Monday, August 19, 2013

13. අපේ පුතා ආවා...... | Our Son is now with us

පහුගිය කාලෙම මේ පැත්තේ ගොඩවෙන්න බැරි උනා. ඒ මොකද දන්නවද? අපිට අළුත් අමුත්තෙක් ආවනේ....

අපි බලාපොරොත්තුවෙන් හිටපු ඒ ලස්සන කුමාරයා මෙලොවට වඩින සුභ මොහොත තිබුනේ අගෝස්තු 13වෙනිදා. මාස ගාණක් තිස්සේ ආසාවෙන් බලන්න පෙරුම් පුරපු ඒ සිඟිති මුහුණ ඔන්න ඉතින් දැකගත්තා.

මේ ඉන්නේ අපේ හුරතල් දරු පැටියා

නිතර නිතර රට වටේ රවුම් ගහන අපි දෙන්නට පහුගිය 2012 දෙසැම්බරේ අනුරාධපුර චාරිකාවකදී තමයි අපේ දරු පැටියා ගැන ඉඟිය ලැබුනේ. එදා ඉඳන් මේ වෙනකම් බොහොම පරිස්සමෙන්, සීරුමාරුවට වැඩ කරගෙන අගෝස්තු 13දා උදේ පාන්දරම අපි දෙන්නා අපේ පොඩි පැටියා ඇහෙන් දැකගත්තා. පුතාගේ හද ගැස්ම, ස්කෑන් එකට පුතා දඟලන හැටි පෙනෙන කොට මේ රන් කැටියව අතට ගන්නේ කවදද කියලා අපි බොහොම ආසාවෙන් බලන් හිටියේ. ඔන්න ඉතින් ඒ හීනෙ හැබෑ උනා.

 
අපේ පුතාව අපි මුලින්ම දැකපු වෙලාව


දැන් ඉතින් පොඩ්ඩව සනීපෙට එයාගේ රජමැදුරට ගෙනිහින් අපි ආවතේව කරනවා. මුළු ගෙදරම අමුතු එළියක් තියෙන්නේ. රෑ තිස්සේ ටිකක් වැඩිපුර නිදි මැරුවට පොඩි පුතා අපිත් එක්ක ටිකක් හිනහ වෙනකොට, ඇස් ඇරලා බලනකොට අර මහන්සිය කොහේ ගියාද කියලා නෑ. වෙනදට වඩා වැඩ ගොඩ ගැහුනත් ඒකෙ කිසිම අමාරුවක් නෑ. අපේ ජිවිත වලට එයා ඒ තරම්ම ලොකු බලපෑමක් කරලා.

තවම අපේ පොඩි එකාට වයස දවස් හයයි. ඉතින් වැඩ රාජකාරී එහෙම සෑහෙන වැඩි නිසා මගේ බ්ලොග් එකේ නිතර අප්ඩේට් යන එකක් නෑ. ඒ වගේම ඔයාලගේ බ්ලොග් පෝස්ට් කියවන්නත් නිතර එන එකක් නෑ. ඔන්න ඒක නිසා ඒ ගැන තරහා වෙන්න නම් එපා අළුත් තාත්තා එක්ක.

පසු ලියමන:

කලින් දෙවතාවකදී අමිහිරි අත්දැකීම් දෙකකට (miscarriages) මුහුණ දුන්න අපි දෙන්නට මේ අපේ පුතා ලෝකෙටම වඩා වටිනවා. කලින් දෙවතාවේදීම මගේ නිමාව ඇතුල්කලේ පානදුර කේතුමතී කාන්තා රෝහලට. ඇතැම් වලහැඩි දොස්තරලා ඇතුළුව අනෙකුත් සේවකයන්ගේ ඉතාම පහත් සහ අනාචාරශීලී ආකාරයේ හැසිරීම් නිසා අපිට ඇතිවෙච්ච දුක, වේදනාව තව තවත් වැඩි උනා. ඒ නිසා මේ පාර අපි ඇතුල් උනේ පෞද්ගලික රෝහලකට.

අජිත් රාජපක්ෂ දොස්තර මහතා ඇත්තෙන්ම ජීවකයෙක්. එතුමාගේ ප්‍රතිකාර සහ කරුණාවන්ත සැලකීම් නිසා තමයි අපිට අපේ පැටියා ඉක්මනින් කරදරයක් නැතිව අපේ ළඟට ගන්න පුළුවන් උනේ.එතුමාගේ සුවිකා සායනය දරුවෙක් හදන්න ඉන්න දෙමාපියන්ට නිසි පරිදි මග පෙන්වන පහන් ටැඹක්. එතැන සේවය කරන හැම දෙනාමත් ඉතා කාරුණිකයි. අපේ පැටියා මෙලොව එළිය දැක්ක ආසිරි රෝහලේ 32B අංශයේ හිටපු හැම දෙනාටමත් මේ පෝස්ට් එක දිගේ අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. දරුවා බිහි උන වෙලේ ඉඳන් දරුවා ගැන හොඳින් හොයලා බැලුව ළමා රෝග විශේෂඥ සමන් කුමාර දොස්තර මහතාටත් පින්.

දරුවගේ මුහුණ දැකලා ටික වෙලාවකින් මේ සුභාරංචිය පවුලේ උදවිය එක්ක බෙදාගෙන Facebook එක දිගේ යාළුවන්ටත් කිව්වා. මගේ සතුට එයාලගේ සතුට වගේ බෙදාගත්ත මගේ හැම මිතුරෙක්ටමත්, මිතුරියෙක්ටමත් බොහොම ස්තුතියි. මේ ඉන්නේ ඒ කට්ටිය තමයි.

 
 
 
 

42 comments:

  1. ජිවිතයට අලුත් අමුත්තෙක් .... උණුසුම් සුබ පැතුම් මගෙන් !!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකට තවත් අළුත් යාලුවෙක්. බොහොම ස්තුතියි.....

      Delete
  2. ඉතාමත් සතුටුයි, උණුසුම් සුබ පැතුම්!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම තුති අයිලාස්

      Delete
  3. උණුසුම් සුබ පැතුම් මගෙන් !!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිංහල මුදල්

      Delete
  4. මගේ උණුසුම් සුබ පැතුම් ,,අනේ ෆොටෝ එක දැක්කම අමුතු ආදරයක් දැනුණා දරුවා ගැන ,, පරිස්සමට බලාගන්න ,, අම්මත් සනීපෙන් නේද ,, කිසිම ලෙඩක් දුකක් නැතුව දරුවා ලොකු මහත් කරගන්න දෙවියන්ගේ කරුණාව ඉල්ලනවා ,, මගේ සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔමායා...

      ඒ වගේම ඔයා දුක් වෙච්ච එකටත් බොහොම ස්තුතියි... ;-)

      Delete
  5. ඉක්මන්ට එන්නම් පොඩි එකාව බලන්න. ආආආආආආආආආසයි දැක්කම..

    ReplyDelete
    Replies
    1. අනිවා වරෙන් පුළුවන් වෙච්ච ගමන්....

      Delete
  6. සුබ පැතුම්, වාසනාවන්ත අනාගතයකට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසන්ත අයියා..

      Delete
  7. ඔන්න අපෙනුත් සුබම සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉවාන්...

      Delete
  8. ඔබ තුන් දෙනාටම අදහන බුදුන්ගෙන් දෙවියන්ගෙන් ආරක්ශාවත් පිහිටත්,අපේ සුභාශිංසණත් පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරූගෙ ප්‍රර්තනාවට...

      Delete
  9. උණුසුම් සුබ පැතුම්!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රෙහානි

      Delete
  10. අලුත් තාත්තට වගේ ම අම්මටත් මගෙන් උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ධාරා

      Delete
  11. දරු පැටියාටත් අම්මාටත් තාත්තාටත් සුබ පැතුම්! මෙහෙම දරු පැටිය ගෙ පින්තූර දාන්න එපා අනේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිලිනි. සුදික අයියත් මට ඔය දේ කිව්වා. දරුවා අපි අතට ආපු වෙලේ ආවේ පුදුම සතුටක්. ෆෝන් එකේ, කම්පියුටර් එකේ, හැම තැනම පොඩි එකාගේ මේ පින්තුරේ දාගෙන ඉන්නේ ඒ තරම්ම ආස නිසයි. කොහොම උනත් මේ පින්තූර දෙක ඇර වෙන එව්වා නම් කපේකට දාන්නේ නැතෝ....

      Delete
  12. උඹලා තුන් දෙනාටම වාසනාවන්ත අනාගතයකට ආසිරි අපේ මුළු පවුලෙන්ම. දරුවාත් අම්මාත් දෙන්නම සුවෙන් කියලා අහන්නත් සතු‍ටුයි. මට මතක් වෙන්නේ ඉවොන් එලිමාන්ගේ සින්දුව...

    Isn't he lovely...
    Isn't he wonderful...
    Isn't he precious...
    Isn't one minute old...

    I changed she into he. :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හෙන්රි අයියේ,

      ඒ වගේම සින්දුවටත්....

      Delete
  13. සොදුරු කැදැල්ල මිහිරියාවට පත් කරන අළුත් පැටියා දැක්කම ආස හිතුනා. උඹල තිදෙනාටම උණුසුම් සුභ පැතුම්!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේශක අයියේ...

      Delete
  14. සුබ පැතුම් මිත්‍රයා. මේවා වචන වලින් විස්තර කරන්න බෑ. ජීවිතේ වටිනාම කාල පරිච්චේදයක්.

    මම ඊයේ දැක්ක ගුවන් සේවාවක ඇඩ් එකක්, මේකයි ඒකයි මාර සම්බන්ධයක් තියෙනවා කියලා හිතෙනවා.

    මේක බලන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුදික අයියා (කමෙන්ටුවට වගේම ෆොටෝ උපදෙසටත්)

      කරුමෙට මේ දීලා තියෙන ලින්ක් එක වැඩ කරන්නේ නෑනේ..ආයේ දාන්න බැරිද?

      Delete
  15. උණුසුම් සුභ පැතුම් මගෙනුත්...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි.....

      Delete
  16. poddata suba pathum...
    yukthi

    ReplyDelete
    Replies
    1. thank you *kthi malli

      kohomada ithin? kalekin dekketh ne

      Delete
    2. අපි අනෝනේ ෆොටෝවට ලයික් එකක් දැම්මේ කොමෙන්ට් එකක් දාන්න.. අමතකවෙලා සොලී ඇ
      යුක්ති

      Delete
    3. කමක් නෑ කමක් නෑ....

      Delete
  17. ශාන්තී ................. ශාන්තී...................
    හඃ හඃ හඃ
    ඔන්න ආයේ ආයෙත් බුදුසරණයි කිව්වා !!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලයෝ.....

      Delete
  18. දරු පැටියාට තුන්රුවනේ සරණයි සියළු දෙවි පිහිටයි අම්මටත් තාත්තටත් එහෙමමයි.. !!!
    අපි අගෝස්තු ක්ලබ් එකේ අයනෙ.. මම 30 මගෙ දුව 7 මගෙ පුතා 3 .. ආයි මොකෝ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සරත් අයියේ සුභ පැතුමට...

      අපි නම් එක එක මාස වල කට්ටිය. හැබැයි අම්මයි මමයි පෙබරවාරි, තාත්තයි නංගියි ජූනි.

      Delete
  19. නියමයි... අපි ඉතිං දැන්නෙ දන්නෙ... බබාගෙ නම මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යසිත්.

      බබාගේ නම - තෙසත් රන්සිතු

      Delete
  20. දෙන්නටම සුබ පැතුම්.... ලස්සන පොඩ්ඩෙක්. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බුද්ධි

      Delete