Thursday, July 11, 2013

06. ආදරේ.. | The Love...


සින්නක්කර ආදරේ
ජීවිතය
පලාගිය මොහොතක
උකස් බඩු කඩේ
වැඩ කරන
නුඹේ දෑස්
කතා කල
සොඳුරු බව
මට තාම මතකයි..

මගේ හිතේ
තනිකම
හැකිද එලවන්ට
නුඹ හට...
ඒ උනත්
ඈට දුන් හදවතේ
රැඳුනු මගේ ආදරේ
පොළී පිට පොළී
පැටව් ගසනා
මොහොතකදී
හැකිද මට
කළඳක්වත්
තබනු
උකසට
නුඹ වෙතට...

 
2008.12.28 දින එක්සෑම් අස්සේ කොළ කැල්ලක ලියූ කවියක් ආයෙම බ්ලොග්ගත කරන්න හිතුණා.ඒත් එක්කම වගේ මේ වගේ සිදුවීමක් පාදක වෙච්ච ලස්සන චිත්‍රපටියක් ගැනත් පොඩ්ඩක් කියන්න ඕනේ කියලා හිතුණා.

චිත්‍රපටියේ නම - වින්නත්තාන්ඩි වරුවායා (Vinnaithaandi Varuvaayaa)
අධ්‍යක්ෂණය - ගෞතම් වාසුදෙව් මෙනන්
තිරගත වූ වසර - 2010
සංගීතය - ඒ. ආර් . රහමන්
රංගනය - සිලම්බරාසන් රාජේන්ද්‍රන් සහ ත්‍රීශා ක්‍රිෂ්ණන්
IMdb දර්ශකය - 7.4/10




මදුරාසියේ ඉන්න කාර්තික් කියන හින්දු තරුණයා තමන්ගේ කුලී නිවෙස් හිමියගේ තරුණ දුවට ආදරේ කරන්න පටන්ගන්නවා. ජෙසී නම් මේ තරුණිය මලයාලි තරුණියක්. ඒ වගේම ඇය කතෝලික. ඔවුන් ඉතාම සම්ප්‍රදායික පවුලක්. ඉතින් තමන්ට වඩා වසරකින් බාල කාර්තික් එක්ක පෙමෙන් වෙලෙන්න ජෙසී කැමති වෙන්නේ නෑ. හැබැයි ඇයට ඔහු නැතිවත් බෑ. ඒක නිසා ජෙසී කාර්තික්ට කියනවා සහෝදරයෙක් හැටියට ඇයව ඇසුරු කරන්න කියලා. හැබැයි කාර්තික්ට ඇය ඇරෙන්න අනික් ඕනෙම කෙනෙක් සහෝදරියක් ලෙස සළකන්න පුළුවන් තරමේ ආදරයක් ඒ වෙනකොටත් ඇතිවෙලා.


කොහොමින් හරි මේ දෙන්නා අන්තිමට පෙම්වතුන් වෙනවා. නියම ප්‍රශ්න පටන්ගන්නේ ඊට පස්සේ. ආදරය, ජීවිතය, වෘත්තීය සහ සමාජ පසුබිම් අතරේ මේ දෙන්නගේ ආදරයත් කුණාටු වලට අහුවෙන්න ගන්නවා. අන්තිමේදී කාර්තික්ට ජෙසීව අහිමි වෙනවා. මේ අහිමිවීම ලස්සන කතාවක් හැටියට තමන්ගේම චිත්‍රපටියකින් කාර්තික් අපිට ඉදිරිපත් කරනවා. මෙතැනදී අහම්බෙන් වගේ කාර්තික්ට ජෙසීව හම්බුවෙනවා. එතකොට ජෙසී කසාද බැඳලා. ඒ වගේම කාර්තික්ගේ ආදරය වෙනුවෙන් තව එක්කෙනෙක් බලාපොරොත්තු මෝදු කරගෙනයි ඉන්නෙත්.


රහමන්ගේ සුපිරිම සංගීත රටා වලින් හැඩ වෙච්ච මේ චිත්‍රපටිය තරුණ වයසේ පෙම් කරපු ඕනෙම කෙනෙක්ගේ හිත එක පාරම ඇඳලා බැඳලා තියාගන්න තරම් ලස්සන චිත්‍රපටියක්. 2010 පෙබරවාරි 26 දමිළ සහ තෙලිඟු මාධ්‍ය දෙකෙන්ම වෙනස් නළු නිළියෝ යොදලා තිරගත කරපු මේ චිත්‍රපටිය සුපර් හිට් එකක් උනා. 2012 පෙබරවාරියෙදි මේකේ හින්දි රිමේක් එක ආවා Ekk Deewana Tha කියලා ප්‍රතික් සහ ඇමි ජැක්සන් එක්ක. හැබැයි ඒක නම් එච්චර හිට් උනේ නෑ.


වෙලාවක් තියෙනවා නම් චිත්‍රපටිය හොයාගෙන බලන්න. මං හිතන්නේ නෑ පාඩුවක් නම් වෙයි කියලා. මොනවා හරි කවිය ගැනත් හිතුණා නම් ඒකත් පහලින් කොටලම යන්න.


පින්තූර - ගුග්ල් වෙතිනි

25 comments:

  1. විභාගේ අස්සේ වුණත් මාර අදහසක්නේ ගලපලා තියෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපට ගැන දැනුම්වත් කළාටත් ස්තුතිය්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින් අයියේ......

      Delete
  2. ඒ කාළේ මෙහම ලිව්වනම්. සුපිරි අනාගතයක් පැහැදිලියි...

    ReplyDelete
    Replies
    1. සුපිරි කෙසේ වෙතත් සුභ අනාගතයක් නම් ලබයි......

      Delete
  3. විභාගේ අස්සෙත් මෙන්න මෙයා කවි ලියල. නියමයිනේ.
    චිත්‍රපටිය බලලා තියෙනවා වගේ මතකයකුත් තියෙනවා.... ආයෙත් බලන්න ඕනි නිවාඩු පාඩුවේ.....

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් අන්තිම දවසේ ෆොටෝ කොපිය පාඩම් කරලා විභාග ලියපු උන්නේ... ඉතින් ඕවටත් වෙලාවක් තිබ්බා....

      Delete
  4. විබාග අස්සේ මං ලියලා තියෙන්‌ෙනම ලව් ලෙටරුයි කවියි තමයි ඉස්සර... විභාගෙට වැඩිය ඒවා ලියන්න ඇති.. හි හි...

    ඔය ෆිල්ම් එක මං බලලා තියෙනවා... දෙමල එක මං කිව්වේ... ඒක ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ඒ ලෙවල් කරන කාලේ ලව් ලෙටර් 400ක් විතර ලිව්වා. එකම එක කවියකුත් ලිව්වා. ඒක පත්තරේ මුල්ම පිටුවේ පළවුනා. මේ තමා මම ලියපු දෙවෙනි කවිය... අවුරුදු 29ටම කවි තුනයි ලියලා තියෙන්නේ.....

      Delete
    2. කිරි අප්පොච්චියේ මු කියන කෙප්ප. ඈ බං ගලපාත අයියේ කවි තුනනම් ලිව්වේ අර සනිකේ කවි ලිව්වේ වෙන ගල්පාතයෙක්ද ? හෙහ් හෙහ් හෙහ් හෙහ් (වීලු ඈ)

      Delete
    3. එහෙම කවි මඩු වල නම් ලියලා තියෙනවා. මම කිව්වේ බැරෑරුම් විදිහට ලියපු කවි....

      Delete
  5. ලස්සනයි ළමයෝ.. නිකං නාස්ති නොවි ඔන්න ඕවා ලියල දාපං

    ReplyDelete
    Replies
    1. //නිකං නාස්ති නොවි ඔන්න ඕවා ලියල දාපං//

      මොකක්ද අෆ්ෆා ඒ හරුපේ?

      Delete
  6. මැක්සා කවිය මචං.. ෆිල්ම් එක ගැන නම් කතා කරන්න පුලුවන් දවසක් උනත්.. අන්න ෆිල්ම්.... මතක් වෙද්දිත් ඇඬෙනවා.. ජෙසී කාර්තික්ට තමන්ගෙ ආදරේ කියන සීන් එක පට්ටයි.. මං ආස Tamil එකට.. ඒකෙ සිම්බු සිරාවට උගේ role එක කරනවා.. "hmm...she has lovely voice, often wears Saree, uses make-up rarely, hates to watch movies, she s Jessy..... " wow mchan, what a fantastic dialogues ..... maxxxaaaa.......

    ReplyDelete
    Replies
    1. හඃ හඃ....
      මට තාම මතකයි ෆිල්ම් එක මුලින්ම බලපු දවසේ මහා රෑ උඹ මට කෝල් කරලා කිව්වෙත් ඔය ටිකමයි.

      Delete
  7. විශ්වාස කරපං, අපිත් එක්කත් ඉන්නවා ටැමිල්නාඩු කොල්ලෙක් කර්තීක් කියලා. ඌත් ඔය වගේ කොක්කක් ගහගෙන මැරුම් කන්න ඔන්න මෙන්න ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ හෙන්රි අයියේ, ආලය අන්ධයි කියලා....

      Delete
  8. අද තමයි ඉස්සරවෙලාම මේ පැත්තෙ ආවේ සඳැසනම් සුපිරියි.

    ………මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලොකු ජෝන්..

      ඇවිල්ලා දෙන සපෝට් එක රටක් වටිනවා....

      Delete
  9. පද ගැල්පිල්ල ලස්සනයි. ඒ වගේම චිත්‍රපටිය ගැන විස්තරෙත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.....

      Delete
  10. හැක හැක හැක කයියන් කොලටියන් මනහරයන් සුපිරියන් ! :D චිත්තර පටියන් දෙමල එවායන් මම නොබලම්.. ජය වෙයන් ! :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කමෙන්ටුවට...

      මලයා දෙමළ චිත්‍රපටි නොබලන පදනම ඒවා දෙමළ නිසාද? ඇත්තම කිව්වොත් ලංකාවේ කයිය ගහන චිත්‍රපටි අධ්‍යක්ෂවරුන්ට හැරෙන්නවත් බැරි චිත්‍රපටි ඉන්දියාවේ හැදෙනවා. පුද්ගලිකව මමත් ඉන්දියාවට කැමති නෑ. ඒ උනාට රස විඳින්න පුළුවන් දේ රස විඳින්න එපැයි.

      උදා: සනි ලියොන් සහ ගීතා ආන්ටි...

      Delete