පොඩි උන් හරි අහිංසකයි, හයක් හතරක් තේරෙන්නේ නෑ. ඉතින් ගොඩක් වෙලාවට මේ
පොඩි උන් මහ උන්ගේ රෙදි ගලවනවා උන්ගේ ළාමක කතා වලින්. මේ ඒ වගේ සිද්ධි
දෙකක් සහ තවත් එක සිද්ධියක් ගැනයි.
අපේ ළඟ ගේක හිටියා හුරුබුහුටි කොළු පැටියෙක්. ඒ කාලේ කොල්ලට අවුරුදු 3ක් ඇති වැඩිම උනොත්. දවසක් අම්මා කාටද මන්දා බැනලා ගෙදරදි. කොළුවා ඇවිත් අපේ (අපේ කිව්වට ජනතා සන්තක කරලා නෑ ඔන්න. තනිකරම මගේ තනි අයිතිය!) නෝනට කියනවා සිද්ධිය,
අපේ ළඟ ගේක හිටියා හුරුබුහුටි කොළු පැටියෙක්. ඒ කාලේ කොල්ලට අවුරුදු 3ක් ඇති වැඩිම උනොත්. දවසක් අම්මා කාටද මන්දා බැනලා ගෙදරදි. කොළුවා ඇවිත් අපේ (අපේ කිව්වට ජනතා සන්තක කරලා නෑ ඔන්න. තනිකරම මගේ තනි අයිතිය!) නෝනට කියනවා සිද්ධිය,
"බලන්න පොඩි අක්කේ, අපේ අම්මා අද *****ට බැන්නා ගෙදරදි. රෝස බල්ලා, රෝස බල්ලා කියලා තමයි බැන්නේ"
පොඩි එකා අර හුරතල් හඬින් කියනකොට අපි කටවල් තදකරන්
හිටියා හිනාව වැඩි කමට. පොඩි එකාට රෝස කියලා ඇහුනේ මොන වචනෙද කියලා ඔහෙලට
තේරෙනවා ඇතිනේ? නොදන්න කට්ටිය දන්න කෙනෙක්ගෙන් අහගත්තොත් හොඳා.
දෙවෙනි කතාව සිද්ධ වෙලා තිබුනේ අපේ ඔෆීස් එකේ යාලුවෙකුට. එතැන පොඩි කෙල්ලෙක්! පොඩි එකා නැන්දලගේ මිදුලේ සෙල්ලම් කරනකොට මාමා නැන්දට නොසෑහෙන්න බණිනවලු. ඕක අහන් හිටපු පොඩි එකී ගෙදර ඇවිල්ලා අම්මගෙන් අහනවලු,
දෙවෙනි කතාව සිද්ධ වෙලා තිබුනේ අපේ ඔෆීස් එකේ යාලුවෙකුට. එතැන පොඩි කෙල්ලෙක්! පොඩි එකා නැන්දලගේ මිදුලේ සෙල්ලම් කරනකොට මාමා නැන්දට නොසෑහෙන්න බණිනවලු. ඕක අහන් හිටපු පොඩි එකී ගෙදර ඇවිල්ලා අම්මගෙන් අහනවලු,
"අම්මේ, අම්මේ, ඇයි මාමා නැන්දට මුට්ටි, මුට්ටි කියලා බනින්නේ?"
කාලා වරෙන් මඩු මාළු කිව්වලු. ඒක නිසා පොඩි උන් ඉන්න තැන් වල කතා කරද්දි කට පරිස්සම් කරගත්තොත් හොඳයි! ඒ වගේම තමයි දෙමව්පියොත් තමන්ට පොඩි දරුවෝ ඉන්නකොට ටිකක් පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ. වතාවක් අපි දන්න අදුනන ගුරුතුමියක් හරහා දැනගත්ත කතාවක් මේක.
මේ ගුරුතුමියගේ පන්තියේ (එක වසර හෝ දෙක වසර) හිටියා එක්තරා පිරිමි දරුවෙක්. මේ දරුවා දවසක් ඉස්කෝලෙට සෙල්ලම් බඩුවක් ගෙනත් අනිත් දරුවන්ට පෙන්නනවා. අහම්බෙන් වගේ මේ සෙල්ලම් බඩුව දැක්ක වයෝවෘද්ධ ගුරුතුමියට ඉහමොළ රත් උනා. සෙල්ලම් බඩුව වෙන මොකක්වත් නෙවෙයි, ඩිල්ඩෝ එකක්. දරුවට මේ උපකරණයේ බැරෑරුම්කම නොදැනෙන විදිහට ඒක තමන් අතට ගත්ත ගුරුතුමී දෙමාපියන්ට පණිවිඩයක් යැව්වා වහාම මුණගැහෙන්න එන්න කියලා. අම්මා විතරයි ආවේ. බැලින්නම් තාත්තා රට. තනියට තියාගන්න සැමියා එවපු එකක් කියලා ඒ කාන්තාව කිව්වලු. (ඒක අපිට කොහොමත් වැඩක් නෑ. ඒක ඒ දෙන්නගේ ජිවිතයනේ!)
අපේ ගුරුතුමී තරුණ පහේ මේ අම්මට එයාගේ උපකරණයත් දීලා පොඩ්ඩක් අවවාද කරලා යැව්වලු දරුවෝ අතට මේවා පත්වෙන්න දෙන්නෙපා කියලා. ඒක නිසා මොනවා කරත් තමන් දිහා බලලා හැදෙන දරු පිරිසක් ඉන්න බව මතකේ තියන් වැඩ කරන එක යහපත්!
පසුව ලියමි!
මේක මම කාලෙකට ඉහත අන්තිම පේලියට ලිව්ව පෝස්ට් එකක්. ඒ පෝස්ට් එකේ කමෙන්ට් වල ගොඩක් මේ වගේම අත්දැකීම් ගැන ලියලා තිබුනා. කැමති කෙනෙක් මෙතනට ගිහින් ඒ ටික කියෙව්වට පාඩු නෑ. ඒ වගේම රෝස, රෝසි, මුට්ටි කියන වචන වලට ඒ පෝස්ට් එකෙන් පස්සේ සෑහෙන ඉල්ලුමකුත් ඇති උනා. ඒකෙ ක්‍රෙඩිට් එක අර පොඩි උන් දෙන්නට යන්න ඕනේ.
මේක ආයෙම ලියන්න හේතු උනේ මෙන්න මේ පෝස්ට් එක කියවපු නිසයි.
ඒක ඇත්ත.
ReplyDeleteඅනිවාර්යයෙන්ම...
Deleteඒ පොඩි උන් දෙන්නට මේ වගේ පෝස්ට් වලට තව තව මාතෘකා දෙන්න වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරාන්නේ නෑ . හැක හැක
ReplyDeleteමම අදමද කොහෙද ආවේ . සුභ පතනවා.
රෝසා කතාව කියපු පොඩි එකා නම් දෙමව්පියන්ගේ වැරදි නිසා බොහොම දුක් වින්දා. දැන් නම් ඒ පොඩි එකා ටිකක් සතුටින් ඉන්නවා. අවාසනාවට අම්මා තාත්තා දෙතැනක.
Deleteදරුවෝ එක්ක ජීවත් වෙනවා කියන එක සහකරු හෝ සහකාරිය එක්ක ජීවත් වෙනවට වඩා අමාරුයි. ඕක හැබයි පරිසරය අනුව වෙනස් වෙනවා.
ReplyDeleteඒක නම් සහතික ඇත්ත අයියේ.. තාම නම් දරුවෝ නෑ. හැබැයි දරුවෙක් ඉන්න කාලෙට දැන් ඉන්නවා වගේ ඉන්න බෑ කියලා නම් තේරෙනවා.
Deleteපොඩි එවුන් ප්‍රශ්න කරන වයසනේ. දෙමාපියන් දැනගන්න ඕනෑ දරුවන් ඉදිරියේ හැසිරෙන්න ඕන විදිහ.
ReplyDeleteඑහෙම නුනම තමා අර ගුරුතුමිය වගේ සමාජයේ අනික් අය පොඩි එවුන් ඉදිරියේ අසරණ වෙන්නේ.
Deleteහම්මෝ, ඕක හරියට බිම්බෝම්බ වැලලූ බිමක පිණුම් ගහනවා වගේ. ෆුල් අලර්ට් එකේ ඉන්න ඕනෙ.
ReplyDeleteනියම උපැහැරණේ හෙන්රි අයියේ....
Deleteදෙමාපියන් දැන ගත යුතුයි මේවා.. දරුවෙක් පාසලට ගිහිල්ල රෝස රෝස් කියල ටීචර් ට කිව්වොත් කොහොමද?
ReplyDeleteඑහෙම කියන උනුත් නැත්තේම නෑ.
Deleteඅපේ ගෙවල් ළඟ ගෙදරකත් ඉන්නවා ඔයවගේ පොඩ්ඩෙක් .. බුදු අප්පේ කියන කුණුහරප ! හැක් ඒ ලමයවනං කොහෙවත් එක්ක යන්න පුළුවන් තත්වෙක නෑ ..මේ ලඟදි දවසක් මගෙන් ඇහුවා අඩෝ *** පිස්සුද කියලා හි හි
ReplyDeleteඔය වගේ පොඩ්ඩෙක් හදි ගැහුණම ලැජ්ජාව අපිටයි.
Deleteඕකනං සෑහෙන්න පරිස්සං වෙන්න ඕන කේස් එකක් තමයි.
ReplyDeleteඅත්දැකීමෙන්ද මන්දා කියන්නේ.....
Deleteදරුවන් අතර දෙවියන්සේ හැසිරෙන්න කියලා කියමනක් තියනව නේද
ReplyDeleteවෙන්න ඕනේ.. අදටත් මට අම්මා තාත්තා දෙවියෝ වගේ පේන්නේ එයාලා එහෙම හැසිරුණ නිසා වෙන්න ඇති.
Deleteඒක නම් ඇත්ත. දරුවොත් එක්ක ඉන්නකොට බොහොම පරිස්සමෙන් තමයි ඉන්න ඕනි. දේවල් අහුලා ගන්න වයසනේ....
ReplyDeleteඅනිවාර්යයෙන්ම....
Deleteඑල කතාව... ඕක ඇහුවම අපේ ගෙවල් ලඟ හිටපු පොඩි එකෙක්වත් මතක් වුණා. බුවා එතකොට එක වසරෙ. මතක් වෙද්දිත් හිනා යනවා. බුවාගෙ සිද්දි නම් කෝටියයි. එකක් කියන්නම්කො. දවසක් පොඩි එකා ඩිස්කවරි එකේ බලනවා ගෙම්බො බිත්තර දාන සීන් එකක්. කස්ටිය දන්නවනෙ ගෙම්බො බිත්තර දාන්නෙ පශ්චාත් බාගෙ පැත්තෙන් කියලා. ඔන්න බුවා ඕක බලන අතරෙ පොරගේ තාත්තා ආවා ගෙදර. තාත්තා මූට පොඩි සද්දයක් දැම්මා.. "මොකෝ ටීවි බල බල ඉන්නේ, පාඩමක් කරන්නෙ නැද්ද" කියලා... මෙන්න පොඩි එකා ගත් කටටම කියපි, "අනේ.. මේ.. උඹ කට වහගෙන හිටපන්.. පු***න් ආපු එකා..."
ReplyDeleteඔව් ඔව්... ඔය පොඩි එකාගේ කතා ටිකත් හෙමිහිට අත ඇරලා දාමු අපි....
Deleteපොඩි අය ඔහොමම තමා. ලොකු ඈයෝ දැන ගන්න එපැයි ඉතින් උන් ඉන්න තැන හරියට හැසිරෙන්න සහ කථා කරන්න....
ReplyDeleteඑකෙන්ම නගෝ එකෙන්ම...
Delete