Tuesday, August 6, 2013

11. සුරදූතිය නොහොත් ආදරයේ උල්පත | Angel of Love



චූටි බබෙක් දවසක්දා අහනවා දෙවියන්ගෙන් මෙන්න මෙහෙම,

“එයාලා කියනවා හෙට මාව මනුස්ස ලෝකෙට යවනවලු. මං මෙච්චර පොඩියට ඉඳගෙන, අසරණව කොහොමද එහේ ජීවත් වෙන්නේ?”

“ඔයා බයවෙන්නෙපා. ඔයාගේ සුරදූතිය ඔයා වෙනුවෙන් එහේ බලාගෙන ඉන්නේ. එයා ඔයාව ආරක්ෂා කරයි.”

චූටි එකාට තවත් ප්‍රශ්නයක්,

"ඒ උණාට මට කියන්නකෝ, මෙහේ මට කිසිම දෙයක් කරන්න නෑ සිංදු කිය කිය, හිනාවෙවී සතුටින් ඉන්නවා ඇරෙන්න. එහේ?”

දෙවියන් වහන්සේ හිනාවෙලා කියනවා, 

“ඔයාගේ සුරදූතිය එහේ ඔයා වෙනුවෙන් සිංදු කියයි. ඔයා වෙනුවෙන් හිනාවෙයි. ඒ වගේම ඔයාට එයාගේ ආදරය දැනෙනකොට ඔයා ගොඩාක් සතුටු වේවි!”

චූටි එකා ආයෙම අහනවා, 

"මම කොහොමද එයාලා ඒ ලෝකේ කතා කරන දේවල් තේරුම් ගන්නේ? මට එහේ කතාකරන භාෂාව දන්නේ නෑනේ!”

“ඔයාගේ සුරදූතිය ඒ ලෝකේ තියෙන ලස්සනම, මිහිරිම වචන ඔයාට කියලා දේවි. ඒ වගේම එයා ඔයාට ඉවසීමෙන්, කරුණාවෙන් උගන්නයි කොහොමද එහෙදි කතා කරන්නේ කියලත්.”

“එතකොට මට දෙවියන්ට කතා කරන්න ඕනේ උනොත් මං මොකද කරන්නේ?”

දෙවියෝ සන්සුන්ව උත්තර දෙනවා,

"ඔයාගේ සුරදූතිය ඔයාගේ ඔය චූටි අත් දෙක එකට එකතු කරලා දෙවියන්ට, බුදු හාමුදුරුවන්ට කතා කරන්නේ කොහොමද කියලා ඔයාට කියලා දේවි.”

“කවුද මාව එතකොට එහේදි ආරක්ෂා කරන්නේ?”

“ඔයාගේ සුරදූතිය එහෙදි ඔයාව පරිස්සමෙන් රැකබලාගනියි. එයා ඔයා වෙනුවෙන් පණ උනත් දේවි!” දෙවියෝ ආයෙම උත්තර දුන්නා.

“ඒ උණාට මම එහේ හැමදාම දුකෙන් ඉඳීවි මොකද මට ඔබවහන්සේව දකින්න ලැබෙන්නේ නෑනේ?”

“ඔයාගේ සුරදූතිය ඔයා එක්ක නිතරම මං ගැන කතාකරයි. ඒ වගේම එයා ඔයාට කියලා දෙයි කොහොමද ආයෙම සැරයක් මාව බලන්න සුර ලෝකෙට එන්නේ කියලත්.”

ඒ වෙලාවෙම දිව්‍යලෝකය පුරා ගැඹුරු නිහඩතාවක් ඇති උනා, නිහඩතාව අස්සෙන් ඇහුනේ මනුස්ස ලෝකේ ඉඳලා ඇහුන විවිධ විවිධ කටහඬවල් කිහිපයක් එක්ක කළබලෙන් ආයෙම ප්‍රශ්නයක් අහන චූටි එකාගේ ලපටි හඬ,

“දෙවියනි, මම දැන් යන්න ඕනේනේ? මට ඉක්මණට කියන්න මං වෙනුවෙන් එහේ බලාගෙන ඉන්න සුරදූතියගේ නම මොකක්ද කියලා?”

කරුණාබර හිනාවක් එක්ක දෙවියන් වහන්සේ චූටි එකාට උත්තර දෙනවා,

“ඔයාට පුළුවන් පුංචි පුතේ, එයාට කතාකරන්න අම්මා කියලා!”


 


මගේ අම්මටත්, අම්මා කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න මගේ නිමාටත්, විද්‍යුත් පණිවුඩයක් දිගේ මේ වියමනේ ඉංග්‍රීසි පිටපත් මට එව්ව අම්මටත්, අනෙකුත් හැම අම්මා කෙනෙක්ටමත් මේ ලියමන උපහාරයක්ම වේවා!

28 comments:

  1. උපහාරයක්ම වේවා

    ReplyDelete
    Replies
    1. මගෙත් පැතුම ඒකමයි....

      Delete
  2. සියලු මව් වරුන්ටත් මේ ලිපිය ලස්සනට ගැලපූ ඔබටත් අපේ උපහාර..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින් අයියා...

      Delete
  3. Replies
    1. ඇත්තටම මේක මට ආපු ඊමේල් එකකින් පරිවර්තනය කරපු එකක්. ඒක නිසා නිර්මාණ අයිතිය යන්න ඕනේ එතැනටයි.

      Delete
  4. වෙනස් කතාවක්,ස්තූතියි සඳුන් හොඳ නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...

      පින්තුරේ දැක්කම නම් පොඩ්ඩක් හෙල්ලිලා ගියා.....

      Delete
  5. හරිම ලස්සනයි. හරිම ලස්සනයි.සහ් හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සහ බොහොම ස්තුතියි

      Delete
  6. අම්මා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ලෝකේ තියෙන ලස්සනම වචන වලින් එකක්. ඒ වගේම ලෝකේ තියෙන සෙනෙහස උපරිම වචනේ....

      Delete
  7. අරිම ලස්සනයි සඳුනිමා. අම්මත් රස හඳුනන අම්මා කෙනෙක්.

    මට මේකත් දැන ගන්න ඕනෙ.

    මේකේ කර්තෘ වරු දෙන්නා එක්කෙනෙක් G+ account එකක් අනික Blogger account එකක්. මේ දෙන්නම එක්කෙනා නම්, මේක කලේ කොහොමද? මොකද මමත් නිකං ඉන්න බැරි අමාරුවට Google + වලට අප්ග්‍රේඩ් වෙලා මගේ Dude බ්ලොගර් නේම් එක නැතිකරගත්තා. මේකට දෙන උත්තරේ මට වැදගත් වෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හෙන්රි අයියේ කොමෙන්ටුවට.

      දැනගන්න ඕනේ දේට උත්තරේ මේකයි;

      මේ කතෘවරු දෙන්නම එක්කෙනෙක්. හැබැයි ප්‍රොෆයිල් දෙකක්. G+ වැඩේ මටත් සිද්ධ උනා. එකනේ දැන් අපේ ගල්පාත කියන කෑල්ල පේන්න නැත්තේ...

      පැහැදිලිද?

      Delete
    2. ස්තුතියි සඳුනිමා.

      ඒ කියන්නේ දැන් මම ආපහු බ්ලොගර් එකවුන්ට් එකක් හදනවා නම් ඒක වෙනම එකක් වෙන්න ඕනෙ නේද? ඒත් මගේ ඩූඩ් කියන නමින් හදන්න බැරිවෙයි මොකද මමම ඒක පාවිච්චි කරලා තියෙන නිසා. අනික එහෙම කලත් ඒක කොහොමද මේ තියෙන බ්ලොග් එකටම අමුණන්නේ? ඒකට උඹ අර තව කතෘ කෙනෙකුට ඉන්වයිට් කරන්න තියෙන ෆීචර් එක පාවිච්චි කලාවත්ද?

      ඇණයක්ද දැං? :D

      Delete
    3. මම මටම ඉන්වයිට් කරා ලියන්න කියලා. එහෙම තමයි මේ දෙකක් තියන්නේ.

      ආයේ පරණ විදිහට වෙනස් කරගන්න නම් බැරිවෙයි මං හිතන්නේ....

      Delete
  8. සියලු මවුවරුනට මෙවදන් උපහාරයක් ම වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිලිනි....

      Delete
  9. අම්මලා වෙනුවෙන් ලියවුන රත්තරන් වචන ටිකක් ..ගොඩාක් ස්තුතියි අපිටත් බලන්න සැලස්සුවට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රෙහානි....ඔයාලා අපිට කියවන්න රසවත් දේවල් දෙනවා වගේම අපිත් මොනවයින් හරි සලකන්න එපැයි....

      Delete
  10. උපහාරයක්ම වේවා !

    වෙන්න පියාට සහ
    වෙන්න මවට සහ
    වෙන්න බබාට

    නීරෝගී සම්පත්තියම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔන්න .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වයලිනෝ ඔයාගේ ප්‍රාර්ථනාවට

      Delete
  11. වෙච්ච පියාට
    වෙච්ච මවට
    වෙච්ච බබාට

    යහපතක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සාෂා නංගි....

      Delete