Friday, August 30, 2013

15. අයිරිෂ් රෝසි | The Irish Prostitute

හෙන්රි අයියගේ බ්ලොග් එක පැත්තේ ගියාම කියවන්න විතරක් නෙවෙයි බලන්න ලස්සන චිත්‍රත් ඇඳලා තියෙනවා. ඒක නිසා ඔන්න මමත් අද චිත්‍රයක් ඇඳලම වැඩ පටන්ගන්න හිතුවා. කොහොමද බලන්නකෝ චිත්‍රෙ. මල් හතයි නේද?

  

දැන් නම් ඉතින් කට්ටියම දන්නවා මම මේක ඇන්දේ නැති බව. ඇත්තටම මේක ඇඳලා තියෙන්නේ ජෝ කැස්ටිලෝ (Joe Castillo) කියලා චිත්‍ර ශිල්පියෙක්. එයාගේ වෙබ් සයිට් එකට ගියාම ජෝගේ වැඩ කෑලි තව බලාගන්න පුළුවන්. මේ චිත්‍රය දිහා බලන ඕනේ කෙනෙකුට පේනවා මේ යේසුස් වහන්සේගේ චිත්‍රයක් කියලා. තවත් හොඳින් බලන කෙනෙක්ට පේනවා යේසුස් වහන්සේගේ චිත්‍රය නිර්මාණය වෙලා තියෙන්නේ තව පොඩි පොඩි චිත්‍ර වලින් විත්තිය. තවත් ටිකක් වෙලා අරන් බැලුවොත් පෙනේවි ඒ පොඩි පොඩි චිත්‍ර වලින් ජේසු බිළින්දාගේ උපතේ සිට කුරුසියේ ඇණ ගැසීම වෙනකම්ම ජේසු චරිතයේ එන වැදගත් සිදුවීම් ඇඳිලා තියෙන බව. වැඩියෙන් කල් අරන් බලන්න. වැඩියෙන් දේවල් දැකගන්න පුළුවන් වෙයි.

පෝස්ට් එකට දාලා තියෙන ටයිට්ල් එකෙයි මේකෙයි සම්බන්ධේ මොකක්ද?

තියෙන එකම සම්බන්ධය උඩ තිබුන චිත්‍රය මට ඊමේල් එකක් දිගේ ආපු ගමන් යට ලියන කතාව මතක් වෙච්ච එකයි. දෙකම ආගමට සම්බන්ධ එව්වා. යට කතාව සිද්ධ උනේ එංගලන්තෙයි අයර්ලන්තෙයි නිසා කවුරුත් ගණන් ගන්නෙපා. අනික මේ කතා වලින් ආගමකට අපහාස කරන්න කොහෙත්ම බලාපොරොත්තුවක් නෑ. ඔන්න එහෙනම් කතාව.



අයිරිෂ් පවුලක කෙල්ලෙක් එංගලන්තේ රස්සාවට ගියා (බෝට්ටුවේද ගියේ කියලා අහන්නෙපා). ගියා ගියාමයි කෙල්ලගෙන් කිසිම ආරංචියක් නෑ. අවුරුදු දෙකකට විතර පස්සේ කෙල්ල එක පාරටම දිස්නේ ගගහ ගෙදර ආවා. කෙල්ල දැක්කා විතරයි කෙල්ලගේ තාත්තට මළ විකසිත උණා.

 
"කොහෙද බොල මෙච්චර කල් හිටියේ? මොකෝ උඹ අපිට කතා කලේවත් නැත්තේ? උඹේ වයසක අම්මා කොයි තරම් හීල්ලුවද උඹව මතක් කරලා."
 
කෙල්ලගේ ඇස් වලින් කඳුළු කැට වැගිරෙන්න ගත්තා. අඬ අඬ, හොටු පෙරාගෙන කෙල්ල උත්තර දෙන්න ගත්තා, 

http://www.theprisma.co.uk

"තාත්තේ, මට සමාවෙන්න. කට්ටිය කිව්වට එංගලන්තේ ෂෝක් කියලා මටත් කරන්න දෙයක් තිබ්බේ නෑ. ඉතින් මම PROSTITUTE කෙනෙක් උණා."
 
අපායට හෙණ ගැහුවා වගේ තාත්තා උස්මුරුත්තාවටම වෙවුලලා ගියා.


"මොකක් කිව්වා. උඹ නම් ලැජ්ජා නැති රෝස බැල්ලියෙක්. පව්කාරි. උඹ මේ catholic ගෙදරට අවනම්බු කරා එහෙනම්? පල යන්න මගේ දෑහට නොපෙනී..."
 
"හරි තාත්තේ. මං තාත්තා කියන විදිහට යන්නම්. මං ආවේ අම්මට මගේ ලක්ෂරි ලොම් කබා ටිකයි, පවුම් මිලියන පහක් වටින කාමර දහයක ගෙයි ඔප්පුවයි දෙන්න. මල්ලිට ගෝල්ඩ් රොලෙක්ස් වොච් එකකුයි තාත්තට එලියේ පාක් කරලා තියෙන මර්සිඩීස් බෙන්ස් කාර් එකත් දෙන්නයි ආවේ..."
 
තාත්තා හුස්ම නාල්ලා බලන් ඉන්න අල්ල පනල්ලේ පොඩි හුස්මක් අරගත්ත කෙල්ල ආයේ කතාකරන්න පටන් ගත්තා, 


"ඒ වගේම අළුත් අවුරුද්ද කැරිබියන් මූදේ තියෙන මගේ අළුත්ම යොත් (yacht)බෝට් එකේ සමරන්න ආරාධනා කරන්නත් එක්කයි මං ආවේ.."

http://www.skyscanner.net
  තාත්තා කෙල්ල දිහා ටික වෙලාවක් බලන් හිටියා, 


"දැන් මොකක්ද උඹට උණා කිව්වේ?"
 
ආයෙම හොටු හූරන ගමන් කෙල්ල කියනවා, 


"තාත්තේ, මං PROSTITUTE කෙනෙක් උණා ලන්ඩන් වලදි."
 
"අනේ දෙවියනේ. මම බාගෙට මැරෙන්න තරම් බය උණා." තාත්තා අහසට අත් දෙක දික් කරගෙන කිව්වා,
 
"එන්න දුවේ මගේ ළඟට. මට ඇහුනේ මගේ සුදු දූ PROTESTANT කෙනෙක් උණා කියලයි!"

http://www.10percent.com
  

45 comments:

  1. ඒක නම් සුපිරි හොඳේ....

    ReplyDelete
  2. ඔන්න ඕකයි උනේ එහෙනම් ,,

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි කියන්නේ කුපාඩි වැඩ කලත් කමක් නෑ ආගමට අත තියන්නේපා කියලා.

      Delete
    2. හලියටම හලි

      Delete
  3. කියල වැඩක් නෑ සදුනිමා.. මේකනං වදිනවා බොක්කටම.. උඹ මේක කියපු විදිය නං මරේ මරු... ජය වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ. ඔයිට සමාන අදහස් අපේ ගොය්යෝ ලඟත් නැතිව නෙවෙයි.

      Delete
  4. අහලා තියෙන කතාවක් උනාට ගතියට ලියලා තියෙනවා... හි හි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි....

      Delete
  5. මේක මම වෙන තැනකදි ඔයාගෙන්ම අහල තියනවද ???

    ReplyDelete
    Replies
    1. නැත්නම් අයියේ.... අපි ගොඩ ආවේ එතනින්නේ....මේ තියෙන්නේ ලින්ක් එක.

      http://www.thelastrow.lk/page/articles.html/_/%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F/%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8A-%E0%B6%BB%E0%B7%9D%E0%B7%83%E0%B7%92-r2942

      Delete
  6. පට්ට සිරා .......ඔය තියෙන්නේ වෙඩිවගේ.
    ++++++++++++++++++++++++++++++++

    ඔකේ පොඩි ඇත්තකුත් තියෙනවා බං විහිළුවෙන් කිව්වට

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතුනා. මොකද ඉමේජ් සර්ච් කරන කොට ඔය ගැන ගොඩක් දේවල් තිබුනා. ඒත් මම ඔය නිකාය වල වෙනස දන්නේ නැති නිසා ඒ ගැන හරියට මුකුත් කියන්න දන්නේ නෑ. මට නම් ඔක්කොම කතෝලික!

      Delete
  7. Replies
    1. හිනාවෙලා හරියන්නේ නෑ මෙව්වට.... ;-)

      Delete
  8. මේ කතාව කොමද අප්පා 16+ උනේ ??

    ReplyDelete
    Replies
    1. දන්නේ නැද්ද ඉතින්, පොඩි මාකටින් පාරක් දාන්නත් එපැයි මැලේ රාලලව මේ පැත්තට ගෙන්න ගන්න.

      පළවෙනි පාරට අද ආපු ඔබතුමාව සාදරයෙන් පිලිගන්නවා. දිගටම එන්නයි කියලාත් ඉල්ලීමක් කරනවා.

      Delete
  9. එක හරි අමුතුයි අප්පා

    ReplyDelete
    Replies
    1. මොකක්ද අප්පා අමුතු?

      පළවෙනි පාරට අද ආපු සුදු මහත්තයවත් සාදරයෙන් පිලිගන්නවා. දිගටම එන්නයි කියලාත් ඉල්ලීමක් කරනවා.

      Delete
  10. අහල තිබුනට සුපිරියටම ලියල.
    yacht එකේ කෑල්ලගේ ඔඩොක්කුවෙ යන්න තරම් එල.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කොමෙන්ටුවට...

      කෙන්ජිගේ කමෙන්ටු ගොඩක් බ්ලොග් වල දැකලා තිබුනා. ඔන්න අද මටත් එකක් ලැබිලා. බොහොම සතුටුයි. දිගටම එන්න...

      Delete
  11. Replies
    1. ස්තුතියි අයිලාස්

      Delete
  12. ළමයින්ගෙන් හම්බ කරගෙන කන මිනිස්සු අදත් ඕනි තරම් ඉන්නෙ... කතාව නම් මරේ මරු...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති වේවා

      Delete
  13. අදමයි මේ කතාව ඇහුවේ. සිරා!

    ReplyDelete
    Replies
    1. එහෙමද? මම මේක මිට කලින් ලියලා තිබුනා. තව කි දෙනෙක් ලියලා ත්බුනද දන්නෙත් නෑ. අදම නම් ඇහුවේ හරිම සතුටුයි.

      Delete
  14. අයිරිෂ්කාරයින් සම්බන්ධ විහිළු කථා අතරේ සුපිරි එකක්.හොඳම වැඩේ තියෙන්නේ උන්ගේ මුහුණට කිව්වත් උනුත් උන්ටම හිනාවෙවී අහගෙන ඉන්න එක.ගොඩාක් අයට එහෙම බැහැ නේද සඳුනිමා.

    ReplyDelete
    Replies
    1. >>අයිරිෂ්කාරයින් සම්බන්ධ විහිළු කථා අතරේ සුපිරි එකක්.හොඳම වැඩේ තියෙන්නේ උන්ගේ මුහුණට කිව්වත් උනුත් උන්ටම හිනාවෙවී අහගෙන ඉන්න එක<<

      මුළුමනින්ම එකඟයි අරූ. ඒ ලක්ෂණය හුඟ දෙනෙක් ගාවා නෑ. අයිරිෂ් ජෝක් වලට අහක ඉන්න එවුන්ට මල පැන්නත් අයිරිෂ් උන්ට තියෙනවා ඒ sense of humor එක උපරිමයට. තමට හිනාවෙන්න පුලුවන්නම් ප්‍රශ්න හුඟාක් අඩුයිනේ.

      @සඳුනිමා: ස්තුතියි බං මාවත් මතක් කලාට. මම මොහොතකට හිතුවා උඹ මේක ඇන්දාවත්ද කියලා. උත්සාහ කලොත් බැරි වෙන එකකුත් නෑ.

      මම අහලා තියෙන ක‍තෝලික ප්‍රොතෙස්තන්ත ආගම් සම්බන්ධ සම්බන්ධ නැති අයිරිෂ් ජෝක් වක්ලින් මට නම් හොඳම එකක් මේක.

      අයිරිෂ් පවුලක් ටීවී බලබලා ඉන්නවා. උඹ දන්නවා ඇතිනේ ළමයින්ට නොතේරෙන්න දෙමව්පියෝ ස්පෙලිං වලින් කතා කරන කාලයක් එනවනේ. එක පාරටම තාත්තා අම්මට කියාපි, "ඒයි, අපි ළමයින්ව අපේ අම්මත් එක්ක එෆ් අයි එල් එම් එක බලන්න යවලා හු**", කියල.

      Delete
    2. අරූ,

      මට එහෙමම දැනුමක් නෑ උන් ගැන. මන් හිතන විදිහට අරූ ඉන්නේ එංගලන්තේ පැත්තේ. එහෙම නම් අරූ ඒ ගැන හොඳට දන්නවා ඇති.

      Delete
    3. හෙන්රි අයියා,

      අර ජෝක් එක නම් පට්ටයි...
      මට චිත්‍ර අඳින්න තේරෙන්නෙම නෑ. වයිපරේ නම් නියම චිත්‍ර කාරියක්.

      Delete
  15. කොහෙන්ද බං මේ ෆොටෝ හොයා ගත්තෙ.. ඒ ටික නම් සුපිරි

    ReplyDelete
    Replies
    1. කොයි ෆොටෝ එකද කියහන් පට්ටම?

      Delete
  16. කතාව ලස්සනයි මම නං කලින් අහලත් නෑ,හොඳයි දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. බොරු කියන්ඩ එපා ඉදගෙන ඈ

      Delete
    2. බොහොම ස්තුතියි හැලපස්..

      දිගටම එන්න....

      Delete
    3. @අපුර්වී,

      ඇයි එහෙම කියන්නේ?

      Delete
  17. Replies
    1. ස්තුතියි!

      දිගටම එන්න...

      Delete
  18. ඉස්සෙල්ලම සමාවෙන්න ඕනෙ පමාවෙලා ආවට.. ඔන්න එල්ලගත්ත බ්ලොග් එකේ.. මට මතක නෑ මේක කියෙවුව කියල. අන්තිම පේලියට ගිය කාලයක් මතක නෑ. වැඩ හින්ද කොට උඩ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සරත් අයියේ ආවට. ඉස්සර ඉඳන්ම බ්ලොග් ලෝකේ මගේ ලොකුම වීරයන්ගේ එක්කෙනක් අපිට කමෙන්ට් එකක් දානකොට පුදුම සතුටක් තියෙන්නේ. දිගටම එන්න.

      මමත් අන්තිම පේලිය පැත්තේ ගිය කාලයක් මතක නෑ. ඒ උනාට ඒක මගේ මහා ගෙදර. යන්න ඕනේ අද හෙටම මොකක් හරි "අන්තිම පේලියේ" පෝස්ට් එකක් අරන්.

      Delete
  19. හිකිස් ................නියමයි ඈ

    ReplyDelete
  20. හැ අඩේ මල් මල් කතා පොජ්ජ ඈ ඉඳගෙන

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇ, ඉඳගෙන

      Delete