Friday, November 29, 2013

24. පුනරුත්ථාපනය | Rehabilitation

ඔෆීස් එකේ නෙට් බ්ලොක් කරලා. ගෙදර ගියාම විවේකයක් නැහැ. ඒක නිසා බ්ලොග් එක පාළුවටම ගිහිල්ලා. මේ මාසෙට මුකුත් ලිව්වෙ නැහැ. හිස් කොලේ වගේ තියන්න බැරි නිසාම පරණ කතාවක් අරන් ආවා අදට. ඉක්මණටම ආයේ යථා තත්වෙට එන්න බලමු!

පින්තූරේ දැක්ක ගමන්ම හොල්මන් වෙන්නෙපා කතාවට මේක ගැලපෙන්නේ කොහොමද කියලා. ඔයිට වඩා හොඳ පින්තුරයක් හොයන්න ගියානම් එහෙම මම ඔෆීසියෙ නෙට්වර්ක් වයලේෂන් පොලිසි එක උල්ලංඝනය වෙන නිසයි කෑම්ප් ගිය මේ දෙන්නාගේ පින්තූරෙ දාලා වැඩේ පටන්ගත්තේ. හරි, අපි කතාවට යමු.

එකමත් එක රටක (අපේ මුතු ඇටේ නම් නෙවෙයි ) තිබුනලු විවේක දූපතක්. මේ දූපතේ විශේෂත්වය තමයි හැමෝම විවේක සුවය ගත කරන්නේ උපන් ඇඳුමෙන්. ඒක තමයි සමානාත්මතා නීතිය. ඔන්න සමහරු අව්ව තපිනවා, තවත් අය මූදේ නානවා, ඩ්‍රින්ක් එක දානවා, සෙට් වෙලා කයිය ගහනවා. නිදහස උපරිමයි.හැබැයි එක පොරක් විතරක් එහෙ මෙහෙ ඇවිදිනවා මල පැනපු මූඩ් එක දාගෙන. මෑන්ස් උපන් ඇඳුමෙන් ඇවිදින ගමන් හැම එකාටම රවනවා,

 "නොදකින් විතරක් මුන්. හැම එකාම හෙළුවෙන්. චික් විතරක්!"

ඔහොම පොර ඇවිදන් යනකොට තව කට්ටියක් දැක්කා මෑන්ස්ව. 

"අහා, මෙන්න අළුත් හාදයෙක් ඇවිල්ලා. සාදරයෙන් පිලිගන්නවා ඔහේව. එන්න පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න" කියලා ෆුල් වෙල්කම් එක දුන්නා. 

"ඒක නෙවෙයි, තමුසෙ මොකද මේ අවුලෙන් වගේ?" එකෙක් අහනවා අළුත් හාදයගෙන්.

"ඒකෙන් වැඩක් නෑ. මට කියනවකෝ තමුසෙලා මොකද මෙහෙට වෙලා මේ හෙළුවෙන් කරන්නේ?" අරූ අහපි. ඒ පාර කස්ටියම තමන් කවුද, ආවේ මොකටද කියලා කමෙන්ට්‍රිය දෙන්න ගත්තා.

1 හාදයා : මං අහවල් බැංකුවේ අහවල් ලොක්කා. අවුරුද්ද පුරාම මහන්සිවෙලා වැඩ කරලා මෙහේ ආවේ මාසයක් විවේකීව ඉන්න.

2 හාදයා : මම නීතිඥයෙක්. මං ආසයි මෙහෙම නිරුවතින් ඉන්න. දැන් අවුරුදු දහයක් තිස්සේ මං මෙහෙට එනවා.

3 හාදයා : මං පරිගණක ඉංජිනේරුවෙක්.මෙහේ හැමෝම ඉන්නේ නිරුවතින්. එතකොට අපි හැමෝම සමානයි. මං ආසයි ඒ සමානාත්මතාවය විඳින්න.

 
ඊට පස්සේ 1 හාදයා අහනවා අලුත් එකාගෙන්, 

"මහත්මයා ඉතින් අපිට කිව්වේ නෑනේ ඔබතුමා මොකක්ද කරන රස්සාව, ඇයි මෙහේ ආවේ කියලා?"
 
අළුත් හාදයා *ක්  මූඩ් එක දාගෙනම කතාකරන්න ගත්තා, 

"මං පික් පොකට් කාරයෙක්.මගේ දොස්තර මාව මෙහාට එව්වේ පුනරුත්ථාපනය කරන්න!"

52 comments:

  1. අනේ මන්ද බන් මගේ ටිකිරි මොලේට මේකේ හිනාවෙන තැන තේරෙන්නේ නැහැ ,, දෙපාරක්ම කියෙවුවා

    ReplyDelete
    Replies
    1. අපි මෙයවත් පුනුරුත්ථාපනය කරල ගම්මු එතකොට පත්තු වෙවි හොදට..

      Delete
    2. සැක් ඉදගෙන ..ඕක නම් වෙද සිතක් නෙමේ ඕකනම් නෝටි හිතක්,,

      Delete
    3. පොකැට් එකක් තියෙන්නේ ඇඳුම් ඇඳන් ඉන්න අය ළඟනේ .. ඇඳුම් ඇඳන් නැති අය ගාව පොකට් නැහැ.. පික් පොකටර් කෙනෙකුට එවැනි තැනක කරන්න දෙයක් නැහැ.............

      Delete
    4. හිතවත් සහන් මල්ලි,ඔබව මා සිතා සිටින්නෙ උගත් මහත්මයකු ලෙසයි.
      එබැවින් පිස්සු උවදුර සැදුන සුනඛයකු ලෙස අහිංසක දැරිවියන් පිටුපස ලුහු බැදීම මම තරයේ හෙලා දකිමි.
      මෙලෙස ඔබ හැසිරෙන ආකාරය කීප තැනක දුටු බැවින් මෙතන මෙලෙස සටහන් කරමි...

      Delete
    5. සහන් මල්ලි උඹ ඔය කොමන්ට් එක යට දැම්ම නම් හරිම තාත්විකයි.

      Delete
    6. මාගේ මෙම කමෙන්ටුවේ වරද කීම ..එව පවසව ...!

      Delete
    7. මා ආවෙමි...
      ඔබගේ තනි කොමන්ටුවක් ලෙස දැම්මා නම් අගය කියා නිම කල නොහැක...
      මේවා කීවා කියා ඔබේ සිතේ ගුලි නැති බව මා හොදින් දනී ....
      මගේ චරිතය තේරුම් ගෙන මා ගැන ප්‍රසිද්දියේ අදහස් දැක් වුයේ ඔබය....
      බිය සැක නැතිව නිතරම එන්නේ එම නිසාය...
      එම්බා සොයුර, කරදරයක් නම් වහා කියව.......
      නැවත නො එමි මං.......

      Delete
    8. ඔමායට උත්තරේ සහන් දීලා තියෙන්නේ ඔය. මම හිතුවේ නැහැ ඔයා ඔය තරම්ම සොමි කැළුම් බටයක් කියලා...

      Delete
  2. මේවා තමයි නියම ජෝක් කියන්නේ. ටියුබ් ලයිට් නම් විනාසයි. ඔය උඩින්ම ඉන්නේ පේන්නේ නැද්ද...? හැබයි පින්තූරේ ඉන්න උන් නම් යටට ඇඳලා ඉන්නේ.. හෙළුවෙන් ඉන්නවා කියන්නේ මෙන්න මේ වගේ..

    http://maathalan.tumblr.com/post/68366475590

    ReplyDelete
    Replies
    1. ඔය ලින්ක් එක බලන්න ගියොත් එහෙම ගෙදර තමා යන්න වෙන්නේ ජොබ් එක දාලා. මටත් එක්ක +අපූර්වී බලපුදෙන්.

      Delete
  3. නියමයි නියමයි නියම කතාව,, හෙබෙයි මෙහෙම් අපුනුරුත්තපනය වෙයිද කට්ටිය..,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. පුරුදු නැති අපි වගේ උන් ගියොත් නම් අනිවා ඒ දේ වෙයි.

      Delete
  4. මාවත් පුනුරුත්තාපනෙ කරන්න යවන්න බැරිද

    ReplyDelete
    Replies
    1. හිටපිය නෝනට කියන්න

      Delete
    2. පුළුවන් පුළුවන් දමිත්. හැබැයි ඉතින් පිරිමි විතරක් ඉන්න තැනක් උනාට කමක් නැද්ද?

      Delete
  5. දැන් ඉතින් යන්තන් කොල්ලට නොවැම්බර් මාසෙටත් පොස්ට් එකක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් මැලේ. ඒ හින්දම තමා කඩිමුඩියේ මේක දැම්මේ. කමෙන්ට් කොටන්න එන්නෙත් හරිම අමාරුවෙන්.

      Delete
  6. :D ෆට්ට කතාව බං...

    ReplyDelete
  7. Replies
    1. ඇයි අනේ තිත් තිත් තියලා තියෙන්නේ?

      Delete
  8. සබ්ජෙක්ට් කාරයෙක්ව පුනුරුථාපනය කරන්න යවන්න කියාපු දූපත

    ReplyDelete
    Replies
    1. සබ්ජෙක්ට් කාරයාගේ කල්ල මරේ කිව්වලු එහෙම උනොත්.

      Delete
  9. අර යකාට පිස්සා වගේ ඇවිදින්නේ නැතිව ඇදුම් ගලවල තියෙන තැන හොයාගන්න තිබුනේ බං.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියා කළා වගේ එහෙම කළා නම් හරි. මේකා ඒ තරම් ඇඩ්වාන්ස් එකෙක් නෙවෙයි මන් හිතන්නේ.

      Delete
  10. සෑහෙන දරුණු දඬුවමක් දීලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා දිනේෂ්. දෙන්න තියෙන සුපිරිම දඬුවම වෙන්න ඕනේ.

      Delete
  11. හරිම තැනට එවලා තියෙනවා. පුංචි වුණත් නියම කතාව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුදික අයියා....

      Delete
  12. ඇයි බං ඔවුවො ඔය දූපතට එන්නෙත් ඇඳුං නැතුවද? ඇඳුං ගලෝල තියෙන තැන හොයාගත්තනං ලේසියෙංම වැඩේ ගොඩදාගන්න තිබ්බනෙ.

    ReplyDelete
    Replies
    1. ඇඳුම් ගලවලා එන්නේ තමන්ගේ රූම් එකේ වෙන්න ඇතිනේ Praසන්ன අයියේ. එතකොට තියෙන ප්‍රශ්නේ තමයි කාමරේ යතුර කොහෙද තියන් ඉන්නේ කියන එක.

      Delete
  13. ඌට පුරුද්ද තියෙන්නෙ ඇඳුම් ඇඳන් ඉන්න අයට පොකට් ගහල මිසක් ගලවල තියෙන ඇඳුම් සුද්ද කරන එක නෙවෙයි වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අර පිස්සන් කොටුවේ තාප්පෙන් පනින්න හොඳට ප්‍රැක්ටිස් කරපු පිස්සෝ දෙන්නා වගේ එකෙක් වෙන්න ඕනේ. උනුත් හොඳට පුරුදුවෙලා පනින්න යන දවසේ තාප්පේ වැස්සට කඩා වැටිලා. ආයේ හැරිලා ආපු දෙන්නා ආපහු තාප්පේ හැදුවට පස්සේ පැනලා ගියාලු. මේකාත් එහෙම එකෙක් වෙන්න බැරි නැහැ.

      Delete
  14. Replies
    1. දිලිනි :DD කිව්වම මට මතක් උනේ එක්තරා ඇඳුම් වර්ගෙක සයිස් එකක්.

      Delete
  15. ඇත්තට අර දූපතේ උන් සල්ලි තියාගෙන ඇත්තෙ කොහෙද ? :P

    ReplyDelete
    Replies
    1. යසිත්.......සල්ලි තියෙනවානම් තියාගන්නද තැන් නැත්තේ බං

      Delete
    2. එහෙම ඉන්න තියේනම් සල්ලි මොකටද යසිත්? සමහර විට සල්ලි තියන්න ඇත්තේ උන්ගේ නිදන කාමරේ වෙන්න ඇති. කාමරේ යතුර තියාගත්තේ කොහෙද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ.

      Delete
  16. තේරුණේ දැන් තමයි ඉදගෙන :)

    ReplyDelete
    Replies
    1. දැන් හරි තේරුනා නම් ලොකු දෙයක් ඉඳගෙන. ගියේ නැද්ද ඒ පැත්තේ තාම?

      Delete
  17. හොඳ වෙලාවට මම පිට්පොකට් කාරයෙක් නොවුනේ... එහෙම වුනානම ඔය පුනුරුත්තාපනෙන් පස්සේ තව වෙන පුනුරුත්තාපනයකට යවන්න වෙනවා ..:D

    ReplyDelete
    Replies
    1. දැනුත් වැඩි වෙනසක් නෑ කියලා තමා ආරංචිය.

      Delete
  18. මම දන්න කෙනෙක් ඉන්නවා ඔය නියුඩිස්ට් බීච් එකකට ගිය...ඌ අත්දැකීම් ගන්න ගිහින් තියෙන්නේ.... හිතට කිසිම සැනසිල්ලක් නැහැලු ගිය වෙලේ ඉඳලා ජුන්ඩා මෝල් ගස් වෙයි කියලා...ආපහු නම් යන්නේ නැහැ කිව්වා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක නම් ලොකු ප්‍රශ්නයක්. ජුන්ඩා කෙලින් උනොත් අනිත් උන් වැරදියට හිතනවනේ. නිකම් මොකටද මානසිකව ඇද වැටෙන්නේ?

      අරූ අයියා එහෙම ඔව්වයේ යනවා නෙවෙයි ඔන්න.

      Delete
  19. මමත් පිට් පොකට් ගහන්න පටන් ගන්නවා

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් අපෙනුත් සුභ පැතුම් යකාට. මෙතනින් අදහස ආපු නිසා ඉස්සෙල්ලම ගහන පොකට් එකෙන් මටත් 10%ක් ඕනේ, හරිය?

      Delete
  20. ආපු හැමෝටම ස්තුති වේවා. බොහොම අමාරුවෙන් තමා මේ ටිකත් කරන්නේ. ගොඩක් අයගේ බ්ලොග් මේ ටිකේ මිස් උනා. ජනවාරි වෙද්දී කොහොම හරි හදාගෙන එනවා. තිබුන කම්පියුටරේ වෙනුවට ලැපක් දුන්නා ඔෆිස් එකෙන්, ඒකෙ ඇඩ්මින් සෙටින් දාලා ඔක්කොම අවුල් කරලා. ඒ මදිවට සිංහල ටයිපින් ගුගල් ඉන්පුට් එව්වටත් වැඩේ දීලා. මේ ප්‍රශ්න ඔක්කොම විසඳන් එනකම් මාවත් අමතක නොකර මතකේ තියන් ඉන්න.

    ගල්පාත
    2013.12.04

    ReplyDelete
  21. ගල්පාත ජනවාරි එන්ටකො එහෙනං....මේ වගේ සෝ.............යි කතාවක් අරගෙන..

    ReplyDelete
  22. පට්ටයි ඕයි...................... හික් හික් හික් නියම වෙදකම

    ReplyDelete