Tuesday, June 23, 2015

36. #SMDayCMB | කොටන අපේ දිනය

ඔන්න ඉතින් එක එක දිනයන්, උත්සව අස්සේ මෙදා පාරත් #SMDayCMB  නොහොත් සමාජ ජාල එකමුතුවේ දිනයත් මේ 28දා කොළඹදී පැවැත්වෙනවා. මේකට ඉතින් එවෙන්නේ නොයෙක් නොයෙක් සමාජ ජාල වෙබ් අඩවි වල බඩ පිනුම් ගහන හාදයෝ සහ හාදියෝ තමයි. ඒ විතරක් නෙවෙයි, මේකේ හැම අවුරුද්දකම ජනප්‍රියම සමාජ ජාල අඩවි, ක්‍රියාකාරී පොරවල් එහෙම තෝරන ආතල් එකකුත් තියෙනවා.

Monday, June 15, 2015

35. පොලීසියයි සරසවියයි | Campus & Police

පොලීසිය එක්ක කැම්පස් එකේ තියෙන සහසම්බන්ධේ හරියට හොද්දට දාන ලුණු ඩිංග වගේ තමයි ඉතින්. කැම්පස් කොල්ලෝ කෙල්ලෝ ප්‍රශ්න වලට උත්තර හොයලා පාරට බහිනකොට තාවකාලික සහනයන් දෙන්න පෙරමුණ අරගෙන ඉස්සරහට එන්නේ පොලිස් රාළහාමිලා නොවැ. ගොඩක් වෙලේට කඳුළු ගෑස්  අරන් වතුර ගහලා හෝදලා ක්ලීන් කරලම තමයි ආයේ කැම්පස් යවන්නේ. කොල්ලොත් ඉතිං පොලිසියට දෙවෙනි නෑ, පුළුවන් තරම් වාත කරලා තමයි ආයේ යන්නේ. ඔය අතර නසරානියොත් කොච්චර ඉන්නවද?