Wednesday, October 23, 2013

23. විටි විටි පෝ නායේ..

චන්ද්‍රිකා ජනාධිපතිනිය එක පාරටම UNP ආණ්ඩුවේ තිබ්බ අමාත්‍යංශ තුනක් එයා යටතට පවරාගත්තා මතකද 2003දි විතර? අන්න එදා ඕක මහා රෑ 10.30ට විතර බ්‍රේකින් නිව්ස් එකක් හැටියට TV එකේ කිව්වා. මම එවෙලේ ජාතික රූපවාහිනිය බල බල හිටියේ. මේ ප්‍රවෘත්තිය කියලා ඉවර වෙනවත් එක්කම මෙන්න යකෝ දෙමළ චිත්‍රපටියක් පෙන්නපි සිංහල උපැසිරසිත් දාලා. එදා තමයි මම දෙමළ චිත්‍රපටියක් මුලින්ම බලපු දවස. කතාව කොච්චර ත්‍රිල්ද කියනවා නම් ඊට පස්සේ දිගටම අද වෙනකම් දෙමළ චිත්‍රපටි බලනවා ආතල් එකට.


මේක තමා අර බලපු චිත්‍රපටිය. විසිල් කෝටියයි!

Thursday, October 10, 2013

22. පච්ච කතා | Tattoo Stories

බොබ් කිකිළි ගැන කියපු වෙලේ අපේ Dude මරු කතාවක් කියලා තිබුනා බොබ් පච්චේ ගැන. කොහොමත් Dude පච්ච කතා කියන්න රුසියා බව දැනගත්තේ ඇන්ඩි ගහපු පච්චේ ගැන කියෙව්වට පස්සේ. ඕකෙන් මේකෙන් මටත් හිතුනා අහලා තිබුන පච්ච කතාවක් දෙකක් කියලා දාන්න. පච්ච ගහන එක දැන් නම් ඉස්සර වගේම අසීරු වැඩක් නෙවෙයි හින්දද කොහෙද දැන් ගොඩක් එව්වෝ පච්චයක් කොටාගන්නවනේ. 
http://4.bp.blogspot.com

Thursday, October 3, 2013

21. බොබ් කිකිළි | Bob The Hen


මේ දවස් වල කිසිම දෙයක් ලියන්න හිතට ෆිට් එකක් නෑ අෆ්ෆා. අනේ මන්දා ඇස්වහක් කටවහක් වැදිලද කියලා. ඒ උනාට ඉතින් අමාරුවෙන් අටෝගත්ත බ්ලොග් එක පාළුවට යන්න දෙන්නත් බැරි නිසා කලින් අහපු කතාවක් අරන් ආවා.

හත්මාළුව බ්ලොග් reader එකේ Android App එකේ screenshot එකක්

Thursday, September 26, 2013

20. ඇග්‍රෝනොමි ඩීන් | Agronomy Dean

කැම්පස් හිටපු කාලේ ජිවිතේට ලොකු අත්දැකීම් දුන්න කාලයක්. ඒ වගේම විවිධාකාර ජාතියේ පොරවල් අදුනගන්න ලැබුන කාලයක්. අපි ඉතින් කොහොමත් වලට බර - පොතට හොර සෙට් එකේ උන් නිසා අපිත් එක්ක සෙට් උනෙත් එහෙම උන්ම තමයි. අදටත් ඉඳලා හිටලා හරි කෝල් එකක් දීලා හරි කතාකරන්නේ අන්න ඒ සෙට් එකේ උන් තමයි. ඒ ජාතියේ සුපිරි හාදයෙක් - හොඳ මිතුරෙක් තමයි අපේ ඩීන් කොල්ලා. මේ ඇවිල්ලා ෆැකල්ටි ඩීන් නෙවෙයි, බැච් එකේ ඩීන්. පොරට ඒ නම වැටුන විදිහත් සුපිරියි.

Monday, September 23, 2013

19. බස් ඩ්‍රයිවර් | The Bus Driver

මේ දවස් වල බුකිය පැත්තේ ගියාම හැම තැනම තියෙන්නේ දේශක-යා ගේ මූනත් තහඩුවේ ආඩම්බර කතා ප්‍රවෘත්ති ගැනමයි. අපි හැමෝටම දේශක-යා තමන්ගේ පින්තුරේ එවනවා කියලා ඊමේල් දිගේ වෙන වෙන එව්වා එවලා. බලාගෙන ගියාම දේශක-යාට එක්කෝ මූණක් නැහැ, නැත්නම් මූණ තියෙන්නේ වෙන කොහේ හරි  මෙන්න මේ වගේ.
කොහොමද? මම ලස්සනයි නේද?
http://www.6speedonline.com



Wednesday, September 18, 2013

18. ආතල් ජෙමා | Jema - The Fun Guy

ඉස්සර අපේ ගෙදර පොතක් තිබුනා "ජේමිස් බණ්ඩා" කියලා. මේ පොත ලියලා තිබුනේ ඩීමන් ආනන්ද මහත්තයා. ඉස්කෝලේ යන කාලේදී අපි ඉතින් ත්‍රාසජනක ජවනිකා වලට පණ ඇරලා නිසා මේ පොතේ එන ජේමිස් බණ්ඩා කියන වීරයටත් පට්ටම ලයික්. පොත කියවලා ටික කලක් ගිහින් තමයි දන්නේ ජේමිස් බණ්ඩා පොතට වඩා ජනප්‍රිය සිනමාවේ කියලා. මේ කියන ජේමිස් බණ්ඩා වෙන කවුරුවත් නෙවෙයි, අර ගිය ගිය තැන එක එක ගෑණු සෙට් කරගන්න ජේම්ස් බොන්ඩ් කියන හාදයා තමයි.
http://pickuplabs.com

Tuesday, September 10, 2013

17. හාමිනේ....ගමයා එයිද? | Peasant & Wood-Pecker ;-)

ගොඩක් අය දන්නවා ඇති මම බ්ලොග් ලියන්න අත්පොත් තිබ්බේ අන්තිම පේලියෙන් කියලා. අන්තිම පේලියේ කතා වලින් ආතල් ගත්ත එකෙක් හැටියට අන්තිම පේලියට ලියන්න ඕනේ කියලා පොඩි කැසිල්ලක් ඇවිත් හරියටම මිට අවුරුදු දෙකකට කලින්, ඒ කියන්නේ 2011 සැප්තැම්බරයේදී මගේ මුල්ම කතාව අන්තිම පේලියට ලිව්වා. නොදන්නා කට්ටියට දැනගන්නයි, අමතක වෙච්ච කට්ටියට මතක් වෙන්නයි ඔන්න ආයෙම ඒ කතාව මගේ බ්ලොග් එකේ කොටන්න හිතුනා.

Thursday, September 5, 2013

16. සුනෝජ්ලගේ අපේ මෙගා බයිට් | Mega Bites

මෙන්න බොලේ වැරදිලා ITN එක පැත්තේ ගියාම මිහිර සිරිතිලක ප්‍රවෘත්ති දිගේ හෙන අප්සෙට් ටෝකක් දෙනවා අඬාගෙන. හොයලා බැලින්නම් හිරු TV එකේ සුනෝජ් ප්‍රනාන්දු කරන මෙගා බයිට් එකේ මේ පාර මිහිරව ටෙරා බයිට් එකක් වෙලා. 

http://www.col3tube.com

Friday, August 30, 2013

15. අයිරිෂ් රෝසි | The Irish Prostitute

හෙන්රි අයියගේ බ්ලොග් එක පැත්තේ ගියාම කියවන්න විතරක් නෙවෙයි බලන්න ලස්සන චිත්‍රත් ඇඳලා තියෙනවා. ඒක නිසා ඔන්න මමත් අද චිත්‍රයක් ඇඳලම වැඩ පටන්ගන්න හිතුවා. කොහොමද බලන්නකෝ චිත්‍රෙ. මල් හතයි නේද?

  

Monday, August 26, 2013

14. මැඩ්රාස් කැෆේ, නවී පිල්ලේ සහ ආසියාවේ සත්තුවත්ත | Madras Cafe, Navi Pillai & the Zoo of Asia

මැඩ්රාස් කැෆේ චිත්‍රපටිය ගැන හැමෝම කණින් කොණින් පොඩ්ඩ පොඩ්ඩ හරි අහන්න ඇතිනේ. මේ චිත්‍රපටිය එලියට එන්න කලින් ඉඳලම තමිල්නාඩුවේ ලොකු විරෝධයක් ඇති උනා මේක අපේ ආණ්ඩුවට පක්ෂව හදපු චිත්‍රපටියක් කියලා. චිත්‍රපටියේ සම නිෂ්පාදකයෙක් වගේම ප්‍රධාන නළුවා හැටියට රඟපාන ජෝන් ඒබ්‍රහම් මිට සති දෙක තුනකට උඩදි එක්තරා මාධ්‍යකට කියලා තිබුනා මේ චිත්‍රපටිය හදන්න අපේ ජනාධිපතිතුමා මුදල් දුන්නා කියලා තමිල්නාඩු හාදයෝ ගෙනියන කතාව තනිකරම බොරුවක් කියලා.

www.idiva.com