Monday, June 17, 2013

01. මගේ පෙරවදන...... | Introduction to Blog




ලියන්න තියෙන ආසාව කිසිම දවසක ඉවර වෙන එකක් නෙවෙයි. අබිං කන්න පුරුදු වෙච්ච එකා හැමදාමත් අබිං කන්න ඇබ්බැහි වෙලා ඉන්නවා වගේ ලියන්න පුරුදු වෙච්ච එකත් මොන මොනවා හරි ලියන්න තමයි උත්සාහ කරන්නේ. ඉස්සර වගේ කොළ වල අතින් ලියපු කාලේ ඉවර නිසා මටත් හිතුනා බ්ලොග් එකක් අටවාගෙන මොන මොනවා හරි ලියන්න. 

දැන් සෑහෙන කලක පටන් අතන මෙතන ලිව්වට මොකෝ, මගේම කියලා හරිහමන් බ්ලොග් එකක් පටන්ගන්න හිතුනේ නෑ. මීට කලින් එකක් පටන්ගත්තා, හැබැයි ඒක කරන්න ගත්තේ ඕනෑවට එපාවට. එත් මේ පාර නම් වැඩේට බැස්සේ ලියන්න තියෙන හැම දෙයක්ම ලියන්න හිතාගෙනයි. ඉස්කෝලේ කාලෙන් පටන්ගත්තාම අද වෙනකම්ම මිනිස්සු එක්ක ගැවසිලා ජීවිතේට එකතු කරගත්ත අත්දැකීම් වලින් තමයි මගේ මේ බ්ලොග් එක සන්නද්ධ වෙන්නේ. ගොඩක් වෙලේට මට ඕනේ මං වගේම ආතතියෙන් යුක්තව වැඩ කරන තවත් අයෙකුට සරළ දෙයක් කියවන්න දීලා ඒ ආතතිය ටිකක් හරි මග ඇරවන්නයි. ඉතින් ඒ දේ මෙතනින් වෙනවානම් එච්චරයි.

කලින් වෙන වෙන තැන්වල ලියපු කතා ටිකකින් මුලින්ම වැඩේ පටන්ගන්න තමයි අදහස. ගොඩක් වෙලේට කියවලා තියෙන්න පුළුවන්. ඒ උනත් කමක් නෑ ආයෙම කියවන්න. මොකද පොඩි පොඩි වෙනස්කම් ඇතිව තමයි ආයෙම මෙතනට ලිව්වේ. ටිකක් පුරුදු පුහුණු වෙච්ච හැටියෙම අළුත් කතා වලට මුල්ගල තියන්නම්.

මොන දේ කළත්, ලිව්වත් ඒ දේ අගයන, කියවලා අදහසක් දක්වලා යන සහෘදයෝ පිරිසක් නොහිටියොත් අපිට ඉස්සරහට යන්න අමාරුයි. ඒක නිසා මෙතනට ගොඩ වැදිලා, තියෙන දෙයක් කියවලා ගලක් හරි කමක් නෑ ගහලා යනවා නම් ඒ හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා. බ්ලොග් කෙරුවාවට අළුත් නිසා ටිකක් කල් යාවි එක එක විච්චුර්ණ වලට හැඩ ගැහෙන්න. ඒකටත් සමාව භජනය කරත්වා.

එහෙනම් වැඩ පටන්ගන්නවා ඔන්න......




පින්තුරේ ඉස්සුවේ මෙතැනින්

16 comments:

  1. ඔබතුමාගේ රසිකයෙක් විදියට, ඉතා හොඳ ලිපි පළවෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ජය වේවා! :-)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මගේ මිත්‍රයා....

      Delete
  2. හරි කොල්ලො අපිත් ඔන්න කියෙව්වා දෙකම..ඉස්සරහටත් ලියන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ගල් මල් වලින් ගහන පුදන තරමට තමා අපි නම් කැමති.

      Delete
  3. දිගු ගමනකට සුභ පැතුම් ඔන්න එහෙමනම් අපිත් එනවා කියවන්න හොදේ

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට තුති. පුළුවන් හැම වෙලේම එන්න.

      Delete
  4. ජය වේවා කිව්වලු ඕං :)

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි බුද්ධි මල්ලි. දිගටම එන එකයි අපේ සතුට

      Delete
    2. මල්ලි නෙවි අනේ.... නංගි...... අයියෝ...... :O Budz TLR

      Delete
    3. හුටා,

      මෙච්චර කල් මම හිතන් හිටියේ මේ ඉන්නේ අර TLR එකේ ඉන්න බුද්ධියා කියලා.

      Delete
    4. නැහැ නැහැ.... මේ මං.... අයියෝ සල්ලි කිව්වලු. කමක් නැහැ. ඕං දැන් දන්නවා නෙව. :D

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. Oya nay d eda social media day 1kata awa akka ??? Mama katha 36ma kiyawala iwarai

    ReplyDelete