කට්ටියට මාව මතකද මන්දා? කමක් නෑ කාලෙකින් ආවේ නැති නිසා මතක නැතිව ඇති. ඔන්න ඔහේ එව්වා අමතක කරලා රස කතාවක් කියවලා ඉමුකො.
මේ සීන් කෝන් එක උනෙත් අපේ අකලංක සහෝදරයටම තමයි. මම කවුද කියලත් මතක නැති එකේ අකලංකව මතක හිටින්නේ කොහොමද? මෙතන ක්ලික් කළා නම් ටක් ගාලා මතකෙට එයි.
දැන් මතකනේ ඩයල් එක කවුද කියලා. කලින් කියෙව්වේ නැති අයත් අද නොම්මරේ දැනගන්න ඇතිනේ? ඉතින් අකලංක උන්නැහේ දීපු ආතල් දෙක තුනක් අදත් කියවලා බලමු..
අකලංක ඕ-ලෙවල් කරන කාලේ (ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 2000 විතර) ගණිතය පන්ති ගියේ ගැස්ටන් සර් ළඟට. එදා පාඩම තිබ්බේ රේඛා වර්ග ගැන. සර් ළමයින්ට රේඛා ගැන කියලා දෙනවා.
"ළමයි, රේඛා වර්ග කිහිපයක්ම ගණිතයේදි භාවිතා වෙනවා. හොඳයි ඔයාලා කියන්න බලන්න එකක් දෙකක්...."
සර් ගෝල-ගෝලියන්ගෙන් අහනවා. අත උස්සපු එකෙක් දෙන්නෙක් වීරයෝ වගේ උත්තරත් දුන්නා සරළ රේඛා, වක්‍ර රේඛා,..... කියලා. අකලංකත් එක පාරම අත ඉස්සුවා. අකලංක අත ඉස්සුවා විතරයි සර්ත් ටිකක් හොල්මන් වෙලා ගියා. ඇයි යකෝ, මූ කවදාවත් පන්තියේ ගාණක්වත් හදන එකෙක් නෙවෙයිනේ!
"හරිම හොඳයි. අකලංක පුතා කියන්නකෝ බලන්න ගණිතයේදි යොදාගන්න රේඛා වර්ගයක්."
අකලංක ආඩම්බරෙන් ඕඩියන්ස් එක දිහා බැල්මට් එක දාලා උත්තරේ දුන්නා,
"රිදී රේඛා!"
අකලංක ක්ලාස් එකෙන් අවුට් වෙනකම් ගැස්ටන් සර් ආයේ අකලංකට ප්‍රශ්නෙකට උත්තර දෙන්න චාන්ස් එකක් දුන්නේ නෑ කියලා තමා අපිට ආරංචි උනේ.
_______________________________________________
අකලංක ආතල් දුන්නේ ටියුෂන් ක්ලාස් එකේ විතරක් නෙවෙයි. ඉස්කෝලේ ගිහින් කලෙත් මෝල් වැඩම තමා. අකලංක ගිය ඉස්කෝලේ තිබ්බේ ටවුමේ ටිකක් එහාට වෙන්න. ගේට්ටුවෙන් ඇතුල් උනාම පොඩි කන්දක් නැගගෙන තමා ගොඩනැගිලි තියෙන පැත්තට යන්න තියෙන්නේ. මේ කියන දවසේ අකලංක පාර අයිනේ ඉන්න කොට ට්‍රේනි ගුරුවරියෝ කීපදෙනෙක් පාර දිගේ එනවා.
සුදුම සුදු සාරි ඇඳගත්ත මේ තරුණ ගුරුවරියෝ සෙට් එක පාර දිගේ එද්දි අකලංක බොහොම ඩීසන්ට් ලුක් එකක් දාලා ආමන්ත්‍රණය පටන්ගත්තා.
"ගුඩ් මෝනින්ග් මිස්"
අකලංක බොහොම ආචාරශීලීව කිව්වා. මිස්ලා සෙට් එකත් පෙරලා මූට සුභාශිංසනය දුන්නා,
"ගුඩ් මෝනින්ග් පුතා!"
අර මෝඩ පහේ විනීත හිනාව කටේ තියාගෙනම අකලංක ඊළඟ ප්‍රශ්නෙත් ඇහුවා,
"සුදු ඇඳන් ආවේ, මළගෙයක්ද?....."
එදත් අකලංක ෆාදර්ගේ ඔෆීස් එක ඉස්සරහ පීරියඩ් එකක් විතර දණ ගහගෙන හිටියලු!
ඔන්න ඔය කාලෙදිම අපේ සෙට් එකේ හිටිය තව එකෙක්ගේ නංගි කෙනෙක් ගහක් කඩන් බිමට පාත් උණා. අපිත් ඉතින් අයියගේ කළ්‍යාණ මිත්‍රත්වය ඉස්සරහට දාලා මගුල් ගෙදරට බරට වැඩ. එළියේ හදපු පොඩි මඩුවට ගහන්න සුදු පාට ඉටි කොළ ගේන්න කඩේට යැව්වේ අකලංකව. අකලංක ඉටි කොළ අරන් එද්දි ළඟ පාත ඉන්න, රොයිටර් ඇන්ටි කෙනෙක් අකලංකගෙන් අහලා ඉටි කොළ ගෙනියන්නේ මොකටද කියලා. අකලංක ඉතින් මෝලා වගේ බයිට් එකටම උත්තර දීලා,
"ඇයි දන්නේ නැද්ද, ඉන්ද්‍රජෝති හාමුදුරුවෝ මළානේ. මේ සොහොන ගහන්න ඉටි කොළ ගෙනියනවා"
කඩමණ්ඩියේ හිටපු හැමෝටම ඇහෙන්න කියපු අකලංක ඉටි කොළ ටිකත් අරන් ඇවිත් අපිටත් සීන්කෝන් එක කිව්වා. මේ සිද්ධිය උණේ හවසක. අපි ගහෙන් වැටුන නංගිගේ අයියට ෆුල් සප් එක් දීලා රෑ උගේ පාගල් එකේම නැගලා ගෙදර ගියා. අකලංක හිටියේ යාළුවගේ ගේ ඉස්සරහම නිසා පාද පරිචාරිකාවෙන්ම ගෙදෙට්ට ගාටලා තිබ්බා.
නින්දක් කාරිය හෙම දාලා ඊළඟ දවසෙත් අකලංක උදේම ආවා යාළුවගේ ගෙදර තව උදවු පදවු කරන්න හිතන්. කඩ මණ්ඩිය උඩින් එද්දි අකලංක දැක්කා අමුත්තක්. හැමෝම කසු කුසු ගානවා, ඒ මදිවට අකලංකව දැක්ක ගමන් අහක බලාගන්නවා. අකලංක ෆුල් අන්දොස් වැඩේට. කට්ටිය ළඟට කිට්ටු කරනකොට කස්ටිය අකලංකව දැක්කේ නෑ වගේ මග අරිනවා. බැරිම තැන අකලංක අර මිස්ලට දාපු හිනාව වගේ පනාවක් දාලා ඉටි කොළ ගත්ත කඩේ පොර ළඟට කිට්ටු කළා.
"ආ, සෝමපාල අයියා, මොකෝ මේ කේස් එක උදේ පාන්දරම?"
සෝමපාල අකලංක දිහා බලලා පොල්ලෙන් ගහනවා වගේ උත්තර දුන්නා,
"මල්ලි, ආයේ ඔයා මේ පැත්තේ නාවට කමක් නෑ!"
අකලංක හොල්මන් වෙලා ගියා,
"ඇ..ඇයි අයියේ? මොකක්ද මං කරපු වැරැද්ද?,...."
අකලංක ගොත ගහනවා.
"වැරැද්ද? තමුසේ ඊයේ ඉන්ද්‍රජෝති හාමුදුරුවෝ මළා කියලා ප්‍රචාරය කරා නේද?"
පහන් සංවේගයෙන් යුක්තව සෝමපාල ප්‍රශ්න කරන්න ගත්තා.
"අයියෝ, මං ඒ විහිළුවටනේ කිව්වේ. මං එහෙම කිව්වේ අපහාස කරන්න නෙවෙයිනේ අයියේ..."
කඩ මණ්ඩියේ හදිසියේම ඇතිවෙච්ච ජුගුප්සාජනක තත්වය මේ පොඩි ජෝක් එකටද කියලා හිතන ගමන් අකලංක උත්තර දුන්නා.
"කෙහෙල්මල් අපහාසේ! අපහාසයක් ගැන නෙවෙයි යකෝ මං කතා කරන්නේ. අන්න අද උදේ ඉන්ද්‍රජෝති හාමුදුරුවෝ සැටිය උඩම අපවත් වෙලා! උඹේ කටවහ අපිටත් වදින්න කලින් මෙන්න වැන්දා ආයේ මේ පැත්තේ නම් එන්නෙපා!"
අප්පට සිරි ඉන්ද්‍රජෝති හාමුදුරුවන්ට වෙච්ච් වැඩේ උඹටත් වෙන්න් කලින් වහාම ඔය ආස්සරේ අත ඇරපන්
ReplyDeleteඅනේ ඌ එහෙම එකෙක් නෙවෙයි ඉවාන්, එළ කොල්ලෙක්. කට තමා අවුල
Deleteමචං ගහෙන් කඩා පාත් වෙච්චි කෙස් එකකට මක්කටෙයි සුදු පාට ඉටි කඩදහි...
ReplyDeleteඒක ණම් මටත් මතක නෑ ජෙමෝ
Deleteකොහොමද ජෙමියි, පොඩ්ඩයි?
හොඳින් ඉන්නවා මචං..
Deleteඕකව එවපන්කෝ අපේ පැත්තේ! දෙතුන් දෙනෙක්ව අපවත් කරන්න තියනවා
ReplyDeleteඋන්නැහේලාද ??
Deleteඋන්නාන්සේලද?
අකලංකයාට කියලා කියවගන්න නම් ලිස්ට් එකක් නම් තියෙනවා...ඒත් මොකටද..
ReplyDeleteඔව් ඔව් ...එහෙම හොඳ නැහැ අරු අයියේ.
Deleteඅම්මෝ... මරු තමයි
ReplyDeleteමරු නම් තමයි ධනුෂ් කොල්ලෝ'
Deleteඇයි යකෝ ඕකට වෙන නමක් තිබ්බෙම නැද්ද?
ReplyDeleteහුටා, මෙන්න තවත් අකලංක කෙනෙක්. ඇත්තටම ඔය බොරු නමක්. ඇත්ත නම කිව්වොත් ඕකා මොනවා කරයිද දන්නේ නැහැ.
Deleteනම් ටිකක් එවන්නං ඌ ට කියල කියවපන් හාන්දුරුවන්ට කියපු එකම නොකිය..... මැරිල කියල .....හෙක්.....හෙක්.....
ReplyDeleteමොකක් මැරිලා කියලද කියවන්න ඕනේ කෙන්ජි අයියේ?
Deleteඅඩේ අකලන්ක කෙනේක්ව හොයලා දියන්කෝ බ්ලොග් එකේ පාළුව යවා ගන්න
ReplyDeleteවෙන කවුරුත් මොටද මැලේ රාල? අපේ එකාවම එවන්නද?
Deleteඅන්න අර කට නැත්නං බල්ලො ඇදගෙන ගිහිල්ලා කියන වර්ගයේ පොරක්. මගෙත් හිටියා ඔහොම යාලුවෝ. කටින්ම තමයි ගේම ගෙනියන්නේ.
ReplyDeleteමෙන්න යකෝ හෙන්රි අයියා..... අපිව දැන් මුනුපොතේ පේන්නෙත් නැහැ නේද?
Deleteමොකක්ද මේ කට නැත්නම් බල්ලෝ ඇදන් ගිය කතාව? අපිටත් කියන්නකෝ.
එතකොට ගල්පාතයියගෙ ඇත්ත නම අකලංක ද?
ReplyDeleteවඳින්නං දෙයියෝ මගෙ නම නං කියන්ට එපා :පී
෴ මඳෙව් විල ෴
ලැමබා මල්ලි ඔන්න රෝන් ටෝක්ස් දෙන්නෙපා හරිද? අල්ලලා දෙනවා හෙදියෙක්ට.
Deleteඋඹ කොහෙද බං මෙච්චර කාලයක් වහං වෙලා හිටියේ
ReplyDeleteකියලා වැඩක් නැහැ අනලින් අයියේ, පෝස්ට් එක දැම්මේ අප්‍රේල් 30. කමෙන්ට් වලට උත්තර දෙන්නේ මැයි 9. එකක් ඔෆීස් එකේ වැඩ වැඩි වෙලා, අනික පවුල් සංස්ථාවේ වගකීම් වැඩිවෙලා.
Deleteමා කෙසේ අත් පා දිග හැර බ්ලොග් ලියම්ද?
ඕකව පරිස්සමට ආස්සරේ කරපං.. නැත්නම් උඹවත් හොයන්න වෙන්නේ නෑ අපිට..
ReplyDeleteදැන් නම් නිතර මුණගැහෙන්නේ නැහැ. ඒ නිසා අවුලක් නැහැ දිනේෂ්.
Deleteඅනේ මූට කියාපන් මලේ පාර්ලිමේන්තුවට යන පාරෙ ඉඳන් අර වගෙ කතා කියන්න කියලා. අපෙ රටට හොඳක් වෙයි..
ReplyDeleteඅනේ එපා සරත් අයියේ. උන් ටික නැති උනොත් අපිට ආතල් එකක් දෙන්නවත් කවුරුත් නැහැනේ.
Deleteඅම්මෝ පට්ට යකෝ හිනා වෙලාම ඉල ඇදෙනව...
ReplyDeleteඕ වගේ බුවෙක් හිටිය නං පාලු නෑඉතිං සක්වලම
කියලා වැඩක් නැහැ ඕකා කරලා තියෙන දේවල්. තව තියෙනවා මහේෂ්, ඉස්සරහට ලියන්නම්කො
Deleteඅනේ බං තව රේඛා වගයක් තියෙනවා මං ඒවට හිරවෙලා මේ දවස් වල. “විථිරේඛා“
ReplyDeleteවීථිරේඛා ගන්න එච්චර අමාරු නෑ බොල. ඉස්සෙල්ල සර්වේ ප්ලෑන් එක සභාවෙන් අනුමත කරගනිං.
Deleteඔය රේඛා වල හිර වුනා කියන්නේ ඉතින් සොරිම තමයි දේශකයෝ
Deleteඉක්මනට ඉවර කරගන්න
අකලංකයට ඔය කටෙං කියල අර ගණනං සර් කාරයව අපවත් කරන්න හිතුනෙ නැද්ද දන්නෑ.
ReplyDeleteනියම පොරක් තමයි. ඇති යංතං මිනිහ ගුටි නොකා බේරුනා.
Praසන්ன අයියා කොන්ක්‍රීට් බ්ලොග් එක ලියනවා වගේ ලේසි වැඩ නෙවෙයි මෙව්වා...
Deleteෂා මිනිහ කොයි පලාතෙද ඉන්නෙ
ReplyDeleteකතාව කියවද්දි පළාත, දිස්ත්‍රික්කේ හොඳට තේරුම් යනවනේ දමිත්. ආයේ කියවන්න බලන්න.
Deleteහරියට කිව්වොත් සිරස දහසක් මල් එකෙන් ඔයාටත් තෑග්ගක් දෙනවා.
ඌ මේ බ්ලොග් එක බලන්නේ නෑ නේද ? නැත්නම් අපිවත් අපවත් කොරයි.
ReplyDeleteබයවෙන්නෙපා සුදික අයියේ. ඌ මෙව්වා බලන්නේ නැහැ, ඇමති කෙනෙක් ළඟ වැඩ කරනවා විතරයි.
Deleteමල්ලි අකලංකයට කියල අර හැලපයට වස්කවියක් කියවහංකෝ
ReplyDeleteඅටමෝ, ඇයි අර අහිංසක හැලප-යියට වස් කවි කියවන්න හදන්නේ?
Deleteබුවාගේ හොදම ටික මං ගාව...����������
ReplyDelete