Wednesday, September 23, 2015

40. අවසන් කටයුතු!

පොඩි වැඩකට පහුගිය දාක ගියා මොරටු. ඒ යනකොට ආසාවක් ඇවිත් කලින් වැඩ කරපු පොට් එකත් බලාගෙනම ගියා. එතන අවුරුද්දක් විතර මමයි, කලාබරයයි ෆුල් ලල් එකේ, ස්ට්‍රෙස් එකේ වැඩ කරපු හැටි මතක් උණා. අද මම කොහෙවත්, කලාබරයා කොහෙවත්. එතන වැඩ කරපු අනික් ගොඩක් උනුත් තැන් තැන් වල. ඔන්න කාලය මැව් වෙනසක අරුමේ.


ඔය ගමන ගිහින් ගෙදර ගියම නෑණන්ඩි ඇවිත් පොඩි එකී එක්ක. පොඩි එකී දැන් හරස් ප්‍රශ්න අහන කාලේ. ඉතින් අහපි රජතුමා ගැන. රජතුමා කියන්නේ කවුද? එයා මොනවද කරන්නේ? කන්නේ මොනවද? බොන්නේ මොනවද? මාව නිකං ඉඩම් නඩුවක පැටලිච්ච පැමිණිලිකරයෙක් වගේ වෙච්චි. ඒ අල්ලපනල්ලේ තමයි මට මේ කතාව ලියන්න ඔළුවට ආවේ.

ඔන්න එකමත් එක දවසක පොඩි දරුවෙක්ට ඉස්කෝලෙදි රචනයක් ලියන්න දුන්නා. මාතෘකාව තමයි “රජතුමා”. පොඩි එකත් ඉතින් ගෙදර ඇවිත් වාක්‍ය රචනාව ලියන්න පටන්ගත්තා. වාක්‍ය දෙක තුනක් හරි. ඊළඟ වාක්‍යය හැටියට කොළුවා ලිව්වා, රජතුමා මිරිවැඩි සඟල කකුලේ දායි කියලා. ටිකක් වෙලා ගියාම කොල්ලට තේරුණා රජතුමා, මිරිවැඩි සඟල වගේ බර වචන එක්ක කකුල කියන පොඩි වචනේ රයිම් වෙන්නේ නැති විත්තිය. ඒ පාර හොඳට කල්පනා කරපු පොඩි එකා බරසාර වචන දාලා වාක්‍යය මේ විදිහට එඩිට් කලා.

රජතුමා මිරිවැඩි සඟල පයෝධරයෙහි ලා ගෙන යයි!

ඔන්න ඔය විදිහට වචන පටලවගන්න පොරක් මම ඔය කලින් වැඩ කරා කියපු පොට් එකේ හිටියා. මෑන්ස් අපේ පොට් එකට එන්න කලින් වැඩ කරලා තිබුනේ ලී බඩු නිෂ්පාදන සඳහා නම් දරාපු ආයතනයක. මිනිහා මොකක් හරි අනාගත්ත එකකට ෆයර් වෙච්ච අපේ බොසා දවසක් මෑන්ස්ට බණිනවා මූ නම් අර ලී බඩු හදන තැන යතු ගාපු යතු කුඩ්ඩක් කියලා. අවාසනාවට මිනිහා හිටියේ පිරිස් පාලන අංශයේ ලොකු පුටුවක නිසා පොරට තමයි ගොඩක් ෆන්ක්ෂන් වල කථිකයා වෙන්න උනේ.

එදා අපේ ඔෆීසියෙ අවුරුදු උළෙල දවස. අවුරුදු උළෙල පටන්ගන්න කලින් උදේ කෑම ලෑස්ති කරලා පොඩි දේශනයක් හෙම රෙඩි කරලා තිබුනා. අපේ කතානායකයා තමයි ඉතින් සුපුරුදු ලෙස කථිකයා උනේ. මීට සතියකට විතර කලින් අපේ ආයතනයේ වැඩ කරපු සිකුරිටි මහත්තයෙක් හදිසි අනතුරකින් මිය ගිහින් තිබුණා. අපේ පොර තමන්ගේ දේශනාවේදී ඒ වගත් මතක් කරන්න අමතක කලේ නෑ. මෙන්න මෙහෙමයි පොර ඒ ශෝක පණිවිඩය සහ ශෝක ප්‍රකාශය නිකුත් කලේ.

“අපි හැමෝම දන්නවා.... අපිත් එක්ක වැඩ කරපු.... ඇල්බට් මහතා.... හදිසි අනතුරකින් පහුගිය සතියේ.... අපි අතුරින් සමුගත්තා..... මේ මොහොතේ... අපි හැමෝම ඒ මහතා.... වෙනුවෙන්....අපේ ශෝකය පල කරනවා......ඒ වගේම ඒ මහතාගේ බිරිඳටත්, පවුලේ සාමාජිකයන්ටත් අපේ....ශෝකය ප්‍රකාශ කරන අතර ඒ මහතාගේ....... පවුලේ සැමට ලැබූ නව වසර.....සුභ නව වසරක් වේවා....කියා ප්‍රාර්ථනා කරනවා......”

ගෙදර මළගෙයක් වෙලා තියෙද්දී සුබ නව වසරක් පතපු අපේ හාදයාගේ මළගෙදර අපිට යන්න සිද්ධ නුනේ ඇල්බට් මහතාගේ ගෙදර උදවිය කවුරුත් එතන නොහිටපු නිසයි. 

නත්තල වෙනුවෙන් තව දවසක් ඔෆීසියේ උත්සවයක් තිබුණා. එදත් අපේ පොර තමයි ඉතින් කථිකයා. උත්සවේ අවසාන කරන වෙලේදී අපේ හාදයා ස්තූති කතාව කරන්න ඉදිරියට ආවා. පටන් ගත්ත ගමන්ම කුජීත ලෙස වැඩේ අනාගත්ත උන්නැහේ අන්තිමට බිමට බැස්සේ කාඩ් එකකුත් පට බැඳගෙන. මෙන්න මෙහෙමයි පොර කතාව පටන් ගත්තේ,

සියළු දෙනාගෙන්ම අවසරයි. දැන් අපි සූදානම් වන්නේ මෙම නත්තල් උත්සවයේ අවසාන කටයුතු සිදු කිරීමටයි........”

එදා ඉඳන් පොරගේ කාඩ් එක  - “අවසන් කටයුතු”.


21 comments:

  1. අවසන් කටයුතු මාර කාඩ් එක.... එකෙන් පස්සේ බොලාලා කොහොමත් උගේ අවසන් කටයුතු කරන්න ඇති යහමින්.

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ. ඒකා නොවැ අපේ පිරිස් පාලන ලොක්කා වෙලා හිටියේ. ඉතින් අපිට හිනා වෙනවා ඇරෙන්න වෙන දෙයක් කොරන්න අවස්ථාව තිබ්බෙ නෑ

      Delete
  2. මට මතක් වුනේ අර කෙල්ලව දාගෙන අලුත්ම කාර් එකේ යන ගමන් ඇඳුම් එක එක ගලවද්දි කාර් එක හැපිලා කෙල්ල සපත්තුවකින් විලි වහගෙන දුවලා ගිහින් අනේ මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එලියට ගන්ඩෝ කියලා කෑ ගහපු කතාව.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මොකක්ද? (නින්දෙන් නැගිට්ටා වගේ මාස ගාණකට පස්සේ ඔව්වා අහන්වා කියලා බනින්නෙපා ඉතිං)

      Delete
  3. මේ ලොක්කගෙ අවසන් කටයුතු තවම තිබුනෙ නැතෙයි?
    මරු කාඩ් එක.

    ReplyDelete
    Replies
    1. දැන් නම් පොර කොහේ ඉන්නවද මන්දා...

      Delete
  4. ඒල කොල්ලක්.... මතක් කරාය කියන්න

    ReplyDelete
    Replies
    1. ලොල්.ඕකා මේක දැනගත්තොත් මම මොරටුව හරහා ගිහිනුත් හමාරයි

      Delete
  5. ඔය වගේ මෑන්ස් ල නැත්තං ඒ වගේ ආයතනයකත් ලල් එක බහිනව අප්ප
    මං කිවෙ වැඩ කිරීමෙන් ලැබෙන ලල් එක...
    අපි වගේ ඩෑල් එකක් හිටිය නං මොකක් හරි ටිකූට්ටු වැඩක් කරල හැමදාව ඔය වැඩසටාන් වලදි පොරගෙ කතාවක් දානව ඕ යේස්...
    නැත්තං කිසි කික් එකක නෑ නෙ

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඒකම වෙන්න ඕනේ මෑන්ස්ව හැම රෙද්දටම ඉස්සරහට දාන්නේ. මෑන්ස් හිතං ඉන්නේ මිනිහා පොර නිසා එහෙම චාන්ස් ලැබෙනවා කියලා.

      Delete
  6. අන්තිම කේස් එකෙන් පස්සෙ අර බුවාට තමං විසින්ම අවසන් කටයුතු සිදුකරගන්න හිතෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මොන? මම හිතන්නේ පොරට ඒ ගැනවත් දැනීමක් තිබ්බේ නෑ

      Delete
  7. වලක් කපාගෙන වැලලෙන්න කියපං ඒ බුවාට! :D

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ නාඩියෝ. ඌ අහයි ඇයි මොකටද කියලා. ඒකා ඒ තරම් මාන්දමිකයි

      Delete
  8. පට්ට....... ඔය වගේ කට්ටිය හින්දා තමයි ඒකාකාරි බව නැතිවෙන්නේ.............

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. ඒකනේ අදටත් මේ රස කතාව කියවෙන්නේ

      Delete
  9. පොර ලංකාවෙ ප්‍රසිද්ධ චොකලට් ආයතනයක ඉන්නවා දවසක් දැක්කා.. දැන් කොහෙ ඉන්නවද දන්නෙ නෑ..අර මැරුණු පොරට සුභ නව වසරක් කියද්දි දිව කට හපාගෙන හිනා නොවී අමාරුවෙන් හිටපු හැටි මතක් වෙනවා ඕයි..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බං. මොනවා උණත් අපි ඔය හැම උත්සවයකටම හිටියේ පොර කතා කරනවා අහන්න ආස නිසානේ

      Delete
  10. අපේ සිංඩියටත් ගොඩ වෙලා බලන්න.ඔයාලගේ බ්ලොග් එකත් ඒකට ඇඩ් කරා ඔන්න
    http://www.akurasyndiya.tk

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි, ඒත් ඒකට ලොග් වෙන්න බෑ නෙ

      Delete
  11. පෝස්ට් එකා දාලා මාස දෙකකට පස්සෙ කමෙන්ට් වලට උත්තර දෙන්න ආවට සමාවෙන්න ඕනේ හැමෝම...

    ReplyDelete