ඔෆීස් එකේ නෙට් බ්ලොක් කරලා. ගෙදර ගියාම විවේකයක් නැහැ. ඒක නිසා බ්ලොග් එක පාළුවටම ගිහිල්ලා. මේ මාසෙට මුකුත් ලිව්වෙ නැහැ. හිස් කොලේ වගේ තියන්න බැරි නිසාම පරණ කතාවක් අරන් ආවා අදට. ඉක්මණටම ආයේ යථා තත්වෙට එන්න බලමු!
එකමත් එක රටක (අපේ මුතු ඇටේ නම් නෙවෙයි ) තිබුනලු විවේක දූපතක්. මේ දූපතේ
විශේෂත්වය තමයි හැමෝම විවේක සුවය ගත කරන්නේ උපන් ඇඳුමෙන්. ඒක තමයි
සමානාත්මතා නීතිය. ඔන්න සමහරු අව්ව තපිනවා, තවත් අය මූදේ නානවා, ඩ්රින්ක්
එක දානවා, සෙට් වෙලා කයිය ගහනවා. නිදහස උපරිමයි.හැබැයි එක පොරක් විතරක් එහෙ
මෙහෙ ඇවිදිනවා මල පැනපු මූඩ් එක දාගෙන. මෑන්ස් උපන් ඇඳුමෙන් ඇවිදින ගමන්
හැම එකාටම රවනවා,
"නොදකින් විතරක් මුන්. හැම එකාම හෙළුවෙන්. චික් විතරක්!"
ඔහොම පොර ඇවිදන් යනකොට තව කට්ටියක් දැක්කා මෑන්ස්ව.
"අහා, මෙන්න අළුත්
හාදයෙක් ඇවිල්ලා. සාදරයෙන් පිලිගන්නවා ඔහේව. එන්න පොඩි ඩ්රින්ක් එකක්
දාන්න" කියලා ෆුල් වෙල්කම් එක දුන්නා.
"ඒක නෙවෙයි, තමුසෙ මොකද මේ අවුලෙන්
වගේ?" එකෙක් අහනවා අළුත් හාදයගෙන්.
"ඒකෙන් වැඩක් නෑ. මට කියනවකෝ තමුසෙලා මොකද මෙහෙට වෙලා මේ හෙළුවෙන් කරන්නේ?"
අරූ අහපි. ඒ පාර කස්ටියම තමන් කවුද, ආවේ මොකටද කියලා කමෙන්ට්රිය දෙන්න ගත්තා.
1 හාදයා : මං අහවල් බැංකුවේ අහවල් ලොක්කා. අවුරුද්ද පුරාම මහන්සිවෙලා වැඩ කරලා මෙහේ ආවේ මාසයක් විවේකීව ඉන්න.
2 හාදයා : මම නීතිඥයෙක්. මං ආසයි මෙහෙම නිරුවතින් ඉන්න. දැන් අවුරුදු දහයක් තිස්සේ මං මෙහෙට එනවා.
3 හාදයා : මං පරිගණක ඉංජිනේරුවෙක්.මෙහේ හැමෝම ඉන්නේ නිරුවතින්. එතකොට අපි හැමෝම සමානයි. මං ආසයි ඒ සමානාත්මතාවය විඳින්න.
ඊට පස්සේ 1 හාදයා අහනවා අලුත් එකාගෙන්,
"මහත්මයා ඉතින් අපිට කිව්වේ නෑනේ ඔබතුමා මොකක්ද කරන රස්සාව, ඇයි මෙහේ ආවේ කියලා?"
අළුත් හාදයා *ක් මූඩ් එක දාගෙනම කතාකරන්න ගත්තා,
"මං පික් පොකට් කාරයෙක්.මගේ දොස්තර මාව මෙහාට එව්වේ පුනරුත්ථාපනය කරන්න!"
අනේ මන්ද බන් මගේ ටිකිරි මොලේට මේකේ හිනාවෙන තැන තේරෙන්නේ නැහැ ,, දෙපාරක්ම කියෙවුවා
ReplyDeleteඅපි මෙයවත් පුනුරුත්ථාපනය කරල ගම්මු එතකොට පත්තු වෙවි හොදට..
Deleteසැක් ඉදගෙන ..ඕක නම් වෙද සිතක් නෙමේ ඕකනම් නෝටි හිතක්,,
Deleteපොකැට් එකක් තියෙන්නේ ඇඳුම් ඇඳන් ඉන්න අය ළඟනේ .. ඇඳුම් ඇඳන් නැති අය ගාව පොකට් නැහැ.. පික් පොකටර් කෙනෙකුට එවැනි තැනක කරන්න දෙයක් නැහැ.............
Deleteහිතවත් සහන් මල්ලි,ඔබව මා සිතා සිටින්නෙ උගත් මහත්මයකු ලෙසයි.
Deleteඑබැවින් පිස්සු උවදුර සැදුන සුනඛයකු ලෙස අහිංසක දැරිවියන් පිටුපස ලුහු බැදීම මම තරයේ හෙලා දකිමි.
මෙලෙස ඔබ හැසිරෙන ආකාරය කීප තැනක දුටු බැවින් මෙතන මෙලෙස සටහන් කරමි...
සහන් මල්ලි උඹ ඔය කොමන්ට් එක යට දැම්ම නම් හරිම තාත්විකයි.
Deleteමාගේ මෙම කමෙන්ටුවේ වරද කීම ..එව පවසව ...!
Deleteමා ආවෙමි...
Deleteඔබගේ තනි කොමන්ටුවක් ලෙස දැම්මා නම් අගය කියා නිම කල නොහැක...
මේවා කීවා කියා ඔබේ සිතේ ගුලි නැති බව මා හොදින් දනී ....
මගේ චරිතය තේරුම් ගෙන මා ගැන ප්රසිද්දියේ අදහස් දැක් වුයේ ඔබය....
බිය සැක නැතිව නිතරම එන්නේ එම නිසාය...
එම්බා සොයුර, කරදරයක් නම් වහා කියව.......
නැවත නො එමි මං.......
ඔමායට උත්තරේ සහන් දීලා තියෙන්නේ ඔය. මම හිතුවේ නැහැ ඔයා ඔය තරම්ම සොමි කැළුම් බටයක් කියලා...
Deleteමේවා තමයි නියම ජෝක් කියන්නේ. ටියුබ් ලයිට් නම් විනාසයි. ඔය උඩින්ම ඉන්නේ පේන්නේ නැද්ද...? හැබයි පින්තූරේ ඉන්න උන් නම් යටට ඇඳලා ඉන්නේ.. හෙළුවෙන් ඉන්නවා කියන්නේ මෙන්න මේ වගේ..
ReplyDeletehttp://maathalan.tumblr.com/post/68366475590
:( :( :(
Deleteඔය ලින්ක් එක බලන්න ගියොත් එහෙම ගෙදර තමා යන්න වෙන්නේ ජොබ් එක දාලා. මටත් එක්ක +අපූර්වී බලපුදෙන්.
Deleteනියමයි නියමයි නියම කතාව,, හෙබෙයි මෙහෙම් අපුනුරුත්තපනය වෙයිද කට්ටිය..,
ReplyDeleteබොහොම ස්තුතියි. පුරුදු නැති අපි වගේ උන් ගියොත් නම් අනිවා ඒ දේ වෙයි.
Deleteමාවත් පුනුරුත්තාපනෙ කරන්න යවන්න බැරිද
ReplyDeleteහිටපිය නෝනට කියන්න
Deleteපුළුවන් පුළුවන් දමිත්. හැබැයි ඉතින් පිරිමි විතරක් ඉන්න තැනක් උනාට කමක් නැද්ද?
Deleteදැන් ඉතින් යන්තන් කොල්ලට නොවැම්බර් මාසෙටත් පොස්ට් එකක් තියෙනවා
ReplyDeleteඅනේ ඔව් මැලේ. ඒ හින්දම තමා කඩිමුඩියේ මේක දැම්මේ. කමෙන්ට් කොටන්න එන්නෙත් හරිම අමාරුවෙන්.
Delete:D ෆට්ට කතාව බං...
ReplyDeleteතැන්කු වේවා මචෝ.
Delete....................
ReplyDeleteඇයි අනේ තිත් තිත් තියලා තියෙන්නේ?
Deleteසබ්ජෙක්ට් කාරයෙක්ව පුනුරුථාපනය කරන්න යවන්න කියාපු දූපත
ReplyDeleteසබ්ජෙක්ට් කාරයාගේ කල්ල මරේ කිව්වලු එහෙම උනොත්.
Deleteඅර යකාට පිස්සා වගේ ඇවිදින්නේ නැතිව ඇදුම් ගලවල තියෙන තැන හොයාගන්න තිබුනේ බං.
ReplyDeleteකෙන්ජි අයියා කළා වගේ එහෙම කළා නම් හරි. මේකා ඒ තරම් ඇඩ්වාන්ස් එකෙක් නෙවෙයි මන් හිතන්නේ.
Deleteසෑහෙන දරුණු දඬුවමක් දීලා තියෙන්නේ..
ReplyDeleteආයෙත් අහලා දිනේෂ්. දෙන්න තියෙන සුපිරිම දඬුවම වෙන්න ඕනේ.
Deleteහරිම තැනට එවලා තියෙනවා. පුංචි වුණත් නියම කතාව.
ReplyDeleteබොහොම ස්තුතියි සුදික අයියා....
Deleteඇයි බං ඔවුවො ඔය දූපතට එන්නෙත් ඇඳුං නැතුවද? ඇඳුං ගලෝල තියෙන තැන හොයාගත්තනං ලේසියෙංම වැඩේ ගොඩදාගන්න තිබ්බනෙ.
ReplyDeleteඇඳුම් ගලවලා එන්නේ තමන්ගේ රූම් එකේ වෙන්න ඇතිනේ Praසන්ன අයියේ. එතකොට තියෙන ප්රශ්නේ තමයි කාමරේ යතුර කොහෙද තියන් ඉන්නේ කියන එක.
Deleteඌට පුරුද්ද තියෙන්නෙ ඇඳුම් ඇඳන් ඉන්න අයට පොකට් ගහල මිසක් ගලවල තියෙන ඇඳුම් සුද්ද කරන එක නෙවෙයි වෙන්න ඇති.
ReplyDeleteඅර පිස්සන් කොටුවේ තාප්පෙන් පනින්න හොඳට ප්රැක්ටිස් කරපු පිස්සෝ දෙන්නා වගේ එකෙක් වෙන්න ඕනේ. උනුත් හොඳට පුරුදුවෙලා පනින්න යන දවසේ තාප්පේ වැස්සට කඩා වැටිලා. ආයේ හැරිලා ආපු දෙන්නා ආපහු තාප්පේ හැදුවට පස්සේ පැනලා ගියාලු. මේකාත් එහෙම එකෙක් වෙන්න බැරි නැහැ.
Delete:DD
ReplyDeleteදිලිනි :DD කිව්වම මට මතක් උනේ එක්තරා ඇඳුම් වර්ගෙක සයිස් එකක්.
Deleteඇත්තට අර දූපතේ උන් සල්ලි තියාගෙන ඇත්තෙ කොහෙද ? :P
ReplyDeleteයසිත්.......සල්ලි තියෙනවානම් තියාගන්නද තැන් නැත්තේ බං
Deleteඑහෙම ඉන්න තියේනම් සල්ලි මොකටද යසිත්? සමහර විට සල්ලි තියන්න ඇත්තේ උන්ගේ නිදන කාමරේ වෙන්න ඇති. කාමරේ යතුර තියාගත්තේ කොහෙද කියන එකයි මට තියෙන ප්රශ්නේ.
Deleteතේරුණේ දැන් තමයි ඉදගෙන :)
ReplyDeleteදැන් හරි තේරුනා නම් ලොකු දෙයක් ඉඳගෙන. ගියේ නැද්ද ඒ පැත්තේ තාම?
Deleteහොඳ වෙලාවට මම පිට්පොකට් කාරයෙක් නොවුනේ... එහෙම වුනානම ඔය පුනුරුත්තාපනෙන් පස්සේ තව වෙන පුනුරුත්තාපනයකට යවන්න වෙනවා ..:D
ReplyDeleteදැනුත් වැඩි වෙනසක් නෑ කියලා තමා ආරංචිය.
Deleteමම දන්න කෙනෙක් ඉන්නවා ඔය නියුඩිස්ට් බීච් එකකට ගිය...ඌ අත්දැකීම් ගන්න ගිහින් තියෙන්නේ.... හිතට කිසිම සැනසිල්ලක් නැහැලු ගිය වෙලේ ඉඳලා ජුන්ඩා මෝල් ගස් වෙයි කියලා...ආපහු නම් යන්නේ නැහැ කිව්වා.
ReplyDeleteඇත්තටම ඒක නම් ලොකු ප්රශ්නයක්. ජුන්ඩා කෙලින් උනොත් අනිත් උන් වැරදියට හිතනවනේ. නිකම් මොකටද මානසිකව ඇද වැටෙන්නේ?
Deleteඅරූ අයියා එහෙම ඔව්වයේ යනවා නෙවෙයි ඔන්න.
මමත් පිට් පොකට් ගහන්න පටන් ගන්නවා
ReplyDeleteඔන්න එහෙනම් අපෙනුත් සුභ පැතුම් යකාට. මෙතනින් අදහස ආපු නිසා ඉස්සෙල්ලම ගහන පොකට් එකෙන් මටත් 10%ක් ඕනේ, හරිය?
Deleteආපු හැමෝටම ස්තුති වේවා. බොහොම අමාරුවෙන් තමා මේ ටිකත් කරන්නේ. ගොඩක් අයගේ බ්ලොග් මේ ටිකේ මිස් උනා. ජනවාරි වෙද්දී කොහොම හරි හදාගෙන එනවා. තිබුන කම්පියුටරේ වෙනුවට ලැපක් දුන්නා ඔෆිස් එකෙන්, ඒකෙ ඇඩ්මින් සෙටින් දාලා ඔක්කොම අවුල් කරලා. ඒ මදිවට සිංහල ටයිපින් ගුගල් ඉන්පුට් එව්වටත් වැඩේ දීලා. මේ ප්රශ්න ඔක්කොම විසඳන් එනකම් මාවත් අමතක නොකර මතකේ තියන් ඉන්න.
ReplyDeleteගල්පාත
2013.12.04
ගල්පාත ජනවාරි එන්ටකො එහෙනං....මේ වගේ සෝ.............යි කතාවක් අරගෙන..
ReplyDeleteඅනිවා රෙහානි.
Deleteපට්ටයි ඕයි...................... හික් හික් හික් නියම වෙදකම
ReplyDelete