Wednesday, June 26, 2013

03. දත් දොස්තර කතා පුවත් | Stories of a Dentist



දවස් දෙක තුනකට කලින් ලාවට දතක් රිදෙන ගතියක් දැනෙන කොට මට එක පාරම දත් ටික පිරිසිදුව තියාගෙන ඉන්න එකේ වටිනාකම ආයෙම ඔළුවට ආවා. උඩු ඇන්දේ දෙපැත්තෙම දත ගානේ ස්නායුක පිරවුම් වලින් පුරවගෙන ඉන්න, තව දත් දෙකකත් පොඩි පොඩි පිරවුම් තියෙන නිරෝගී පුරවැසියෙක් වන මට ආයෙම පාරක් අර විදුලි පුටුවේ නගින්න වෙන බව මතක් උණාම ටිකක් විතර ඇඟ හීතල වෙලා ගියා. පුටුවේ නැග්ගත් කමක් නෑ, අර බුරුමේ වගේ හාරන උපකරණේ සද්දේ කන් කඩන් යනකොට තමා ඉවසන්න බැරි.

Monday, June 17, 2013

02. ජම්බෝ පීනට් | Jumbo Peanut

අදත් උදේම කෝච්චිය එනකම් කරවැල් කොකා වගේ බෙල්ල දික් කරන් ඉද්දි මෙන්න එනවා සුරූපී ලලනාවක් වේදිකාව දිගේ. 


01. මගේ පෙරවදන...... | Introduction to Blog




ලියන්න තියෙන ආසාව කිසිම දවසක ඉවර වෙන එකක් නෙවෙයි. අබිං කන්න පුරුදු වෙච්ච එකා හැමදාමත් අබිං කන්න ඇබ්බැහි වෙලා ඉන්නවා වගේ ලියන්න පුරුදු වෙච්ච එකත් මොන මොනවා හරි ලියන්න තමයි උත්සාහ කරන්නේ. ඉස්සර වගේ කොළ වල අතින් ලියපු කාලේ ඉවර නිසා මටත් හිතුනා බ්ලොග් එකක් අටවාගෙන මොන මොනවා හරි ලියන්න.