Wednesday, July 17, 2013

07. පටිච්ච සමුප්පාදය | Dhamma Drunkard

 
මේක සිද්ධ උනේ අපි කැම්පස් පළවෙනි වසරේ ඉඳිද්දි. ඉස්කෝල වල බෝ පැළ වගේ හිටපු උන් කැම්පස් ඇවිල්ලා හැසිරුනේ හැම ආතල් වැඩේම කරපු, හැම දුරාචාරෙම පුරුදු උන් වගේ.

මං දෙවෙනි සෙමිස්තරේ හිටියේ ඔන්න ඔය වගේ සිරා ගජයෝ තුන් දෙනෙක් එක්ක.කාඩ් වලින් කිව්වොත් හොරා, ගඳයා සහ උකුළා. හොරා කැම්පස් එන්න කලින් රහමෙර කටේ තියලා නෑ. ගඳයා නම් ගමේ අමද්‍යප සංගමේ සභාපති හැටියට කැම්පස් එද්දිම තිතට මත ක්‍රියාවට නංවලා තිබුනේ. උකුළයි මමයි පැණි බීම තමයි ඉතින් කැම්පස් අවුට් වෙනකොටත් බිව්වේ. හොරා සෝෂල් එකේදි තමයි මුලින්ම බිව්වේ. එදා සිට අපි අවුට් වෙනකම් ටොප් ටෙන් ලිස්ට් එකෙන් හොරා පහළට බැස්සේ නෑ.


ඔන්න දවසකුත් හොරයි, ගඳයයි තව සෙට් එකකුයි කැම්පස් එක ළඟ තියෙන මත්වතුර පොට් එකෙන් හීනියට සප්පායම් වෙලා රෑ හොස්ටල් එකට ආවා නිදාගන්න. ගාණට බීලා හිටපු නිසා කබර කතා, ඉන්ග්ලිෂ් ටෝක්ස් එහෙම අඩුවෙන් තිබුනේ. මේ වෙනකොට නිදාගන්න වෙලාවත් කිට්ටු වෙලා. අපේ උකුළා නිදාගන්න ගියාම පොල් උලට ඔළුව තියන් උනත් නිදාගන්න පුලුවන් ජාතියේ කුම්භකර්ණයෙක්. එදත් අපි හතරදෙනා වල බහින ගමන් උකුළා ඇඳේ යකඩ විට්ටමට ඔළුව තියන් නිදි! ඒ පාර අපිත් නිදාගන්න ලෑස්ති උනා. හොරයි, ගඳයයි ආගමට මාර ළැදියි. ඔන්න දෙන්නා ධර්ම සාකච්ඡාවක් පටන් ගත්තා නින්දට යද්දි. මාතෘකාව - පටිච්ච සමුප්පාදය.
ධර්ම සාකච්ඡාව අතරතුරේ දෙන්නා වාද වෙනවා යම් යම් කරුණු ගැන. ගඳයගේ අදහසකට තරයෙම විරුද්ධ උන හොරා ලොකර් එකෙන් තඩි පොතක් අරන් ගඳයගේ වැරදි නිවැරදි කරනවා. පොතේ නමත් - පටිච්ච සමුප්පාදය.ටික වෙලාවකින් ධර්ම සාකච්ඡාවත් අහවර වෙලා ගඳයා නිදාගන්න ලෑස්ති උනා. හොරත් ඇඳට නැග්ගේ පොත කියවන්න. ඒ ගමන් පොඩි හින්ට් එකක් ගැහුවා මටයි, උකුළටයි අපි ආගම ධර්මෙට ලැදි නැත්තේ පව්කාරයෝ නිසා කියලා.

ඩබල් ඇඳන් දෙකේ එකක මම යට. උකුළා උඩ. අනෙකේ ගඳයා යට, හොරා උඩ. ඔන්න අපි නින්දට ගියා. මහ රෑ මම උඩ ගිහින් ඇහැරුනේ මහා විලාපයක් එක්ක පොර බදන සද්දයක් ඇහිලා. මගේ ඔළුවට ආපු පළමු හිතුවිල්ල උනේ ගඳයයි, හොරයි ගහගන්නවා කියලා. සද්දේ ආවෙත් උන් දෙන්නාගෙන්මයි.බීලත් හිටපු එකේ ධර්ම සාකච්ඡාවේ වාදයේ ඇරියස් ගන්නවද කියලා කලබල වෙච්චි මම දඩිබිඩි ගාලා ලයිට් එක දැම්මා. මොකක්ද මං දැක්කේ?


හොරා බිම වාඩිවෙලා හෙළුවෙන් නෙට් එකත් ඇඟේ ඔතාගෙන අර පොත - පටිච්ච සමුප්පාදය කියවනවා. සරම කොහෙවත්! ඒ අස්සේ මළලසේකර ඩික්ෂනරියත් ළඟ තියන්. ගඳයා හොරාගේ උරහිසින් අල්ලලා හොල්ලනවා නැගිටපන් කිය කිය. මෙච්චර සිද්දියක් වෙලත් උකුළා තාම යකඩ විට්ටමට ඔළුව තියන් නිදි! ටික වෙලාවකින් හොරා පියවි සිහියට ඇවිත් උනේ මොකක්ද කියලා කියන්න ගත්තා. 

හොරා හීනයක් දැකලා. හොරා පාර දිගේ ඇවිදන් එනකොට අඩිය තියන්න ගිය තැන නයෙක් ඉන්නවලු. කලබල වෙලා අනිත් අඩිය තියන්න යද්දි එතැන තව නයෙක්ලු. ඒ පාර හොරා පාරෙන් එහාට පැනලා. ඒ පැනපු පාර නෙට් එකත් ගලෝගෙන පාඩම් මේසේ උඩට වැටුන හොරා එතැනින් ආයෙම බිමට වැටිලා. මේසේ උඩ තිබුන ශබ්දකෝෂයත් හොරාගේ ඔළුවට වැටිලා.අන්න එහෙම ඉඳිද්දි තමයි අපි හොරාව දැක්කේ. හැබැයි හොරා කියනවා විලාප තිබ්බේ ඌ නෙවෙයි කියලා.

බැලින්නම් විලාප තියලා තියෙන්නේ ගඳයා. හොරාට නයා පෑගෙන්න ගිය වෙලේ ගඳයා ඉඳලා තියෙන්නේ අඩ නින්දේ. නයාගෙන් බේරෙන්න බිමට පැනපු හොරාව අඩ නින්දෙන් වගේ දැකපු ගඳයගේ ඔළුවට ඇවිත් තියෙන්නේ උන් නිදාගත්ත ඩබල් ඇඳ බිමට පෙරලිලා උන් දෙන්නව වැටෙනවා කියලයි. බිමට වැටෙයි කියන බයට මර හඞ දීලා තියෙන්නේ ගඳයා. ඊට පස්සේ තමයි ගඳයටත් සීන් එක තේරිලා තියෙන්නේ. අපි වෙච්ච දේ ගැන කතාවෙවී බඩ අල්ලන් හිනා උනා.මදැයි ධර්මය අධර්මය වෙච්ච හැටි. 

හැබැයි මේ සිද්දියේ වෙච්ච් හොඳම දේ තමයි මේ කිසිම දෙයක් ඊළඟ දවසේ අපි කියනකම් උකුළා දැනගෙන හිටියේ නෑ. ඌ ඒ තරම් කුම්භකර්ණයෙක්.

 




මගේ ගැලවිල්ලට:
සත්‍ය සිදුවීමක් වගේ පෙනුණට මේක මං දැක්ක හීනයක් වෙන්නත් බැරි නෑ ඔන්න.....

පින්තූර - ගුග්ල් වෙතින් 

26 comments:

  1. ඈ.... ඒ කියන්නේ හීනේ දැක්කේ බොලාද.....?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ. කවුරු හරි එකෙක් ක්ලේම් කරන අවොත් හෙම මේක මට උනේ කියලා....උන්ගෙන් ගැලවෙන්න තමා ඔහොම දැම්මේ...

      Delete
  2. පිස්සු හැදෙයි.....

    මරු මරු... මෙව්වගෙ ඒවා මගේ යාලුවෝ අතරෙත් වෙලා තියෙනවා... කියන්න ගියොත් අනන්‍යතාවය හෙළි වෙනවා නේ.... එතකොට කේස් !

    ReplyDelete
    Replies
    1. නම ගම වෙනස් කරලා දාන්ට මෙයා...

      Delete
  3. එහෙම බැලුවම රඹුක්වැල්ල පුතාගේ කතාවත් ඇත්තක් වෙන්ට ඇති.

    ReplyDelete
    Replies
    1. වෙන්ට ඇති...වෙන්ට ඇති....නින්දෙන් ඇවිදින ඒ අහිංසකයට ලක්ෂ දෙකහමාරක දඩයක් ගහලනේ මුන්....

      Delete
  4. මේ මගුල් පසු ලිවිල්ලත් එක්ක කියන්න ආ දේ හිතේ තියානම ආපහු යනවා බං. රහට ලියලා ගැලවිජ්ජාවට කොනක් අල්ලලා. ජයවේවා

    ReplyDelete
    Replies
    1. කියන්න ආපු දේ ඔන්න ඔහේ කියලම යන්න අයියේ.....

      Delete
  5. යකෝ මේක පුදුමාකාර සංකීර්න තත්වයක්නේ. මේකේ පැටලුම ඇරගන්නත් ලේසි නෑ. අරූ නිඝන්ටනාථ පුත්‍ර වගේ හිටියට ධර්මයට තියෙන ලැදිකම බලපං.

    කුම්භකර්ණ බේබද්දෝ!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා......එන්න එන්නම ධර්මයට තියෙන ලැදියාව වැඩි උනා මිසක් අඩු උනේ නම් නැහැ.....

      //කුම්භකර්ණ බේබද්දෝ!// නිදාගෙන හිටි එකා නම් ඒ කාලේ බේබද්දෙක් නෙවෙයි....

      Delete
  6. අන්තිමට නොකිය කියන්නෙ ගලය තමයි නෙට් එක ඔතාගෙන හෙළුවෙන් බිම හිටියෙ කියලද.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් Praසන්ன අයියත් අපිටම මඩ ගහනවනේ.....

      Delete
  7. මේවට කියන්න ඕන පටිච්ච සමුප්පාදය කියලා නෙමේ අභිධර්මය කියලයි. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. ඔන්න පිංවතුනි ධර්මය අධර්මය වෙන තැන්

      Delete
  8. මේ ඔක්කොම බොලාට හීනෙන් පෙනිච්චද මන්දා :D

    ReplyDelete
    Replies
    1. පිස්සුද මෙයා....පෙරාපු ඇත්ත....

      Delete
  9. මෙන්න රියල් හීන... ඔය කියපු එවුන් සේරම මාත් දන්න කියන හාදයො නොවැ... ඒ නිසා ඕක නියම රියලිටි සිද්දියක් කියන්ට මාත් සාක්කි ඕං.... එලටම ලියලා තියනවා.. පට්ටයි...

    ReplyDelete
    Replies
    1. මෙන්න ඉන්නවා සාක්කිකාරයෝ....

      බොහොම ස්තූති වේවා...

      Delete
  10. මෙතන හොරා, ගඳයා, උකුලා අතරින් සඳුන්ගේ කාඩ් එක හොයා ගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ම්....ගලපාත කියන්නේ කාඩ් එකද?

      Delete
    2. ඇත්තටම මම ඔය තුන් දෙනාම නෙවෙයි. කාමරේ හිටි අනිත් එකා.

      Delete
    3. ගල්පාත කියන්නේ මම බ්ලොග් ලෝකෙට ආපු කාඩ් එක. අන්තිම පේලියෙන් තමයි මම මෙතනට ආවේ....

      Delete
  11. ඒ කියන්නේ උකුළා මගේ ජාතියේ අයියෙක්..... :D

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා, එහෙම උනොත් ඔයත් අනාතයි නගේ...

      Delete