Thursday, September 26, 2013

20. ඇග්‍රෝනොමි ඩීන් | Agronomy Dean

කැම්පස් හිටපු කාලේ ජිවිතේට ලොකු අත්දැකීම් දුන්න කාලයක්. ඒ වගේම විවිධාකාර ජාතියේ පොරවල් අදුනගන්න ලැබුන කාලයක්. අපි ඉතින් කොහොමත් වලට බර - පොතට හොර සෙට් එකේ උන් නිසා අපිත් එක්ක සෙට් උනෙත් එහෙම උන්ම තමයි. අදටත් ඉඳලා හිටලා හරි කෝල් එකක් දීලා හරි කතාකරන්නේ අන්න ඒ සෙට් එකේ උන් තමයි. ඒ ජාතියේ සුපිරි හාදයෙක් - හොඳ මිතුරෙක් තමයි අපේ ඩීන් කොල්ලා. මේ ඇවිල්ලා ෆැකල්ටි ඩීන් නෙවෙයි, බැච් එකේ ඩීන්. පොරට ඒ නම වැටුන විදිහත් සුපිරියි.

අපි පළවෙනි අවුරුද්දේ පළවෙනි සෙමිස්ටර් එකේ විභාගේ ලියන අතරේ තමයි මේක උනේ. සබ්ජෙක්ට් එකක් ඉවර උනාම සාමාන්‍යයෙන් ඊළඟ සබ්ජෙක්ට් එක තියෙන්නේ දවස් දෙක තුනක ගැප් එකකට පස්සේ. එදත් විභාගේ සබ්ජෙක්ට් එකක් ලියලා ඉවර වෙච්ච දවසක්. තව ඉතිරිවෙලා තිබුනෙත් Agronomy කියලා එක සබ්ජෙක්ට් එකක් විතරයි. ඉතින් ඒකට පාඩම් කිරිල්ල පැත්තක තියලා එදා රෑ කට්ටියම නිදහස සමරන්න ලෑස්ති උනා.

පළවෙනි තට්ටුවේ කාමරේකට සෙට් වෙලා කට්ටිය බජව්වක් දාන්න ගත්තා. බජව්ව අස්සේ ලා විලේජ් එකට ගිහින් ගෙනාපු බෝතල් ටිකත් හයියෙන් හයියෙන් හිස්වෙන්න ගත්තා. ටිකක් වෙලා යද්දි සද්දේ සුපිරියටම වැඩි වෙලා කට්ටිය ෆුල් ෆන් එකට සෙට් උනා. අනේ විනාඩි පහක් ගියේ නෑ, දොර ඇරගෙන වෝඩන් ආපි ඇතුළට. වෝඩන්ට පත් කරලා තිබුනෙත් අපිට උගන්වන ලෙචෙක්වම තමයි. අළුත් පිටම කැම්පස් ඇවිත් හිටපු නිසා වෝඩන්ව දැක්ක හැටියේම අපි සද්දේ වහලා පුටු වලින් නැගිට්ටා.

"මොකද මොකද මේ සද්දේ?" 

සිගරට් දුම් වලා මැද්දෙන් අපි එක එකාගේ මූණට එබෙන ගමන් වෝඩන් ප්‍රශ්න කළා. කවුරු හරි ඔළුව කසලා උත්තර දෙන්න හදන කොටම අපේ ඩීන් කොල්ලා කාගේදෝ අතේ තිබුන සිගරට් එකකට ඔළුව දාලා දුම් උගුරක් ඇදලා වෝඩන් දිහා බැලුවා. ඒ වෙනකොටත් පොල් කුරුමිණියා කරටියට විදපු පොල් ගහක් වගේ ඩීන් කොල්ලගේ ඔළුව බාගෙට කඩා වැටිලා තිබුනේ පෙවුණ ප්‍රමාණයේ වැඩිකමට.

තමන් ඉස්සරහම ශිෂ්‍යයෙක් මේ විදිහට හැසිරුණ එකට ෆයර් වෙච්ච වෝඩන් මළ අතේ තියන් දුම අස්සෙන් ඩීන් කොල්ලගෙන් ප්‍රශ්න කරන්න ගත්තා.

"තමුසේ කවුද? තමුසේ කවුද? තමුසේ මොන ෆැකල්ටියෙද?" 

අපේ පරිශ්‍රයේ තිබුනේ ෆැකල්ටි දෙකයි. එකක් Agriculture, අනෙක Food Science. වෝඩන් වගේම අපේ ඩීන් කොල්ලත් අනුයුක්ත වෙලා හිටියේ Agri ෆැකල්ටි එකට. වෙලාවට වෝඩන් මේකව එච්චර දන්නේ නෑ. හැබැයි අපේ එකා බය උනෙත් නෑ. ඔළුව කරකෝ කරකෝ උත්තර දුන්නා,

"මම Agronomy පකල්ටියේ!!!!"

තමන් වෙනුවෙන්ම අළුත් "පකල්ටියක්" හදාගත්ත එකට උපහාරයක් වශයෙන් අපි ඔක්කොම ඒකච්චන්දයෙන් අපේ ඩීන් කොළුවව ඒ අළුත් "පකල්ටියේ" ඩීන් බවට පත්කරගත්තා. ඔන්න ඔහොම තමයි අපේ යාළුවට Agronomy ඩීන් කියන කාඩ් එක වැටුනේ.

http://spreadshirt.com
කැම්පස් එකට මම ගියේ බෝට්ටුවෙන් (ඇයි බෝට්ටුවේ ගියේ, ගංවතුරද කියලා අහන්නෙපා. ජෙමාගේ කතාවේ එව්වා විස්තර කළා). යනකොට හොස්ටල් එකේ ඔක්කොම රූම් බුක් වෙලා ඉවරයි. එවෙලේ ගජයක් ගහන්න මට රූම් එකේ ඉඩ දුන්නේ ඩීනායි කලාබරයයි. ඒකේ හිටිය අනිත් රූමලා තමයි සිමා, ටෙනී සහ ගුප්තයා. ඩබල් ඇඳන් දෙකේ උඩ ඇඳන් වල නිදාගත්තේ ඩීනායි, සිමයි. යට හිටියේ මම, කලා, ටෙනියා සහ ගුප්තයා. ඔය යට තියෙන රූපේ තියෙන්නේ උඩ ඇඳන් දෙකේ පිහිටීම හා ඩීනායි, සිමයි ඔළුව තියාගෙන නිදාගත්ත විදිහ.

චිත්‍රෙ ඇන්දේ කලාබර

ඔන්න දවසක් රෑ නිදාගෙන ඉද්දි සිමාට එක පාරම දැනුනලු කවුරු හරි තමන්ගේ ඔළුව අතගානවා වගේ. එක පාරටම ඇස් ඇරලා බලපු සිමා දැක්කේ ඩීනා තමන්ගේ ඔළුව කොට්ටෙට තද කරන අල්ලන් ඉන්න විදිහ. එකසිය ගාණට බය වෙච්ච සිමා දඩ බඩ ගාලා ඩීනාගේ අත ගසා දාලා ඇඳේ වාඩිවෙලා ඩීනා දිහා ප්‍රශ්නාර්ථ බැල්මට් එකක් දැම්මා. සිමා දිහා බලපු ඩීනා හිනාවක් දාලා සිමාට අත දික් කරලා කියනවා,

"මගේ අතේ කරන්ට් එක තියෙනවද කියලා බලපන්!"

මොනවා කරන්නද කියලා හොල්මන් වෙච්ච සිමාට හිතන්නවත් වෙලාවක් නොතියා ඩීනා ආපහු නිදාගත්තලු. බැලින්නම් මේකා දොඩවලා තියෙන්නේ හීනෙන්. හැබැයි එදා බය වෙච්ච පාරට සිමා ඊළඟ දවසේ ඉඳන් නිදාගත්තේ අනිත් පැත්තට ඔළුව දාලා මෙන්න මේ විදිහට.

මේක ඇන්දෙත් කලාබරම තමයි
ඔය වගේම තව දවසක කලාබර ටෙනියා එක්ක මහා රෑ 12.30ට විතර ගණන් වගයක් හදනවලු කාමරේ මේසෙට වෙලා.  ඩීනා එවෙලේ ඉඳලා තිබුනේ ඇඳට වෙලා හොඳට ගොරෝද්දේ ඇද ඇද. එක පාරටම ඇඳෙන් නැගිට්ට ඩීනා රතුවෙච්ච ඇස් දෙකෙන් කලාබර දිහා බලාගෙන හිටියා. හොල්මන් වෙච්ච් කලාබරත් ගණන් හදන එක පැත්තක තියලා ඩීනා දිහා පුදුමෙන් බලන්හිටියා.

"මොකෝ උඹ?" 

ගේමට එන්ටර් වෙන්න වගේ කලාබරගෙන් අහපු ඩීනා එක පාරටම ආයේ ඇඳේ දිගාවෙලා නිදාගත්තා. මොකක්ද යකෝ මේ උනේ කියලා හොල්මන් වෙච්ච කලාබරයා (කලින් සිද්ධිය සිමා මේ වෙනකොට අපිට කියලා තිබුනේ නෑ) ආයේ ගණන් හදන්න පොත අතට ගන්නකොටම ආයේ නැගිට්ට ඩීනා කලාබරයා දිහා බලලා මරුමුස් හිනාවක් දාලා,

"බලාගනින්, *ත්තිගේ පුතා!" 

කියලා ආයෙම ඇඳට වැටිලා නිදාගත්තලු.

ඇත්තම ඩීනා මේකාගේ කළු පාට වර්ෂන් එක හොඳේ

අපේම බැච් එකේ එවුන් බෝට්ටුවේ ආපු එවුන්ට රැග දෙන නිසා ඩීනා රෑට නිදාගත්තේ තඩි පොල්ලක් ඇඳේ තියාගෙන. රෑට මොකෙක් හරි ආවොත් අම්මපා ෂොට් එක දෙනවා කියලා තමා ඩීනා හිටියේ. එක දවසක ඩීනා ඔහොම නිදාගෙන ඉන්නකොට අපේ එකෙක් දොර ඇරන් කාමරේට ආවා එසයින්මන්ට් එකක වැඩකට. අපි එතකොට නිදාගන්න ලෑස්තිවෙනවා ලයිටුත් නිවලා. ආපු එකා ලයිට් එක දාපු ගමන්ම බය වෙලා පස්සට පැන්නා. මොකද සිද්ධිය කියලා බැලින්නම් ඩීනා ඇඳ උඩ වාඩිවෙලා නිදාගෙනම පොල්ල උරුක් කරන් ඉන්නවා ආපු එකාට කෙලින්න. තව ටිකෙන් බැච් එකේ මුල්ම කප් ට්‍රිප් එක යන්නේ එදා.

ඔය වගේ තව රස කතා ගොඩක් ඩීනා එක්ක බැඳිලා තියෙනවා. ඒවත් හෙමිහිට කියවමු. අදට ඇති.

මෙන්න Facebook පිටුව යනවා නම්.


විශේෂ ස්තුතිය : මහන්සි වෙලා චිත්‍ර ඇඳපු කලාබරටයි, මගේ කතාවකුත් ලියහන්කෝ කියලා නහයෙන් අඬපු ඩීනාටයි.

30 comments:

  1. යකෝ ජෙමාට වඩා හපන්නෙ බන් ඩීනා. ඌ දැන් හීනෙන් මිරිකන්නේ වයිෆ්ගේ බෙල්ලද...වෙන මොකක් හරි එකක්ද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හහ් හහ්, තව ඔය වගේ අයියලා ඉන්නවා.... අරූ අයියා කියන විදිහට මොනවා කරනවද දන්නේ නෑ. හැබැයි ඊයේ කතා කරනකොටත් වයිපරේ යහතින් හිටියා...

      Delete
    2. තවනම් යහතින් ඉන්නවා

      Delete
  2. රස කතා වලට නිමාවක් කොහෙන්ද ඉතින්..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා දිනේෂ්....

      Delete
  3. අඩේ මාරු අදහස , නින්දෙන් වගේ ඕනෙම දෙයක් කිව්වා හැකි ඕන එකෙකුට, අර අමතිපුතා ප්ලේන් එකේ හීනෙන් ඇවිද්දා කියන කතාවත් විශ්වාස කරන්න වෙනව දැන්නං, හැබැයි ඩීන් වෙච්ච හැටි නම් සුපිරි

    ReplyDelete
    Replies
    1. ඇමති පුතා එක්ක බලද්දී අපේ එකා රත්තරන්.

      ඇත්තටම කිව්වොත් අපේ බැච් එක සිරා බැච් එකක්.
      1. 4 වසරේ උන්ව rag කලෙත් අපි
      2. අළුත් ෆැකල්ටියක හදලා ශිෂ්‍ය ඩීන් කෙනෙක්ව දැම්මෙත් අපි
      3. කැම්පස් එකේ VCට අංකල් කිව්වෙත් අපේ බැචෙක්.

      Delete
  4. අරූගෙ ෆැකල්ටිය අහපු හැටිය වෝඩන් ආපහු යන්න ඇති මොකුත් නොකිය.

    ReplyDelete
    Replies
    1. සිරාවටම!

      මං තමුසෙව පස්සේ බලාගන්නම් කියලා ගියා. අපිට මැරෙන්න හිනා...

      Delete
  5. මතකද බුවා දවසක් මරු ටී ෂර්ට් එකක් ඇඳන් ආවා.. ලස්සන වැකියක් ලියලා තියන.. මෙතන ඒක කියන එක හරි නෑ නේ.. ඒක ඊලඟ කතාවෙන්ම කියපන් කො...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ඉස්සරහට තියාගමු

      Delete
    2. සුනාමි කාලෙ පිටකොටු ආව Gay society එකක t එකක්. ගත්තට පස්සෙ දැක්කේ

      Delete
  6. ඩින් ජෙමාට එහා වගේ

    ReplyDelete
    Replies
    1. එහෙම්ම කියන්නත් බෑ සාෂා නගෝ. දෙන්නම යුනික් චරිත දෙකක්

      Delete
  7. කතා ටික හොදයි.
    තව රහ කරන්න බලහං කොල්ලො.

    ReplyDelete
    Replies
    1. එදා මෙදා තුර මා බලා සිටි ඒ පළමු ගල.....

      ඇත්තටම දැන් මටත් හිතෙනවා මදි වගේ කියලා... හරියට නිකම් රුපවාහිනියේ ප්‍රවෘත්ති වගේ නේද?

      Delete
  8. ඉස්කෝලේ ජීවිතේ වගේ ම කැම්පස් ජීවිතේ ඉතින් ඔහොම තමයි. ඒ ව‍ගේ කාලයක් එන්නේ නෑ ආයෙත් :)

    ReplyDelete
  9. මගෙත් බැචෙක් හිටිය අපි පාඩම් කරද්දි ඌ නෝට් එක බදාගෙන දොයි . . . හිටපු ගමන් එක පාර නැගිටිනව, නෝට් එක දිහා බලල අපිට කියනව "මචං අපි සිරාවට ස්ටඩිය දාල හේම ගොඩ දාන්න ඕනෙ" කියල. ඒක කියපු ගමන්ම ආයෙත් එහෙමම නෝට් එක බදාගෙන ඇදට වැටෙනව.

    ReplyDelete
    Replies
    1. අන්න ඕනයා අයියේ හැදෙන මිනිස්සු.

      විස්වාස කරහන් නින්දෙන් නොකිව්වට මමත් ඔහොම තමා. හෙට ඉඳන් හොඳට පාඩම් කරනවා කියලා තමයි හැමදාම කියන්නේ...

      Delete
  10. "සඳු නිමා" නම නිකන් මං හිතුවෙ ගෑල්ලමයෙක් කියලා. බෝතල් ගහල දුම දානව කිව්වම කටත් ඇරන් කියෙව්වෙ.. හික් හික්

    ReplyDelete
    Replies
    1. පික්සුද මෙයා. ඒ මගේ බ්ලොග් එකේ නම. මම ගල්පාත.

      ගුගල්+ හදපු එකාගේ අම්මා මතක් වෙන්නේ මේ වෙලාවට තමයි. මගේ බ්ලොග් එක G+ එකට කනෙක්ට් කළා විතරයි මම අරන් ආපු ගල්පාත් නම එහෙම පිටින්ම නැති උනානේ.

      දන්න එකෙක් ඉන්නවා නම් කියපන්කො නම ආයේ වෙනස කරගන්නේ කොහොමද කියලා

      Delete
  11. ජීවිතේ සුන්දරම මතකයන් නේද සඳුනිමා? උඹට තව ටිකක් වැඩ දාලා ලියන්න තිබ්බා. ටිකක් කම්මැලි වෙලා කියලා හිතෙනවා.

    කලාබරයයේ ආට්ස් නම් පට්ටයි බං. ඌ ඩීනට විතරක් හුලං වදින්න ෆෑන් එක ඇඳලා තියෙන්නෙත්.

    ReplyDelete
    Replies
    1. හෙන්රි අයියා කෙන්ජි අයියට පස්සේ දෙවෙනි ගලා ගහලා...බොහොම ස්තුතියි.

      කලාබරය්ගේ ආට්ස් සෙට් එකක් තියෙනවා. මම ඒ ටික වෙනම දාන්නම්. ඌ කලා වැඩ ඔක්කොටම දස්සයා නිසා තමයි කලාබර කියන්නේ. කැම්පස් එකේ හතර වසරේ ඉන්න කාලෙත් ඌ තමයි පෝස්ටර් ඔක්කොම වගේ ඇන්දේ.

      Delete
  12. කස්ටියටම තෑන්ක්ස් එහෙනම්...

    ReplyDelete
  13. මට හිනා මචන්. patta

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් පුබුදු

      Delete
  14. ඔපිස් වල මෙව්වා කියවන්න හොඳ නැහැ. වටේ ඉන්න එවුන් හිතනවා ඇති පිස්සු කියල :D

    ReplyDelete
    Replies
    1. වටේ ඉන්න එවුන්ටත් පෙන්නුවම හරි. එතකොට ඔක්කොම එක බෝට්ටුවේ නේ...

      Delete