Wednesday, October 23, 2013

23. විටි විටි පෝ නායේ..

චන්ද්‍රිකා ජනාධිපතිනිය එක පාරටම UNP ආණ්ඩුවේ තිබ්බ අමාත්‍යංශ තුනක් එයා යටතට පවරාගත්තා මතකද 2003දි විතර? අන්න එදා ඕක මහා රෑ 10.30ට විතර බ්‍රේකින් නිව්ස් එකක් හැටියට TV එකේ කිව්වා. මම එවෙලේ ජාතික රූපවාහිනිය බල බල හිටියේ. මේ ප්‍රවෘත්තිය කියලා ඉවර වෙනවත් එක්කම මෙන්න යකෝ දෙමළ චිත්‍රපටියක් පෙන්නපි සිංහල උපැසිරසිත් දාලා. එදා තමයි මම දෙමළ චිත්‍රපටියක් මුලින්ම බලපු දවස. කතාව කොච්චර ත්‍රිල්ද කියනවා නම් ඊට පස්සේ දිගටම අද වෙනකම් දෙමළ චිත්‍රපටි බලනවා ආතල් එකට.


මේක තමා අර බලපු චිත්‍රපටිය. විසිල් කෝටියයි!


මම පහ වසර වෙනකම් ඉගෙනගත්තේ පානදුර සෙන්ට් ජෝන්ස් බාලිකා විදුහලේ. බාලිකා විදුහල කිව්වට පහ වසර වෙනකම් කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම හිටියා. අදටත් පානදුරේ එක වසරට වැඩිම ඩිමාන්ඩ් එක තියෙන ඉස්කෝලේ තමයි ඕක. ඉතින් අපේ පන්ති වල සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් එකී නොකී මෙකී හැම ජාතියේම ළමයි හිටියා. අපිට ඒ එකෙක් එක්කවත් ජාතිය, ආගම ගැන ප්‍රශ්නයක් කවදාවත් ඇති උනේ නෑ. මම ආනා ආවන්නා ඉගෙනගත්තේ ඒ ඉස්කෝලෙදි. ඒ දවස් වල දෙමළ කියන්නේ අනිවාර්ය විෂයක් නුනට අපේ ඉස්කෝලේ අපිට ඒක අනිවාර්ය උනා. පහේ ශිෂ්‍යත්වේ පාස්වෙලා කොළඹ ආවයින් පස්සේ අර ඉගෙනගත්ත දෙමළ වලට හුප්පේ. ඇයි ඉතින් ඔක්කොම සිංහල බෞද්ධයෝනේ? ඉතින් දෙමළ ඉගෙනිල්ල නැවතිලාම ගියා.

කොහොමින් කොහොම හරි දෙමළ චිත්‍රපටි බැලිල්ල එක්ක ආයෙම දෙමළ ඉගෙනගන්න ආසාවක් ආවා. තිත් ඉරි උඩ අකුරු අඳින පොත් දෙක තුනකුත් සල්ලි වලට අරන් මමයි ඩොටියි (එතකොට අපි බැඳලා නැහැ, ගෙවල් වලට හොරෙන් දෙමළ ඉගෙනගන්න කාලේ.) දෙමළ ඉගෙනගන්න ගත්තා. මගේ උනන්දුව මදි නිසාද, කාලේ හරස් වෙච්ච නිසාද මන්දා අකුරු හත අටක් ඉගෙනගත්ත ගමන් වැඩේ නැවතුනා. ඩොටී නම් දිගටම කරගෙන ගියා.

ඇත්තටම දෙමළ ඉගෙනගෙන තියෙන එක මේ වගේ රටක ලොකු ප්‍රයෝජනයක්. සිංහල අපේ අවාසනාවකට අපි එච්චර ඒ පස්සේ එලවන්නේ නෑ. හැබැයි, දෙමළ, මුස්ලිම් කට්ටිය එයාලගේ මව් බස වගේම ඉංග්‍රීසි, සිංහල දෙකත් හරි හරියට ඉගෙනගන්නවා ඒකෙ වටිනාකම දන්න නිසා. අපි ඉතින් මහා ජාතිය නේ. අලි සයිස් දානවා විතරයි, වැඩක් ඇති දෙයක් කරන්නේ නෑ නේ. 

මෙච්චර වෙලාම (ඔබා මාමා කියනවා වගේ) පඳුර වටේ තැලුවේ දෙමළ නොදන්න අපේ යාළුවෙකුට වෙච්ච රස කතාවක් ගැන කියන්න. යාළුවා වෙන කවුරුවත් නෙවෙයි අපේ කලාබර. කලාබර ටික දවසකට කලින් දෙමළ ෆිල්ම් එකක් බැලුවා "ආරු" කියලා. මේ ෆිල්ම් එකේ සින්දුවකට හිත ගිය කලාබර අදාළ සින්දුවේ mp3 එකත් ඩවුන්ලෝඩ් කරලා ලිරික්ස් ටිකත් නෙට් එකෙන් හොයාගෙන සින්දුව ප්‍රැක්ටිස් වෙනවා. ඒ අතරම මිනිහට හිතුනා මොකක්ද මේ සින්දුවේ තේරුම කියලා හොයන්න. පොර වැඩ කරන තැන ඉන්නවා දෙමළ අංකල් කෙනෙක් ඔය තේ හදනවා වගේ පොඩි පොඩි වැඩ වලට. මේ අංකල් කාලෙකට ඉහතදී ඔය වතු බංගලා වල අප්පු කෙනෙක් හැටියට වැඩ කරපු වතුකරයේ දෙමළ මනුස්සයෙක්. අංකල්ට ටික ටික සිංහල පුළුවන්. ඉතින් යාළුවත් අංකල්ට වැඩ අඩු වෙලාවක් බලලා සින්දුවේ තේරුම අහන්න ගත්තා. කෑල්ලෙන් කෑල්ල දැන් සින්දුව සිංහලට පෙරලෙනවා.



"මොකක්ද අංකල් එනු විටි විටි පෝනා යේ (ennai vittu vittu ponaaiyae ) කියන්නේ?" 

කලාබර සින්දුවේ කෑල්ලක තේරුම අංකල්ගෙන් ඇහුවා.

"ඒ කියන්නේ මල්ලී..." 

අංකල් කැඩිච්ච සිංහලෙන් කියනවා,  

"මට දාලා දාලා යනවා"

අංකල් එහෙම කියද්දි කලාබර හොල්මන්ද පොල්කොල උනා. ඇයි යකෝ, මේක දාර වැල සින්දුවක්නේ! කෝකටත් කියලා ආයෙම ඩබල් චෙක් කරගන්න ඇහුවා. උත්තරය පෙරමයි. ඒ මදිවට අංකල් තවත් ඒක එක්ස්ප්ලේන් කරනවා,

" එයා මට දාලා දාලා යනවා කියලා තමයි මල්ලී හරියටම කියවෙන්නේ!"

http://pickuptees.spreadshirt.com


දැන් නම් හොඳටම ෂුවර් මේක වැල කතාවක්ම තමයි කියලා (වැල කතා කියන්නේ මොනවද කියලා කවුරු හරි දන්නේ නැත්නම් ඕනයාගෙන් අහන්න). ඒ උනත් කලාබරට තාම සැකයි මේ ගැන. කෝකටත් කියලා කලාබර ගත්තා කෝල් එකක් කැම්පස් එකේ ඉන්න මුස්ලිම් යාළුවෙක්ට. උගෙනුත් ඇහුවා මොකක්ද මේ විටි විටි පෝනායේ කියන්නේ කියලා. ඒක අහපු මුස්ලිම් යාලුවා කලාබරට තේරුම කියලා දුන්නා,

"විටි විටි පෝනායේ කියන්නේ මචෝ මාව දාලා යනවා කියන එකයි"

මාව දාලා යන එකෙයි මට දාලා යන එකෙයි වෙනස සිංහල ලාවට දන්න අංකල් දැන නොහිටියට ඔයාලා දන්නවා ඇතිනේ? ඒක නිසා පරිවර්තනය වෙච්ච දෙයක් ගැන සැක නම් දෙතුන් පොළකින්ම චෙක් කරලා හරියටම සැක ඇරගන්න එක නුවණට හුරුයි.

පසු ලියමන:

ඔය ආරු කියන චිත්‍රපටියත් පට්ටම ත්‍රිල්. මැරයෙක්ට තමන්ව දේශපාලකයෝ පාවිච්චි කරන්නේ ඉත්තෙක් හැටියට බව ලස්සනට කියලා දෙන සිද්ධියක් තියෙන්නේ. සාමාන්‍ය පරිදිම විසිල් කෝටියයි. හැබැයි ඔය සමහර සම්භාව්‍ය චිත්‍රපටි වගේ බලන් ඉන්නකොට ඈනුම් යන්නේ නම් නෑ. මේ දවස් වල සමනල සංධ්වනිය බලපු "පොර"වල් හැම තැනම. එයාලට නම් මෙව්වා කොහෙත්ම හොඳ නැහැ.



කියවලා නිකම්ම යන්නෙපා, කමෙන්ට් එකක් දාලාම යන්න. කමෙන්ට් දානකොට මතක තියාගන්න හාවාට කමෙන්ට් එක දාන්න.. මේ කතාවේ හාවා තමයි විටි විටි පෝනා කතාව, පඳුර තමයි දෙමළ චිත්‍රපටි. ඒක නිසා හාවට විදින්න....

64 comments:

  1. //මම පහ වසර වෙනකම් ඉගෙනගත්තේ පානදුර සෙන්ට් ජෝන්ස් බාලිකා විදුහලේ.// කියන තැන දැක්කම මන් ආයේ උඩට ගිහින් බැලුවා මේ අපේ එකාමද වෙන බ්ලොග් එකක් කියෝනවද කියලා ,, හි හි .. හෆෝ මන් ආස නැහැ දෙමල ඒවාට ,, නළුවෝ රගපාන්නේ ගොඩක් හිතට අරන් ඊට හපන් සරම් ඇදගෙන ,,, අර තඩි උඩුරෑවුල් වවාගෙන ,, එකම එක දෙමල එකක් බැලුවා භයානක එකක් ආසාවෙන් එච්චරයි

    ReplyDelete
    Replies
    1. මම නම් ඉතින් බේදයක් නෑ චිත්‍රපටි බලන්න ගියාම. හොඳ නම් ඕනෙම එකක් බලනවා.

      බොලා විදින්නේ පඳුරටනේ, හාවට නෙවෙයිනේ...

      Delete
    2. මොකක්ද ඒ හරුපේ

      Delete
    3. මේ කතාවේ හාවා තමයි විටි විටි පෝනා කතාව, පඳුර තමයි දෙමළ චිත්‍රපටි

      Delete
    4. ඒකත් එහෙමද ඔයත් ඉතින් පදුර තලලා තියෙන්නේ .. හාවා ගැන තේරුම් අරන් හිනා වුණා, ගැන මොනා කියන්නද ඒකයි පදුර ගැන කතා කලේ :)

      Delete
    5. බලන් ගියාම ඒකත් ඇත්ත.

      Delete
  2. මම දෙමළ ෆිල්ම් පස්සේ එළවන්නෑ ඒත් හිතුනොත් බලනවා. කමල් හසන්ගේ ඒවට තමා කැමති.

    පරිවතර්තය හරියට නොවුනොත් අනාථයි ඒකේ දෙකක් නැහැ බං...

    ReplyDelete
    Replies
    1. මම ඉතින් ඉරිදට (දැන් නම් ටිකක් අඩුයි) ශක්ති, වර්නම් එහෙම නැත්නම් වසන්තම් චැනල් තුනෙන් එකක යන දෙමළ ෆිලම් එකක් බලනවා. මගේ කැම්පස් රූමා මුස්ලිම් එකෙක්. ඌ මට අළුතින් එන හොඳ ෆිල්ම් වල අප්ඩේට්ස් දෙනවා. ඌට කෝල් එකක් දීලා ෆිල්ම් එකේ නම කිව්වම ඌ කියනවා බලන්න හොඳද, වැඩක් නැද්ද කියලා.

      Delete
    2. පරිවතර්තය - ත,න වගේ එක ළඟ, එක සමාන අකුරු පටලගන්නේපා....එතකොටත් වැඩේ අවුල්.

      Delete
    3. අඩේ තන එකලඟ තමයි,උඹ දන්නෙ නැතුවට ඌ හොඳට දන්නව තැන තියන තැන

      Delete
    4. වෙන්න ඇති වෙන්න ඇති... බ්ලොගේ ලියලා තියෙන දේවල් වල හැටියට මට හිතුනා....

      Delete
  3. සමනල සංධ්වනිය සම්භාව්‍ය යි කියන්නෙ නම් නෑ. ඔන්න මේ යට තියන පේළි ටිකට නම් මම කැමති නෑ සඳුනිමා :)

    ReplyDelete
    Replies
    1. ඔන්න දිලිනි වලිගෙ පාගාගෙන..

      මම මේක පොදුවේ කිව්වේ හැමෝටම නෙවෙයි, එක්තරා සෙග්මන්ට් එකකට. සමනල සංධ්වනිය එන්න කලිනුත් ලස්සන, වටින ෆිල්ම්ස් තිබ්බනේ. ඒ ෆිල්ම් එකක්වත් නොබලපු ගොඩක් උන් "මට මගේ නොවෙන අහවල් එකක් තිබ්බා" කියාගෙන ඕකට කඩේ ගියා. සමහර උන් ෆිල්ම් එක බලන්න ගියේ සිංදුව නිසා, එහෙම නැතිව හැඟීමකින් නෙවෙයි. අන්න ඒ කට්ටියට තමා මම ඔය කිව්වේ.

      "මචං" වගේ සුපිරි ෆිල්ම් එකක් වේලෙන කොට ඒ එක්කම ආපු "අබා" නැගලා ගිය රටක් මේක..

      Delete
    2. ඔන්න ඔහොම එමු කෝ :D

      Delete
    3. ගලයා ගේ කතාවට සම්පූර්ණ එකඟයි.. මාත් තාම ඕක බලන්න නම් ගියේ නෑ.. ඒ නිසා ඒ පින්තූරෙ ගැන මුකුත් නොකියා ඉන්නම්.. ඒත් කිව්වා වගේ පින්තූරයක් නිකන් වත් නොබලන එවුන් රැල්ලට අහවල් එකක් තිබුනා කිය කිය බොරුවට පොෂ් කමක් පෙන්නන්න යන එක නම් මේ දවස් වල නැගලම යනවා.. "මචං, මිල්ලෙ සොයා, මාතා, සිකුරු හතේ, බඹර වළල්ල" වගේ මැක්සා පින්තූර ගැන මොකෙක්වත් කතා කරන්නෙ නෑ... ඒවට සම්මානත් නෑ..

      Delete
    4. අන්න ඒකනේ...

      මට පෙන්නන්න බැරි ඔය සොබ්බේ තමා. අමරසිරි පීරිස් කියපු සින්දු කොච්චර තියෙනවද මිට වඩා ලස්සන? මේකේ වෙලා තියෙන්නේ මං පොර ජාතකේ දාන්න යාමයි.

      Delete
  4. එල එල.. කතාව සුපිරියට ලියලා තියෙනවා... ඔව් බං මං බොක්ක අතේ තියං හිනා වුණේ එවෙල අංකොලුවා කිව්ව කතාවට... මොනා වුණත් ඒ අංකල් නම් හරි හොඳ මනුස්සයෙක් ඔපිසියෙ හිටපු...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඒක ඇත්ත. මනුස්සකම තිබ්බ හොඳ මනුස්සය...

      Delete
  5. කොයි තරම් චිත්‍රපටි බැලුවත් දෙමල බලන්නේ නැහැ මට මතක එකම එක බැලුවේ පොඩි කාලේ රෝජා කියල. එකත් සුබ්ටයිටල් එක්ක මට නම් දෙමල අරහං

    ReplyDelete
    Replies
    1. ඒක එක එක්කෙනාගේ කැමැත්තනේ කෝරලේ මහත්තයෝ.

      හාවා ගැන මොකැයි කියන්නේ?

      Delete
  6. දෙමල ෆිල්ම් බලන්න මාත් කැමතියි.ඔය සිද්දිය තමයි ඉස්සර සින්හල ෆිල්ම් වල පොතේ දෙබස් තිබුනෙ.අර "මා හැර යන්න එපා මහත්මයා "වගෙ.දෙමල අය දෙබස් ලියල සින්හලට පරිවර්තනය කරපු නිසා.
    හය හතර

    ReplyDelete
    Replies
    1. දැනුත් ජාතික රුපවහිනියේ යන හඬ කවපු කතා ඒ වගේ තමයි...

      Delete
  7. හොඳ දෙමළ චිත්‍රපටියක් කිව්වොත් මාත් පන ඇරලා,හින්දි ඒවට නං එච්චර කැමති නෑ හොඳම දෙමළ චිත්‍රපටි බැලුවෙ චෙන්නායි ඉන්න කාලෙ

    ReplyDelete
    Replies
    1. අහ, යාන්තං මගේ පැත්තට කතා කරන්න හැලප අයියා හරි ඉන්නවා.

      මදුරාසියේ ඉන්න කාලේ දෙමළ චිත්‍රපටි නොබැලුවා නම් වැඩක් නෑ. මම හිතන්නේ එහෙ හෝල්ස් උනත් අපිට වඩා සෑහෙන්න ඉදිරියෙන් ඇති කියලා පහසුකම් අතින්.

      Delete
    2. හෝල් සහ පහසුකම් ගැන නං කියල වැඩක් නෑ කොල්ලො,ඇල්බට් හෝල් එකේ චිත්‍රපටි බැලීම නොමිලේ සහ විවේක කාලයෙන් පස්සෙ අනුමතවීම නොමිලේ.
      ඒ කාලය තුල අපිත් එක්ක යන කාන්තාවන්ට කෑම බීම පහසුකම් සලසා කට වසා තියාගන්න හෝල් එකේ පාලනය අමතක කරන්නෙ නෑ.

      Delete
    3. එහෙනම් ඉතින් මරුනේ...

      Delete
  8. දෙමල ෆිල්ම් බලන්නෙ අතල් එකටම විතරමයි.
    තෙලිඟු ෆිල්ම් නම් හොද එව තියෙනවා.
    2011 චන්ද්‍රිකා ජනාධිපති උනේ මොන රටේද බන්..?

    ReplyDelete
    Replies
    1. මමත් ආතල් එකට බලන්නේ. හැබැයි සමහර වෙලේට classic එව්වත් අහුවෙනවා. වෙලා තියෙන්නේ ටිවි චැනල් කාරයෝ මාකට් කරන්න පුළුවන් ත්‍රිල් ෆිල්ම් නේ කොයි වෙලෙත් පෙන්වන්න බලන්නේ. දෙමළට ඩබ් කරපු තෙලිඟු එව්වත් ඉඳලා හිටලා පෙන්වනවා.

      2011 වැරදියි. වෙන කල්පනාවක ඉඳන් කෙටුවේ. 2003 ලෙස ඔන්න නිවැරදි කළා. බොහොම ස්තුතියි ඒක පෙන්නලා දුන්නට.

      කල්හාන් මේ ආවේ පළවෙනි වතාවට නේද? දිගටම එනවා නම් සතුටුයි.

      Delete
    2. කලින් ඇවිත් තියෙනවා.අද තමා කමෙන්ට් කලේ.
      මමනම් tv එකෙන් ෆිල්ම් බලන්නෙම නැ,ඇඩ් අස්සේ ෆිල්ම් එකක්නේ පෙන්නන්නෙ.

      Delete
    3. ඒ කියන්නේ නිතර එන කෙනෙක්? අපිට ඉතින් දැනගන්න විදිහක් නෑනේ කමෙන්ට් නොකෙරුවොත්. කොහොම උනත් සන්තෝසයි...

      ad යන එක නම් මහා වධයක්. ඒත් ඉතින් මේ දවස් වල කරන්න පුළුවන් ඔය කෙලිය විතරයි දරු සුරතල් අස්සේ...

      Delete
  9. .මට දාලා දාලා ...මාව දාලා යනකොට මාව දාලා පිච්චිලා යනවා වගේ කියලා දෙමලෙන් කියන්නේ කොහොමද බං?

    ReplyDelete
    Replies
    1. අරූ අයියා ඇහුවේ අරුම පුදුම ප්‍රශ්නයක්නේ. හොයපල්ලකෝ දැන් උත්තර. දන්න එකෙක්ගෙන් (අර මුස්ලිම් එකාම තමයි ඉතින්) අහලා ඉක්මණටම දැනුම් දෙන්නම්, හදිස්සියක්ද දන්නෙත් නෑනේ?

      Delete
    2. නී එන්නකු විට්ටු විට්ටු, එන්නයි විට්ටු සෙල්වදු, එන්නයි එරිදු විට්ටු සෙල්වදු පො ඉරිකුරේතු

      ඔහොම තමයි පොතේ තියෙන්නේ..

      -චේදා-

      Delete
    3. ඔන්න තියෙනවා අරූ අයියේ...

      Delete
    4. දැක්කා....දැක්කා....තැන්ක් යු ඇනෝ!! වෙට්ටු දදා විට්ටු උනා...හා...හා...කාදලික්ක නේරම් ඉල්ලෙයි......නාන් කොඤ්ඤං කොඤ්ඤං තෙරියම්

      Delete
  10. (හාවා) කථාව නම් මරු අයියා... :D :D :D

    දෙමළ ෆිල්ම් නම් ඉතින් වැඩිය බලන්නේ නැත. තෙරෙන්නේ නැති නිසා තමා වැඩියක්ම. :(

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගි හාවා ගැන කමෙන්ට් කළාට...

      මටත් තේරෙන්නේ නැති නිසා සිංහල උපසිරැසි දැන් එව්වා විතරක් බලනවා TV එකේ. DVD එකක් ගත්තොත් english subtitles තියෙන එකක්ම ගන්නවා.

      Delete
  11. දෙමල සින්හලෙන් ලියනකොට ඉතින් පිස්සු හැදෙනවා තමයි.... මම දැක්ක මේල් එකක තිබිලා නුවර පෙන්නපු දෙමල පිචර් එකක නමක් සිංහලෙන් ගහලා තියෙන පෝස්ටරයක් පිචර් එකේ නම " කැත්ත පයියෙන් "

    ReplyDelete
    Replies
    1. හි හි හි :D

      Delete
    2. මේ තියෙන්නේ ෆිල්ම් එකේ පෝස්ටරේ..

      https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-prn1/p480x480/550880_10152360930865144_1267588052_n.jpg

      ඔය ෆිල්ම් එක සම්පුර්ණයෙනම යූ ටියුබ් එකේ තියෙනවා. නම වෙනස, තව කැල්ලක් ad වෙන්නත් ඕනේ...

      Delete
  12. මං නම් හිතන විදියට අපේ ජාතික ගැටළුව ඇතුලු ගොඩක් ප්‍රශ්ණ වලට උත්තරේ හැන්ගිලා තියෙන්නෙ සිංහල හා දෙමළ භාෂා දෙක තුලයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. අපි ඔය භාෂා හරි හැටි දැනගෙන හිටියා නම් මේ ප්‍රශ්න ගොඩක් මේ විදිහට ඔඩු දුවන එකක් නෑ.

      Delete
  13. ඔහොම අබග්ග වෙනවා බං භාෂා අතර පරිවර්තනයට ගියාම. ඕකට සිංහලෙන් කියන්නේ lost in translation කියලා. හැබැයි සමහර පැතිවල අට මම දන්නේ නෑ කියන එක මට දන්නේ නෑ කියලා කියනවා මම අහලා තියෙනවා.

    උඹ දැකලා නැද්ද චීනේ හදන බඩු වලට දෙන කැටලොග් වල, පෙට්ටි වල තියෙන ඉංග්‍රීසි? පිස්සු හැදිලා හොඳ වෙලා ආයේ පාරක් හැදෙනවා.

    ReplyDelete
    Replies
    1. what china?????
      come to saudi and see!!!!!!!!!!!!!!
      පිස්සු හැදිලා හොඳ වෙලා ආයේ පාරක් හැදෙනවා - may be 3-4 times

      Delete
    2. :) සෞදිත් එහෙමද? මම ඒක දැනගෙන හිටියේ නෑ.

      Delete
    3. අෆ්ෆා, චීනෙන් ගේන එව්වා ගැන කතා කරන්න එපා. මමත් චීනේ එක්ක බිස්නස් කරනවනේ.. පිස්සු හැදිලා ආයෙම හැදෙනවා. උන්ගේ කැටලොග් වල තියෙන විස්තර දැක්කම ඒ බඩු ගන්න එක එපාවෙනවා.

      සෞදියේ එහෙමද කියලා නම් හරියට නොදනිමි ඇනෝ...

      (අද ඇනෝලා දෙන්නෙක්ම කමෙන්ට් කරලා)

      Delete
  14. අපෝ අපේ සිනමාවට ගොඩාක් ඉස්සරහයින් ටැමිල් සෝ තියෙන්නේ.. අනිවාර්යයෙන් පට්ට කතාවක් තියෙනවමයි.. මමත් ඉන්ද හිටලා ටී වී එකේ දැක්කොත් බලනවා.. මම හිතන්නේ "කාදලන්" නම් 20 පාරකට වඩා බැලුවා.. කමලා හසන්ගෙයි ශ්‍රී දෙවීගෙයි සෝ පට්ට අයියා....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක ඇත්ත. අපේ ය මොනවා කිව්වත් ඉතාම සරල තේමාවක් යටතේ ෆිල්ම් එකක් හදන්න ගියත් අපේ කට්ටිය ගොඩක් කොර සහ චොර වෙනවා. ඒ අතින් ඉන්දියාව ගව් ගාණක් ඈත ඉන්නේ.

      කමල්හසන් කියන්නේ දෙමළ සිනමාවේ ඉන්න සුපිරිම චරිතාංග නළුවෙක්. මම කමල්ගේ කැමතිම ෆිල්ම් කිහිපයක් තියෙනවා - තෙනාලි, විරුමාන්ඩි, ඉන්දියන්, දසාවතාරම්, සහ සුපිරිම එක වෙට්ටයාඩු විලයාඩු.

      Delete
  15. දෙමළ විතරක් නෙමේ වෙන වෙන බසින් තියෙන වචන සිංහලට හරවද්දි එක එක කතන්දර කියවෙනවා.හි....හි.....හි....
    මම නම් දෙමළ චිත්‍රපටි මාරම ආසාවකින් බලන්නෙ......
    :B

    ReplyDelete
    Replies
    1. http://translate.google.com/#en/sv/seventy

      හැත්තෑව ස්වීඩන් භාෂාවෙන් කියන කොටත් එන්නේ ඔන්න ඔය වගේ කුණුහරුපයක්. වතාවක් ඔමායාත් ඔන්න ඔය වගේ මොකක්ද වචනයක් ගැන කිව්වා.

      භාෂා රැසක්, සංස්කෘතීන් රැසක් තියෙන එකේ ලොකු අසිරියක් තියෙනවා නේද?

      Delete
  16. මටනම් ඉතින් එහෙම විශේෂයක් නෑ.. අහුවෙන වෙලාවට ඕන එකක් බලනවා.. හැබැයි ඉතින් සිංහල උපසිරසි නැත්තම් බලන්නෙම නෑ වගේ තමයි ඉතින්.. මොකෝ තේරෙන්නේ නැහැනේ..

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම තමයි. උප සිරැසි තිබ්බොත් තමා ඉතින් බලන්නේ. නැත්නම් කතාවේ රහෙන් භාගෙනේ දැනෙන්නේ...

      Delete
  17. මොකක්ද බං හාවයි,පදුරයි කතාව.
    මට නම් දෙමළ,හින්දි අරහං.

    ReplyDelete
    Replies
    1. හාවා කිව්වේ - අර අංකල් කියපු කතාව
      පඳුර කිව්වේ - ඒ කතාව කියන්න වටේ ගිය ගමන නොහොත් දෙමළ චිත්‍රපටි

      එහෙම කරන්නෙපා කෙන්ජි අයියා - බුවල්ලෝ ඉන්න ජපන් ෆිල්ම් වගේද දෙමළ, හින්දි එව්වා?

      Delete
  18. දෙමළ චිත්‍රපටි හොඳ එකක් අහුඋනොත් මාත් නොබල ඉන්නෙ නෑ.
    ඔය දමළ වල ත,ද හ,ක,ග වගේ ඒවට එකම අකුරු තියෙන එකනං හෙන ඇණයක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අෆ්ෆා, මුන්ට බැරි උනානේ අකුරු ටිකක් වැඩිපුර හෝඩියට දාගන්න. අපි බලාගෙන කියෙව්වොත් සමහර වෙලේට කුණුහරුපත් කියවිලා ඇති අකුරු පැටලිලා...

      Delete
  19. හාවටයි පන්දුරටයි දෙකටම විදින්නේ නැතුව මටනම් කියන්න තියෙන්නේ සිංහල හැමෝම දෙමල ඉගෙන ගත යුතුයි. එක මදි කමක් නෙවෙයි ලොකුම ලොකු ප්‍රයෝජනයක්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ඉවාන්. ඒක ඇත්ත. පාසල් විෂය නිර්දේශයේ එක වසරේ ඉඳන්ම දෙමළ උගන්වන්න ඕනේ. එතකොට ටිකක් හරි සාක්ෂරතාව වැඩි වෙනවනේ..

      මං හිතන්නේ දැන් ඉස්කෝල වල දෙමළ අනිවාර්යද කොහෙද?

      Delete
  20. ‍පරිවර්තනයේදී ඔයවගේ අවුල් තියනව. දෙමල ෆිල්ම් නං අරහං.

    ReplyDelete
    Replies
    1. උත්තර දෙන්න ප්‍රමාද උනාට මුලින්ම මගෙ කණගාටුව. අපේ ඔෆීස් එකේ මෙව්වා ඔක්කොම දැන් හැක් කරනවා, අපි සල්ලි නාස්ති කරනවා කියලා. ඩොන්ගල් එකක් ගත්තත් ගෙදර ගියාම විවේකයක් නැහැ.

      Delete
  21. චිත්තර පටිය නම් බලලා නෑ.. ඔය සින්දුව රින්ග් ටොන් එකක් විදිහට 2008 විතර ෆෝන් එකෙන් ෆෝන් එකට නම් ගියා... මාර ගති...මෙලෝ මලදානයක් තේරෙන්නේ නැති වුනාට පට්ට වොයිස්, මෙලඩි.. මං ගාව තවමත් ඒක තියේ.

    ReplyDelete
    Replies
    1. උත්තර දෙන්න ප්‍රමාද උනාට මුලින්ම මගෙ කණගාටුව. අපේ ඔෆීස් එකේ මෙව්වා ඔක්කොම දැන් හැක් කරනවා, අපි සල්ලි නාස්ති කරනවා කියලා. ඩොන්ගල් එකක් ගත්තත් ගෙදර ගියාම විවේකයක් නැහැ.

      Delete
  22. දෙමළ ඉගෙන ගන්න කාලයක් ට්‍රයි කොලා. වැඩේ හරි ගියේ නැහැ... :(

    ReplyDelete
    Replies
    1. උත්තර දෙන්න ප්‍රමාද උනාට මුලින්ම මගෙ කණගාටුව. අපේ ඔෆීස් එකේ මෙව්වා ඔක්කොම දැන් හැක් කරනවා, අපි සල්ලි නාස්ති කරනවා කියලා. ඩොන්ගල් එකක් ගත්තත් ගෙදර ගියාම විවේකයක් නැහැ.

      Delete