Friday, August 9, 2013

12. වචන ටැපලිලි | Word Complications

ඊයේ පොඩි නිවාඩුවක් දැම්මා. හැබැයි ඉතින් ගෙදර ඉන්න හම්බු උනේ නෑ, පාද පරිචාරිකාව එක්ක පාද චාරිකා කළා නුගේගොඩට පෞද්ගලික වැඩ ටිකක් කරගන්න. ඔන්න දෙහිවලින් කෝච්චියේ බැහැලා එලියට එනකොටම උඩහමුල්ල ඩිපෝවේ බස් එකක් තියෙනවා පිටේ 176 කියලා බෝඩ් එකකුත් ගහගෙන. ටක් ගාලා ඒකට නගිනකොටම ඇහෙනවා කොන්දා මහතා කටිටිය ලෝඩ් කරන නද,

"නගින්න, නගින්න හැත්ත හත පාර, හැත්ත හත පාර......"
මේ ලන්ඩන් වල කඩුවෙල - කොල්ලුපිටිය බස් එකක්
www.londonbusesbyadam.com


දන්න විදියට 177 යන්නේ කොල්ලුපිටියේ ඉඳන් කඩුවෙලටනේ. ඒත් CTB බස් සමහර වෙලේට එක එක රූට් වල එක එක විදිහට දුවන නිසා (උදා: පානදුර - අතුරුගිරිය හරහා මහනුවර 17/255, ඉසුරුපාය - කළුතර, බණ්ඩාරගම - පානදුර - නුගේගොඩ හරහා හෙට්ටියාවත්ත....) ටිකක් විපරම් කළා. බැලින්නම් මේ යකා කියන්නේ හැත්ත හත පාර නෙවෙයි සත්තුවත්ත පාර කියලා...ඔටුවා පිටෝටුවා accent එකට හුරුවෙලා හිටියට හැත්ත හත accent එක ඇහුනේ එදාමයි.

බස් එකේ සෙනග පිරිලා, වැඩිපුරම සත්තුවත්ත බලන්න යන පුංචි පැටවු සහ දෙමව්පියෝ. එක පාරටම කාගේදෝ ෆෝන් එකක් නාද වෙන්න ගත්තා. රින්ග් ටෝන් එකට දාලා තිබුනේ සුප්‍රසිද්ධ බස් අජිත් සූරීන් විසින් සුගායනය කරන ලද "සුදු අරලියා මලඅඅඅඅඅඅඅඅඅඅඅඅඅ" නම් වූ කාව්‍යමය ගීතයයි. ඒක ඇහෙන කොට ඇති උන බඩ දැඟලිල්ල එක්කම මතකෙට ආවේ ඔය සින්දුවත් සමහරුන්ට වචන ටැපලිලා ඇහෙන බව. 

ඔය සිංදුවේ තැනක තියෙනවා, "ලෙන්ගතු ඇසුරකටඅඅඅඅඅඅඅඅ..... මට දැන් අවසරද" කියලා කොටසක්. ඕක සමහරුන්ට ඇහෙන්නෙම "ලිංගික ඇසුරකටඅඅඅඅඅඅඅඅ..... මට දැන් අවසරද" කියලමලු.

මේ තියෙන්නේ ඒ සිංදුව සහිත ඇල්බම් එකේ කවරයක්. කැමති අය හොයාගෙන අහන්න
http://www.pathummedia.net
කොහොමින් හරි ඔහොම යනකොට කොහුවලින් නැග්ග මෑන්ස් කෙනෙක් මං වාඩිවෙලා හිටපු තැනින් හිටගත්තා. කොන්දොස්තර මහත්තයා ටිකට් ගන්න කියන කොට පොර ටිකට් එකක් ඉල්ලපි හන්තානට! මම ආයෙම අන්දොස්! ඔළුව උස්සලා බලනකොට කොන්දා ටිකට් එකකුත් දීලා ඉතිරි සල්ලිත් දෙනවා. එහා පැත්තේ වාඩිවෙලා යන ප්‍රිය බිරිඳට මම සිද්ධිය කිව්වා. අපි වගේ නෙවෙයිනේ කාන්තාවෝ. ඇහුම්කන් දීම සුපිරියිනේ. ඒ යකා ටිකට් එක ඉල්ලලා තියෙන්නේ හන්තානට නෙවෙයි මරදානට කියලා එයා මට කිව්වා. වැරැද්ද තියෙන්නේ වෙන උන්ගේ නෙවෙයි මගේම කනේද කොහෙද කියලා හිතාපු මම කල් දදා හිටපු ENT දොස්තර ළඟට යන එක ඊයේ හවසම කරලා දැම්මා.

http://www.articles-center.com
ඔය වගේ ටැපලිලි අපි කාට කාටත් වෙලා තියෙනවනේ. එහෙව් මාරාන්තික ටැපලිල්ලක් ගැන කාලෙකට කලින් මම අන්තිම පේලියට ලිව්ව පෝස්ට් එකකුත් මේ ගමන්ම එකතු කළා කියවලා නැති අය වෙනුවෙන්. ඒකත් කියවලම යන්ට.

ඇම්ඩාගේ මල්ලිට සමාන එක අණ්ඩපාලයෙක් කාක්කෙක්ව ඇතිකරාලු හුරතලේට (බලහල්ලකෝ ඉතින්, ඌටත් තියෙන්නේ මාරම ආතල් ආසාවන්). මුගේ මුළු ජීවිතේම ගත උනේ කාක්කා වෙනුවෙන්. ඉස්කෝලේ යන්න කලින් කාක්කට කවලා, පොවලා ඉස්කෝලේ යන කොල්ලා ඉස්කෝලෙදි හිත හිත ඉන්නෙත් කාක්කා ගැනමයි. ගෙදර ආපු ගමන් බත් කාලා මූ දුවන්නේ සෙල්ලම් කරන්නවත් අපි වගේ පාඩම් කරලා දොස්තර කෙනෙක් වෙන්නවත් නෙවෙයි, කාක්කගේ සැප සනීප බලන්න.
http://mondofragile.deviantart.com

ගෙදර උන්ට මුගෙයි කාක්කගෙයි සම්බන්ධේ එච්චරම හිතට ඇල්ලුවේ නෑ.  ඉතින් මුගේ අම්මයි තාත්තයි පුදුම වධයක් වින්දේ මේ  කාක්කා හින්දා. බැරිම තැන දවසක් කොල්ලා ඉස්කෝලේ යනකම් ඉඳලා අම්මා කූඩුව ඇරලා කාක්කාව නිදහස් කලා.
සුපුරුදු පරිදි කොල්ලා එදත් ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් බත් කන්න වාඩි උනා. කොල්ලා බත් කන අස්සේ අම්මා ශෝක මූඩ් එකකුත් දාගෙන එතැනට ඇවිත් කොල්ලට කියනවා,

 
"අනේ පුතේ, බලන්නකෝ කාක්කා අද උදේ මළානේ!"

 
"මොනවා?"


කොල්ලා එක පාරටම පුටුවෙන් නැගිටින ගමන් ඇහුවා. අම්මා ආයේ දුන්නේ පරණ උත්තරේමයි. කොල්ලට හිතට දුකක් ආවත් නියම පිරිමියෙක් වගේ වේදනාව තදකරන්, ඇහේ පොඩි කඳුලකුත් එක්ක ආයෙමත් කෑම කන්න පටන් ගත්තා.කෑම කාලා ඉවරවෙච්ච ගමන්ම කොල්ලා ගියේ කාක්කගේ කූඩුව බලන්න. කූඩුව විතරයි, කාක්කා නෑ. කොල්ලට මාරාවේශ උනා. ඌ අඩි පොලොවේ ගහලා කෑගහන්න පටන් ගත්තා,

 
"කෝ යකෝ කාක්කා. තොපි මොනවද ඌට කලේ?"

 
සද්දේ ඇහිච්ච අම්මා එතැනට දුවගෙන ආවා, 


"ඇයි පුතේ මං උඹට කිව්වේ කාක්කා මළා කියලා!?"
 
"ආ එහෙමද? මට ඇහුනේ තාත්තා මළා කියලා!" 


එහෙම කියපු කොළුවා මහ හඬ දීලා අඬන්න ගත්තලු කාක්කා මැරුණ දුකට!
 
http://betanews.com
 


මෙහෙම වචන ටැපලිලි වෙලා තියෙනවා නම් පහලින් කොටලා අපිටත් කියලා යන්න.

30 comments:

  1. 77 සීන් එක නම් පට්ට...

    ReplyDelete
    Replies
    1. ඔව් බන්. මම කොන්දගෙන් ආයෙම ඇහුවා නුගේගොඩ යනවා නේද කියලත්....

      Delete
  2. කාන්ති මළා කිව්වනම් ඇහෙයි තාත්ති මළා කිටලා.

    ReplyDelete
    Replies
    1. අනිවා.... අර බස් එකේ යන එකාගෙන් සිස්සත්තේ පාස්ද කියලා ඇහුව කතාව මතකනේ....

      Delete
    2. ඒ මොකද්ද? මම අහල නෑ නේ.

      Delete
    3. බස් එකේ යන මගියෙක්ගෙන් කොන්දා අහනවලු, "ඔය මහත්තයා සිස්සත්තේ පාස්ද?" කියලා. බැලින්නම් ඇත්තටම අහලා තියෙන්නේ සීසන් ද පාස් ද කියලා.....

      Delete
  3. හි හි පට්ට ඈ ,, මටත් ඔහොම සීන් එකක් වුණා ,, මොරොක්කන් ඇරබික් වගේ භාෂාවක් කතා කරන ලෙඩෙක් බලාගද්දී ,,
    දවසක් අපිදෙන්න ගමනක් යන්න ලෑස්ති වෙලා දොරෙන් එලියට ආවට පස්සේ මෙයා මට කියනවා "lets go ,,lets go" කියලා ,,මාත් ඉතින් යන් යන් කියලා ඉස්සරවෙලා යන්න හැදුවා ,, ආයේ කියනවා අරකම ,, ඒත් මන් යන්න හදද්දී කෑ ගහලා අතින් එන්න කියන ගමන් lets ගෝ කියනවා ,,මට මාර කේන්ති ,,,
    පස්සේ මට තේරුනේ එයා එයාගේ භාෂාවෙන් දොර වහන්න කියලා තියෙන්නේ ,, 'සගොර්,,සගොර් කියලා තියෙන්නේ ,,

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්. භාෂා පැටලුනාමත් වෙන්නේ හරි ජරමර තමයි ඉතින්.

      අර ස්වීඩන් භාෂාවෙන් seventy කියන එකට තියෙන වචනේ අහලා ඇතිනේ......

      https://translate.google.lk/?hl=en&tab=wT#en/sv/seventy

      Delete
  4. මටත් හිතුනා උඹ කණ චෙක් කරගන්න ගිය එක හොඳයි කියලා. දැන්වත් හරියට ඇහෙනවද? :)

    ReplyDelete
    Replies
    1. තාම නම් වෙනසක් නෑ. මාසයක් බෙහෙත් දාලා ආපහු එන්න කියලා ඒ සීදේවී දොස්තර නෝනා කිව්වා.....

      Delete
  5. තාත්තාගේ සැප සනීපෙට වඩා කාක්කාගේ සැප සනීප බැලු පොඩි ඇම්ඩා තාත්තෙක් නොවී කාක්කෙක්ම වේවා.
    ඔය 177 පෙකම් ටවුන් සිට තේම්ස්මීඩ් දක්වා ගමන් කරයි.හැතැප්ම 12යි.විනාඩි 55යි.

    ReplyDelete
    Replies
    1. පොඩි ඇම්ඩා වෙනුවෙන් අරුගේ පැතුම එලෙසම ඉටු වේවා.

      177 ගැන කියපු එකට ස්තුතියි. අපේ පාරෙත් බස් එකක් යනවා. සම්පුර්ණ දුර 13Km. විනාඩි 60ක් විතර ගන්නවා. අපේ රටේ ලන්ඩන් වලට වඩා දියුණුවක් තියෙන නිසානේ එච්චර වෙලා යන්නේ....ආඩම්බරයි හසන්ත ආඩම්බරයි!

      Delete
  6. ලොව සුපිරිම කෙටිල්ල කරන්නේ 177 කට්ටියනේ. අපි යන දුර දිව්වොත් විනාඩි 15යි 177 ගියොත් පැය භාගයයි.
    වචන නම්... ලිස්ට් එකක් තිබුනා
    ඉස්සර නාට්‍යක් ගියා දළ රළ පෙළ කියලා. ඕක ස්පීඩ් කියන්න ගියාම මරු ඒවා කියවෙනවා.
    මතක් වුනු සිංදුව රතු රටකජුලු :D

    ReplyDelete
    Replies
    1. මමත් 177 හැමදාම උදේට (සහ සමහරක් දාට හවසටත්) එනවා. මගේ වාසනාවට කොල්ලුපිටිය - රාජගිරිය අතරේ ඔය බස් එක කොටනවා අඩුයි.

      ලිස්ට් එකේ තියෙන වචන දෙක තුනක් හරි කියලා යමන් මලේ...

      රටකජු කිව්වම මතක් උනේ, අපේ එහා ගෙදර හිටි පොඩ්ඩා (අර රෝස බල්ලා කතාව කිව්වේ) රට කජු වලට කිව්වේ රජකටු කියලා. ඕක අපිත් කියන්න පටන් අරන් අන්තිමට පුරුද්දටම ගියා. අමාරුවෙන් නවත්තගත්තේ.

      Delete
  7. මැරෙන්න හිනා. අපොයි ඔය වගේ ඒවා නම් ඕන තරම්.. ඒත් මතකෙට එන්නේ නෑ.. මතක් උනොත් ලියන්නම්...

    ReplyDelete
    Replies
    1. අනිවා මතක් කරලා ලියන්න.....

      Delete
  8. මේ වචන ටෑපලිල්ල උනේ අපෙ අක්කට ....අක්කගෙ නෑන්දම්ම අක්කලගෙ ගෙදර ඈවිත් යන්න ලෑස්තිවෙලා "මම යන්නන් පුතේ කිවුවලු අක්කා හදිස්සියට"හා හා පුතේ" කිවුවලු :D

    තව තියනව අප්පා දෑන් මතක් වෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඉඳලා හිටලා අපිටත් ඔය වගේම කියවෙනවා තමයි

      Delete
  9. යකෝ මු තාත්ත මලා කිවම උහුලගෙන ඉඳලා , කාක්ක මල එකට නේ දෙක කරලා තියෙන්නේ. යකාගෙ පුතයෙක් නෙව...

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා කතාවේ මොරාල් එක....

      Delete
  10. ඔය කණ සුද්ද කරගත්තම වෙන වෙන ඕන්නැති ඒවත් ඇහෙන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. එකක් දෙකක් කියන්නකෝ බලන්න ප්‍රසන්ත අයියේ අපිටත් ඇහෙන්න....

      Delete
  11. ඔය ලිංගික ඇසුරකට සිංදුව අපේ එකෙක් ඉස්කෝලේ බ්ලැක් බෝඩ් ඒකෙ ලියලා තියලා මිස් කෙනෙක් දැකලා එල ආතල් එකක් දුන්නා .

    රෙදි කෑලි පොඟව පොඟව ඒක මැකුවා . හඃ හඃ හඃ

    ReplyDelete
    Replies
    1. මිස් දුන්න ආතල් එකත් මොකක්ද කියලා කිව්වා නම් මසුරන්....

      Delete
  12. දවසක් කන් මදක් නෑසෙන A හා B නැමැති දෙදෙනෙක් සෙනඟ අතරින් පාරේ දෙපැත්තේ යයි. A වතුර බාල්දියක් සහ රෙදි රැගෙන යන අතර ඔවුන් අතර මෙවැනි දෙබසක් සිදුවේ.

    B ආ නාන්න යනවා වාගේ
    A නෑ මේ නාගන්න කියලා
    B ම්.... එක මිසක්. මම හිතුවේ නාන්න යනවා කියලා.

    ReplyDelete
    Replies
    1. හරියට මේ ලංකාවේ අපේ මිනිස්සු වගේමයි නේද?

      Delete
  13. කොහොමටත් හාමිනේලගෙ කන් ඇහීම හොඳයි අපිට වඩා.. සියළුදේට සවන් යොමු කරන්න එයාලට පුළුවන්..

    ReplyDelete
  14. මරු පුතෙක් නේ..... :D

    වචන පැටලිලා වෙන චාටර් නම් හොඳට කාල තියේ. ඒවා කටක් ඇරල කාටවත් කියන්නත් ලැජ්ජයි. :D

    ReplyDelete
    Replies
    1. නොලියා ඉන්නෙපා, කොහොම හරි ලියන්න. ලියන්න බැරි නම් අපිට කියන්න. අපි ලියන්නම් ඔයාට උනා කියලා :D

      Delete