Wednesday, July 31, 2013

10. ආචාරශීලීව මූත්‍රා කරමු! | Pee Polite

කාලෙකින් බ්ලොග් කෙරුවාව කරන්නත් බැරි උනා. ඒ තරම් වැඩ. ඔන්න ඔහේ අහලා තිබුණ ඉස්කෝලේ මුත්‍රා කතා දෙකක් දැම්මා පාළු මකන්නත් එක්ක. ඔන්න ඔහේ ආපු එකේ කියවලම යන්නකෝ.

එක්තරා ඉස්කෝලෙක (අපේ ඉස්කෝලේ නම් නෙවෙයි ඔන්න) එක පන්තියක උගන්නන ගමන් එක ටීචර් කෙනෙක්ට හිතුනලු මේ ළමයින්ට හොඳ පුරුදු ටිකකුත් කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ටීචර් ළමයින්ගෙන් අහන්න පටන් ගත්තා එයාලා හොඳ පුරුදු දන්නවද කියලා.

"මයිකල් කියන්න බලන්න ඔයා කවුරු හරි ලස්සන ගෑණු ළමයෙක් එක්ක රෑ කෑමකට යනවා. එතකොට ඔයාට මුත්‍රා කරන්න යන්න ඕනේ උනොත් කොහොමද ඔයා ඒක අර ගෑණු ළමයට කියන්නේ?"

 
මයිකල් කියනවා, "විනාඩියක් ඉන්න. මං චූ කරලා එනකම්!"

 
ටීචර් - " අපෝ එහෙම කියන එක කැතයි, ඒ වගේම ආචාරශීලි නෑ. හොඳයි සමන් කියන්න බලන්න ඔයා කොහොමද කියන්නේ?"
 
සමන් - "සමාවෙන්න, මම චුට්ටකට බාත් රූම් එකට ගිහින් එන්නද?"

 
"ඒක නම් ටිකක් හොඳයි. ඒත් කෑම මේසේදි බාත් රූම් කියන වචනේ කියන එක ටිකක් හරි මදි. කමක් නෑ, පුතා කියන්න බලන්න ඔයා කොහොමද කියන්නේ කියලා?" ටීචර් රංචා දිහාට හැරෙන ගමන් කිව්වා.
 
රංචත් නැගිටලා උත්තර දුන්නා, 

" මයි ඩියර්, මට විනාඩියකට සමාවෙන්න. මම හොඳට අඳුනන යාලුවෙක් එක්ක ශේක් හෑන්ඩ් (අතට අත දීලා) කරලා ඉක්මනට එන්නම්. මං බලාපොරොත්තු වෙනවා රෑ කෑමෙන් පස්සේ එයාව ඔයාට අඳුන්නලා දෙන්න!"


ටීචර් සිහි නැතුව ඇදන් වැටුනලු!

රංචා පොඩි කාලේ වෙන වෙන වැඩ හොඳට කලාට මොකද මූට කලිසම තෙමාගන්නේ නැතුව මූත්‍රා කරන්න තේරෙන්නේ නෑ. ගෙදර උනුත් හැමදාම කියලා දෙනවා, වෙනසක් නෑ සුපුරුදු පරිදි කලිසම තෙමාගන්නවා. පන්ති භාර මිස්ටත් මේක හරි වධයක් ඇයි මූ මූත්‍රා කරගත්තම මිස්ටනේ හෝදන්න වෙන්නේ (සමහර විට ඒක හින්දම මූ එහෙම කළාද කියලා දන්නෙත් නෑ)


මොකද කරන්නේ කියලා කල්පනා කරපු මිස්ට දවසක් ගණදෙවි නුවණ පහළ උනා. මිස් හිතුවා මූට මේක ප්‍රායෝගික ක්‍රියාකාරකමක් විදියට උගන්නන්න. රංචට කතාකරපු මිස් දැන් පාඩම උගන්නනවා.
 
"පුතා මූත්‍රා කරන්නා ආයෙම යනකොට මං මේ උගන්නන විදිහට පියවරෙන් පියවර කරන්න. එතකොට කලිසම තෙමෙන එකක් නෑ." 


ඔළුව වනලා එකඟතාව පෙන්නුව කොළු පැටියා පාඩමට ලෑස්ති උනා.
 
"ටොයිලට් එකට මූත්‍රා කරන්න ගියාම මුලින්ම එක කියලා කලිසමේ සිප් එක අරින්න. දෙක කියලා ඔයාගෙ කුරුල්ලව (ඔව්, ඔව්, ඒක තමයි!) එලියට ගන්න. තුන කියලා චුට්ටක් පස්සට කරන්න. හතර කියලා මූත්‍රා කරන්න. පහ කියලා ඉස්සරහට කරන්න. හය කියලා කුරුල්ලව කලිසම ඇතුලට දාගන්න. හත කියලා සිප් එක වහගන්න. ඔය විදිහට කරලා බලන්නකෝ". 


කොල්ලත් හිස් මුදුනෙන්ම ටීචගේ උපදෙස පිලි අරන් වැඩ කරන්න පටන් ගත්තා.
 
දැන් නම් කොල්ලා කලිසමේ මුත්‍රා කරගන්නේ නෑ. ටීචගේ උපදෙස වැඩකරලා වගෙයි කියලා ටීචට තේරුනා. කෝකටත් චෙක් කරලම සැක දුරු කරගන්න හිතපු ටීචර් දවසක් කොළුවා මුත්‍රා කරන්න ගියාම ටොයිලට් එක ළඟට ගිහින් දොරට කණ තියලා අහගෙන හිටියා. කොළුවා පාඩම කටින් කිය කියා මුත්‍රා කරනවා. පාඩමේ අවුලක් වගේ දැනුන ටීචර් තවත් හොඳින් දොරට කණ තියලා අහන්න පටන් ගත්තා. දැන් ටීචර්ට හොඳට ඇහෙනවා කොල්ලා පාඩම ප්‍රැක්ටිස් කරනවා මෙන්න මෙහෙම කිය කිය,


" තුන-පහ..තුන-පහ...තුන......." 




35 comments:

  1. හප්පේ රසකතාවක් නෙව.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති වේවා....

      Delete
  2. නියම කතා දෙකක්.... :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයිලාෂ්....

      Delete
  3. කෝ මේ අපේ කැපිටල් ඇනො ....මෙන්න මෙයත් චූ කතා දානවෝ....

    මචෝ කතා දෙකනම් පට්ටම තමා.. බොහොම නිර්මාණාත්මකයි.

    ReplyDelete
    Replies
    1. තාම නම් ඇනෝලා මට හිරිහැර කරන්න ආවේ නෑ. නලින් අයියා වැඩේ දෙන්න වගේ හදන්නේ මටත්...

      Delete
  4. හරිම ලස්සනට ලියල තිෙයනවා නියමයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වැව්!

      Delete
  5. රංචා නම් නියමෙට ෂේක් හෑන්ඩ් කොරන්න ඇති...

    ReplyDelete
    Replies
    1. හ්ම්..හ්ම්...... ;-)

      Delete
    2. අපේ රංචා :D

      Delete
    3. පුබුදු දන්න කියන කෙනෙක්ද මේ හැබෑටම?

      Delete
  6. නියම කතා දෙකක්නෙවැ. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි Praසන්ன අයියා

      Delete
  7. ගල්පාත අයියේ..., අර ටීචර් උගන්නන්නෙ මොන ඉස්කෝලෙද හැබෑට? එක්කො ටියුෂන් දෙන තැනක්වත් දන්නවනම්....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා AKM සහෝ, අනිත් කට්ටිය තරහ වෙයිද දන්නේ නෑ ඔයාට විතරක් තැන කිව්වොත්,,,,

      Delete
  8. මරු කතා දෙක... අහල තිබුනෙ නෑ. දෙවන එක නම් පොඩ්ඩක් හුරුයි වගේ...

    ReplyDelete
    Replies
    1. අහලා නොතිබ්බනම් හොඳයි. එතකොට මම මුලින්ම ලිව්වා වගේනේ....

      Delete
  9. පට්ට කතා දෙක.. :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දන....

      Delete
  10. යාළුවාව ටීචර්ට හදුන්වා දීලා නැද්ද

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින්.....අහිංසක ටීචර්ව නරක කරන්න හදනවනේ.....

      Delete
  11. ඔයත් චූ කතාවක් ලිව්ව නේද? ඒක නෙවෙයි, මේ ඇම්ඩා නෙවෙයි කියලා ෂුවර්ද?

    ReplyDelete
    Replies
    1. අනේ අර අහිංසක ඇන්ඩව ගාවාගන්නේ ඇයි හෙන්රි අයියේ....

      Delete
  12. Replies
    1. රන්චට ගහනකොට වයලිනෝ බොන්නේ මොකටද? ඒකත් සෑහෙන ප්‍රශ්නයක්.

      Delete
  13. පලවන කතාවනම් මරු දෙවන කතාවනම් අහලා තියනවා

    ReplyDelete
    Replies
    1. මම මේ කතා දෙකම අන්තිම පේලියට මීට බොහොම කාලෙකට කලින් ලියලා තිබුනා.

      Delete
  14. සහසුද්ධෙන්ම රස වින්දා.දෙවෙනි එක හරියට --හුජ්ජ කර බිජ්ජ දෙවරක් සොලවන්න--කතාවට වඩා රසවත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.......

      Delete
  15. හි හි මේක කියවද්දී මතක් වුණා ,මගේ මල්ලිව (සහෝදරයව)එයා ඉස්සර ඉස්කෝලේ යන්න උදේ නැගිට්ටම අම්මා බ්‍රස් එක අතට දෙනවා ,,එහෙම්මම දත් මදිනගමන් එයා යූරින් පාස් කරන්නේ ඈ ,,නිදිමරගාතේ මිදුලට වෙලා දත් මැදලා ඉවරවෙනකලුත් කුරුල්ලා එහෙම්මම,,ඒ කාලේ මතකේ හරිම සුන්දරයි ... ඔයාගේ පෝස්ට් එක නියමයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිල්ලා කුරුල්ලෝ ගැන කමෙන්ට් එකක් දාලා ගියාට...

      ඇත්තටම ඒ කාලේ සුන්දරයි තමයි. දැන් එහෙම හිටියොත් පොලු පාරවල් තමයි කන්න වෙන්නේ....

      Delete
    2. අක්කත් ඉතිම් මල්ලිගෙ සූ කුරුල්ලා දිහා බලන් ඉන්නවා ඇති නේ ������

      Delete
  16. ඇයි දැන් මට මේ දෙවනි කථාව තෙරෙන්නේ නැත්තේ? :O

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඉතින් දැනුම් තේරුම් ඇත්තෙක්ගෙන් අහලා දැනගන්න වෙයි ඔන්න.

      Delete