Monday, August 26, 2013

14. මැඩ්රාස් කැෆේ, නවී පිල්ලේ සහ ආසියාවේ සත්තුවත්ත | Madras Cafe, Navi Pillai & the Zoo of Asia

මැඩ්රාස් කැෆේ චිත්‍රපටිය ගැන හැමෝම කණින් කොණින් පොඩ්ඩ පොඩ්ඩ හරි අහන්න ඇතිනේ. මේ චිත්‍රපටිය එලියට එන්න කලින් ඉඳලම තමිල්නාඩුවේ ලොකු විරෝධයක් ඇති උනා මේක අපේ ආණ්ඩුවට පක්ෂව හදපු චිත්‍රපටියක් කියලා. චිත්‍රපටියේ සම නිෂ්පාදකයෙක් වගේම ප්‍රධාන නළුවා හැටියට රඟපාන ජෝන් ඒබ්‍රහම් මිට සති දෙක තුනකට උඩදි එක්තරා මාධ්‍යකට කියලා තිබුනා මේ චිත්‍රපටිය හදන්න අපේ ජනාධිපතිතුමා මුදල් දුන්නා කියලා තමිල්නාඩු හාදයෝ ගෙනියන කතාව තනිකරම බොරුවක් කියලා.

www.idiva.com
කොහොමින් කොහොම හරි තමිල්නාඩුවේ විශාල විරෝධතා මැද්දෙම මැඩ්රාස් කැෆේ තිරගත කිරීම ආරම්භ උණා. කොටි හිතවාදියෝ කොහොමින් කොහොම හරි මේ චිත්‍රපටිය තිරගත වෙන එක නවත්තන්න උත්සාහ කළා. කොහොමින් කොහොම හරි ඊයේ මේ චිත්‍රපටිය එංගලන්තේ ප්‍රදර්ශනය තහනම් කරගන්න ඔවුන් සමත් උනා. මේ ඒ ගැන විස්තරේ.

ඒ අව් අස්සෙම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ නෝනත් ලංකාවට ගොඩ බැස්සා. අප්‍රිකාවේ ඉපදිච්ච දකුණු ඉන්දීය සම්භවයක් ඇති මේ නෝනත් පහුගිය කාලෙම බලන් හිටියේ අපේ රටට කෙළවන්නේ කොහොමද කියලා. අපේ අයත් ඉතින් එයාට එන්න පාර කපලම දුන්නනේ. නවී පිල්ලේ නෝනා කියන්නේ එයා ආවේ විවේචනයට එහෙම නෙවෙයිලු. ඒක ඇත්ත! සද්ද වහලා ගිහින් හෙමිහිට පත්තු කරන්න වෙන්න ඇතිනේ එන්න ඇත්තේ. කොහොමින් කොහොම හරි තමිල්නාඩුව ප්‍රමුඛ සියළුම කොටි හිතවාදීන් දැන් ඉන්නේ මාරම චූන් එකේ වෙන්න ඕනේ.

http://www.thesleuthjournal.com
මේ හැම දෙයක්ම ඔළුවට වැටෙන අතරේ මිට මාස කිහිපයකට කලින් මම වෙනත් තැනක ලියපු පෝස්ට් එකක් ආයෙම බෙදාගන්න හිතුණා. අපිව පාලනය කරන්න එන, අපිට යහ පාලනය ගැන උගන්වන්න එන, අපේ ලොකු අයියා කියලා අපේම පාලකයෝ උඩින් තියාගත්ත ඉන්දියාව ගැන තමයි මේක ලිව්වේ. ඒකත් කියවලම යන්න.

ආසියාවේ සත්තුවත්ත!

http://paulkgillett.wordpress.com
අද (2013.03.07) උදේ වැඩට එන්න ලෑස්ති වෙන ගමන් එහෙන් මෙහෙන් හිරු ටීවී එකේ යන පත්තරේ විස්තරේට කණ පොඩ්ඩක් දාගෙන හිටියා. තමිල්නාඩුවේ කොටි හිතවාදියෝ මධුරෙයි වල මිහින් ලංකා කාර්යාලය පොඩි පට්ටම් කරපු කතාව, ගිනි තියාගත්ත දකුණු ඉන්දියානුවා මියගිය කතාව අස්සේ ජෙයලලිතා ජෙයරාම් නෝනා කියපු කතාවක් ගැනත් ඇහුනා. ඒ අම්මණ්ඩි කියනවලු ශ්‍රී ලංකාව සත්තු වත්තක් කියලා ප්‍රකාශ කරන්න කියලා. ජෙයලලිතට උත්තර දෙන්න විදේශ කටයුතු අමාත්‍යංශයක් තියෙන නිසා එයාලා ඒ වැඩේ හරියට (?) කරයිනේ. ඒ අතර අපිට සත්තුවත්ත කියන අයගේ මම දැකපු පොඩි පොඩි විනීත සීන් ටිකක් කියන්නයි මේ ලෑස්තිය.
www.elakiri.com
චෙන්නායි කියන්නේ තමිල්නාඩු අගනුවර. කාර්යාල වැඩකට මම එක වතාවක් දවස් තුනක් එහේ හිටියා. කාර් එකක් එක්ක රියැදුරෙක්ව කුලී පදනමට මට එහෙන් දුන්නා. මේ ඩ්‍රයිවර් හරි ෂෝක්. ඉංග්‍රීසි කොන්ජුම් කොන්ජුම් තෙරියුම්. ගොඩක් වෙලේට කතා කලේ හස්ත මුද්‍රාවෙන්, එහෙම නැත්නම් වචන දෙක තුනක් යොදපු ග්‍රාම්‍ය ඉංග්‍රීසියෙන්. මේ වැදගත් ඉන්දියානුවා කාර් එකේ සීට් ඔක්කොම තුවා වලින් ඔතලා තියෙන්නේ කුණු, දාඩිය ගෑවෙන එක වලක්වන්න. කාර් එකේ කාපට් එකට උඩින් පත්තර පිටු දාලා තියෙන්නේ මඩ, ජරාව ඇතුලට නො එන විදිහට. එතැනින්ම හිතාගන්න පුළුවන් කොහොම පරිසරයකද ඉන්දියානුවෝ ඉන්නේ කියලා.

 
ඔන්න මහ දවාලේ කුණු පිරිච්ච ටී නගර් පැත්තේ යනකොට ඩ්‍රයිවර් වාහනේ ටිකක් අයිනට කරලා නැවැත්තුවා. පිටකොටුවේ මේන් ස්ට්‍රීට් එකටත් වඩා ජනාකීර්ණ දෙනෝදහක් ගැවසෙන පාරේ තාප්පයක් අයිනට ගිය මිනිහා, පාරේ සෙනග ගැන වගේ වගක් නැතිව එහෙම්ම තාප්පෙට මුත්‍රා කළා. මිනිහා මූත්‍රා කරන තැනට අඩි පහක් විතර මෙහායින් ගණ දෙවියන්ගේ රූපයක් තාප්පේ ඇඳලා තිබුනා. දෙවියත් පාඩුවේ හිටියා. මගේ අවාසනාවට කැමරාව එලියට අදිනකොට වැදගත් ඉන්දියානුවා වැඩේ ඉවර කරලා අත කලිසමෙන් පිහිදාගෙන ආපහු ආවා. එහෙම්ම පාර පැන්න මෑන්ස් පාරේ දූවිලි කකා කෑම විකුණන පොරකගෙන් කෑම පාර්සලේකුත් අරන් කාර් එකට නැග්ගා.

http://www.chronicwriter.com
මම ඒ ගිය ගමන අහවර කරලා කාර් එකට එද්දි රියැදුරා කාර් එකේ සීට් එක උඩ තියාගෙන අර කෑම එක වළඳනවා. වැඩේ අහවර වෙනකම් මම ටිකක් එළියෙන් හිටියා තලු ගැහිල්ල නෑහෙන්න. හරි, කාලා ඉවරයි. ආයෙම කාර් එකට නැගලා ගමන ඇරඹුවා. කෑම එක හොඳද කොහෙද? මිනිහා ඕක් ඕක් ගගා එක දිගට උගුරෙන් රාම තෙල් අරින්න පටන්ගත්තා. ඔන්න පින්වතුනි අපිට සත්තුවත්ත කියන තමිල්නාඩුව! අනිත් රටවල්වල කේස් වලට අධෝ මුඛය ඉස් මුදුනේ තියන් බෙරිහන් දෙන මේ ඇත්තෝ තමන්ගේ රටේ ශ්‍රමිකයන්ට සළකන්නේ ඉතාම පහත් විදිහට. අපේ රියැදුරත් නූගත් කමේ ප්‍රතිමූර්තියක්. මිනිහගේ එකම වීරයා සිවාජි ද බොස්! උදේ පාන්දර ඉඳන් රෑ වෙනකම්ම කාර් එකට ජීවිතේ කැපකරන මේ ඉන්දියානුවාට තමන්ගේ මූලික සේවක අයිතිවාසිකම්වත් නෑ. අවසානෙදි මාව එයාපෝට් එකට ඇරලුවම මම දුන්න ඉන්දියානු රුපියල් පනහ මිනිහට ලක්ෂයක් වගේ.

 
චෙන්නායි එයාපෝට් එකේ රෑ තත්වයත් හරි වැදගත්. අපේ එයාපෝට් එක ඒ අතින් කොයි තරම් පිරිසිදුද, පිලිවෙළද, පොෂ්ද? රෑට හැමෝම කාඩ්බෝඩ් කෑල්ලක් හරි, පත්තර පිටුවක් හරි එලාගෙන අහුවෙච්ච තැනක දොයි. එයාපෝට් එක ඇතුලේ තියෙන කාර්යාල, වෙළඳසැල් වල වැඩ කරන සේවකයොත් ඒ වගේම බිම වැටිලා නිදි. තුන්වැනි ලෝකය හොඳටම පේන තැන එතැන. ඒ වගේම තමා කට්ටිය කෙළ ගහන්න ගියාම. ඉන්න තැන මොකක් උණත් ක්‍රාස් ගාලා කෙළ තලි පිටින් වටේම අත අරිනවා. අපිද සත්තුවත්ත?
 
වතාවක් කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් වල දුම්රිය පොලක අපි ඉන්නවා. සෙනග ට්‍රේන් එක එනකම් දුම්රිය වේදිකාවේ කරවැල් කොක්කු වගේ බෙල්ල දික් කරන් බලන් ඉන්නවා. මේ අතර සාරියක් ඇඳගත්ත ටිකක් මැදිවියේ ගෑණු කෙනෙක් හිටියා වේදිකාවේ අපි හිටපු කෙලවර කිට්ටුව. එක පාරටම මේ ගෑණු කෙනා හිටගෙනම තමන්ගේ කකුල් දෙක දෙපැත්තට පළල් කළා. පතුල් දෙක අතරින් මතු උන සුළු දිය ගඟුල ගිනියම් පොළව දිගේ රන් පැහැයට දිලිසෙමින් ගලා බසින කොට අපි මූණට මූණ බලාගත්තා.
 
මුම්බායි කියන්නේ ඉන්දියාවේ වෙළඳ අගනුවර. බන්ද්‍රා, ජූහූ වගේ මුහුද කිට්ටු ලස්සන තැන් කිහිපයක එයාලගේ සිහින වීරයෝ මාළිගා හදන් ඉද්දි මිලියන 21කට අධික ජනතාවක් මුම්බායි නගරයේ නින්දිත විදිහට ජීවත් වෙනවා. ගුවන් යානය මුම්බායි ගුවන් තොටට ගොඩ බස්සනකොට පලවෙනි පාරට යන ඕනේ කෙනෙක්ට හිතෙන්නේ ගුවන් යානය දැන් දැන් මුඩුක්කුවක වදීවි කියන හැඟීම. ඒ තරම් මුඩුක්කු වටේ පිටේ. සමහර මුඩුක්කු තට්ටු දෙකටත් හදලා. තමන්ගේ හිඟනකම SLUMDOG MILLIONAIRE චිත්‍රපටිය දිගේ ඩැනී බොයිල් ලෝකෙට පෙන්නුව එක ගැන මළ පැන්න ඉන්දියානුවෝ අද මුඩුක්කු පෙන්නලා ආදායම් හොයන්න පටන් අරන් තියෙන්නේ. කවුද සත්තු?

දන්න කියන තුන්දෙනෙක්ගෙ මාලිගා සමග අනිත් අයගේ වටපිටාව
මං ගත්ත පින්තූර

පාරේ යන වාහන දිහා බැලුවොත් හැමෝටම පේන විශේෂ යමක් තියෙනවා. ඒ තමයි එයාලා පැති කණ්නාඩි භාවිතා නොකරන වග. ගොඩක් වාහන වල පැති කණ්නාඩි වහපු ගමන්. තව බහුතරයක් ඒවා ගලවලා. යතුරු පැදි, ත්‍රීවිල් වල ඇත්තෙම නෑ. පාරේ යන එන කොට සංඥා දීම, මාර්ග සංඥා පිළිපැදීම ගැන වගේ වගක් නෑ. හෝන් එකේ බලේට තමයි වාහනය ඉස්සරහට යන්නේ. මෝටර් සයිකල් වල හෙල්මට් ඇත්තෙම නෑ. සමහර ප්‍රාන්ත වල නම් පදින එකා හෙල්මට් එක දාන්න ඕනෙලු. කර්ණාටක, තමිල්නාඩු සහ මහාරාෂ්ට්‍රා ප්‍රාන්ත තුනේදීම එකෙක්වත් හෙල්මට් දාගෙන හිටියේ නෑ.නීතිය වල් වැදුන තැනක ඉඳන් වෙන සත්තු ගැන කොහොම කතාකරන්නද?
 
තව ගොඩක් දේ තියෙනවා ලියන්න. නමුත් වෙලාව මදි. මේ දේවල් මෙහෙම වෙන්න අපේ පාලකයෝ,  එයාලා පත් කරලා යවපු විදේශ නිළධාරිනුත් වග කියන්න ඕනේ. පුංචි උදාහරණෙකින්ම ඉවර කරන්නම්. මුම්බායි රට තොට බලන්න ගිය ටැක්සිය එලෙව්වේ රාජ් කියලා තමිල්නාඩුවේ දෙමළ ජාතිකයෙක්. රාජ්ගේ සීයා යාපනයේ ඉඳලා යුධ කලබල අස්සේ තමයි තමිල්නාඩුවට පැනලා ගිහින් තිබුනේ. මේ නූගත් රියැදුරා ලංකාව ඇහැට දැකලත් නෑ. ඒ උනාට මිනිහගේ වීරයා තමයි නන්දිකඩාල් වලදී වෙඩි කාලා මැරිච්ච පිරුබාහරන්. මම සිංහල කිව්ව ගමන් රාජ් මුලින්ම කැළඹුනා. රාජගේ සේවා කාලය ඇතුලේ වැඩ කරන්න සිද්ධ වෙච්ච මුල්ම සිංහල මිනිහා මම. ගමන ඉවර උණාම රාජ් මට කියනවා, සිංහල මිනිස්සු නපුරු, ජරා ජාතියක් හැටියට තමයි මෙච්චර කල් හිතන් හිටියේ. ඒත් දැන් එහෙම නෙවෙයි කියලා හිතෙනවා කියලා. කොච්චර සමීපකමක් ඇති උනාද කියනවා නම් රාජ් මට එයාගේ පවුලේ උදවිය පවා අඳුන්වලා දුන්නා. පෝලියෝ නිසා ආබාධිත වෙලා ඉන්න රාජ්ගේ නංගි සැරින් සැරේ කතා කරලා රට තොට බලන ගමන තව තව හොඳ එකක් බවට පත් කරලා දුන්නා.


කාගෙද එතකොට වරද? මගේද? රාජ්ගෙද? අපිව ඇහැටවත් දැකලා නැතිව විරෝධය පාන තමිල්නාඩු මිනිස්සුන්ගෙද? එහෙම නැත්නම් මේක කියවන අපේ කට්ටියගෙද? මට හිතෙන්නේ තාමත් අපි ශ්‍රී ලංකාව ගැන, සිංහලයා ගැන අනෙත් ජාතින්ට හරියට තේරුම් කරලා දෙන්න අපොහොසත් වෙලා කියලයි. ඒක කරන්න ඕනේ කට්ටිය ඒ රස්සාව හරියට නොකරන නිසා තමයි ජෙයලලිතලා, වයිකෝලා, නැදුමාරන්ලා අද තමිල්නාඩුව සහ සමස්ත ඉන්දියාවම අපිට සත්තුවත්ත කියන තැනට ගෙනල්ලා තියෙන්නේ.

32 comments:

  1. ඕකට කියන්න තියෙන්නේ.. රෙද්ද කියල විතරයි...

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් හැමදාම රෙද්ද කිව්වට ලොකු ලොකු අය රෙද්ද අස්සෙමනේ රිංගන්න යන්නේ.....

      Delete
  2. "තාමත් අපි ශ්‍රී ලංකාව ගැන, සිංහලයා ගැන අනෙත් ජාතින්ට හරියට තේරුම් කරලා දෙන්න අපොහොසත් වෙලා කියලයි. ඒක කරන්න ඕනේ කට්ටිය ඒ රස්සාව හරියට නොකරන නිසා " මේක තමයි ඇත්ත...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. මේ විහිළුව කොච්චර දුර දිග ගිහින්ද කිව්වොත් ජිනීවා වලට යවන්නේ විදේශ ඇමතිව නෙවෙයි, වැවිලි කළමනාකරණ ඇමැතිව. ඉතින් හිතාගන්නකෝ සුදුස්සොද අනිත් උන් කියලා.

      Delete
  3. // මේ දේවල් මෙහෙම වෙන්න අපේ පාලකයෝ, එයාලා පත් කරලා යවපු විදේශ නිළධාරිනුත් වග කියන්න ඕනේ. //

    අපේ විදේශ නිලධාරීන් නම් කියලා වැඩක් නැහැ... (හැමෝම නොවේ)

    ReplyDelete
    Replies
    1. ලාංකිකයෝ ගොඩක් ඉන්න රටවල් වල ඉන්න DPL පොරවල් බහුතරය නම් ඔහොම තමයි.

      Delete
  4. තමිල්නාඩුව ගැන ලෙසටම කියලා තියෙ, අපේ රටේ විදේශ සේවයේ රාජතාන්ත්‍රිකයෝ කියලා ජාතියක් නෑනෙ, ඉන්නේ ගොට්ටෝ විතරයි.

    ReplyDelete
    Replies
    1. කතාව අැත්ත!

      Delete
    2. අනිවාර්යයෙන්ම ගොට්ටෙක් වෙන්න ඕනේ ඔතනට යන්න. නැත්නම් බෑනේ.

      Delete
  5. දැන්ම නම් බලන්න වෙන එකක් නැතත් බලන්න ඕනිම කියන ලැයිස්තුවට මේ ෆිල්ම් එක දාගත්තේ ප්‍රචාරක වැඩ පටන් ගත්ත දවස්වලමයි... මගේ බොස් කේරල කෙනෙක්.. එයා කියන්නේ තමිල්නාඩුව කියන්නේ අපිට විතරක් නෙමේ එයාලටත් ගොඩාක් කරදර කරන කට්ටියක්ලු. එහෙම බැලුවම තමිල්නාඩු අයට අනුන්ගේ මගුල් හොයනවට වඩා වැඩක් නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. කේරලයේ ඉන්නේ සාක්ෂරතාව අතින් ඉහල ජනතාවක්. බංගලෝරයත් තමිල්නාඩුවට සාපේක්ෂව හොඳයි. හැම වෙලේම රත් වෙච්ච ලේ තියෙන, කැති පිටේ ගහගත්ත උන් ඉන්න, පොඩි වලියට ගම පිටින් පරම්පරා ගණන් මරාගන්න තමිල්නාඩුව ඇත්තටම චොරයි.

      හැබැයි, ඔය මිනිස්සු ගොඩක් නැටවෙන්නේ පොලිටික්ස් නිසයි. එහෙම නැතිව හැඟීමට නෙවෙයි. මම තවම ව්‍යාපාරික කටයුතු කරනවා තමිල්නාඩු අය එක්ක. එවුන් උගත් නිසා අපිට කිසිම අවුලක් නෑ.

      Delete
  6. ඇත්තටම ඔය යුද්ධෙ කාලෙදි ටිවිටර් එකේ මාත් එක්ක වචන වලින් ගහගන්න ආවිත් දැන් හොඳ යාලුවෙක් වෙලා ඉන්න තමිල්නාඩු කොල්ලෙක් මේ ළඟදි කියනවා චෙන්නයි එයාර්පෝට් එකයි ලංකාවේ එයාර්පෝට් එකයි දැක්කමලු තේරුනේ මේ “ all these talks are bloody politics only ” කියලා... හි හි

    ReplyDelete
    Replies
    1. අනිවා.... ඒකයි මං කිව්වේ අපිව ලෝකෙටවත්, ලෝකේ අපිටවත් හරියට නිරාවරණය වෙලා නෑ. මාව මුලිච්චි වෙනකම්ම රාජ් හිතුවේ සිංහලයෝ මෘග ජාතියක් කියලා. කරුමෙට හරි රාජ්ට අර බල සේනා එකෙක්ව මාට්ටු උනා නම් වැඩේ ගොඩම තමයි.

      Delete
  7. ඉන්දියාවේ අපිරිසිදුකම ගැන නං කියලා වැඩක් නැහැ. මමත් වතාවක් ගිහින් තියෙනවා. ආයෙත් නං යන්නේ නෑ කියලා හිතා ගත්තා. ඒ තරමට ම පිළිකුල්.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ උනුත් ලොකුවටම නෝන්ඩි වෙන ප්‍රධාන සාධකය. රොකට් හදන්න කලින් ලැට් හදලා ඉන්න ඕනේ. ලැට් හැදුවට මදි. පාරේ මළපහ කරන එකාව ලැට් එකට පුරුදු කරන්නත් ඕනේ. උන් ඔය සරළ දේ කරගන්න බැරිව අසරණ වෙලා ඉන්න ගමන් තමයි මෙච්චර විශිෂ්ට ජාතියකට අත පොවන්නේ.

      Delete
  8. සහතික ඇත්ත මමත් මේ ලඟදි ගොහිල්ල ආව (චෙන්නායි) ඉඳගෙන
    හැපෝ... උන් කන්නෙත් පාරෙ ඉන්නෙත් පාරෙ නිදාගන්නෙත් පාරෙ ඒ මදිවට *න්නෙත් පාරෙම තමයි උන් ඒව හදාගන්නෙ නැතුව අහවල් එහෙකට අපේ රටට අතපොවනවද මන්ද ඈ අන්න ඒකයි මම කියන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව්වා ඇවිල්ලා දේශපාලකයන්ගේ ගුණ්ඩු. උගත්කමක් නැති බහුතර ජනතාව උන් විඳින දුක හගැන හිතන්නේ නැතිව මොක්කුද වගේ වෙන රටක ප්‍රශ්න වලට තප්පුලනවා.

      Delete
  9. ආපෝ... ඔව්වෝ මතක් කරන්න එපා. ඉන්දියන් කාරයෝ ගෑවුණු තැන කහනවා. යන යන තැන කනවා. ගල් කුම්භාණ්ඩයෝ.

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් එව්වෝ කපටියි, ඒ වගේම තමයි ආචාරධර්ම අන්තිමයි..

      පිරිසිදුකම - ඇති විශිෂ්ටයි

      Delete
  10. ඔය හැම ඉන්දියානුවාම අපිත් එක්ක වෛරෙකින් පසුවෙන්නේ නෑ, ඇත්තෙන්ම. ලංකාව ගැන කිසිම ඉන්ටරෙස්ට් එකක්වත්, ප්‍රශ්ණය ගැන කිසිම අවබෝධයක්වත් අපිත් එක්ක වැඩ කරන එක ඉන්දියානුවෙකුටවත් නෑ. දැන් උඹ හිතන්න එපා මම ඉන්දියාවට කැමතියි කියලා. මම ආසම නැති රටක් තමයි ඉන්දියාව, නමුත් මධ්‍යස්තව බැලුවොත් ඕවා තනිකර දේශපාලන උවමනා එපාකම් සහ උසි ගැන්නීම් කියලා මම හිතනවා.

    ReplyDelete
    Replies
    1. අන්න හරි. රාජ් කාරයා උනත් සිද්ධිය දන්නේ නැතිවනේ බොරුවට අපි ගැන වැරදියට හිතන් හිටියේ...මේ ඔක්කොම පොලිටික්ස් කියන එක ගොඩක් උන්ට තේරෙන්නේ නෑ. අපි කොටාගන්න තරමට උන්ට වාසියි හෙන්රි අයියේ.

      Delete
  11. විදේශ ඇමතිකමට මහාචාර්ය පට්ටමක් තියෙන බූරුවෙක් දැම්මම ඔහොම තමා...

    ReplyDelete
    Replies
    1. හිකි හිකි....

      Delete
    2. ඒ බූරුවගේ කකුලේන අදින්න තවත් බූරවෙක් අම්බලන්ගොඩ පැතතෙන් දාලා තියෙනවානේ. දැන් හරියට ඔළු දෙකේ බූරුවෙක් වගේ තමයි වි‍දේශ කටයුතු අමාත්‍යාංශය.

      Delete
  12. සඳුනිමා......විදේශ අමාත්‍යංශයේ අධීක්ෂක මන්ත්‍රීගේ සුදුසුකම් බලන්නකෝ.අපි දන්නවා අපේ ඉස්කෝලේනේ.එහෙව් ආන්ඩුවකට පුලුවන් වෙයිද විදේශ ප්‍රතිපත්තියක් රැකගන්න.මගේ වයිෆ් අවුරුදු දහයකට වඩා කාලයක් මදුරාසියේ ජීවත්ව ඇත.ඇය ඉපදී ඇත්තේද මදුරාසියේය.ඒ ගැන නම් කවර කතාද?

    ReplyDelete
    Replies
    1. අදහස් එන්න ඕනේ අත්දැකීම් වලින්... බෙදාගත්තනම් නරකද මදුරාසියේ අත්දැකීම් ටිකක්?

      Delete
  13. මුම්බායි ගැනකතවක් මම අන්තිම පේලියට ලිවුවා මතකයි.. උදෙ පාන්දර ලක්ෂ ගනනක් මිනිස්සු මූදට ගිහින් සරීර කෘත්‍යය කරන හැටි.. මම ලිවුව්වොත් පොතක් ලියන්න පුළුවන්. ඒත් මොකටද කුණු අවුස්සන්නෙ. ඔය ඔක්කොම පරාදයිනෙ අපේ දෙස්පළුවන්ගෙ වැඩ වලට..

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල මාත් එක්ක අපේ ඉන්දියානු විසිටර් කෙනෙක් ලංකාවේ කරක් ගහනවා. එතුමා මට කිව්වේ ඔය ඔක්කොම නාඩගම් ලබන අවුරුද්දේ චන්දයක් එන නිසාලු.

      Delete
  14. වැදගත් කතා ටිකක්..මේව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කතා කරන්ට ඕනෙ උංට මේව තේරෙන්නෙ නැති වෙන්ට බැහැ..හැම එකාම ලංකාවටම කෙළවන්න හදන්නෙ ලෝකෙ වෙන රටවල් නැද්ද...
    (සඳුනිමා කියන්නෙ ගල්පාත අයිය කියල දන්නෙ අදනෙ!)

    ReplyDelete
    Replies
    1. අපිට කෙළවන්න අනිත් උන් එනකම් අපි බලන් ඉන්නේ අප බබ්බු නිසාද ලැම්බෝ? එහෙම නෙවෙයි, අපි පත් කරලා යවපු උන්ගේ ගොන්කම නිසයි.

      (දෙන්නම එක්කෙනෙක් තමයි. මෙතන මම මට හිතෙන හැම දේම වමාරනවා. අන්තිම පේලිය මට අනුව අන්තිම පේළිවල කතා තියෙන්න ඕනේ තැනක්, ඒ නිසා එතන ආතල් බෙදාගන්නවා)

      Delete
  15. හපොයි!! තමිල්නාඩුව විතරක් නෙවේ ඉන්දියවෙ අගනුවර දිල්ලියත් ඔයිට දෙවෙනි නෑ... මහ පාරෙ ශරීර කෘතය කරන අය, පාරෙ යන මිනිස්සු යට කරන් යන break නැති රියදුරන්, මුත්‍රා ගලා ගිය මං මාවත් අඩුවක් නෑ...ලංකාව සුරපුරයක් ඒ අතින් නම්...
    ජයලලිතට එන්න කියමු, අපේ රට බලන්න කියමු
    බලාල ඉගෙන ගන්න කියමු අපි....
    එයාට tution දෙමුකො අපි...

    ReplyDelete
    Replies
    1. වෙන්න ඕනේ..මොකද මුම්බායි වල තත්වයත් ඔහොම තමයි. එකම දේ තමිල්නාඩුවේ වගේ අපි ගැන සතුරු ආකල්පයක් නෑ අනිත් පැතිවල.

      Delete