Monday, September 23, 2013

19. බස් ඩ්‍රයිවර් | The Bus Driver

මේ දවස් වල බුකිය පැත්තේ ගියාම හැම තැනම තියෙන්නේ දේශක-යා ගේ මූනත් තහඩුවේ ආඩම්බර කතා ප්‍රවෘත්ති ගැනමයි. අපි හැමෝටම දේශක-යා තමන්ගේ පින්තුරේ එවනවා කියලා ඊමේල් දිගේ වෙන වෙන එව්වා එවලා. බලාගෙන ගියාම දේශක-යාට එක්කෝ මූණක් නැහැ, නැත්නම් මූණ තියෙන්නේ වෙන කොහේ හරි  මෙන්න මේ වගේ.
කොහොමද? මම ලස්සනයි නේද?
http://www.6speedonline.com




ඕකෙන් මේකෙන් නොදන්නා අපි හැමෝටම ප්‍රශ්නේ දේශක-යා පුරුෂ ලිංගයේද, එහෙමත් නැත්නම් ස්ත්‍රී ලිංගයේද කියලා. ඇයි අප්පා, අද කාලේ නොදැන නොදක කිසි කෙනෙක්ව විශ්වාස කරන්න බැහැනේ. එහෙම විශ්වාස කරලා ඉල්ලන් කාපු හාදයෙක් ගැන කතාවක් මීට කලින් සිංහලට පෙරළලා තිබුනා. ඔන්න වැඩිපුර වැඩ කිඩ දාලා ආයෙම දැම්මා නොදන්නා අයට කියවන්නයි, දන්නා අයට තව ටිකක් ප්‍රවේශම් වෙලා ඉන්නයි කියලා.

මේක ඉ-කරදහියක ආපු කතාවක සිංහල පරිවර්තනයක්. කලින් අහලා තියෙනවා නම් සොරි.කොම්.  

ප්‍රංශෙ පොරක් දවසක් ගමනක් යන්න බස් එකකට නැග්ගලු. බස් එකට නැග්ග ගමන් පොර දැක්කේ බස් එකේ ඉස්සරහම ඉටි රූපේ වගේ වාඩිවෙලා ඉන්න පට්ට ලස්සන කන්‍යා සොයුරියක් (nun) ව. පොරට පුදුම ආසාවක් ආවලු මේ නන් එක්ක රැයක් ගතකරන්න (අහවල් දේකටද කියලා මගෙන් අහන්නෙපා). ආසාව හිතේ තියන් නොහිට එක මිටට වචන වලට කැටි කොට අපේ හාදයා නන්ට වචනේ දාන්න ගත්තා, 

"ඔයා මාත් එක්ක මෙව්වා කරන්න කැමතිද?"

අපේ හාදයා දිහා කෙලින්ම බලපු නන් ගත් කටටම කිව්වලු, 

"මම දෙවියන් වෙනුවෙන් කැපවෙලා ඉන්නේ. ඔය වැඩේට වෙන කෙනෙක් හොයාගන්න"

එහෙම කියපු නන් ඊළඟ හෝල්ට් එකෙන් බැහැලා යන්න ගියාලු. ටකරමට දෙකයි දෙකේ පොල්ලෙන් අනිනවා වගේ මූණටම කියපු මේ කතාවට අපේ යාළුවට මාරම අවුල්. ඒ උනාට පිබිදුන ආසාව එහෙම්මමයි. ඒක නිසා බැහැලා යන නන් දිහා පොර බෙල්ල කරකව කරකව බලන්න ගත්තා ආයේ හිත වෙනස් වෙලා එයිදෝ කියන සැකෙන්. මේ සීන්කෝන් එක දිහා බස් එකේ ඩ්‍රයිවර් මහත්තයත් රබර් ඇහැ දාගෙන තමයි ගියේ. අපේ හාදයා බෙල්ල පිටපොට යන සයිස් එකට, කර අඹාගෙන පාරේ ඈත යන නන් දිහා බලන දුක් බැල්මට් එකට ඩ්‍රයිවර්ටත් අප්සෙට්. සමාජ සේවෙට ලැදි ඩ්‍රයිවර් මහත්තයා අපේ යාළුවට වම් කණෙන් කතාකරා. ඊලඟට දෙන්නගේ දෙබස මෙහෙමයි.
 
ඩ්‍රයිවර් : තමුසෙට අර බැහැලා ගිය නන්ව සෙට් කරගන්න නේද ඕනේ?
 
යාළුවා : පින් සිද්දවෙනවා තමුසෙට ඒ උදව්ව කලොත්.
 
ඩ්‍රයිවර් : පින් තමුසේ තියාගන්නවා. මට දාහක් දුන්නොත් වැඩේ සෙට් කරන්නම්.
 
යාළුවා : මෙන්න දාහ. දැන් කියනවා බලන්න තමුසෙගේ ප්ලෑන?
 
ඩ්‍රයිවර් : ඔය නන් හැම සිකුරාදම රෑ 11ට අහවල් කනත්තට යනවා. එතන තියෙන අහවල් සොහොන් කොත ලඟ පැය භාගයක් විතර ප්‍රේ කරලා තමයි ආපහු යන්නේ. තමුසේ රෑට එතෙන්ට ගිහින් හැංගිලා ඉඳලා දෙයියෝ වගේ රඟපානවා. ෂුවර් ඔය ගෑණි තමුසේ ඉල්ලන දේ දෙනවා.

http://www.tntmagazine.com
යාළුවත් සිකුරාදා රෑ 10.30 වෙද්දිම කනත්තට සෙට් උනා. ඩ්‍රයිවරයා කිව්වත් වගේ මෙන්න හරියටම රෑ 11ට නන් ආවා. ඉටිකිරිස් එකට ඇඳලා එහෙම ඇවිත් හිටිය නන් සොහොන් කොත ළඟ දණ ගහලා ප්‍රේ කරන්න පටන්ගත්තා. අපේ යාළුවා විනාඩි 10ක් විතර අමාරුවෙන් බලන් ඉඳලා එක පාරටම කලින් ඇඳගෙන හිටිය දේව ඇඳුම් වලින් සන්නද්ධ වෙලා සීන් එකට එන්ටර් උනා.
 
යාළුවා: දරුව, මම තමයි දෙයියෝ. හැමදාම නුඹ මා නිසා යාඥා කරන බැවින් මා නුඹ වෙත පැමිනියෙමි.
 
නන් : අහෝ කිනම් සතුටක්ද??? මා කුමක් කල යුතුදැයි මට නොවැටහේ!
 
යාළුවා : නුඹට අනුග්‍රහයක් ලෙස මා නුඹව පාවාගමි. නුඹ දැන් මා සමග මෙව්වා කල යුතුය.
 
නන් : එසේය දේවයන් වහන්ස. නමුත් එක ඉල්ලීමක් තිබේ?
 
යාළුවා : කුමක්ද ඒ? වහා පවසව.
 
නන් : මා තවමත් කන්‍යාවකි. මට එය රැකගත යුතු බැවින් ඔබ වහන්සේ මා සමග සාමාන්‍ය ආකාරයෙන් හැර වෙනත් ඕනෑම ආකාරයකින් එක්වනු මැනවි.
 
යාළුවා : යහපති.
 
ඔන්න ඉතින් දෙන්නා මහා භක්තියෙන් අහවල් වැඩේට බැස්සලු. ටික වෙලාවකින් වැඩේ අහවරක් කරලා දෙව්ලොවට ඇහෙන සයිස් එකේ සද්දෙන් දෙන්නම හති අරින්න ගත්තලු. ඔහොම හති අරින අතරතුරේ එක පාරටම දෙයියා මහ සද්දෙන් හිනාවෙන්න පටන්ගත්තලු හරියට පිස්සන් කොටුවට නයිට්‍රස් ඔක්සයිඩ් ගැහුව තාලෙට. 

ඉස්මුදුනේ ඉඳන් යටි පතුලට වෙනකම් හොල්මන් වෙච්ච නන් දෙයියට කතා කළා, 

"ඇයි දෙයියො මේ වගේ හයියෙන් හිනාවෙන්නේ!?"

හිනාව ටිකක් කන්ට්‍රෝල් කරගත්ත දෙයියා පල් හිනාවක් දාගෙන නන්ට කින්ඩිය දැම්මා, 

"දෙයියො? කොහෙ ඉන්න දෙයියෙක්ද? මං තමයි එදා බස් එකට නැගලා උඹට මෙව්වා කරන්න කතාකලේ. එදා ලොකු සයිස් දැම්මනේ බෑ කියලා. අද මුක පූට්ටු උනා නේද" 

එහෙම කියලා දෙවියා ආයෙම කම්පියුටර් ජිල්මාට් වලින් චන්දේ දින්න පලාබබෙක් වගේ කැතට හිනාවෙන්න ගත්තා. කට ඇරගෙන මුගේ අසික්කිත හිනාව දිහා බලන් හිටපු නන් එක පාරටම මූටත් වඩා හයියෙන් හිනාවෙන්න ගත්තා. දෙයියට ඇන්ද යාළුවා ඩබල් හොල්මන් ඒ වැඩේට. කිසිම කෙනෙක් එක්ක අහවල් වැඩේ කොරලා නැති මේ ගෑණි පළවෙනි වතාවෙම කොර වෙන්න පිස්සු වැටුනද දන්නේ නෑනේ. ඒ පාර ටිකක් හිනාව නවත්තලා මූ නන්ගෙන් අහනවා, 

"උඹ මොකද හිනාවෙන්නේ!!?"
 
නන් හිනාව කටේ දාලා හපන ගමන් උත්තර දුන්නා,

"මං තමයි යකෝ ඒ බස් එකේ ඩ්‍රයිවර්....."

http://www.freakingnews.com


මේ තියෙන්නේ Facebook පිටුව. කැමති අය ඒ පැත්තෙත් ගිහින් බැලුවට මම නම් තරහ නැහැ.


37 comments:

  1. කතාව අහල තියෙනවා මීට කලින්.. ඒ උනත් උඹ රහට ඒක පරිවර්තනය කරා නෙව. ඒක නෙමෙයි කව්ද බං දේශක-යා කියන්නේ කොහේ පොරක්ද ඒ...මිනිහා ගේද දන්නෑ පින්තුරේ දෙන්න බෑ කියන්නේ..

    ReplyDelete
    Replies
    1. උඹ ඒකට කලබල වෙන්න ඕන නෑ. මිනිහ තාම මිනිහගෙ ෆොටෝ එක ගන්න පුලුවං ජාතියෙ කැමරාවක් හොයනවලු.

      Delete
    2. දේශක-යා කොහේ පොරක්ද මන්දා. මිනිහා පින්තුරේ දෙන්න බෑ කිව්වේ නෑ. දුන්නා. දීපු එක චා.

      Delete
    3. Praසන්ன අයියා,

      ඒ තරම්ම මුණ ලොකුද?

      Delete
  2. උඹ මොකද දේශයාගේ මූණ බලු පුකක් වගේ කියන්නේ ........

    ReplyDelete
    Replies
    1. අනේ දෙවියනේ, කවුද එහෙම කිව්වේ? බලන්නකෝ ඒ ෆොටෝ එකේ ලස්සන?

      Delete
  3. මේ දිනවල මේ බ්ලොගේ පලවන පෝස්ට් වල ස්වභාවය අනුව තවම වැඩේ යථා තත්වයට පැමිණි නොමැති බව හැ‍ඟේ. ඉවසීමෙන් සැනසීම ලැබේ (ඇරියස් එක්කම).

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින්...හෙන්රි අයියා අපේ මානසිකත්වේ තවත් වට්ටන්නනේ හදන්නේ ඉතින්...

      Delete
  4. අහවල් එක කියාපු එක තේරුනේ නෑ... එතකොට උඹද බුකියේ ගලපාත..

    ReplyDelete
    Replies
    1. අනේ අම්මප මේකා බුකියේ ඉන්න අන්ධයෙක්ද කොහේද..

      Delete
    2. //අහවල් එක කියාපු එක තේරුනේ නෑ.// මටත් තේරුනේ නෑ මොකක් ගැනද කියලා.

      මම තමයි ගල්පාත.

      Delete
  5. කලින් අහල තියෙනව ඒත් පරිවර්ථනය මල් ඈ.......ඉඳගෙන මහපොට ඇඟිල්ල උඩට

    ReplyDelete
  6. අයියෝ දේශකයගේ රෙදි නේ මේ ගලවලා දාල තියෙන්නේ ලස්සනට. උඹ නියමයි ගලපාත.

    ReplyDelete
    Replies
    1. දේශකයාගේ රෙදි ගලවලා හරි මුණ බලාගන්න පුළුවන් නම් මරු...

      Delete
  7. කලින් අහපු කතාවක් වුනත් සෑහෙන කාලෙකින් මේ රසවත්ව කියෙවුවේ..

    අදයි මේ බ්ලොග් එක පැත්තේ ගොඩ වුනේ.. හෙමිහිට එන්නම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේෂ්. මම වර්ණ පැත්තේ නිතරම ගොඩවෙනවා. ඒක මරු.

      Delete
  8. කොහොමහරි දෙන්නම මෙව්ව කරගෙනනෙ.

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද? ප්‍රසන්න අයියා තමයි කතාවේ මොරාල් එක එලියට ගත්තේ.

      Delete
  9. අද තමයි මම මේ ආවේ... ඔන්න රෝලට add කරගත්තා...පරණ පෝස්ට් ටිකත් බලන්න වෙලාවක එන්නම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහන. පුළුවන් හැම වෙලේම ඇවිල්ලා දෙන දිරිය ගොඩක් වටිනවා.

      Delete
  10. උඩ ෆොටෝ එකේ කොයි මූණද දේශකයාගේ.......ඉස්සරහද? පිටිපස්සද?

    ReplyDelete
    Replies
    1. අන්න ඒක හොයාගන්න තමයි තාම අපිත් ට්‍රයි කරන්නේ.

      Delete
  11. කතාවනම් අදයි ඇහැව්වේ එක එල.......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මැලේ රාල...

      Delete
  12. කව්ද අයියේ මේ දේශකයා කියන්නේ? උස්සමුද? :O

    ReplyDelete
    Replies
    1. උස්සමු, උස්සමු. බරද දන්නේ නෑ හැබැයි.

      Delete
    2. ගොඩාක් බර නම් එපා. :D

      Delete
    3. මමත් දන්නේ නෑ හරියටම...

      Delete
  13. දැන් ඔය කතාවෙ කොයි චරිතෙද දේශකයගෙ එක.. ? බස් රියදුරාද ? මොකද දේශකයගෙයි කතාවෙයි සම්බන්දෙ දැනගන්නයි අහන්නෙ..

    ReplyDelete
    Replies
    1. අනේ මං නම් දන්නේ නෑ ඔන්න.

      Delete