Thursday, October 10, 2013

22. පච්ච කතා | Tattoo Stories

බොබ් කිකිළි ගැන කියපු වෙලේ අපේ Dude මරු කතාවක් කියලා තිබුනා බොබ් පච්චේ ගැන. කොහොමත් Dude පච්ච කතා කියන්න රුසියා බව දැනගත්තේ ඇන්ඩි ගහපු පච්චේ ගැන කියෙව්වට පස්සේ. ඕකෙන් මේකෙන් මටත් හිතුනා අහලා තිබුන පච්ච කතාවක් දෙකක් කියලා දාන්න. පච්ච ගහන එක දැන් නම් ඉස්සර වගේම අසීරු වැඩක් නෙවෙයි හින්දද කොහෙද දැන් ගොඩක් එව්වෝ පච්චයක් කොටාගන්නවනේ. 
http://4.bp.blogspot.com
වතාවක් මම UNDP එකේ ව්‍යාපෘතියකට සම්බන්ධ වෙලා හිටියා (මෙහෙම හිටියට අපිත් හෙණ පොරවල්, හරිය?). මේකේ මාකට් රිසර්ච් එකට සම්බන්ධ හැම දෙයක්ම කලේ මමයි, මගේ ගජයා කලාබරයි. ඔන්න ඉතින් අපි දවසක් එකියෙක්ව ඉන්ටර්විව් කරන්න ගියා බම්බලපිටියේ තියෙන ලොකුම පච්ච පොට් එකකට. මේ ඉන්ටර්විව් කරන්න ගියේ එතන ලොක්කිව. 

ඉන්ටර්විව් එක පටන්ගන්න හම්බු උනේ නෑ එකෙක් එනවා මිහරකා වගේ මූණ අහවල් එක කොරන්. බැලින්නම් මේකා දවස් දෙකකට, තුනකට කලින් දකුණු අතේ පිටි අල්ලේ තඩි පච්චයක් කොටාගෙන. මේ ගෝතයා දැන් එනවා පච්චේ මකාගන්න. ස්ථිරවම කොටපු පච්චයක් නිසා එක පාරම මකලා දාන්නත් බැහැලු. ඒක නිසා පච්ච ලොක්කි අර යකාට කිව්වා ලබන සතියේ වැඩේ පටන්ගමු කියලා. මූ අදම කරන්න ඕනේ කියලා හැපෙනවා. ඇයි අදම? ලොක්කි අහනකොට අරකා කියපි හෙට ඌට රජයේ තැනක රස්සාවකට ඉන්ටර්වීව් යන්න තියෙනවා කියලා!

ඒක නිසා පච්ච කොටනවා නම් ටිකක් කල්පනාවෙන් කොටන එක ඇඟට ගුණයි. නැත්නම් ඉතින් පසුවට කරදර ගොඩයි. මේ පහළ කතාවේ හාදයට උනෙත් ඔය වගේම වැඩක්.

අපේ හිතවත් ටියුලිප් මහත්තයා ඊයේ රෑ ගෙදර යනකොට යක්කු ගස් නැගලා පොලුත් කඩන් බැහැලා විමාන කරා යන වෙලාවලු. ගෙට ගොඩ වදින්න හම්බු වුනේ නෑ ටියුලිප් මහත්තයගේ ආදර සූකිරි කැටේ, ඒ කියන්නේ ඩැෆඩිල් නෝනා ටකරමට දෙකයි දෙකේ පොල්ලෙන් ගහනවා වගේ සුපුරුදු ප්‍රශ්න කිරීම ඇරඹුවා...
 
"කොහෙද ඔහේ මෙච්චර රෑ වෙනකම් ලැග්ගේ?" 

ඩැෆඩිල්ගේ සුපුරුදු ප්‍රශ්නෙට ටියුලිප්ගෙන් ලැබුනේ නුපුරුදු උත්තරයක්. 

"මං පච්චයක් කොටාගන්න ගියා වස්තුවේ"
 
"පච්චයක් කොටන්න?" 

ඩැෆඩිල් හොල්මන්ද කරි ලීව්ස් වෙලා උත්තරේට, 

"මොන මගුල් පච්චයක්ද කොටාගත්තේ??"
 
ටියුලිප් ආඩම්බරෙන් උත්තර දෙනවා, 

"මං රුපියල් පන්දාහේ නෝට්ටුව කොටාගත්තා මගේ අහවල් එකේ!"
 
"මොකක් කිව්වා??" 

මයිල් ඉස්මයිල් වෙච්ච ඩැෆඩිල් කම්මුලේ අත ගහගත්තා, 

"ඇයි මිනිහෝ, මොන කෙංගෙඩියටද රුපියල් පන්දාහේ නෝට්ටුව පච්ච කොටාගත්තේ? ඒ මදිවට තමුසෙගේ අහවල් එකේ???"
 
"ඔව්. ඇයි මොකද? ඉන්නවකෝ මං ඔහේට සීන් කෝන් එක තේරුම් කරලා දෙන්න" 

දාගත්ත අඩි තුන හතරේ අනුහස බහින්න කලින්ම වයිපරේට සිද්ධිය තේරුම් කරන එක හොඳයි කියලා හිතුන ටියුලිප් මහත්තයා හේතු දැක්වීම ආරම්භ කලා.

පළවෙනි හේතුව - මං කැමතියි මගේ සල්ලි වර්ධනය වෙනවා දකින්න.

දෙක - මං ආසයි ඔහේ නිකම් ඉන්න වෙලාවට මගේ සල්ලි අතගානවට.

තුන - මට ඕනේ සල්ලි මගේ අතට දැනෙන හැටි විඳින්න.

අන්තිම කාරනේ - ඔයාට මීට පස්සේ ෂොපින් යන්නේ නැතුව ගෙදරටම වෙලා ඔයා කැමති ඕනේ වෙලේක මගේ රුපියල් පන්දාහේ නෝට්ටුව අතේ තියන් ඉන්න පුළුවන්නේ.....

මහ ඉස්පිරිතාලේ දැඩි සත්කාර ඒකකේ ඇඳක ටියුලිප් මහත්තයා දැන් ඉන්නවලු. 
http://delcampe-static.net
 ☻☺♥♦♣♠•◘○◙♂♀♪♫☼►◄↕‼¶§▬↨↑↓→←∟↔▲▼!"#$%'(
අනිත් කතාවේ කතානායකයා ඔය තරම්ම ඉල්ලන් කෑවේ නෑ, හැබැයි නුලෙන් බේරුනේ. ඒකත් කියවලම බලන්නකෝ.
ලිවේරා කියන්නේ හොඳ උස මහත පොරක්. දවසක් දා බාර් එකකට ගොඩ වැදුණ .මෑන්ස් ෂොට් එකක් දාගන්න ලෑස්ති උනා. ලිවේරා ෂොට් එක හලාගන්න අල්ල පනල්ලේ මෑන්ස් දිහා ඇහැ ගහන් හිටපු ගෑණු පරාණයක් හෙමීට මෑන්ස්ට කිට්ටු කළා.

"
ඔයා රගර් ප්ලේයර් කෙනෙක් නේද?"
ඇහැ කරකෝලා අමුතු බැල්මට් එකක් දාන ගමන් අර ලඳ ආපු පොරගෙන් ඇහුවා. .ඔළුව වනලා ඒක හරි කිව්ව අපේ ක්‍රීඩකයා මේ ලලනාව එක්ක පොඩි කයියක් ගහන්න ගත්තා. කයිය කෙළවර උනේ දෙන්නම ලිවේරා අළුතින් ගත්ත අපාට්මන්ට් එකට යන්න සෙට් වීමෙන්.
--මෙතනින් එහාට පොඩි එවුන් ටික දුවපියවූ-----------
 
ඔන්න ඉතින් ගෙදෙට්ට ගිහිල්ලා දෙන්නම අර මේරියන්ස් නලින් කියන සින්දුව "කරන්න" පටන් ගත්තා.

♪♫► පළමුව සිනාසී - දෙවනුව ටෝක දී -  
තෙවනුව ගෙවල් පැත්තේ අරන් යයි ◄♫♪
♪♫► ඉන්පසු ප්‍රේම ගඟේ - පීනාලා සතුටින් -  
ප්‍රේම කරයි දෙන්නට දෙන්නා.... ◄♫♪

ඔන්න පටන්ගත්ත ගමන්ම රගර් ලිවේරා තමන් ඇඳගෙන හිටිය ටී ෂර්ට් එක ගලවලා පැත්තකට විසිකරලා දැම්මා. එතකොට තමයි අර ලලනාව දැක්කේ ලිවෙරාගේ උරහිසේ Reebok කියලා පච්චයක් කොටලා තියෙන බව. ඇයි එහෙම පච්චයක් කෙටුවේ කියලා ආපු කෙල්ල ලිවේරාගෙන් ඇහුවා.
"මම TV එකේ මොනවා හරි වැඩසටහනකට ගියාම මේ පච්චේ පේන විදිහට තමයි ඉන්නේ. පච්චේ TV එකේ පෙන්නන හැම වතාවකටම මට Reebok එකෙන් ගෙවනවා."
http://favim.com
ටික වෙලාවකින් අපේ ක්‍රීඩකයා දාඩිය වැඩි නිසාමද මන්දා තමන් ඇඳගෙන හිටිය බොටම් කලිසමත් ගැලෙව්වා. මෙන්න යකෝ කකුලේ ඇස්වටේ හරියේ NIKE කියලා තව පච්චයක් කොටලා. කෙල්ල ආයෙම පරණ ප්‍රශ්නේ දමලා ගැහුවා.


"අර කලින් REEBOK එක වගේම තමයි. මෙයාලත් මට මේ පච්චේ TV එකේ පෙන්නන හැම පාරකටම ගෙවනවා."

ඊට පස්සේ මේ හාදයා තමන් ඇඳගෙන හිටිය අන්ඩර්වෙයාර් එකත් ගලවලා දැම්මා රස්නේ දරාගන්නම බැරිව. මෙන්න යකෝ ලිවේරගේ අහවල් එකේ පච්ච කොටලා AIDS කියලා. මේ පාර නම් අර කෙල්ල එකසිය ගාණට කලබල උනා.
"අනේ දෙයියනේ, මට කියන්න එපා ඔයාට AIDS තියෙනවා කියලා ඔන්න!?"
යෙන් බයෙන් පස්සට යන ගමන් ලලනාව කියන්න ගත්තා.

"නෑ නෑ, කලබල වෙන්න එපා"
ලිවේරා කෙල්ලව සන්සුන් කරන්න පටන්ගත්තා.
"තව මිනිත්තුවෙන් ඕක ADIDAS කියලා ලස්සණට පෙනේවි......"
පසු ලියමන : බොබ් පච්චේ ගැන කියෙව්වා නේද? ඒකට අපේ කලාබර ඇඳපු චිත්‍රෙ තමයි මේ.



මෙන්න ගලයාගේ Facebook පිටුව
 

45 comments:

  1. අනේ අම්මපා හිනාවෙලා ගල පාත් උනාද කොහෙද ඕයි .......

    ReplyDelete
    Replies
    1. මාර කේස් එක මැලේ... පාත් උනා නම් ඔන්න අපි නෑ....

      Delete
  2. පට්ට කතා ටික. අර adidaas කතාව හරියට මසින් කතාව වගේ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. මසින් කතාවට සමානයි. දමිත් ඒ ගැන පහළ කියලා තියෙනවා.

      සරත් අයියත් ඒ වගේම කතාවක් කියලා තියෙනවා..

      Delete
  3. මෙහෙම කතවක් මතක් උනා මචො.එක පොරක් ඇක්සිඩෙන්ට් වෙලා හොස්පිට්ල් ගෙනිහින්.මොනම විදියක්වත් නැ පොර කවුද කියල හොයාගන්න.හැබැයි පොරගෙ ඇගෙ හැම තැනම පච්ච කොටල.ඔකොම සින්හල ෆිල්ම් වල නම්.කඩවුන පොරොන්දුව,රස රහසක්,මමයි රජා වගෙ.ඔය අත්‍රෙ අහවල් එකෙ තියෙනව මසියොන් කියල කොටල.එ නමින් ෆිල්ම් එකක් නැතිනිසා.කට්ටිය හොයනව මෙකෙන් මිනිහගැන මොනවහරි හොයා ගන්න.ජපන් එම්බසියෙනුත් අහනව එ නමින් ජපන් ෆිල්ම් එකක්වත් තියෙනවද කියල.දැන් ඩොකාල සෙට් එක පුල් අවුල් වෙලා ඉන්නකොට එක මිසි කෙනෙක් ඇවිත් 'මම පොඩ්ඩක් බලන්නම්' කියල ටිකක් අතගාල එහෙම බලනව මෙ මොකක්ද කියල.ඔන්න එතකොට මතු වෙනවලු 'මල් දෙනියෙ සිමියොන් " කියල

    ReplyDelete
    Replies
    1. අඩෙ පවුලුෂා ඔය කියල තියෙන්නෙ එක

      Delete
    2. ඕකත් මම අහලා තිබුනා. මරු කතාව දමිත්. මේ ඒ වගේ තිබ්බ තව වර්ෂන් එකක්.

      සාජමදා - 'සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා'

      Delete
  4. දෙවෙනි කතාව කියවද්දී මතක් වුනේ පරණ ඔය වගේම කතාවක්.. මුල් එක ගැන කියනවනම් ඒකත් හැබැයි හොද අදහසක් තමයි..

    ReplyDelete
    Replies
    1. දෙවෙනි කතාවට සමාන කතා දෙක තුනක්ම ඔන්න අපේ කට්ටිය කියලා දිනේෂ්.

      ඇත්තටම මේ යන විදිහට මුල් ක්‍රමේ තමයි අහිංසකව කරන්න පුළුවන් හොඳම ක්‍රමේ :D

      Delete
  5. වයසක මිසී මඩවල කියල කියවපු පච්චෙ මරදන්කඩවල උනේ තරුණ මිසී ආවමනෙ..

    ReplyDelete
    Replies
    1. මඩවල →→→ මරදන්කඩවල

      ඒකත් මරු කතාව සරත් අයියේ...

      Delete
  6. සුපිරි අහ්..

    අපේ එකෙක් පුකේ ගැහුවලු “පුකම කාපිය කියල..“

    පුක - මකාපිය කියලත් එනවලු :ඩී

    ReplyDelete
    Replies
    1. ඒක ඇහුවෙත් අදමයි.....

      'මැකුවොත් හිරේ" යන්න වෙයිද දන්නේ නෑ නේද sAm?

      Delete
  7. පච්චා ගැන කියනවනං
    ජා ඇල ඉද්දි අපිත් එක්ක ඩ්‍රිංකල් එක දාන්න සෙට්වෙන අංකල් කෙනෙක් හිටිය මාලු කඩේ
    බුවා කලව දෙකේ උඩින් පච්ච කොටාගෙන තිබ්බ ගෑනු දෙන්නෙක් දන ගහගෙන වැදගෙන ඉන්න සීන් එකක්

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. අන්න රියල් මිනිස්සු. හැමදාම ගැනුන්ගෙන් වැඳුම් පිදුම් ලබාගන්න උත්තමයෙක්...

      මට තියෙන ප්‍රශ්නේ ඕනයා අයියා අංකල්ගේ කලවා බලන්න ගියේ මක්කැයි කියන එක...

      Delete
  8. කලාබරයා, කලාවටම බර පොරක් කියලා පේනවා චිත්‍රෙන්ම. ඌ ටැටූවට ගැලපෙන ෆොන්ට් එකක් හෙම පාවිච්චි කරලා තියෙන හැටි බලාපං.

    අහක හිටපු මටත් පබ්ලිසිටියක් ලැබිලනේ මේ කතාවෙන්. :D
    Thank you very much!

    ඔය අඩිඩාස් කතාව වගේම තව එකක් තියෙනවා "Welcome to Jamaica. Have a nice Day." කියලා.

    මේ තවත් පච්ච කතාවක්. මේක හැබැයි දේශීය කතාවක්.

    එක පොරක් ගියාලු පච්චයක් කොටාගන්න. මේක සෑහෙන වේදනා විඳින්න වෙන සීන් එකක් නිසා පොර කං පාත් වෙන්න ගහලලු ගියේ. කරුමෙට එදා ටැටූ ගහන එකත් ඉඳලා තියෙන්නේ කරටි කැඩෙන්න ගහලා.

    "මොකක්ද මල්ලි ගහන්න ඕනේ?" ටැටූ බාස් ඇහුවලු.

    "අයියා, පපුවේ ගාපං 'අම්මා බුදුවේවා' කියලා. ඒ කරලා පිටේ ගාපං 'මරුවා සමග වාසේ' කියලා,"

    ඔය ඒ දවස් වල ට්‍රෙන්ඩ් එකනේ. පස්සෙ ඔන්න ගාන හෙම කතා කරගෙන පච්චේ කෙ‍ටුවලු දවසම.

    හවස, පොර තව පාරක් අනුමත වෙලා ගෙදර ගියාම තාත්තා (තාත්තත් කරා) ඉන්නවලු මිදුලේ මඳ පමනින් බ්‍රමනය වෙමින්.

    "කොහෙද යකෝ ගියේ මෙච්චර වෙලා?"

    "පච්චයක් කෙ‍ටුවා තාත්තේ."

    "හෙහ් හෙහ්, පච්චයක්! කෝ බලන්ඩ?"

    පොර ෂර්ට් එක ගලවලා පෙන්නුවලු.

    "ඈ යකෝ, මොන $%^#ද මේ ගහගෙන ඉන්නේ? 'අම්මා සමග වාසේ' කියලා? හරි ‍තෝ තවම බැඳලා නැතිව ගෙදර ඉඳන් අම්ම උයලා දෙන එක ගිල ගිලනේ ඉන්න හන්දා ඒක අවුලක් නෑ කියහංකෝ. එතකොට මොකක්ද #$% මේ පිටේ ගහගෙන ඉන්නේ "මරුවා බුදුවේවා කියලා?"

    ReplyDelete
    Replies
    1. නියම කතාව හෙන්රිය.

      Delete
    2. මං කිව්වේ හෙන්රි අයියා පච්ච කතා සූරයෙක් බව.

      ටැටූ එකට ගැලපෙන ෆොන්ට් එක නම් හොයලා දුන්නේ මම ඔන්න..

      Welcome to Jamaica. Have a nice Day." කතාව මොකක්ද? අපි අහල නැති නිසා ඒකත් කියලා දාන්නකෝ.

      මේ කතාවත් අහලා තිබුනා. තුනපහ, දුරු මිරිස් දාලා ඇහුවේ අද තමයි. එතකොට තමයි රස...

      Delete
    3. වෙන්ඩිගේ බෝයි ෆ්‍රෙන්ඩ් ස්ටීවිට ඕනෙ වුනාලු අහවල් එකේ වෙන්ඩි කියලා පච්ච කොටාගන්න. ඉතින් පොර ගිහින් සෑහෙන කට්ටක් කාලා ඕක ගහගෙන ඉවරවෙනකොට පොරට කරපු මෝඩකම් කියලා හිතිලලු තිබ්බේ. මතක තියාගනිං ඕක ගහන්න ඕක ෆුල් සයිස් එකෙන් තියෙන්නත් එපායැ.

      ගෙදර එන ගමන් පොර මග බාර් එකකට ගිහින් බියර් එකකුත් ගහලා චූ කරන්න ගිහින් ඔලුව පාත් කරලා බැලුවාම WDY විතරලු පෙන්න තියෙන්නේ. ඒ ඇයි කියලා කියන්න ඕනේ නෑනේ. එතකොටම එහා යුරීනල් එකට ඇවිත් චූ කරන්න ගත්තලු හයයි හතරේ ජැමෙයිකන් කාරයෙක්. ස්ටීවිට නිකමට අරූගේ එක දිහා බැලුනාම මෙන්න යකෝ ඒකෙත් ගහලා තියෙනවලු WDY කියලා.

      ස්ටීවියා නිකමට ඇහුවලු, ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙ නමත් WENDY ද කියලා.

      ජැමෙයිකන් කාරයා ඇහුවලු ඇයි එහෙම අහන්නේ කියලා. එතකොට ස්ටීවි තමන්ගේ එක පෙන්නලා කතාව කිව්වලු.

      ජැමේයිකන් පොර දීපු උත්තරේ තමයි, "හෙහ්හෙහ්, මගේ එකේ ගහලා තියෙන්නේ WENDY කියලා නෙවෙයි, WELCOME TO JAMAICA. HAVE A NICE DAY !කියලා,

      Delete
    4. හයියෝ සල්ලි! ස්ටීවිට පශ්චාත් බාගේ පොළොවේ ගහගන්න හිතෙන්න ඇති එවෙලේ.

      Delete
    5. අම්බෝ උදේට කාවෙත් නෑ බං හිනවෙලාම බඩගිනියි :)

      Delete
  9. මෙන්න උඹේ පෝස්ට් එකට ගැලපෙන තව ටැටූ ටිකක්.

    http://2.bp.blogspot.com/-yDnt1tgYxUQ/UlehbsHlTPI/AAAAAAAACIw/ux7H0nv4puM/s1600/funny-tattoos-215240_0164.jpg

    http://3.bp.blogspot.com/-ez2GwHFCWus/UlehcA4ruaI/AAAAAAAACI8/QJbPOlVlwxw/s1600/tattoo-701805.jpeg

    http://2.bp.blogspot.com/-1YAwdY6kqoI/UlehbpKsdmI/AAAAAAAACI0/mQj7GJCOnAo/s1600/tattoo-65787852163.jpeg

    http://3.bp.blogspot.com/-6UTG6iQn4qE/UlehckB3riI/AAAAAAAACJI/kA85WYG5C_0/s1600/this-one-65774771456.jpeg

    http://1.bp.blogspot.com/-J50cIt0cPL4/UlehdP5i8aI/AAAAAAAACJM/Q-DbxsOGCOY/s1600/wtf-native-pussy-tattoo-908723.jpeg



    මේ සයිට් වලින් ගත්තේ
    http://joyreactor.com/tag/tattoo/all
    http://www.sodahead.com/fun/got-any-tattoo-jokes/
    උඹ ඒ ටික අරගෙන කමෙන්ට් එක ඩිලීට් කරලා දැම්මත් කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ මේ ටැටූ සෙට් එකටත්. මෙහෙමම තියමු බලන් වෙන කෙනෙක්ට උනත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්න.

      ඔය තුන්වෙනි පපච්චේ යටින් කියලා තියෙන කතාව තමයි සිරාම.

      The best tattoo until he got to prison....

      Delete
    2. අනේ බං මම ඒ ටික දැම්මේ උඹේ පෝස්ට් එකේ අලවන්න. එතකොටනේ ගැම්ම. අරක නම් මරු කතාව නේද? හිරේ ගියාම මොනවා වෙයිද කියලා හිතාගන්න අමාරු නෑ මටත්.

      Delete
  10. නියම පච්ච කතා සෙට් එකක්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි Praසන්ன අයියා....

      Delete
  11. පච්ච්යි මචං පච්චයි.... :D :D

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා,

      වැඩිපුරම පච්ච අර බොබ් පච්චේ තමා......

      Delete
  12. පිහදදා ඉන්න කරදර නිසා මමත් හෙටම පුක දෙපැත්තෙ ඌරු පැටව් දෙන්නෙක් පච්ච කොටා ගන්නව.

    ReplyDelete
    Replies
    1. බුකියේ ඔය කතාව කියලා තිබුනට මට කම්පනා උනේ නෑනේ හැබෑටම...

      දැන් තමයි වැඩේ මීටර් උනේ කෙන්ජයියේ... හයියෝ...

      සල්ලිත් ඉතිරියි.

      Delete
  13. මම මේ ලඟදී ප්‍රෝග්‍රෑම් එකක් බැලුවා MY TATOO ADDICTOIN කියල. ඒකේ එකෙක් ටැටූ එකක් කොටනවා හිට්ලර් ඉන්නවා ගෑස් බිලක් අතේ තියාගෙන.පින්තූරයක් තරමටම TATOO එක CLEAR.

    ReplyDelete
    Replies
    1. ඒ තරමට අද පච්ච කලාව දියුණු වෙලා තියෙනවා.

      හැබැයි ඉතින් හිට්ලර් ගෑස් බිල තියන් ඉන්න එකත් දැන් දියුණු නේ

      Delete
  14. හි..හි,,, පච්ච අදින්න මට ලාවට වගේ හැකියාවක් තියනව ඉස්කොලේ යන කාලේ කලු පෑන් පෙන්න බැ.අතේ පයේ පච්ච අදිනවා.......අනේ ඉතින් බුකියේ මන් ඇල්බමයක් අප්ලෝඩ් කරා ලස්සන පච්ච සෙට් එකක් ඔන්න පහු වෙනිදා මගේ ඉරාන් යාලුවෙක් ඉන්නවා ඒකි මෙන්න බොලේ ඉන් බොක්ස් කරලා අහවල් එකේ පච්චයක් කොටන් ඉන්න පින්තුරයක් මකරෙක් තමා කොටලා තිබ්බේ...මේකි ටිකක් විප්ලව කාරි පිරිමින්ට කෙල වෙනකම් තමා බලන් ඉන්නේ ඔන්න අනිත් පින්තුරේ පච්චේ විස වෙලා මිනිහට ආසාදය විදිහට ඉන්නවා පෙන්නලා.... අනේ හපොයි කියලා හිතුනා:)

    ReplyDelete
    Replies
    1. අපරාදේ, ඒ පින්තුර දෙක ෂෙයාර් කරන්න පුළුවන් උනා නම් පංකාදුයි!

      Delete
  15. Replies
    1. ඔව් ඔව්. වතුර බිලත් ඉතිරියි නේ..

      Delete
  16. ‍මම කියෙවුවෙ නෑ පොඩිඋන්ට දුවන්න කියල තිබ්බනෙ

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි චූටි පැටියෝ....

      Delete
  17. මම අදම තමයි අවේ ගලේ .....
    උඹේ කතා ටික නං මරු :)
    ඉතිරිව හිමින් කියවන්ට ඕනේ ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි shaggy.

      රස්තියාදුකාර දෙශාටනයත් පුළුවන් වෙලේට ඇවිත් කියවනවා. ඒකෙ අත්දැකීම් දැක්කම ඉරිසියා හිතෙනවා....

      Delete