Wednesday, June 26, 2013

03. දත් දොස්තර කතා පුවත් | Stories of a Dentist



දවස් දෙක තුනකට කලින් ලාවට දතක් රිදෙන ගතියක් දැනෙන කොට මට එක පාරම දත් ටික පිරිසිදුව තියාගෙන ඉන්න එකේ වටිනාකම ආයෙම ඔළුවට ආවා. උඩු ඇන්දේ දෙපැත්තෙම දත ගානේ ස්නායුක පිරවුම් වලින් පුරවගෙන ඉන්න, තව දත් දෙකකත් පොඩි පොඩි පිරවුම් තියෙන නිරෝගී පුරවැසියෙක් වන මට ආයෙම පාරක් අර විදුලි පුටුවේ නගින්න වෙන බව මතක් උණාම ටිකක් විතර ඇඟ හීතල වෙලා ගියා. පුටුවේ නැග්ගත් කමක් නෑ, අර බුරුමේ වගේ හාරන උපකරණේ සද්දේ කන් කඩන් යනකොට තමා ඉවසන්න බැරි.

ගොඩක් අයගෙන් ඇහුවොත් කියාවි එයාලා යන්න බයම දත් දොස්තර ගාවට කියලා. මොන හේතුවක්ද මන්දා මම නම් එහෙමයි. ඉස්කෝලේ යන කාලෙදිත් පුළුවන් තරම් කට්ටි පනිනවා දන්ත සායනය මග අරින්න. අවාසනාවට අවුරුද්ද අවසානේ දන්ත සායනේට නොගිය උන් ඔක්කොමලව මරන්න ගෙනියන හරක් වගේ දක්කාගෙන ගිහින් දත් සුද්ධ කරෝනවා. හරි හමන් විදිහට දත් ටික තියාගෙන නොහිටපු එකේ ප්‍රතිවිපාකේ දැනුනේ දවසක් පෙපර්මින්ට් එකක් කන වෙලේ කහ පාට වෙච්ච කඩල ඇටයක් තරමේ දත් කෑල්ලක් කඩලා ගිය වෙලේ. වහාම දොස්තර ළඟට ගියා. කට ඇරලා, සුද්ධ කරලා x-ray අරන් එන්න කිව්වා. x-ray එක බලපු ගමන් දුන්නා ප්‍රතිපලේ - දත් දෙකක් ස්නායුක පිරවුම කළ යුතුය!


නරක් වෙච්ච දත් දෙකම පිරෙව්වේ මහරගම දන්තායතනයෙදි. දත සුද්ධ කරලා, හිරි වැටෙන්න විදුරුමහට ඉන්ජෙක්ෂන් එකක් ඇනලා තමයි වැඩේ ආරම්භ කරන්නේ. ඊට පස්සේ පොඩි ඇල්පෙනිති දෙක තුනක් ස්නායුවේ අග්‍ර වලට ඇනලා පිරවුමක් දානවා. ඔය විදිහට තුන් හතර පාරක් පිරවුම කඩලා, ඇල්පෙනිති ගහලා තමා අන්තිමේදී ස්නායුව අඩපණ කරලා දාන්නේ. ඇත්තටම කිව්වොත් ඩොක්ටර් පලිපාන ඇතුළු මහරගම දන්තායතනේ ඒ අංශයේ දොස්තරවරු ඒ වැඩේ උපරිම හොඳින් කළා. ඒ හැමෝටම මල් මිටක් දෙන ගමන් දත් දොස්තරලා ගැන අහලා තිබුණ පොඩි කතාවක් දෙකක් ලියන්න හිතුවා.
අහිතක් එහෙම හිතන්නෙපා මේක ලිව්වේ අපහාසෙට එහෙම කියලා. එහෙම කිසිම දෙයක් නෑ. ඔන්න හිතාගන්නකෝ මේක උනේ අපි අඳුනන දත් දොස්තර මහත්තයෙක්ට කියලා. එතකොට හරිනේ.

 

අපේ මේ හිතවත් දත් දොස්තර ලඟට දවසක් ලස්සන ලේඩි කෙනෙක් ආවා දතක් ගලවගන්න හරි පුරවගන්න. ඩොකත් ලෙඩාව අර මාරක පුටුවේ හාන්සි කරවලා කට ඇරලා දතට අත තිබ්බා විතරයි, මෙන්න බොලේ අර කාන්තාව ඩොකාගේ අණ්ඩකෝෂ කුට්ටමට අත තියපි! චාන්ස් එක මග අරින්න නොහිතුවත් එහා පැත්තේ දත් ගලවන තමන්ගේ නෝනව සිහි වෙච්ච ඩොකා ටිකක් විනීතව ලෙඩාට මෙහෙම කිව්වා,

"සමාවෙන්න නෝනා, ඔයා ඔය අල්ලන් ඉන්නේ මගේ රහසිගත දෙයක්."

නෝනා අත අතාරින්නෙම නැතිව හිනාවෙලා උත්තර දුන්නා,

"මං දන්නවා. මං හිතන්නේ අපි දෙන්නට දෙන්නා කාටවත් රිද්දන්නේ නැතිව හිටියොත් හරි නේද?"

ඩොකා බොහොම පරිස්සමට රිද්දන්නේ නැතිව දත් ගලෝපු හොඳම දවස එදාලු.

 ඔන්න ඉතින් දත ගලෝලා ඉවරවෙලා සල්ලි ගෙවන අස්සේ අර ලෙඩා ඩොකා එක්ක ටිකක් කතා කරන්න ගත්තලු,

"හරි අමාරු ඇති නේද හැම වෙලේම ලෙඩ්ඩුන්ගේ කටේ අත දාගෙන ඉන්න?"

ඉතිරි සල්ලි දෙවෙනි පාරට ගණන් කරන ගමන් ඩොකා හිනාවෙලා උත්තර දෙනවා,

"අපොයි නෑ. මං ඒ වෙලාවට හිතන්නේ මං ඒ අත දාන් ඉන්නේ ලෙඩ්ඩුන්ගේ පර්ස් වලට කියලා...."

  ටිකක් විතර අවුල් ගියත් ලේඩි ආයෙම ප්‍රශ්නයක් ඇහුවා,

"ඒ උණාට කාර්ඩියෝලොජිස්ට් (හදවත් රෝග සම්බන්ධ) කෙනෙක් උණා නම් ඔයිට වඩා හොඳ නැද්ද?"

ඉතිරි සල්ලි දෙන ගමන් ඩොකා ආයෙම උත්තර දුන්නා,

"පිස්සුද? මිනිස්සුන්ට තියෙන්නේ එක හදවතයි. එත් දත්? දත් 32ක්ම තියෙනවනේ නෝනා...."


කොහොම උනත් මාස හයකට පාරක් හරි දත් දොස්තර කෙනෙක් ලඟට ගිහින් දත් ටික පරික්ෂා කරගන්න එක නුවණට හුරුයි.

13 comments:

  1. හොඳ උපදෙසක්.... ඇත්තටම දත් දොස්තර කියන එකාට මමත් මාර බයයි... හොඳ වෙලාවට මගේ දත් ටික බලන්නේ දොස්තර නෝනා කෙනෙක්. අර මැෂිමට බය උන් ඉන්නවා නම් දත් දොස්තරට කටට අත තියන්න දෙන්න එපා ඉන්ජෙක්ෂන් එකක් නොගහ..

    ReplyDelete
    Replies
    1. මමත් යන්නේ දොස්තර නෝනා කෙනෙක් ළඟටම තමයි.

      යක්කු යක්කුන්ටම බය වෙනකොට ඕක මොකද බනිසෝ.....

      Delete
  2. ඔය දත් ගලවන පුරවන වැඩේටනම් මාත් හොඳටම බයයි

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා, දත් දොස්තර ලඟට ආසාවෙන් යන එකෙක්වත් ඇති කියලා මම නම් හිතන්නේ නෑ.

      Delete
    2. මමනං 2011 අග හරියේ මෙඩිකල් එකකට දන්ත සෞඛ්‍ය කොටස පුරවගන්න ගිහින් ඩෙන්ටල් එකේ පදිංචි වෙන්න වුණා. ඒ දවස් වල ඒකේ මට මාර සැලකිලි, ඒ මදිවට සල්ලි ගන්නෙත් නැති (රජයට සම්බන්ධ ආයතනයක නොමිලේ සෞඛ්‍ය සේවා සපයන අංශයක් නිසා) නිසා මටත් ඉතින් ඕනේ දෙයක් කියලා හිටියා. සතියක් විතර හැමදාම ඩෙන්ටල් එකේ.
      එතෙන්ට කොච්චර ආසාවෙන් ගියාද කියනවනං සඳුවෝ, මට ඩෙන්ටල් එකට යන පාර මතකයි ගෙදර යන පාරටත් වඩා හොඳට.

      Delete
    3. මම හිතන්නේ ගයාන් විතරමද කොහෙද ඩෙන්ටල් යන්න ආස කරන්නේ?

      Delete
    4. මමත් ඉස්තිං ආසාවෙං ඉයේ එතනට විතරයි. වෙන ඩෙන්ටල් වලට නම් යන්නෙත් නෑ යන හිතන්නෙත් නෑ.
      අරකෙ හිටපු ඩෙන්ටිස්ට් හරිම හොඳයි. ඒවගේම, කිසි කරදරයක් වේදනාවක් නැතුව ස'ජරිය ගොඩදානවා.
      සල්ලි ගත්තෙත් නෑනේ.
      තිබුණු ලෙඩ ගොඩේ හැටියට එතනට ආසාවෙං නොගියනං ඉතිං අද මම නෑ, දත් කැක්කුම අල්ලලාම මැරිලා ගිහිං.

      Delete
    5. කොහෙද ඔය පොට් එක?

      Delete
    6. අපේ තාත්තා ගුවන් හමුදාවේ. ඒ නිසා ගුවන් හමුදාවෙ ඩෙන්ටල් එකෙන් අපිටත් නොමිලේ සේවා සපයනවා.

      Delete
  3. කියුවත් වගේ මමත් බයම තැන ඔතන තමයි

    ReplyDelete
    Replies
    1. කවුරුත් එකයි වගේ එහෙනම්.....

      Delete
  4. ස්ථිර දත් 3 ක් අඩුයි දැනටමත් මගේ කටේ නම්... දත් එනකොට ඉඩ මදිවෙලා, එක දතක් ආවේ ඇඹරිලා ... ඒ නිසා ගලවන්න වුණා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ හොඳට අත්දැකීම් තියෙන එක්කෙනෙක් තමා පැංචි එහෙනම්.....

      Delete