ඔෆීස් එකේ නෙට් බ්ලොක් කරලා. ගෙදර ගියාම විවේකයක් නැහැ. ඒක නිසා බ්ලොග් එක පාළුවටම ගිහිල්ලා. මේ මාසෙට මුකුත් ලිව්වෙ නැහැ. හිස් කොලේ වගේ තියන්න බැරි නිසාම පරණ කතාවක් අරන් ආවා අදට. ඉක්මණටම ආයේ යථා තත්වෙට එන්න බලමු!
Friday, November 29, 2013
24. පුනරුත්ථාපනය | Rehabilitation
Wednesday, October 23, 2013
23. විටි විටි පෝ නායේ..
චන්ද්‍රිකා ජනාධිපතිනිය එක පාරටම UNP ආණ්ඩුවේ තිබ්බ අමාත්‍යංශ තුනක් එයා යටතට පවරාගත්තා මතකද 2003දි විතර? අන්න එදා ඕක මහා රෑ 10.30ට විතර බ්‍රේකින් නිව්ස් එකක් හැටියට TV එකේ කිව්වා. මම එවෙලේ ජාතික රූපවාහිනිය බල බල හිටියේ. මේ ප්‍රවෘත්තිය කියලා ඉවර වෙනවත් එක්කම මෙන්න යකෝ දෙමළ චිත්‍රපටියක් පෙන්නපි සිංහල උපැසිරසිත් දාලා. එදා තමයි මම දෙමළ චිත්‍රපටියක් මුලින්ම බලපු දවස. කතාව කොච්චර ත්‍රිල්ද කියනවා නම් ඊට පස්සේ දිගටම අද වෙනකම් දෙමළ චිත්‍රපටි බලනවා ආතල් එකට.
![]() |
මේක තමා අර බලපු චිත්‍රපටිය. විසිල් කෝටියයි! |
Thursday, October 10, 2013
22. පච්ච කතා | Tattoo Stories
බොබ් කිකිළි ගැන කියපු වෙලේ අපේ Dude මරු කතාවක් කියලා තිබුනා බොබ් පච්චේ ගැන. කොහොමත් Dude පච්ච කතා කියන්න රුසියා බව දැනගත්තේ ඇන්ඩි ගහපු පච්චේ ගැන කියෙව්වට පස්සේ. ඕකෙන් මේකෙන් මටත් හිතුනා අහලා තිබුන පච්ච කතාවක් දෙකක් කියලා දාන්න. පච්ච ගහන එක දැන් නම් ඉස්සර වගේම අසීරු වැඩක් නෙවෙයි හින්දද කොහෙද දැන් ගොඩක් එව්වෝ පච්චයක් කොටාගන්නවනේ.
![]() |
http://4.bp.blogspot.com |
Thursday, October 3, 2013
21. බොබ් කිකිළි | Bob The Hen
මේ
දවස් වල කිසිම දෙයක් ලියන්න හිතට ෆිට් එකක් නෑ අෆ්ෆා. අනේ මන්දා ඇස්වහක් කටවහක් වැදිලද කියලා. ඒ උනාට ඉතින් අමාරුවෙන් අටෝගත්ත
බ්ලොග් එක පාළුවට යන්න දෙන්නත් බැරි නිසා කලින් අහපු කතාවක් අරන් ආවා.
![]() |
හත්මාළුව බ්ලොග් reader එකේ Android App එකේ screenshot එකක් |
Thursday, September 26, 2013
20. ඇග්රෝනොමි ඩීන් | Agronomy Dean
කැම්පස් හිටපු කාලේ ජිවිතේට ලොකු අත්දැකීම් දුන්න කාලයක්. ඒ වගේම විවිධාකාර ජාතියේ පොරවල් අදුනගන්න ලැබුන කාලයක්. අපි ඉතින් කොහොමත් වලට බර - පොතට හොර සෙට් එකේ උන් නිසා අපිත් එක්ක සෙට් උනෙත් එහෙම උන්ම තමයි. අදටත් ඉඳලා හිටලා හරි කෝල් එකක් දීලා හරි කතාකරන්නේ අන්න ඒ සෙට් එකේ උන් තමයි. ඒ ජාතියේ සුපිරි හාදයෙක් - හොඳ මිතුරෙක් තමයි අපේ ඩීන් කොල්ලා. මේ ඇවිල්ලා ෆැකල්ටි ඩීන් නෙවෙයි, බැච් එකේ ඩීන්. පොරට ඒ නම වැටුන විදිහත් සුපිරියි.
තියෙන ජාති
ඇත්ත කතා,
කැම්පස් කතා,
බයිට්,
රස කතා,
හොස්ටල් කතා
Monday, September 23, 2013
19. බස් ඩ්‍රයිවර් | The Bus Driver
මේ දවස් වල බුකිය පැත්තේ ගියාම හැම තැනම තියෙන්නේ දේශක-යා ගේ මූනත් තහඩුවේ ආඩම්බර කතා ප්රවෘත්ති ගැනමයි. අපි හැමෝටම දේශක-යා තමන්ගේ පින්තුරේ එවනවා කියලා ඊමේල් දිගේ වෙන වෙන එව්වා එවලා. බලාගෙන ගියාම දේශක-යාට එක්කෝ මූණක් නැහැ, නැත්නම් මූණ තියෙන්නේ වෙන කොහේ හරි මෙන්න මේ වගේ.
කොහොමද? මම ලස්සනයි නේද? http://www.6speedonline.com |
Wednesday, September 18, 2013
18. ආතල් ජෙමා | Jema - The Fun Guy
ඉස්සර අපේ ගෙදර පොතක් තිබුනා "ජේමිස් බණ්ඩා" කියලා. මේ පොත ලියලා තිබුනේ ඩීමන් ආනන්ද මහත්තයා. ඉස්කෝලේ යන කාලේදී අපි ඉතින් ත්‍රාසජනක ජවනිකා වලට පණ ඇරලා නිසා මේ පොතේ එන ජේමිස් බණ්ඩා කියන වීරයටත් පට්ටම ලයික්. පොත කියවලා ටික කලක් ගිහින් තමයි දන්නේ ජේමිස් බණ්ඩා පොතට වඩා ජනප්‍රිය සිනමාවේ කියලා. මේ කියන ජේමිස් බණ්ඩා වෙන කවුරුවත් නෙවෙයි, අර ගිය ගිය තැන එක එක ගෑණු සෙට් කරගන්න ජේම්ස් බොන්ඩ් කියන හාදයා තමයි.
![]() |
http://pickuplabs.com |
තියෙන ජාති
ඇත්ත කතා,
කැම්පස් කතා,
බයිට්,
රස කතා,
හොස්ටල් කතා
Tuesday, September 10, 2013
17. හාමිනේ....ගමයා එයිද? | Peasant & Wood-Pecker ;-)
ගොඩක් අය දන්නවා ඇති මම බ්ලොග් ලියන්න අත්පොත් තිබ්බේ අන්තිම පේලියෙන් කියලා. අන්තිම පේලියේ කතා වලින් ආතල් ගත්ත එකෙක් හැටියට අන්තිම පේලියට ලියන්න ඕනේ කියලා පොඩි කැසිල්ලක් ඇවිත් හරියටම මිට අවුරුදු දෙකකට කලින්, ඒ කියන්නේ 2011 සැප්තැම්බරයේදී මගේ මුල්ම කතාව අන්තිම පේලියට ලිව්වා. නොදන්නා කට්ටියට දැනගන්නයි, අමතක වෙච්ච කට්ටියට මතක් වෙන්නයි ඔන්න ආයෙම ඒ කතාව මගේ බ්ලොග් එකේ කොටන්න හිතුනා.
Thursday, September 5, 2013
16. සුනෝජ්ලගේ අපේ මෙගා බයිට් | Mega Bites
මෙන්න බොලේ වැරදිලා ITN එක පැත්තේ ගියාම මිහිර සිරිතිලක ප්රවෘත්ති දිගේ හෙන අප්සෙට් ටෝකක් දෙනවා අඬාගෙන. හොයලා බැලින්නම් හිරු TV එකේ සුනෝජ් ප්‍රනාන්දු කරන මෙගා බයිට් එකේ මේ පාර මිහිරව ටෙරා බයිට් එකක් වෙලා.
![]() |
http://www.col3tube.com |
Friday, August 30, 2013
15. අයිරිෂ් රෝසි | The Irish Prostitute
හෙන්රි අයියගේ බ්ලොග් එක පැත්තේ ගියාම කියවන්න විතරක් නෙවෙයි බලන්න ලස්සන චිත්‍රත් ඇඳලා තියෙනවා. ඒක නිසා ඔන්න මමත් අද චිත්‍රයක් ඇඳලම වැඩ පටන්ගන්න හිතුවා. කොහොමද බලන්නකෝ චිත්‍රෙ. මල් හතයි නේද?
Monday, August 26, 2013
14. මැඩ්රාස් කැෆේ, නවී පිල්ලේ සහ ආසියාවේ සත්තුවත්ත | Madras Cafe, Navi Pillai & the Zoo of Asia
මැඩ්රාස් කැෆේ චිත්‍රපටිය ගැන හැමෝම කණින් කොණින් පොඩ්ඩ පොඩ්ඩ හරි අහන්න ඇතිනේ. මේ චිත්‍රපටිය එලියට එන්න කලින් ඉඳලම තමිල්නාඩුවේ ලොකු විරෝධයක් ඇති උනා මේක අපේ ආණ්ඩුවට පක්ෂව හදපු චිත්‍රපටියක් කියලා. චිත්‍රපටියේ සම නිෂ්පාදකයෙක් වගේම ප්‍රධාන නළුවා හැටියට රඟපාන ජෝන් ඒබ්‍රහම් මිට සති දෙක තුනකට උඩදි එක්තරා මාධ්‍යකට කියලා තිබුනා මේ චිත්‍රපටිය හදන්න අපේ ජනාධිපතිතුමා මුදල් දුන්නා කියලා තමිල්නාඩු හාදයෝ ගෙනියන කතාව තනිකරම බොරුවක් කියලා.
![]() |
www.idiva.com |
Monday, August 19, 2013
13. අපේ පුතා ආවා...... | Our Son is now with us
පහුගිය කාලෙම මේ පැත්තේ ගොඩවෙන්න බැරි උනා. ඒ මොකද දන්නවද? අපිට අළුත් අමුත්තෙක් ආවනේ....
අපි බලාපොරොත්තුවෙන් හිටපු ඒ ලස්සන කුමාරයා මෙලොවට වඩින සුභ මොහොත තිබුනේ අගෝස්තු 13වෙනිදා. මාස ගාණක් තිස්සේ ආසාවෙන් බලන්න පෙරුම් පුරපු ඒ සිඟිති මුහුණ ඔන්න ඉතින් දැකගත්තා.
මේ ඉන්නේ අපේ හුරතල් දරු පැටියා |
Friday, August 9, 2013
12. වචන ටැපලිලි | Word Complications
ඊයේ පොඩි නිවාඩුවක් දැම්මා. හැබැයි ඉතින් ගෙදර ඉන්න හම්බු උනේ නෑ, පාද පරිචාරිකාව එක්ක පාද චාරිකා කළා නුගේගොඩට පෞද්ගලික වැඩ ටිකක් කරගන්න. ඔන්න දෙහිවලින් කෝච්චියේ බැහැලා එලියට එනකොටම උඩහමුල්ල ඩිපෝවේ බස් එකක් තියෙනවා පිටේ 176 කියලා බෝඩ් එකකුත් ගහගෙන. ටක් ගාලා ඒකට නගිනකොටම ඇහෙනවා කොන්දා මහතා කටිටිය ලෝඩ් කරන නද,
"නගින්න, නගින්න හැත්ත හත පාර, හැත්ත හත පාර......"
![]() | ||||
මේ ලන්ඩන් වල කඩුවෙල - කොල්ලුපිටිය බස් එකක් www.londonbusesbyadam.com |
තියෙන ජාති
බාගෙට ඇත්ත,
රස කතා
Tuesday, August 6, 2013
11. සුරදූතිය නොහොත් ආදරයේ උල්පත | Angel of Love
චූටි බබෙක් දවසක්දා අහනවා දෙවියන්ගෙන් මෙන්න මෙහෙම,
“එයාලා කියනවා හෙට මාව මනුස්ස ලෝකෙට යවනවලු. මං මෙච්චර පොඩියට ඉඳගෙන, අසරණව කොහොමද එහේ ජීවත් වෙන්නේ?”
Wednesday, July 31, 2013
10. ආචාරශීලීව මූත්‍රා කරමු! | Pee Polite
Tuesday, July 23, 2013
09. අපි ලොව අංක එකේ ව්‍යාජ කිරි නිපැයුම්කරුවෝ වෙමු! | We are the #1 fake milk producers in the world
අපි ලොව අංක එකේ ව්‍යාජ කිරි නිපැයුම්කරුවෝ වෙමු!
මේනකා ගාන්ධි
දෙමව්පියනි, මම ඇපල් ගෙඩියක් ගෙන එය හොඳ හැටි වේලා ඇපල් පවුඩර් බවට පත්කරන්නෙමි. මාස කිහිපයකට පසුව මෙම වියළි ඇපල් චුර්ණයට ජලය හා රසායනික ද්‍රව්‍ය යොදා එය නැවත ඇපල් ගෙඩියක හැඩයට පත් කොට නැවුම් ඇපල් ගෙඩියක් ලෙස ඔබ හට විකුණමි. ඔබේ දරුවා වෙනුවෙන් එය මිලට ගන්නට ඔබ සුදානම්ද?
Friday, July 19, 2013
08. රෝසා, මුට්ටි සහ දෙමව්පියෝ! | Rosa, Mutti & Parents
පොඩි උන් හරි අහිංසකයි, හයක් හතරක් තේරෙන්නේ නෑ. ඉතින් ගොඩක් වෙලාවට මේ
පොඩි උන් මහ උන්ගේ රෙදි ගලවනවා උන්ගේ ළාමක කතා වලින්. මේ ඒ වගේ සිද්ධි
දෙකක් සහ තවත් එක සිද්ධියක් ගැනයි.
Wednesday, July 17, 2013
07. පටිච්ච සමුප්පාදය | Dhamma Drunkard
මේක සිද්ධ උනේ අපි කැම්පස් පළවෙනි වසරේ ඉඳිද්දි. ඉස්කෝල වල බෝ පැළ වගේ
හිටපු උන් කැම්පස් ඇවිල්ලා හැසිරුනේ හැම ආතල් වැඩේම කරපු, හැම දුරාචාරෙම
පුරුදු උන් වගේ.
තියෙන ජාති
ඇත්ත කතා,
කැම්පස් කතා,
රස කතා,
හොස්ටල් කතා
Thursday, July 11, 2013
Tuesday, July 9, 2013
05. නෝනා..මගේ නර්ස් නෝනා... | My Loving Nurse
හදිසියෙම අද අපේ රටේ ප්‍රධාන ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට යන්න උනා ලෙඩෙක්ව බලන්න. කාලෙකින් ඉස්පිරිතාලයක් පැත්තේ නොගිය නිසා අද තමයි කාලෙකට පස්සේ අපේ සෞඛ්‍ය ක්ෂේත්රය ලබලා තියෙන ආශ්චර්යමත් ප්‍රගතිය දැක්කේ. වාට්ටුව පුරාවට ලෙඩ්ඩු. ඇඳන් උඩ, පුටු බංකු උඩ ඒ වගේම බිමත් අහිංසක ලෙඩ්ඩු. "පාල"ගෙන් "සේන"ට විෂය මාරු උනාට මොකෝ ලෙඩ්ඩුන්ගේ තත්වය නම් එන්න එන්නම දුක්බර වෙලා.
Monday, July 1, 2013
04. මුද්දරප්පලම් | Sultana
මුද්දරප්පලම් කන්න කවුද ඉතින් අකැමැති? පුඩිමක්, කේක් එකක්, දොදොල් කෑල්ලක් කනකොට වගේම නිකම් අතේ තියන් කනකොටත් මාරම ගතියක් තියෙන්නේ. දවසක් දා අපිත් ඔය සතුටු සාමීචියකට සෙට් වෙලා ඉන්න වෙලේක හප හප ඉන්න මුද්දරප්පලම් වගයක් හම්බ උණා. නිකම් දෙනවනම් මන්න පාරක් හරි කන්න ලෑස්ති පිට ඉන්න අපිත් මුද්දරප්පලම් වලට වග කියන්න ගත්තා. ඒ පාර එතන හිටිය අපිට වඩා වයස සාමාජිකයෙක් දොඩමළු වෙන්න පටන්ගත්තා.
"ඔය මුද්දරප්පලම් ගැන රස කතාවක් තියෙනවා. ඇහුවොත් ආයේ දෙපාරක් හිතලා තමයි මුද්දරප්පලම් කන්නේ කට්ටියම...."
Wednesday, June 26, 2013
03. දත් දොස්තර කතා පුවත් | Stories of a Dentist
දවස් දෙක තුනකට කලින් ලාවට දතක් රිදෙන ගතියක් දැනෙන කොට මට එක පාරම දත් ටික පිරිසිදුව තියාගෙන ඉන්න එකේ වටිනාකම ආයෙම ඔළුවට ආවා. උඩු ඇන්දේ දෙපැත්තෙම දත ගානේ ස්නායුක පිරවුම් වලින් පුරවගෙන ඉන්න, තව දත් දෙකකත් පොඩි පොඩි පිරවුම් තියෙන නිරෝගී පුරවැසියෙක් වන මට ආයෙම පාරක් අර විදුලි පුටුවේ නගින්න වෙන බව මතක් උණාම ටිකක් විතර ඇඟ හීතල වෙලා ගියා. පුටුවේ නැග්ගත් කමක් නෑ, අර බුරුමේ වගේ හාරන උපකරණේ සද්දේ කන් කඩන් යනකොට තමා ඉවසන්න බැරි.
Monday, June 17, 2013
02. ජම්බෝ පීනට් | Jumbo Peanut
අදත්
උදේම කෝච්චිය එනකම් කරවැල් කොකා වගේ බෙල්ල දික් කරන් ඉද්දි මෙන්න එනවා සුරූපී ලලනාවක්
වේදිකාව දිගේ.
01. මගේ පෙරවදන...... | Introduction to Blog
ලියන්න තියෙන ආසාව කිසිම දවසක ඉවර වෙන එකක් නෙවෙයි. අබිං කන්න පුරුදු වෙච්ච එකා හැමදාමත් අබිං කන්න ඇබ්බැහි වෙලා ඉන්නවා වගේ ලියන්න පුරුදු වෙච්ච එකත් මොන මොනවා හරි ලියන්න තමයි උත්සාහ කරන්නේ. ඉස්සර වගේ කොළ වල අතින් ලියපු කාලේ ඉවර නිසා මටත් හිතුනා බ්ලොග් එකක් අටවාගෙන මොන මොනවා හරි ලියන්න.
Subscribe to:
Posts (Atom)