මේ
දවස් වල කිසිම දෙයක් ලියන්න හිතට ෆිට් එකක් නෑ අෆ්ෆා. අනේ මන්දා ඇස්වහක් කටවහක් වැදිලද කියලා. ඒ උනාට ඉතින් අමාරුවෙන් අටෝගත්ත
බ්ලොග් එක පාළුවට යන්න දෙන්නත් බැරි නිසා කලින් අහපු කතාවක් අරන් ආවා.
හත්මාළුව බ්ලොග් reader එකේ Android App එකේ screenshot එකක් |
බොබ්
කියන්නේ නොම්මර එකේ බෙබෙක් (බ්ලොග් ලියන කට්ටිය මං හිතන්නේ බෙබේලව දැකලා තියා අහලවත් නැතුව ඇති). මේ යකා හැමදාම කණමදයා වගේ බීගෙන
හතරගාතෙන් තමයි ගෙදර එන්නේ.බීම හින්දම මිනිහගේ සරීර සෞඛ්‍යයත්
ලෙල්ලටම පිරිහලයි තිබුනේ. දොස්තරලත් අවවාද කරලා තිබුනේ බිව්වොත්
ළඟදිම වැලිගම්පිටි යන්න වෙනවා කියලයි. බොබ් නෙවෙයි එකෙක් කියන දේ ඇහුවේ. හෙට
මැරෙන්න ඉන්නවා කියලා වගේ තමයි අද දවසේ උගුරට හලාගන්නේ.
ඔය
විදියට දවසකුත් බීගෙන ගෙදර ආපු බොබ් වෙරිමතේම ඇඳට නැගලා නිදාගත්තා. බොබ්ගේ මේ දින චර්යාවට පුරුදු වෙලා හිටපු බොබ්ගේ වයිපරේ, ඒ කියන්නේ ඇලිස් හැමදාම වගේ බොබ්ට මේ බේබදුකම ගැන නෝක්කාඩු කියලා අනිත්
පැත්ත හැරිලා නිදාගන්න පටන්ගත්තා. එදා නින්දෙන් බොබ් ඇහැරෙන කොට මිනිහා හිටියේ ගෙදර ඇඳේ
නෙවෙයි, සුර ලෝකෙක. ඇලිස්ගේ කුඩුත්තු මූණ වෙනුවට ශාන්තුවරයෙක් තමා දිහා
කරුණාවෙන් බලන් ඉන්න හැටි තමයි බොබ් නැගිටිද්දි දැක්කේ. බොබ්ට තේරුනා
වැලිගම්පිටියට ස්වීප් එක ඇදිලා විත්තිය. බොබ් කලබලෙන් සාන්තුවරයට කන්නලව් කරන්න පටන් ගත්තා.
"අනේ, මං මළාද? මට බෑ දැන්ම මැරෙන්න, අයියෝ මාව ආයේ මගේ ලෝකෙට
යවන්න"
බොබ් ළය පැලෙන විදිහට අඬනවා. සාන්තුවරයටත් දුකයි මේ යකාගේ
ඇඬිල්ලට. ඒත් ඉතින් ගෙන්න ගත්ත එකෙක් ආපහු යවන සිරිතක් නැති බව
සාන්තුවරයා බොබ්ට විස්තර කරලා දුන්නා.
http://godsdirectcontact.eu |
"බෑ, බෑ, මට මෙහේ ඉන්න බෑ. මට තව එහේ
ජීවත් වෙන්න වයස තියෙනවා. මාව එහේ යවන්න. නැත්නම් මං සියදිවි නසාගන්නවා!"
බොබ්
සාන්තුවරයට පොඩි තර්ජනයක්
දැම්මා. සාන්තුවරයා මේකට ටිකක් හෙල්ලිලා
ගියා, ඇයි ඉතින් දිව්‍යලෝකේ කවුරු හරි එකෙක් එල්ලිලා
මළා කියලා ආරංචි උනොත් දෙවියන්ටත් එක්ක මාර කින්ඩියනේ. කල්පනා කරලා බලපු
සාන්තුවරයා බොබ්ට පොඩි විසඳුමක් යෝජනා කලා,
"හරි දරුවා, ඔයාට එහෙට යන්නම ඕනේ නම් එක විදිහක් තියෙනවා. හැබැයි ඒ මිනිහෙක් විදිහට නෙවෙයි කිකිළියෙක් විදිහට.
මීට වඩා කිසිම දෙයක් කරන්න මට බෑ."
බොබ්
ටිකක් අවුල් ගියා. ඒත් ආයේ කල්පනා කරලා බැලුවම මෙලෝ රහක් නැති දිව්‍යලෝකෙට වෙලා ඉන්නවට වඩා අපේ ලෝකේ කිකිළියෙක් වෙලා
ඉන්න එකත් ආතල්නේ කියලා මෑන්ස් ඒ යෝජනාවට එකඟ උණා. සාන්තුවරයව
පොරොන්දු කරගත්තා ගෙවල් ළඟම තියෙන ෆාම් එකකට වීසා දෙන විදිහට. ඒ ඇලිස්ව බලන්න නෙවෙයි, බාර් එක කිට්ටු නිසා.
එකපාරටම
බොබ් කුකුළු පිහාටු, පෙඳ වලින් වැහිලා ගියා. ෂෙහ්,
බලන්න ලස්සන කිකිළියෙක්. බොබ්
දැක්කා අර රෝස්ටර් කියන තඩි පට්ටි කුකුළෙක් තමන් දිහා කන්න වගේ බලන් ඉන්නවා
කියලා. ඇස් දෙක හොටේ තියන් බලං හිටපු නැඩ කුකුළා බොබ් කිකිළි ළඟට ඇවිත් ටෝක දාන්න ගත්තා,
"අහා, ඔයා තමයි එහෙනම් මෙහෙට
ආපු අළුත් කිකිළි? කොහොමද මෙහේ පළවෙනි දවස?"
"වරදක් නෑ" බොබ් උත්තර දෙනවා, "ඒ උනාට මගේ මේ ඇතුලේ නිකම් මොකක්ද ලොකු දෙයක් තියෙනවා වගේ. මට දැනෙන්නේ මාව පුපුරන්න වගේ"
"අයියෝ" රෝස්ටරයා අළුත් කිකිළි දිහා පෙම් බැල්මට් එක දාන ගමන් උපදෙස් දෙන්න ගත්තා,
"වරදක් නෑ" බොබ් උත්තර දෙනවා, "ඒ උනාට මගේ මේ ඇතුලේ නිකම් මොකක්ද ලොකු දෙයක් තියෙනවා වගේ. මට දැනෙන්නේ මාව පුපුරන්න වගේ"
"අයියෝ" රෝස්ටරයා අළුත් කිකිළි දිහා පෙම් බැල්මට් එක දාන ගමන් උපදෙස් දෙන්න ගත්තා,
"ඔයා ඔය බිත්තර දාන්නනේ යන්නේ. මීට කලින් බිත්තර දාලම නැද්ද?"
ෆ්‍රෙෂ්
කිකිළියෙක් කාලෙකට පස්සේ සෙට්වීම ගැන සන්තෝසෙන් රෝස්ටරයා බොබ්ගෙන් ඇහුවා. නැහැ කියලා ඔළුව දෙපැත්තට වනපු බොබ් කිකිළි ඒ වැඩේ
අමාරුද කියලා රෝස්ටරයගෙන් බයෙන් බයෙන් වගේ ඇහුවා.
"අපෝ නෑ නංගි. ඕක එච්චර ගේමක් නෙවෙයි. රිලැක්ස් එකේ ඉන්න. එතකොට ඕක නිකම්ම එලියට එයි."
"අපෝ නෑ නංගි. ඕක එච්චර ගේමක් නෙවෙයි. රිලැක්ස් එකේ ඉන්න. එතකොට ඕක නිකම්ම එලියට එයි."
අපේ සමහර අයියලා බුකියෙදී නංගිලාට කණ පැලෙන උපදෙස් දෙන සයිස් එකේ
භක්තියෙන් කුකුල් අය්යා බොබ් නගාට උපදෙස් දුන්නා. කුකුළගේ කීම අහලා බොබ් රිලැක්ස් එකේ මංගල බිත්තරේ දාන්න සෙට් උනා. රෝස්ටරයා ඊසි
කිව්වට තත්පර කිහිපයක අපහසු වාතාවරණයක ඉඳලා තමයි බොබ් කිකිළි තමන්ගේ
කුළුඳුල් බිත්තරේ ප්‍රසූත කලේ. තමන් මව් පදවිය ලබපු ගමන්
බොබ් කිකිළිට අර අපහසුකම් ඔක්කොම
නැතිවෙලා වගේ ගියා. ඒ පිටම බොබ් කිකිළි
දෙවැනි බිත්තරෙත් අපහසුවක් නැතුවම
දැම්මා. රෝස්ටර් අය්යත් ළඟ ඉඳන් සප් එක
දෙනවනේ.
දැන්
බොබ් කිකිළි දන්නවා බිත්තර දාන සාස්තරේ. ඒක හින්දා වැඩි ගේමක් නැතුව තුන්වෙනි බිත්තරෙත් දාන්න හදනකොටම බොබ්ට ඇහුනා ඇලිස්ගේ
කර්ණ කටුක වොයිස් එක කණ හාරගෙන යන්න.
"මේ ඕයි! නැගිටිනවා ඇඳ උඩ රෙන්නේ නැතිව!!"
"මේ ඕයි! නැගිටිනවා ඇඳ උඩ රෙන්නේ නැතිව!!"
අන්න පට්ට පටේ ලොල් ම ලොල්
ReplyDeleteලොල් තමයි....
Deleteදැන් කවුද ඇඳ අස් කරන්නේ?
හි හි හි
ReplyDeleteඔමාය ඉතින් මිනිහෙක්ට වරදුනාමත් හිනාවෙනවා. හරි නරකයි.
Deleteඅපෝ මේකට හිනා යනවනේ ඉතින් හි හි
Deleteඑහෙමද?
Deleteබෙබෙක් කියන්නෙ කවුද????
ReplyDeleteඅපි දන්නෑ නෙ.
;-) :-)
අන්න හොඳ දරුවෝ...නරක වෙන්නෙපා හොඳේ....
Deleteඋඹ බොබ් කිකිළි ගැන කිව්ව නිසා මම බොබ් පච්චේ ගැන කියන්නම්.
ReplyDeleteමම මේක වතාවක් නිදහස් සිතුවිලි බ්ලොගෙත් දැම්මා.
බිල්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් බෙටීට ඕනෙ වුනා බිල්ගේ උපන් දිනේට අමතක නොවෙන තෑග්ගක් දෙන්න. බෙටී ගියා ටැටූ ආටිස්ට් කෙනෙක් ගාවට. ගිහිල්ල කිව්වා එයාගේ එක තට්ටමක බිල් කියලයි අනිකේ බෙටී කියලයි පච්ච කොටා ගන්න ඕනෙ කියලා. නමුත් ඒකට යන වියදමයි, කාලයයි, විඳින්න වෙන වේදනාවයි ගැන සලකලා බැලුවාම සම්පූර්ණ නමම කොටන එක අතෑරලා නම් දෙකේම මුල් අකුරු වන BB ලොකූවට කොටන්න තීරනය කලාලු තට්ට්ම දෙකේ. දැන් ඉතින් කොහොම හරි වැඩේ කලැයි කියහංකෝ.
බර්ත්ඩේ එක දවසේ රෑ, කේක් කාලා ෂැම්පේන් බීලා හෙම ඔන්න බෙටී කල්පනා කලාලු මේ සර්ප්‍රයිස් එක බිල්ට පෙන්නන්න. බෙටී සරාගී විදියට සංගීතයට අනුව නටාගෙන ගිහින් ඇඳගෙන හිටපු දුහුල් ඇඳුමත් ගලවලා දාලා බිල් දිහාට පස්ස පැත්ත හරවලා නැවුනලු පච්චේ පේන්න.
නමුත් වුනේ නොසිතූ දෙයක්. ඉරිසියාවෙනුයි කේන්තියෙනුයි පුපුරමින් බිල් අහනවලු.
"කවුද යකෝ BoB කියන්නේ?"
හි හි
Deleteයකෝ ඩූඩ් පිස්සු කෙලින්න එපා ,අද මාට්ටු වුනා හැමෝටම ඔෆිස් එකේදී බ්ලොග් බලනවා කියලා ........හක්කත් පැන්නද මන්දා
Deleteහෙක් හෙක්
Deleteහෙන්රි අයියා තව ටිකෙන් කෙළ ඉස්පොල්ලේ යවලා මරනවා. අයියෝ......
Deleteඔය වගේ තව එව්වා නැද්ද?
++++++++++++++++++++++++++++++
Deleteඅනේ මන්දා බන් මෙව්වා ඇත්තද කියලා.... ෆාදර් කෙනෙක් හිටියාලු තට්ටම් දෙකේ මෙහෙම පච්චයක් කොටලා "God is coming.....Are you ready" කියලා
Delete:D
DeleteAru අයියේ, කොහේ ඉඳන්ද දන්නේ නෑ දෙවියෝ වඩින්නේ? වචන අතරින් වෙන්න ඇති නේ?
Deleteතෙලැස්ත්රෝවෙන් කියෙව්වෙමි එකල.. පට්ටය!!!
ReplyDeleteබොහොම ස්තුතියි සාමි. පොඩි වෙනස්කම් කිහිපයක් කරලා ආයේ දැම්මා.
Deleteදිගටම මෙහෙත් එන්න.
හුකෑස්!!!!
ReplyDeleteමොකද උනේ නාඩියා? බිත්තරේ පැන්නද?
Deleteහෙහ් හෙහ්
ReplyDeleteරෙප්ට හිනා බොබ්ට වෙච්ච දේට
Deleteඅයියෝ දිවිය ලෝකෙ! හැ හැ
ReplyDeleteහැබැයි ඉතින් ඔය වැඩේ කෙරිලා ඉවර උනාම සමහර වෙලේට දිවියලෝකේ ගියා වගේ තමා.
Deleteගලෙ ගෙ එකයි වුඩගෙ එකයි දෙකම පට්ට ලොල්.
ReplyDeleteමෙ ඇත්තටම එයාල මොනවද බොන්නෙ
තෑන්ක්ස් දමිත්. කවුද බං මොනවද බොන්නේ කියලා ඇහුවේ?
Deleteබොහොම ස්තුතියි දමිත්. පච්චේ කතාව අහු උනානම් මම ඒකත් කෝම හරි මේකට එකතු කරලා දානවා.
Deleteඇත්තටම කවුද ඔය බොන කට්ටිය? මොනවද බොන්නේ? මටත් බට ලයිට්.
හෙන්රි අයිය,
Deleteපච්ච ගැන සෑහෙන්න කතා හෙන්රි අයියා දන්නවා වගේ.
This comment has been removed by the author.
Deleteඇත්තටම හීනෙන් පෙනෙන දේ සහ (එම අවස්ථාවේදී ) වටපිටාවේ වෙමින් පවතින දේ එක්ක සම්බන්ධයක් තියෙනවා..මගේ බ්ලොගයට ගොඩ වැදීම සඳහා සියලු දෙනාට ආරාධනා කරමි
ReplyDeleteඔව්. ඔව්. පොඩි කාලේදී කලිසමේ නින්දෙන් චූ යනකොට මටත් හීනෙන් චූ දාන එව්වම තමා පෙනිලා තියෙන්නේ.
Deleteමම පුළුවන් හැම වෙලේම සහන්ගේ බ්ලොග් එකට යනවා. අනිත් අයත් යන්න. එතන තියෙන ලිපි ගොඩක් හරවත්, ඒ වගේම අපි මේ පිස්සු කෙළියට අපිට කෙලවිලා තියෙන හැටි ගැන හොඳට කියලා දෙන සරල ආර්ථික විද්‍යා පාඩම් සෙට් එකකුත් එතන තියෙනවා.
හික්ස්.. මරු කතාව..
ReplyDeleteතෑන්ක්ස් දිනේෂ්//
Deleteඊයා............................
ReplyDeleteකතාව එල හොඳේ :D
හනේ රෙහානි, කාලෙකට පස්සේ අපිව මතක් උනා එහෙනම්...
Deleteඊයා කිව්වට කමක් නෑ, හෝදගෙන මිසක් එන්නෙපා ආයේ...
මාරයි ඈ. ඩුඩෙගේ බොබාත් එළ....
ReplyDeleteමාර කිව්වට මාර නෑ දේශකයෝ. ඔයත් කරලා බලන්නකෝ'.
Deleteඅනේ මේ කිකිලියෝ කරන වැඩ.......
ReplyDeleteකියලා වැඩක් නෑ මැලේ
Deleteමට මේකට ෆොටෝ කමෙන්ට් එකක් දාන හැටි කවුරු හරි කියලා දියකො. හෙන්රි අයියගේ ක්‍රමේ වැඩ කරන්නේ නැත.
ReplyDeleteබොල එහෙම නිකම්ම ෆෝටෝ කමෙන්ට් ඕනෙම බ්ලොග් එකකට දාන්න බෑ. ඒකට කරන්න ඕනෙ ක්‍රමවේදයක් තියෙනවා. ඒකටටෙම්ප්ලේට් එක එඩිට් කරන්න ඕනේ. උඹ එක අතකින් බබා බලාගන්නගමන් හදිස්සියට හෙම කරලා බ්ලොගට කෙලවා ගෙන මෙට බනින්න එපා.
Deleteමතක ඇතුව. ටෙම්ප්ලේට් එක බැකප් කරලා හිටපං මොන හදිස්සිය තිබුනත්.
උඹට ඕක සිංහලෙන්ම කරගන්න ඕනෙ නම් මෙතන තියෙන එක බලාපං.
http://nohimlokaya.blogspot.com/2012/08/blog-comment-box-video-image-comment.html
ඒ එක්කම ඉංග්‍රීසියෙන් තියෙන පෝස්ට් එකත් කියවලා බලාපං.
කල්පනාවෙං කරාපං ගලපාත.
ගලයා, මට බයයි උඹ බ්ලොග් එකට කෙලවා ගනී කියලා. මම කියන්නද? තව අලුත් බ්ලොග් එකක් ඇරපෂ් පර්යේෂණ කටයුතු කරන්නම. ඇරලා ඒකට කරලා බලපං මේ වැඩේ. ඊට පස්සෙ මේකට කරපං. අයිලාසුත් කලා.
Deleteකිව්වත් වගේ හෙමිහිට පර්යේෂණ බ්ලොගක් හදන් වැඩේ කරලා බලනවා. අරකා ඇඳපු චිත්‍රෙ ඊලංග පෝස්ට් එකේවත් දාන්නම්
Deleteමේක ඇත්ත කතාවක්.......යාලුවෙක් හිටියා ඔමාන් වලදි පෙරෙරා කියලා.....හවුස්මේඩ් කෙනෙක්ව යාළු කරගෙන ඒ මනුස්සයාගේ පුංචි කාමරේම තමයි මූත් හිටියේ.... අම්බානක බොනවා....දවසක් කොච්චර ඩෝප්ද කියනවානම් මහ රෑ මූ ඇඳ උඩ තටම තටම බොග දානවාලු. නන්දක්කා ඇහැරිලා මොකද පෙරෙරා කරන්නේ කිව්වාම මූ අප්සෙට් එකේම ඇඳෙන් බැහැලා දාපු බොග දෝතට අරන් ... බාගෙට ඇරලා තිබිච්ච අල්මාරියට බොග විසිකරලා ..සින්ක් එකෙන් අත හෝදගෙන ආපහු නිදාගන්න සෙට් උනාලු.......බලපන් ඩෝප් එකේ පවර් එක......
ReplyDeleteවිශ්වාස කරපල්ලා කතාව කිව්වෙත්ත් ඔය නන්දක්කා උගේ ඉස්සරහම.
ඩුඩ් අයියගේ කතාවට දෙවෙනි නෑ මේ කතාවත්. බලාගෙන ගියාම බොග දැමිල්ල ගැනත් හොඳ සාහිත්‍ය කතිකාවතක් ගොඩනගන්න පුළුවන් වගේ....
Deleteහපොයි.............මරු කතාව ඈ
ReplyDeleteබොහොම ස්තුතියි ශානු!
Deleteඔය ඉතින් අයියට උන එකක් නෙවි වෙන්නැති නේහ්? :D
ReplyDeleteබුද්ධි මලයටත් හිතෙන දේවල්...
DeleteHow to win at casino games and get free coins for
ReplyDeleteThe most basic game is blackjack, which is played 포천 출장샵 with five cards, and you need a minimum of $5 충청북도 출장안마 to 부천 출장안마 win. 충청북도 출장샵 The rules of blackjack 충청북도 출장마사지 are as follows:.