද?
      මම නම් මහත්තයෙක් ඔන්න....

      Delete
  6. කතාව හොදයි. නර්ස්ල කියන්නෙ ඇත්තටම කිසිම වෙලාවක හෙමින් ගමන් නොකරන කස්ටියක්. සමහර උදවිය හිතනවා ඇති ඇත්තටම මෙයාලා හරියට බල්ලට ඇති වැඩකුත් නැ හෙමින් ගමනකුත් නෑ වගේ වෙන්න ඇති කියලා. නමුත් එහෙම හිතන්න එපා. ඒ එයාලගේ රාජකාරිය එයාලට වැඩක් නැති වෙලාවෙදිවත් එයාල රිලැක්ස් වෙන්නෙ නැතුව එයාලගෙ රාජකාරිය දිගටම කරගෙන යනවා. එහෙම රාජකාරි කරන වෙන කවුරු හරි ඉන්නවනම් ඒක පුදුමයක් වේවි

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. යක්කු බැඳගෙන වගේ තමයි වැඩ කරන්නේ. හැබැයි අනිත් වෘත්තිකයොත් ගොඩක් වෙලේට යක්කු බැඳගෙන වගේ වැඩ කරනවා. ඒක හේතුවක් කරගෙන ලෙඩ්ඩුන්ට, ලෙඩ්ඩු බලන්න එන අයට ගණන් උස්සන එක තමයි අවුල. මොකද ඉස්පිරිතාලෙට එන්නේ මිනිහෙක් අසරණ වෙලා. ඒ අසරණකම තවත් තීව්‍ර කරනවා අර වගේ හැසිරීමකින්.

      පෞද්ගලික රෝහලකදී ඔය කස්ටිය හරි හොඳට හිනාවෙලා වැඩ අඩු පඩිත් අරන්!

      මගේ බ්ලොග් එකට ඇවිත් කමෙන්ට් එකක් දාලා දීපු සපෝට් ඒකට නම් බොහොම ස්තුතියි.

      Delete
    2. ////පෞද්ගලික රෝහලකදී ඔය කස්ටිය හරි හොඳට හිනාවෙලා වැඩ අඩු පඩිත් අරන්////
      අම්මප සඳුං කොලුවෝ, උඹේ කටේ ඔබන්න පෙට්‍රෝල් බෝතලයක් මම මේ හෙව්වේ
      (දැං කාලේ රත්තරං වලටවත් නැති වටිනාකමක් පෙට්‍රෝල් වලට තියෙනවලු ඈ! ඒකයි)
      ඇත්ත කතාව බං, පෞද්ගලික රෝහල් වල නර්ස් ලා හිනා මූණ දාගෙන, බැණුම් අහගෙන කඹුරන හැටියට උන්ට වටිනාකමක් ඒ පඩියෙන් ලැබෙන්නේ නෑ. පව්.
      ඒත් මේ රජයේ රෝහල් වල ඉන්න එවුන් ලැබෙන පඩියට හරියන්න වැඩක් කරනවද කියලවත් හිතන්න බෑ. මෙලෝ රහක් නෑ.

      Delete
    3. දැක්කනේ පහුගිය දවස් වල කට්ටිය අහිංසක ලෙඩ්ඩු ප්‍රාණ ඇපේට අරන් නටපු නාඩගම.

      Delete
    4. හප්පේ!!! ඒකත් ඇත්ත නේන්නං.

      Delete
  7. අපෝ වැඩි හරියක් නර්ස්ලා ඔහොම තමා.... මටත් ඒ ගැන අත්දැකීමක් තියෙනවා. අපේ අම්මව සර්පයෙක් දෂ්ට කරලා ඉස්පිරිතාලේ ඉන්නකොට මම ලග හිටියා. එතැනදී හොදට දැන ගත්තා නර්ස්ලගේ වැඩ කිඩ. මැරෙන්න වැටෙන ලෙඩෙක් දිහාවත් ඇහැක් ඇරලා බලන්නේ නැති නර්ස්ලත් ඉන්නවා. ඔය අතර ඉතිං බොහොම කරුණාවන්ත අය නැතුවමත් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි. අඩු වැඩි වශයෙන් මං කියන දේ එක්ක ගොඩක් අය එකඟයි.

      බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට.

      Delete
  8. මම නම් පලවන කොටස දකින්නෙ වෙන විදියකට ඒක මගේ අනියත බිය හා වෛද්‍ය සේවය පොස්ට් එකෙ දාලා තියනවා .

    …දෙවන කතාවත් මම … ව්‍යාග්‍රා සහ හොට් චොකලට් ලියලා තියනවා

    …මේ ලිපියත් හොඳයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත...

      හැම දෙයක්ම සාපේක්ෂයි. පුද්ගලික රෝහල් අපිට ආදරේ අපි සල්ලි ගෙවනකම් විතරයි කියන කතාව මමත් පිළිගන්නවා. ඒක නිසානේ අසරණ අපි රජයේ රෝහලට යන්නේ. එතැන ඉන්න එවුවො මාර සේනාව වගේ නම්........

      බලාගෙන ගියාම පට්ට පතුරු ගහපු කතාවක්නේ මම පොර වගේ ලියලා තියෙන්නේ....ඒක නිසා මුල් කතෘ හැමටම මගේ ප්‍රණාමය!

      Delete
  9. ඇත්තට කරුණාවන්ත වෙන්න ඕනෙම අය ඔය වගේ හැසිරෙන්නේ ඇයි කියන එක නම් මටත් හිතාගන්න බෑ බං.

    ReplyDelete
    Replies
    1. එකක්, එයාලට තියෙන වැඩ ලෝඩ් එක, අනික ඒ මිනිස්සු ඒ රස්සාව කරන්නේ තෘප්තියකින් තොරව....ගෙවීම් මදි, පහසුකම් නෑ..

      ඒකට විසදුම අහිංසක ලෙඩ්ඩුන්ට කඩා පනින එක නෙවෙයි, වගකිවයුතු එවුන්ට කඩා පනින එක. කරුමෙට උන් ඒක නෙවෙයිනේ කරන්නේ...

      Delete
  10. කියලා වැඩක් නෑ ගලපාත අයියේ. අපේ අම්ම ඇක්සිඩන්ට් වෙලා ගෙනිච්චා හොස්පිටල්. ඩොකාට දෙකක් අනින්න හදනකම් ඌ හෙල්ලුනේ නෑ. නර්ස්ලා කියලා වැඩක් නෑ ඉතින්. ඔය සුළු සේවක සෙට් එක ඉන්නවා නේද .. 100ක් 200ක් වගේ වියදම් කලොත් ඔන්න එයාලා ලවා වැඩේ කරවගන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ, :D
    පොලිසිය ඉස්පිරිතාලේ බැංකුව ඔන්න ඔය තැන තුනේ නම් අඳුරන එකා ගානේවත් සෙට් කරගෙන තියාගන්න ඕනි. නැත්නම් ගියාම කාලේ කනවා කිසිම තේරුමක් නැතුව. ! නියමයි සුපිරියි !

    ReplyDelete
    Replies
    1. අනිවා මල්ලි,

      මගේ වයිෆ්ව වතාවක් හදිසියේ ඇඩ්මිට් කරන්න උනා රෑ 8ට විතර. දොස්තර කියලා කියන්නත් බැරි වලහැඩියෙක් අපිට කෑ ගැහුවේ හරිම අසික්කිත විදිහට. පස්සේ හේතුව හොයලා බැලින්නම් අපි කලින් චැනල් කරලා තිබුන ඩොක්ටර් මේ වලහැඩියගේ විරුද්ධ පැත්තෙලු.

      මම ඒ ගැන අනිවා පෝස්ට් එකක් දානවා තැන, විස්තර සහිතවම.....

      Delete
  11. //ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගොඩ වැදුන ගොඩක් දෙනෙක් කියයි එයාලටත් මේ අත්දැකීම ජිවිතේ එක පාරක් හරි ලැබිලා ඇති කියලා.//

    මගේ නෑදැ සහොදරියක්, බබාව සීසර් කරල අරන්, බඩේ තුවාල රිදෙනවා කියල අමාරුවෙන් අඬද්දි, ලඟට ආපු නර්ස් නෝනෙක් බැන්නා, 'මේ, මේක ලෙඩක් නෙවි නේ? බොරුවට කෑ නොගහ ඉන්න' කියල. කථා කරල වැඩක් නැහැ. බහුතරය අමනුස්සයෝ... ඒ අතර මනුස්ස පරාණයක් දෙකක් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. කතා කරලා වැඩක් නෑ නංගි. ඕකුන්ව හදන්න බෑ.

      Delete