කැම්පස් හිටපු කාලේ ජිවිතේට ලොකු අත්දැකීම් දුන්න කාලයක්. ඒ වගේම විවිධාකාර ජාතියේ පොරවල් අදුනගන්න ලැබුන කාලයක්. අපි ඉතින් කොහොමත් වලට බර - පොතට හොර සෙට් එකේ උන් නිසා අපිත් එක්ක සෙට් උනෙත් එහෙම උන්ම තමයි. අදටත් ඉඳලා හිටලා හරි කෝල් එකක් දීලා හරි කතාකරන්නේ අන්න ඒ සෙට් එකේ උන් තමයි. ඒ ජාතියේ සුපිරි හාදයෙක් - හොඳ මිතුරෙක් තමයි අපේ ඩීන් කොල්ලා. මේ ඇවිල්ලා ෆැකල්ටි ඩීන් නෙවෙයි, බැච් එකේ ඩීන්. පොරට ඒ නම වැටුන විදිහත් සුපිරියි.
Thursday, September 26, 2013
20. ඇග්රෝනොමි ඩීන් | Agronomy Dean
තියෙන ජාති
ඇත්ත කතා,
කැම්පස් කතා,
බයිට්,
රස කතා,
හොස්ටල් කතා
Monday, September 23, 2013
19. බස් ඩ්රයිවර් | The Bus Driver
මේ දවස් වල බුකිය පැත්තේ ගියාම හැම තැනම තියෙන්නේ දේශක-යා ගේ මූනත් තහඩුවේ ආඩම්බර කතා ප්රවෘත්ති ගැනමයි. අපි හැමෝටම දේශක-යා තමන්ගේ පින්තුරේ එවනවා කියලා ඊමේල් දිගේ වෙන වෙන එව්වා එවලා. බලාගෙන ගියාම දේශක-යාට එක්කෝ මූණක් නැහැ, නැත්නම් මූණ තියෙන්නේ වෙන කොහේ හරි මෙන්න මේ වගේ.
කොහොමද? මම ලස්සනයි නේද? http://www.6speedonline.com |
Wednesday, September 18, 2013
18. ආතල් ජෙමා | Jema - The Fun Guy
ඉස්සර අපේ ගෙදර පොතක් තිබුනා "ජේමිස් බණ්ඩා" කියලා. මේ පොත ලියලා තිබුනේ ඩීමන් ආනන්ද මහත්තයා. ඉස්කෝලේ යන කාලේදී අපි ඉතින් ත්රාසජනක ජවනිකා වලට පණ ඇරලා නිසා මේ පොතේ එන ජේමිස් බණ්ඩා කියන වීරයටත් පට්ටම ලයික්. පොත කියවලා ටික කලක් ගිහින් තමයි දන්නේ ජේමිස් බණ්ඩා පොතට වඩා ජනප්රිය සිනමාවේ කියලා. මේ කියන ජේමිස් බණ්ඩා වෙන කවුරුවත් නෙවෙයි, අර ගිය ගිය තැන එක එක ගෑණු සෙට් කරගන්න ජේම්ස් බොන්ඩ් කියන හාදයා තමයි.
![]() |
http://pickuplabs.com |
තියෙන ජාති
ඇත්ත කතා,
කැම්පස් කතා,
බයිට්,
රස කතා,
හොස්ටල් කතා
Tuesday, September 10, 2013
17. හාමිනේ....ගමයා එයිද? | Peasant & Wood-Pecker ;-)
ගොඩක් අය දන්නවා ඇති මම බ්ලොග් ලියන්න අත්පොත් තිබ්බේ අන්තිම පේලියෙන් කියලා. අන්තිම පේලියේ කතා වලින් ආතල් ගත්ත එකෙක් හැටියට අන්තිම පේලියට ලියන්න ඕනේ කියලා පොඩි කැසිල්ලක් ඇවිත් හරියටම මිට අවුරුදු දෙකකට කලින්, ඒ කියන්නේ 2011 සැප්තැම්බරයේදී මගේ මුල්ම කතාව අන්තිම පේලියට ලිව්වා. නොදන්නා කට්ටියට දැනගන්නයි, අමතක වෙච්ච කට්ටියට මතක් වෙන්නයි ඔන්න ආයෙම ඒ කතාව මගේ බ්ලොග් එකේ කොටන්න හිතුනා.
Thursday, September 5, 2013
16. සුනෝජ්ලගේ අපේ මෙගා බයිට් | Mega Bites
මෙන්න බොලේ වැරදිලා ITN එක පැත්තේ ගියාම මිහිර සිරිතිලක ප්රවෘත්ති දිගේ හෙන අප්සෙට් ටෝකක් දෙනවා අඬාගෙන. හොයලා බැලින්නම් හිරු TV එකේ සුනෝජ් ප්රනාන්දු කරන මෙගා බයිට් එකේ මේ පාර මිහිරව ටෙරා බයිට් එකක් වෙලා.
![]() |
http://www.col3tube.com |
Subscribe to:
Posts (Atom)