මුද්දරප්පලම් කන්න කවුද ඉතින් අකැමැති? පුඩිමක්, කේක් එකක්, දොදොල් කෑල්ලක් කනකොට වගේම නිකම් අතේ තියන් කනකොටත් මාරම ගතියක් තියෙන්නේ. දවසක් දා අපිත් ඔය සතුටු සාමීචියකට සෙට් වෙලා ඉන්න වෙලේක හප හප ඉන්න මුද්දරප්පලම් වගයක් හම්බ උණා. නිකම් දෙනවනම් මන්න පාරක් හරි කන්න ලෑස්ති පිට ඉන්න අපිත් මුද්දරප්පලම් වලට වග කියන්න ගත්තා. ඒ පාර එතන හිටිය අපිට වඩා වයස සාමාජිකයෙක් දොඩමළු වෙන්න පටන්ගත්තා.
"ඔය මුද්දරප්පලම් ගැන රස කතාවක් තියෙනවා. ඇහුවොත් ආයේ දෙපාරක් හිතලා තමයි මුද්දරප්පලම් කන්නේ කට්ටියම...."
කුතුහලේ ඇවිස්සුන අපි හැමෝම කතාව අහන්න සෙට් උණා. කතාව අහලා ඉවර උණාම හිනාව ඉස්පොල්ලේ ගියේ නැති එක විතරයි. ඉතින් ඔන්න ඒ අහපු කතාව පොඩ්ඩක් ආලවට්ටම් දාලා අනික් අයට කියන්න ඕනේ කියලා මට හිතුණා. කියවලා ඉවර වෙලා අනා ජම්බෝ පීනට් කාපු විදිහට මුද්දරප්පලම් හෙම කන්ට එපා ඕන්!
කතාව කියවන්න කලින්ම ඔන්න කිව්වා ආගම් අවුස්සන්නවත්, පොඩි උන් නරක් කරන්නවත් නෙවෙයි මේක ලියන්නේ.
එක අරාබි රටක තිබුනා ප්‍රසිද්ධ පල්ලියක්. මේ පල්ලියේ විශේෂත්වය තමයි අවුරුද්දටම එක පාරයි දොර ඇරලා ආගමික වතාවත් කරන්නේ. මොනම හේතුවකටවත්, කාගෙ කීමකටවත් වෙන වෙලාවක පල්ලිය අරින එක සුම්මා. ඉතින් පහුගිය අවුරුද්දෙත් අදාල දවසේ පල්ලිය ඇරියා කට්ටියට වැඳ පුදාගන්න. ආගමික වතාවත් ඉවර කරලා ආයෙම පල්ලියේ දොරත් වහලා කට්ටිය යනකොට මෙන්න ඇහෙනවා කවුද එකෙක් ඇතුලේ ඉඳන් කෑමොර දෙනවා ඌව එලියට ගන්න කියලා.
නීතිය මතකනේ? දොර වැහුවොත් ආයෙම අරින්නේ ඊලඟ අවුරුද්දේ. බැතිමතුන් සෙට් එක දුක් මූඩ් එකෙන් අරූ ඇතුලේ ඉද්දීම ගෙවල් බලා පිටත් උනා. හිරවෙච්ච එකත් දන්නවා ඌව බේරගන්න කවුරුත් එන්නේ නෑ කියලා. එලියත් එක්ක සම්බන්ධ වෙන්න කිසිම විදිහක් නෑ මේ පල්ලිය හදලා තියෙන විදිහටත්. අපේ හාදයා දැනගත්තා මරණය ෂුවර් ඇන්ඩ් ෂොට් කියලා. කන්න කෑමකුත් නෑනේ. යාන්තං එහා මෙහා ඇවිදින කොට වතුර ටැප් එකක් අහු උනා මෑන්ස්ට. ඒත් ඉතින් අවුරුද්දම වතුර විතරක් බීලා ජීවත් වෙන්න පුලුවන්ද දෙයියනේ?
කාලය ගතවෙලා ගියා. අවුරුද්දකට පස්සේ පූජකයෝ සෙට් එකයි, බැතිමත්තුයි ටිකයි ඊළඟ මෙහෙයට පල්ලියයට ආවා. දොර දකිනකොට කට්ටියට ඇඬෙන්න වගේ, ඇයි අර යකාගේ මිනියනේ අප්පා මුලින්ම දකින්න ලැබෙන්නේ. සොවෙන් දොර ඇරපු කට්ටියට තමන්ගේ ඇස් අදහගන්න බැරිඋනා. මෙන්න යකෝ හිරවෙච්ච එකා ඉන්නවා හිනාවෙවී, ඒ මදිවට ඌරෙක් වගේ මහත්වෙලා. කට්ටියට පට්ට සතුටුයි, ඒ වගේම ෆුල් හොල්මන්. හැමෝම අහනවා මුගෙන් උඹ කොහොමද කන්නවත් දෙයක් නැතුව බේරිලා හිටියේ කියලා.
මිනිහා කියනවා එතකොට, “මං මුලු පල්ලියෙම ඇවිද්දා කන්න දෙයක් හොයාගෙන. වතුර විතරයි හම්බු උනේ. ඈතම කාමර දිහාටත් මං ගියා. හොඳ වෙලාවට මේ විදිහට කවුරු හරි හිර උනොත් එහෙම ජීවත් වෙන්න පුලුවන් විදිහේ වැඩ පිළිවෙලක් අපේ පූජකතුමන්ලා කරන්න ඇති කියලා මට හිතුනා. ඉතින් අර කාමර වල බලද්දි ගෝනි ගණන් පුරෝලා වේලපු මුද්දරප්පලම්. මං ඒවා කාලා තමයි මේ අවුරුද්දෙම ජීවත් උනේ”.
කට්ටිය වටකරන් මූ ආඩම්බරෙන් ඔය විදිහට කමෙන්ට් එක දෙනකොට පල්ලියේ ප්‍රධාන පූජක තැන ඔළුවේ අත ගහගත්තා.
“යකෝ, ඒ මුද්දරප්පලම් නෙවෙයි, මෙච්චර කාලයක් තිස්සේ කපපු කොන් ටික.…..”
අයියෝ පරණ කතාවක්නේ...හැබැයි හැංගිලා හිටපන් තලේබාන්ලට අහුනොවී
ReplyDeleteSamakaya Wate නලින්
මේ කතාව මම ඇහුවේ මිට අවුරුදු ගාණකට කලින්. බ්ලොග් එකක ලියන්න චාන්ස් එක ආවේ දැන් තමයි නලින් අයියේ...
Deleteතලෙබාන්ලා නිසා තමයි ටිකක් පරක්කු කලේ ලියන එකත්....
eeeekkkkkaaaaa bolaw ;)
ReplyDeleteමොකෝ? ඊයේ පෙරේදා මුද්දරප්පලම් කෑවාද?
Deleteela
ReplyDeletethanks....
Deleteහෆ්ෆා... චොරනේ ඉතින් ^_^
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පස්වාන් දාසකට රජ වෙන්ඩ..... බෝම ඉස්තුතියි මේ පැත්තේ ආවට....
Deleteකොන් කරවල
Deleteහුකෑස් හිහ් හිහ්
ඒ නමත් නරක නෑ වගේ ගයාන්.
Deleteහොඳටම වේලිච්ච පරණම එව්වා උම්බ්ලකඩ වගේ තියෙන්න ඇති නේහ්
Deleteහෆෝයි, හිනා කාලා පණ යනවා!!!!!
අප්පා මමත් ගොඩාක් කැමතියි.
ReplyDeleteබලාගෙනයි ඒ උනාට...;-)
Deleteසිරාවටම මුද්දරප්පලං ග්‍රෑම් දෙසිය පනහක් ගත්තාම එතනින් ග්‍රෑම් සීයක් විතර තියෙන්නේ අමුතු රහක් එන ඒවා තමයි.
ReplyDeleteඑහෙනම් ඉතින් බඩුම තමා හෙන්රි අයියේ...
Deleteහැබැයි අවුල් ගන්නෙපා..එක්ස්පෝර්ට් කොලිටි එක හොඳ ඇති මයේ හිතේ....
මුද්දරප්පලම් කන්න කවුද ඉතින් අකැමැති? වැඩිය හොයන්න ඕන නැහැ. මේ මං ඉන්නේ. කෑමක් කද්දි ඕක හැපෙන එක තරම් එපා කරපු එකක් තවත් මට නැහැ. ඉතින් කන්න කලින් සුද්ද කරනවා... :(
ReplyDeleteදෙයියන්ගේ පිහිටයි. ඕවා කන්නේ නැති නිසා මං :D
එහෙනම් ඉතින් අවුලක් නැහැ. කන කට්ටියව දැනුවත් කළා නම් හරි කන්නේ මොනවද කියලා...
Delete